ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනිතැබීම හේතුවෙන් මෙතෙක් ගණනය කළ හානිය රුපියල් මිලියන 205 ඉක්මවා ඇතැයි නීතිපතිවරයා අද (10) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී භාවිත කළ නිල රථයට වී ඇති හානිය රුපියල් මිලියන 191ක් බවත් නිවසට වී ඇති හානිය රුපියල් මිලියන 14.5ක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසීය.
එමෙන්ම එම සිද්ධියේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිව්වන සැකකාර අරුල් ප්‍රකාශ් ලබන 12 වනදා කටහඬ පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.