• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුවාන් වැන්ග් 5 චීන ඔත්තුකාරයා ලංකාව භයානක යුද්ධයකට පටලවයිද?

August 10, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
යුවාන් වැන්ග් 5 චීන ඔත්තුකාරයා ලංකාව භයානක යුද්ධයකට පටලවයිද?
Share on WhatsAppShare on Facebook

මෙයට දශක හතරකට (වසර 40ක්) පමණ පෙර අප පාසල් යන සමයේදී කොළඹ මරදාන පැත්තේදී මෙවැනි අපූරු මිනිසුන් රාශියක් දැක ඇති අයුරු මට ඉතා හොඳින් මතකය. ‘කොණ්ඩෙ බැඳපු චීන්නු’ මෙම අපූරු මානව වර්ගයාය. මරදාන හන්දිය ආසන්න ප්‍රදේශයේ වෙළෙඳසල් ගණනාවක මෙම මිනිසුන් තම වෙළෙඳාම් කටයුතු කරන අයුරු නිරන්තරයෙන් පාහේ දක්නට හැකි විය. එකල ආදි යුගයක සිට චීනයෙන් ලංකාවට සංක්‍රමණය වූ චීන ජාතිකයන් මෙසේ සිටි අතර අදටත් ඔවුන්ගේ සමහර කඩ සාප්පු මරදානේදී දක්නට හැකිය. මොවුන්ගේ සමහර පිරිස්වලට කොළඹ පිටකොටුවේද කඩ සාප්පු තිබුණේය. එදා ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ යැයි කීවේ මෙලෝ හසරක් නොදත් මිනිසුන්ට කියන උපහැරණයක් ලෙසිනි. එහෙත් අද නම් කොණ්ඩේ බැඳපු චීන්නු බෙහෙතකටවත් සොයාගන්නට බැරිය. එසේම එවැනි චීන්නු ලංකාවෙන් පමණක් නොව චීනයෙන්ද සොයාගැනීම අද උගහටය. අද නූතන ලෝකයේ චීන්නු යනු කොණ්ඩය හොඳට ජැන්ඩියට කපාගත් මානව වර්ගයකි. අද කොණ්ඩය වවාගත් චීන පිරිමියකු සොයාගත හැක්කේ චීනයේ සාම්ප්‍රදායික සටන් පුහුණු ආරාමයක් වන ‘ෂෝලීන් විහාරයෙන්’ පමණකි. චීනයේ සිටින වයසක ආතා මුත්තලාත් මේ කාලයේ සිටින්නේ හොඳින් කොණ්ඩය කොටට කපාගෙනය.

අද චීනයේ එසේ වුවත් දැන් ශ්‍රී ලංකාවේ නම් එසේ වන්නේ නැත. අද කොණ්ඩා රැවුල් වවාගත් අනේක විධ තරුණයන් හිතේ හැටියට සිටින්නේ අපේ රටේය. පසුගිය අරගලයට ආවේ එවැනි අපූරු තරුණයන් රැල්ලක්ය. සමහරුන් දෝෂාරෝපණය කරන තවත් සමහරුන් වර්ණනා කරන මේ තරුණයන් ගැන ඇති කතාන්දර බොහෝය. කෙසේ හෝ ඔවුන් ගෙන ආ රැල්ල ඉතිහාසයට එක්වී හමාරය. ඔවුන්ගේ අරගලයෙන් රාජපක්ෂලා සියල්ලෝම දැන් ගෙදර ගොස් ඇතත් ඒ ශාරීරික වශයෙන් පමණකි. රාජපක්ෂලා නටවන දේශපාලන රූකඩ තවමත් සෑම තැනකම විසිරී පවතී. ඒවා ගැන මෙහිදී දිගින් දිගටම කතා කරන්නට යන්නේ නැත. කෙසේ හෝ එදා අපේ රටේ සිටි කොණ්ඩේ බැඳපු චීනුන්ගේ වගතුගකින් මේ කතාන්දරය ලියන්නට පටන් ගත්තේ මේ දිනවල අසන්නට ලැබෙන අලුත්ම චීන කතාවක් හේතුවෙනි. එය සැබැවින්ම අපගේ නූතන ලෝකයේ සිටින හොඳට කොණ්ඩය කොටට කපාගත් චීනුන්ගේ අපූරු වගතුගකි. කුමක්ද මේ විස්මිත ආන්දෝලනාත්මක කතාව?

මෙයට ටික දිනකට පෙර පුවත් කිහිපයකින්ම දැකගන්නට ලැබුණේ එක්තරා අමුතුම ආකාරයේ චීන නෞකාවක් ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන බවට වූ පුවතක්ය. මෙම චීන නැව එරට නාවික හමුදාවට අයත් එකක් බවත්, එය සාමාන්‍ය නැව්වලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක එකක් බවත් ප්‍රකාශයට පත්විය. මේ අපූරු සුවිශාල නෞකාවේ ඡායාරූපද පළවී තිබිණි. ඒවා දුටු විට සැණෙන් පෙනී යන්නේ එම නෞකාවේ ඉහළ තට්ටුවේ මුළු ප්‍රදේශයම පිරෙන්නට විවිධාකාරයේ සුවිශාල චන්ද්‍රිකා තාක්ෂණික උපකරණ සවිකර ඇති ආකාරයය. පරක් තෙරක් නැතිව මෙලෙස නූතන තාක්ෂණික උපකරණ රැසක් සවිකර ගත් මෙම නෞකාව දුටු සැණෙන් මහත් විස්මයක් සහ කුතුහලයක්ද ඇති කරයි. මෙම අපූරු නෞකාව සහ ශ්‍රී ලංකාව ගැන කියැවෙන වගතුග කුමක්දැයි සොයා බලන්නට සිදුව ඇත්තේ එහෙයිනි.

යූආන් වැන්ග්-5 (Yuan Wang 5) යන වදන මෙම කතාවේ ඉදිරියට එයි. ඉහත අපූරු නෞකාවේ නිල නාමය එසේ සඳහන් වන අතර, මෙය චීන රජයේ නාවික හමුදාවට අයත් වන අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා පර්යේෂණයන් සිදුකරන සුවිශේෂ නෞකාවකි. මෙය තවත් ආකාරයකින් හඳුන්වා ඇත්තේ අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා ලුහුබැඳීමට සම්බන්ධ නෞකාවකි ලෙසිනි. මෙය සැබැවින්ම බලන විට ලෙහෙසි පහසු විෂයක්ද නොවේ. මේ ආකාරයේ සුවිශාල ගෝලීය පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වතාවටය. සාමාන්‍ය ආකාරයේ විවිධ පර්යේෂණ කටයුතු සිදුකරනු ලබන නෞකා අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණද මෙවැනි නාවික බුද්ධි ක්‍රියාදාමය ප්‍රබලව සිදුකරනු ලබන නෞකාවක් පැමිණෙන්නේ මුල් වරටය.

දුටු සැණින් අපගේ දෙනෙත් විස්මයට පත්කරන ‘යුආන් වැන්ග්-5’ නෞකාව මේ වන විට ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටින අතර එය මෙම අගෝස්තු 11 වැනිදා හම්බන්තොට වරාය වෙත සේන්දු වීමට නියමිතය. එතැන් සිට එය අගෝස්තු 17 වැනිදා දක්වා එම වරායෙහි නැංගුරම්ලා තිබීමටද නියමිතය. මෙසේ සතියකට ආසන්න කාලයක් මෙලෙස ශ්‍රී ලංකාවේ නවතා තැබීම ගැන මේ වන විට දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවක් තුළ දැඩි ආන්දෝලනයක්ද පැනනැඟී ඇත. මෙවැනි චීන යාත්‍රාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ යැයි ප්‍රකාශ වූ පුවත් මුලින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කළද දැන් එහි ආගමනය සිදුවන බව ප්‍රකාශ කර ඇත.

එසේම චීන රජය මෙම යාත්‍රාවේ පැමිණීම ගැන ශ්‍රී ලංකා රජයෙන් සිදුකළ ඉල්ලීමට රජය අනුමැතිය ලබාදී ඇත. මේ අනුව අගෝස්තු 11 වැනිදා මෙය අනිවාර්යයෙන්ම හම්බන්තොට වරායට පැමිණෙනු ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාව මෙහි පැමිණෙන්නේ ඉන්ධන සහ අනෙකුත් සේවා පහසුකම් ලබාගැනීම සඳහා බවය. එසේම මෙය සාමාන්‍ය නාවික ක්‍රියාවලියක් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ මෙසේ ප්‍රකාශයන් සිදුකර තිබුණද මෙම විස්මිත නෞකාවේ ආගමනය ගැන මේ වන විට මහත් විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙන්නේ ඉන්දියාව තුළය. එනම් ඉන්දියානු රාජ්‍ය නායකයන් සහ ඉන්දියානු ආරක්ෂක අංශ තුළ මෙම ගිනි ජාලාව හටගෙන ඇත. කෙසේ හෝ මෙවැනි සිදුවීමක් ගැන මේ වන විට ඉන්දියාව තම විරුද්ධත්වයද ප්‍රකාශ කර ඇත. එම රජය මුලින් මේ පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් විමසීම් සිදුකළද එවැනි නෞකාවක් නොපැමිණෙන බවටද කරුණු ප්‍රකාශ කර තිබිණි. එයින් පැහැදිලිවම පෙනී යන්නේ මෙම සිදුවීම වසන් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය යන්න බවට ඉන්දීය රජය චෝදනා නඟා ඇත. එසේම මෙම නෞකාව ඉන්ධන ලබාගැනීමට සහ අනෙකුත් සේවා සම්පූර්ණ කරගැනීමට සතියකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සිටීමද පුදුමසහගත කරුණක් බවට ඉන්දීය රජය චෝදනා නඟා ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ පෙනී යන්නේ මෙම චීන නාවික හමුදා නෞකාවේ ආගමනය පිටුපස යම් රහසිගත ක්‍රියාවලියක් තිබේද යන්න බවට ඉන්දියාව ප්‍රශ්න කිරීම් සිදුකර ඇත. එසේම මෙම නෞකාවේ පැමිණීමට මේ වන විට ශ්‍රී ලංකා රජය තම අවසරය සහ අනුමැතිය ලබාදීම ගැනද ඉන්දීය රජය තම කනස්සල්ල පළකර ඇත.

මේ අතර මෙම නාවික ආගමනය ගැන ඇමෙරිකාවද දැඩි අවධානයකින් සිටින බව පැවසෙයි. ඒ අතරම තවත් ආසියානු රටවල් කිහිපයක්ම මෙම සිදුවීම ගැන තම සුවිශේෂ අවධානයද යොමුකර ඇත. ඉන්දියාවේ ප්‍රධානතම සතුරකු වන්නේ චීනය යැයි මතවාදයක්ද ඇත. එසේම ඇමෙරිකාවේ විරුද්ධවාදියකු ලෙසද චීනය ප්‍රකටය. මෙවැනි වටපිටාවක් යටතේ දඬු අඬුවකට හසුවුණා සේ ශ්‍රී ලංකාවට සිදුවන්නේ මහා බලවතුන්ගේ දැඩි ග්‍රහණයට යටත් වීමටය. මෙලෙස මෙම නෞකාවේ ශ්‍රී ලංකා ආගමනය මගින් සිදුකරන්නට යන්නේ ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ඔත්තු බැලීමද? චීනය සමග ශ්‍රී ලංකාවට ඉතා සමීප සබඳතාවන් දශක ගණනාවක සිට ඇත. එසේම මේ වන විට ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලේද ප්‍රබලව පැටලී ඇති රටකි. එහෙයින් මෙම ආර්ථික අර්බුද අවස්ථාවේදී මෙම නෞකා ආගමනය නිසා චීනය අමනාපයට පත්කර ගැනීමටද නොහැකි තත්ත්වයට ශ්‍රී ලංකාව පත්ව සිටියි. කෙසේ හෝ මෙම චීන පර්යේෂණ යාත්‍රාව චීනයේ ජියැන්ග්යින් වරායෙන් යාත්‍රා කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය ජූලි 13 වැනිදා වන අතර, අගෝස්තු 11 වැනිදා එය ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙයි. දැන් හම්බන්තොට වරායේ පරිපාලනය ඇත්තේද චීන රජය යටතේය.

දැන් එසේ නම් අප මෙම විස්මිත යූආන් වැන්ග් චීන නෞකාවේ තොරතුරු මොනවාදැයි සොයා බලමු. යූආන් වැන්ග් යන චීන වදනෙහි අර්ථය වන්නේ ‘දිගු දර්ශනය’ හෙවත් Long View යන්නය. මෙම නෞකා, වර්ග සහ මාදිලි කිහිපයකින්ම නිර්මාණය කර ඇති අතර මේවා සියල්ලම අයිති වන්නේ චීනයේ නාවික හමුදාවටය. චීනයේදී නාවික හමුදාව හඳුන්වනු ලබන්නේ අනෙක් බොහෝ රටවල නාවික හමුදාවන් හඳුන්වනු ලබන ආකාරයට නොවේ. එනම් එය ඉංග්‍රීසි බසින් People’s Liberation Army Navy (මහජන විමුක්ති නාවික හමුදාව) ලෙසිනි. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ තිබෙන මෙම මහජන විමුක්ති හමුදා නාවික හමුදාව තුළ මේ වන විට ස්ථිර හමුදා සාමාජිකයන් 350,000 (ලක්ෂ තුනහමාරක්) සිටිති. එසේම විවිධ වර්ගයේ නාවික යාත්‍රා 530ක් තිබෙන අතර විවිධ වර්ගයේ ගුවන් යානා 600ක් පමණ තිබේ. එසේම අනෙක් නවීන ආයුධ වර්ගද රාශියකි. එහෙත් දැන් මෙහිදී හෙළිවන තවත් සුවිශේෂ කරුණක්ද වෙයි. එය නම් ඉහත සුවිශේෂ යූආන් වැන්ග් නෞකා අයත් වන්නේ මෙම හමුදාව යටතේ ඇති තවත් විශේෂිත යුද හමුදාමය කොට්ඨාසයකටය. මෙය සැබැවින්ම අරුම පුදුම වගතුගකි.

මෙම සුවිශේෂ හමුදා කොට්ඨාසය හඳුන්වනු ලබන්නේ ‘පීපල්ස් ලිබරේෂන් ආමි ස්ට්‍රැටජික් සපෝර්ට් ෆෝස්) නමිනි. මෙය සිංහල බසින් අර්ථගැන්විය හැක්කේ මහජන විමුක්ති හමුදා උපායමාර්ගික ආධාරක බළකාය ලෙසිනි. මෙම හමුදා බළකාය වෙනත් චීන හමුදා බළකායන්ට වඩා විශේෂිත වූ මෙහෙවරක නිරතව සිටියි. එනම් අභ්‍යවකාශ, චන්ද්‍රිකා, සයිබර් අවකාශ මෙන්ම ඩිජිටල් සහ ඉලෙක්ට්‍රොනික යුද තාක්ෂණය ගැන සිදුකෙරෙන සියලු නවීන කටයුතු සිදුකෙරන්නේ මෙම බළකාය හරහාය. මෙම බළකාය චීනය තුළ පිහිටුවනු ලැබුවේ 2015 වසරේ දෙසැම්බර් මාසයේදීය. එහෙත් ඉන් පෙර සිටම නවීන යුද තාක්ෂණය චීනයේ භාවිත වූ අතර දැනට ලෝකයේ නවීන යුද තාක්ෂණය ඇති රටවල් කිහිපය අතරින් ප්‍රමුඛස්ථානයේ සිටියි. මෙම චීන යුද බළකායේ මෙහෙවර වශයෙන් ඔවුන් හඳුන්වා ඇති ක්‍රියාපටිපාටියක් විස්තර කර ඇත. එය කාණ්ඩ හතරකට වර්ග කර ඇත.

• Space Warfare – අභ්‍යවකාශ යුද්ධය
• Cyber Warfare – සයිබර් යුද්ධය
• Electronic Warfare – ඉලෙක්ට්‍රොනික යුද්ධය
• Psychological Warfare – මනෝවිiාත්මක යුද්ධය

මෙවැනි වටපිටාවක් යටතේ පැහැදිලිවම පෙනී යන්නේ චීනය විසින් සිදුකරනු ලබන මෙම යුදමය ක්‍රමවේදය ඉතා සංකීර්ණ එකක් බවය. හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට පැමිණෙන යුආන් වැන්ග්-5 නෞකාවද අයත් වන්නේ මෙම බළකායටය. සමහර පාර්ශ්ව මෙම යාත්‍රාව සාමාන්‍ය පර්යේෂණ සිදුකරන නෞකාවක් ලෙස හඳුන්වා තිබුණද එය සම්පූර්ණයෙන්ම සාවiය. මෙය 100%ක්ම නාවික යුද උපක්‍රම භාවිත කරනු ලබන නාවික යාත්‍රාවකි. මෙය ලෝකයේ ඕනෑම මුහුදු කලාපයක යාත්‍රා කිරීමට හැකි හෙයින් එම කලාපවල පිහිටා ඇති රටවල යුදමය රහස් රැසක් ගවේෂණය කිරීමට හැකියාව ඇත. චන්ද්‍රිකා විමර්ශනය කිරීම සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ගවේෂණය සහ ලුහුබැඳීම් මෙම යාත්‍රාවේ නවීන තාක්ෂණය හරහා සිදුකළ හැකිය. කෙසේ හෝ මෙම නෞකාව තුළ නවීන යුද අවි ආයුධ තිබෙන බවක් සඳහන්ව නැත. එසේ වුවද නෞකාවේ අභ්‍යන්තරයේ ඇති අනෙකුත් නවීන උපාංග සහ පහසුකම් ගැනද චීන ආරක්ෂක අංශ බොහෝ රහස් වසන් කර ඇත. සමහර විට නෞකාව තුළ බොහෝ නවීන අවි ආයුධ ඇති බවද සමහර පාර්ශ්ව අනුමාන කර ඇත. කෙසේ හෝ ඉන්දියාවේ න්‍යෂ්ටික යුද රහස් පවා සොයාගැනීමේ හැකියාවක් මෙම නෞකාවට ඇත.

යුආන් වැන්ග් වර්ගයේ පර්යේෂණ නෞකා 07ක් චීන නාවික හමුදාව සතුව ඇත. ඒවා යුආන් වැන්ග් අංක 01 සිට 07 දක්වා නම්කර ඇති අතර, මෙහි මුල්ම පර්යේෂණ යාත්‍රාව නිෂ්පාදනය කර ඇත්තේ 1977 වසරේදීය. ඉන් පසුව පිළිවෙළින් 1977, 1978, 1995, 1999, 2007 සහ 2016 ලෙසින් මෙම යාත්‍රා නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුආන් වැන්ග් 05 යාත්‍රාව නිෂ්පාදනය කර ඇත්තේ 2007 වසරේදීය. එහෙත් මෙම යාත්‍රා තුළ ඇති තාක්ෂණය කලින් කලට නවීකරණය වීමද සිදුවෙයි. මෙම නෞකාව තුළ හමුදා සාමාජිකයන් 470ක් ප්‍රවාහනය සඳහා සියලු පහසුකම් ඇති අතර, එහි ටොන් 21,000ක බරක් රැගෙන යා හැකිය.

මෙම යාත්‍රාව මීටර් 220ක් වෙයි. මෙයට නාවික සැතපුම් 20ක වේගයෙන් (පැයට කිලෝමීටර් 37ක) ගමන් කළ හැකි අතර, ඩීසල් බලයෙන් ක්‍රියා කරයි. මෙම යාත්‍රාවත් එහි අන්තර්ගත සියලු නවීන විiාත්මක උපකරණ සියල්ලත් නිෂ්පාදනය කර ඇත්තේ චීනයේමය. එසේම මෙම නාවික යාත්‍රාවේ සේවයේ යෙදී සිටින සියලු දෙනා චීන ජාතික හමුදා නිලධාරීන්ය.

චීනය තමන්ගේ සමුද්‍රීය මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා වෙනම රාජ්‍ය ආයතනයක්ද පිහිටුවා ඇත. එය චීන සමුද්‍ර නිරීක්ෂණය (China Marine Surveillance) ලෙසින් සඳහන් වෙයි. එසේ වුවද මෙම නෞකාවල මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාව මගිනි. එසේම චීනයේ පූර්ණ විධායක බලතල ඇති ජනාධිපති ෂී ජින් පින්ගේ පූර්ණ අධීක්ෂණය යටතට මෙම නෞකාවල මෙහෙයුම් කටයුතුද අයත් වෙයි. බොහෝ අවස්ථාවලදී චීනයේ ජනාධිපතිවරයාද, චීන යුද හමුදා ඇඳුම් පැලඳ මෙවැනි යුද නෞකා මතට නැඟී කටයුතු අධීක්ෂණය කරනු දක්නට හැකිය.

ලෝකයේ බලගතුම නාවික හමුදා තුන ලෙස පිළිවෙළින් නම්කෙරෙන්නේ ඇමෙරිකානු නාවික හමුදාව, චීන නාවික හමුදාව සහ රුසියානු නාවික හමුදාවයි. මේ ආකාරයට බලන විට එම ලැයිස්තුවේ ඉන්දියාව සිටින්නේ 07 වැනි තැනය. මේ අනුව ඉහත පැවැසූ යුආන් වැන්ග් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ සතියක කාලයක් මෙහි සිටීම ඉන්දියාවේ හමුදා ඔත්තු බලන ක්‍රියාවලියක් වීමට ඉඩ තිබේද? එහිදී චීන ඔත්තුකාර නැවට ඉඩ සලසා දෙන්නේ ශ්‍රී ලංකාවද? මෙම චීන නැව සතු තාක්ෂණික උපකරණ මගින් කිලෝමීටර් 750ක වපසරියක ඇති තොරතුරු රැසක් සෙවිය හැකිය. ඉන්දියාවේ යුද රහස් හෙළිවෙයිද?



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අපි පැන්නුවේ 69 ලක්ෂයක් ඡන්දය දුන්නු පවුලක්! ඉතුරු පුරුක්වලට රජ වෙන්න දෙන්න එපා! හොරා කාපු සල්ලි පුළුවන් නම් අරන් එන්න! අරගල භූමියෙන් පිටවෙමින් දමිතා රනිල්ට අභියෝග කරයි! (VIDEO)

Next Post

රනිල්ගේ නිවසට වෙච්ච පාඩුව මිලියන 14.5ක්! වාහනයට වෙච්ච පාඩුව මිලියන 191ක්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.