• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම ආදරය කරන ජෝතිපාල – මිල්ටන් අවසන් වරට කරපු සම්මුඛ සාකච්ඡා කියවන්න කැමතිද? I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive, Heart, News
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඔය ප්‍රබුද්ධයෝ කියන්නෙ කවුද? මම සින්දු කියන්නෙ දුප්පත් රසිකයන්ට – එච්.ආර්. ජෝතිපාල

ගායන ශිල්පී හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් පෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල ගීතය ජීවිතය කරගත් කලාකරුවෙකි. ඔහු ගායකයකු වශයෙන් ගීත ශ්‍රාවකයෝ හොඳින් දනිති. හඳුනති. අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු මාලිගාවත්තේ මහල් නිවාසයක වෙසෙන ජෝතිපාලට මහ මැඳුරක ජීවත් වීමේ ආශාවක් නැත.(Sri Lanka Latest News) ඉකුත් තිස්පස් වසර තුළ ඔහු ඉපැයූ ධනයෙන් සුළු කොටසක් යෙදුවේ නම් ඔහු අද පලිඟු මාලිගාවක වෙසෙන්නට හොඳටම අවකාශ තිබිණි. එහෙත් එය ජෝතිපාලගේ සන්තෘෂ්ටිය නොවේ. ජෝතිපාලගේ ජනප්‍රියත්වය අද දක්වා නොසෙල්වී සිටීම ඔහුගේ පූර්ව වාසනාවක්ම විය යුතුය. ඔහුට බලපෑම් කිරීමට තවමත් නව පරපුරේ ගායකයන්ට අපහසු කරුණක් වී ඇත. ‘තරුණයා’ පත්‍රයේ විශේෂාංගයකට මම ජෝතිපාල හමුවීමි.

ඔබට දැන් සින්දු කියන්න බැහැයි කියලා රාවයක් තියෙනවා. ජෝතිට හරියට කතා කරන්නවත් බැරිව සින්දු කියන්නේ කොහොමද කියලා සමහරු හේතු දක්වනවා. ඒක ඇත්තද?

‘පසුගිය කාලයේ මම වරින් වර අසනීප වෙලා පෞද්ගලික රෝහලක නේවාසිකව විවේකී සුවයෙන් පසුවුණා. සමහරු මට රෝහලට රෑ එකට දෙකටත් ටෙලිෆෝන් කරලා ‘ජෝතිට අන්තිමයි කියන්නේ ඇත්තද?’ කියලා අහනවා. ‘ජෝතිපාලට දැන් සින්දු කියන්න බැහැ’ ‘මෑන්ගේ වොයිස් එක ෆුල් අප්සට්’ කියලා කතා හදලා ප්‍රචාරය කරනවා. මේවා අපේ ගායක ගායිකාවන්ම තමයි ප්‍රචාරය කරන්නේ. මාව කපන්න බැරි නිසා ඔය වගේ ප්‍රචාර යවනවා. ඇත්තටම මම මේ දැනුත් ලතා එක්ක ජගත් නිවාස වසරට ගීතයක් තැටිගත කරලයි ආවේ. අද රෑටත් සංගීත සංදර්ශන තුනක් තියෙනවා. ජෝතිපාල වෙනදා වගේම ඒ තැන්වල සින්දු කියනවා…’

ඔබ අද දවසේ අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින්නේ ඇයි? ගායකයකුගේ හඬ රැකගැනීමට බීමත්කම බාධාවක් නේද?

“ජෝතිපාල බොනවා’ කියලා මේ රටම දන්නවා. එහෙත් මම බීමට ඇබ්බැහි වෙලා නැහැ. මම දවසකට සිගරට් 80ක් පානය කළා. අද දුම්පානයෙන් වැළකී සිටිනවා. මම බීම නතර කරනවා කියලා පොරොන්දු වෙන්නේ නෑ. හැමදාමත් මම උත්සාහ කරන්නේ ටිකෙන් ටික හෝ මත්පැන් පානය නතර කරන්නයි. මේ බීම මගේ නරක කාලයට ඇතිවුණු දෙයක්. උපාසක බළල්ලු මීයෝ දෙන්නා දෙන්නා අල්ලනවා කියලා කතාවක් තියෙනවනේ. ඔය ‘ප්‍රබුද්ධ’ ගායකයෝ කියන අය අපට වඩා බොනවා. හැබැයි මේ බීමෙත් පරතරයක් තිබෙනවා. ප්‍රබුද්ධයෝ බොන්නේ අනුන්ගෙන්. මම මගේම සල්ලිවලින් බොනවා…’

‘මේ ළඟදී පානදුරේ උදාගමක ගීත ගායනා කරන්න ගිහින් මට අමාරු වුණා. අගමැතිතුමා මගේ සුවදුක් විමසා පෞද්ගලික රෝහලක නතර කළා. මාව එංගලන්තයට යවා සාත්තු කිරීමට අගමැතිතුමා කැමැති වුණා. අනේ සර් එංගලන්තයට ගියොත් එහෙ සීතලට මම තවත් බොයි’ කියලා මම අගමැතිතුමාට කීවා. අගමැතිතුමාටත් මගේ කතාවට හිනා ගියා…’

‘මම රෝහල්ගත වෙන්නේ බීම පාලනය කරගැනීමටයි. එක පාරටම බීම නතර කළොත් මට වෙන ලෙඩක් හැදේවි. මම කොච්චර බිව්වත් රාජකාරිය ඉටුකරනවා. මගේ ගීත ශ්‍රාවකයන් ඉල්ලන තරමක් ගීත ගායනා කරනවා. ලකී-මාලනීත් මගේ ලෙඩ බලන්න ළඟදී රෝහලට ආවා. මගේ අලුත් චිත්‍රපට සින්දු 6ක් තියෙනවා. ‘අනේ ජෝති අයියේ දැන්වත් බීම නතර කරන්න’ කියලා මාලිනී මට කියා සිටියා. ‘මගේ බීමෙන් ප්‍රශ්නයක් නැහැ. මාලනී ඔයාගේ වැඩේ මම කරලා දෙන්නම්. මේ බීම මට මැරෙනතුරු උරුමයි’ කියලා මම කිව්වා…’

ඔබේ ජීවිතයට හානි පමුණුවන ප්‍රවෘත්තියක් පසුගිය කාලයේ රට පුරා පැතිර ගියා. ඒක ඇත්තද?

‘මගේ නම කැතකිරීමට කරන ලද තවත් උපක්‍රමයක් ඒ. එය සංවිධානාත්මක වැඩක්. අමිත් නව පරපුරේ දක්ෂ ගායකයෙක්. අද වෙනතුරු මට විරුද්ධව ඒ කොල්ලා වචනයක්වත් කියලා නැහැ. මම අමිත්ට අත දෙනවා. ළඟදී මම ජිප්සීස් ගායක කණ්ඩායම සමග මැදපෙරදිග යෙදෙන සංචාරයට අමිත්ද හවුල් කරගන්නවා.’

ලතා ගැන පවතින කටකතාව ඇත්තක්ද?

‘ඒ ගැන මගෙන් ප්‍රශ්න අහන්න එපා. දැන් ලතා ඉන්නේ මගේ ගෙදර.

අද බොහෝ දෙනා ජෝතිපාල හඳුන්වන්නේ වාණිජත්වය නිසා කෙළෙසුණු ගායන ශිල්පියකු ලෙසයි. ඔබේ හැකියාවන් ප්‍රබුද්ධ ගීත රැල්ල කෙරෙහි යොමු නොකරන්නේ ඇයි?

‘ප්‍රබුද්ධ කියන වචනයේ තේරුම මම මුලින්ම දැනගැනීමට කැමැතියි. ඔය ප්‍රබුද්ධයෝ කියන්නේ කවුද? එහෙනම් අපි අප්‍රබුද්ධයෝද? මම ගීත ගායනා කරන්නේ දුප්පත් රසික ජනතාවටයි. ඒ අය ඉල්ලන්නේ වාණිජ ගීත නම් මට එය ඉටුකරන්න සිදුවෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ ප්‍රබුද්ධයෙක් නේද? ලෙස්ටර්ගේ ‘සංදේශය’ චිත්‍රපටයේ මම පසුබිම් ගායකයෙක්. එසේම සංගීතඥ ප්‍රේමසිරි කේමදාස ප්‍රබුද්ධයෙක්. ඔහුගේ සිනමා සංගීතයේ මම කැපීපෙනුණු ගායකයෙක්. කේමදාස මාස්ටර්ගෙන් බැණුම් නොඇසූ එකම ගායකයා මා පමණයි. ප්‍රේමසිරි කේමදාස, විශාරද අමරදේව, වික්ටර් රත්නායක වැනි විශිෂ්ට සංගීතඥයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ මම ගීත ගායනා කර තිබෙනවා. මම ගීත නොගැයූ සංගීත අධ්‍යක්ෂවරයෙක් ලංකාවේ නැහැ.’

‘ගායකයකු වශයෙන් මම හැම ආරකම ගීත ගායනා කර තිබෙනවා. අදත් ‘ජෝති රාත්‍රියේ’දී ‘ඇස් දෙක වාගේ හිටිය’ ගීතය ශ්‍රාවකයන් ඉල්ලනවා. මීට වසර 25කට පෙර මා තැටිගත කළ ඒ ගීතය අදත් ජනප්‍රියයි. ගායකයකු වශයෙන් මට වසර 30ක් නොසැලී සිටින්න පිළිවන් වුණා නම් ප්‍රබුද්ධ නාමයෙන් මට වැඩක් නැහැ…’

‘තාත්තා පෙම්වතා ලෙසින් රඟපාන විටත් පසු කලෙක පුතා පෙම්වතා ලෙසින් රඟපාන විටත් සින්දු කියන්නේ ජෝතිපාලයි. මේ දේවල් ප්‍රබුද්ධයෝ කරලා ඇතැයි කියලා මම හිතන්නේ නැහැ. මට වඩා දක්ෂ ගායකයෝ ලංකාවේ තවත් ඕනෑ තරම් ඇති. ඒත් දෙවියනේ ඉදිරියට එන්න වාසනාවක් තිබෙන්න එපායැ…’

‘අවුරුදු 30ක් තිස්සේ මට කාගෙවත් තර්ජනයක් ඇතිවුණේ නැහැ. මේ කාලය තුළ විවිධ හඬින් විවිධ ශෛලීන්ගෙන් ගීත ගායනා කරන ගායකයෝ ආවා. මේ අය බොහෝ දෙනකුට මොකද වුණේ කියලා ඒ අයවත් දන්නේ නැහැ. මගේ ජනප්‍රියත්වය ගැන කතාකරන්න මම කවදත් අකැමැතැතියි. එහෙම කතා කරන්න ලැබීම ගැන මම ලැජ්ජාවට පත්වෙනවා…’

බොළඳ ප්‍රේම ගීත, අරුත් සුන් ගීත පදමාලා තෝරා නොගෙන ඔබේ හඬින් දැන්වත් ප්‍රබුද්ධ රසිකයාගේ වින්දනය ගොඩනැගීමට කටයුතු කළොත් හොඳයි නේද?

‘මම සින්දු කියන්නේ රටේ ජනතාවටයි. ඔය ප්‍රබුද්ධ රසිකයා කවුද කියලා මට තවම හොයාගන්න බැරිවුණා. මම සල්ලි ලැබුණත් නැතත් ගීත ගායනා කරනවා. මම වෘත්තීය ගායකයෙක්. මගේ ගෙදර පූසා කන්නේ මම හම්බකළොත් පමණයි. සංගීත සංදර්ශනයකට ගිහින් සල්ලි නැතැයි කිව්වොත් මම සංවිධායකයෝ මරාගෙන කන්නේ නැහැ. සංවිධායකයෝ පොලිසියේ කූඩුවල දමන්නේ නැහැ. සමහර ගායකයෝ මුදල් නොලැබුණොත් සංවිධාකයන්ගේ කනකර බඩු පවා ගලවාගන්නවා. ඔය ප්‍රබුද්ධ ලේබලය ගහගෙන සිටින ගායක ගායිකාවන් රුපියල් 50ක් අඩු වුණොත් වේදිකාවට නගින්නේ නැහැ. ගීත ශ්‍රාවකයන් සම්පූර්ණයෙන්ම අතරමං කරනවා. වේදිකාවේ සින්දු දෙකකට හෝ තුනකට වැඩිය කියන්නේ නැහැ. මගේ ළඟ එහෙම ප්‍රතිපත්ති නැහැ. සංවිධායකයන්ට මුදල් ගෙවාගන්න බැරි වුණාට අහිංසක ගීත ශ්‍රාවකයා පලි නැහැ.’

‘මම වේදිකාවෙන් බිමට බහින්නේ ඉල්ලන තරමක් සින්දු කියලයි. මම ගීත ගයන්නේ සම්මාන බලාගෙන නෙවෙයි. මේ ළඟදී මගේ හොඳම හිතවතෙකුට මට ලැබුණු සම්මාන දෙකක් ගෙනියන්න දුන්නා. ඔය යකඩ පිත්තල කෑලිවලින් මට වැඩක් නැහැ.’

ඔබේ විවාහ ජීවිතය කීප වරක්ම අසාර්ථක වුණේ ඇයි? ඔබේ විවාහය හැලහැප්පීම්වලට ගොදුරු වුණේ ඔබේම වරදින්ද? ජනප්‍රියත්වය මේ හැම ප්‍රශ්නයකටම හේතුවක් වුණාද?

මගේ විවාහ ජීවිතයේ ගැටුම් ඇතිවුණා. එය අසාර්ථක වුණා. එහෙත් යළි යළිත් ගොඩනගා ගන්න මම උත්සාහ කළා. මගේ ජීවිතයට දෛවය උරුම කළේ විවාහයේ අසාර්ථක බව විනා සාර්ථක බව නම් නෙවෙයි. අදත් මම මගේ දරුවන්ට ආදරෙයි. ඒ අයට හොඳින් සලකනවා. මගේ ජීවිතයට සම්බන්ධ වුණු අය අවංක හදින් මට ආදරය කළේ නැහැ. ඒත් මම ඉන්නේ හරිම ජොලියෙන්. පසුගිය දේවල් ගැන මම තැවෙන්නේ නැහැ. මතු දේවල් ගැන හිතන්නෙත් නැහැ. ජනතාව මාව එපා කියන දවස වන තෙක් ගීත ගායනයෙහි නිරත වී සිටිනවා. මම ළඟදී අන්තිම කැමැති පත්‍රයත් ලිව්වා.’

ඒ ගැන විස්තර ස්වල්පයක් කියන්න?

‘මගේ අන්තිම කැමැති පත්‍රය මගේ හිතාදර මිත්‍ර ෂෙල්ටන්ට භාරදුන්නා. මා මියගිය දාට කලාභවනේ මේව තියාවිද මගේ ගෙදර තියාවිද කියලා මම දන්නේ නැහැ. ඒ කොහොම වුණත් එතැන සිට ආදාහනය කරන ස්ථානය දක්වා මගේ ගීත වාදනය කළ යුතුයි. මගේ ජීවිත කාලයටම මම කළේ මගේ ගීත ශ්‍රාවකයා සැනසීමයි. එය මා මියගිය දාටත් මට නොඇසුණත් මගේ ගීත ශ්‍රාවකයන් වෙනුවෙන් ඉටුවිය යුතුයි.’

‘මගේ දේහය දෙපස අගමැතිතුමාගේ සහ කේමදාස මාස්ටර්ගේ පින්තූර දෙකක් තැබිය යුතුයි. ඒ මන්ද, මට නැගී සිටින්න අත දුන්නේ ඔය උත්තමයන් දෙදෙනායි…’

සාකච්ඡා කළේ – තිස්ස කුඩාතිහි (1987 ජූලි 20 – ‘තරුණයා’ පුවත්පත)

අද නව පරපුර කියන්නෙ අනුන්ගේ සින්දු – මිල්ටන් මල්ලවආරච්චි

මිල්ටන් මල්ලවාරච්චි රසිකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය ගායකයෙකි. ඔහුගේ නවතම කැසට් පටය ලබන සිංහල අවුරුදු දිනයේ නිකුත් වීමට නියමිතය. මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ මිල්ටන් සමග කරන්නට යෙදුණු සම්මුඛ සාකච්ඡාවකි.

මෑත අවුරුදු දෙක තුළ විශේෂයෙන් ‘වීණා’ කැසට් පටයෙන් පසු ඔබේ යම් නිහඬත්වයක් දකින්නට ලැබෙනවා. ඒ මොකද මිල්ටන්?

‘ඔව්, ඊට හේතුව ගිය වසරේ වගේ අලුත් කැසට් පටයක් නිකුත් නොවීම වන්නට පුළුවන්. පැවැතුණු භීෂණ සමාජ වාතාවරණයයි මීට බලපෑවේ. කොහොමද රටේ තොටේ ගිහින් කැසට් බෙදාහරින්නේ? ඒකයි ප්‍රශ්නය වුණේ. කෙසේ වෙතත් මගේ අලුත්ම කැසට්පටය තව නොබෝ දිනකින් නිකුත් වේවි. ඊට ‘ලොව සැතපෙන යාමේ’, ‘මා නෙත් කැදැල්ලේ’ වැනි මගේ පැරැණි ජනප්‍රිය ගීත මෙන්ම අලුත් ගීත කිහිපයක්ද ඇතුළත්.’

ඔබ මේ විසි වසර තුළ හිමිකරගෙන සිටින්නේ අඛණ්ඩ ජනප්‍රියත්වයක්. එය කෙසේ ඇතිවූවක්ද?

‘ඊට එක් හේතුවක් වශයෙන් මට පෙනෙන්නේ මං අනෙක් ගායකයන් වගේ හැම තැනම ගිහින් කියන්නන් වාලේ ඕනෑවටත් වඩා සින්දු කියන්නට නොයෑමයි. වැඩිය සින්දු කියන්නට ගියොත් ඒවා රසිකයන්ට එපාවෙන්න පුළුවන්. තවත් හේතුවක් වෙන්නේ මගේ ගී තනුවල ඇති මිහිරියාවයි. ඒ තනුවලින් බොහොමයක් මගේම නිර්මාණ. ‘මධුමල ලෙස’, ‘පියාපත් සලා’ ‘සිහිනෙන් ඔබ මට’, ‘සුළඟේ පාවී’ යනාදී ගීත මීට උදාහරණ. මට සංගීතය පිළිබඳ දැනුමක් නැහැ. ඒ නිසා සමහරු අහනවා මං කොහොමද මෙවැනි තනු නිර්මාණය කරන්නේ කියලා. මං ගිටාර් ගහන්න දන්නවා. ඒ ගිටාර් එකෙන් තමයි තනු සකස් කරගන්නේ. ස්වර නොදන්නා නිසා මං ඒ තනු මුලදී මතක තියාගන්නේ කටපාඩමින්.’

ඔබේ නව නිර්මාණ ගුවන්විදුලියෙන් නොඇසෙන්නෙත් ඔබ වැඩිපුර රූපවාහිනියෙන් නොපෙනෙන්නෙත් ඇයි?

‘මං ගුවන්විදුලියෙ හෝ රූපවාහිනියෙ නිෂ්පාදනයක් නෙවෙයි. මං බිහිවුණේ තැටි ඔස්සේ. පසුව මගේ ජනප්‍රියත්වය තහවුරු වුණේ කැසට් මාර්ගයෙන්. මම අවුරුදු ගණනාවකින් ගුවන්විදුලියේ සරල ගී කියලා නැහැ. එතැන යම් යම් ප්‍රශ්න හා සීමා තිබෙනවා. අපිට අවශ්‍ය වාදන භාණ්ඩ යොදාගන්නට එහි ඉඩක් නැහැ. සංගීතය පෙරදිග, අපරදිග කියලා දේශීය – බටහිර කියලා වෙනසක් නැහැ. ඒ බෙදිල්ල කරලා තිබෙන්නේ අපේ ගුවන්විදුලියයි. අනෙක ගෙවීම්. ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. රූපවාහිනියෙත් එසේමයි. ඒ දෙකම වාණිජ පදනමකින් පවත්වාගෙන යන සන්නිවේදන මාධ්‍ය දෙකක්. ඒ නිසා අපි එක් ගීතයක් ගායනා කළොත් ඊට අඩුම වශයෙන් රුපියල් දෙදාහක්වත් ගෙවන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ.’

ඔබ වරින් වර චිත්‍රපට පසුබිම් ගීත ගායනයේත් යෙදෙනවා. ඇත්තෙන්ම ඔබ ඒ ක්ෂේත්‍රයේ සාර්ථක ගායකයෙක් යැයි සිතන්නේද?

ඔව් ඇයි? මම පසුබිම් ගී ගැයූ මුල්ම චිත්‍රපටය රන් ඔංචිල්ලා. එතැන් සිට මම චිත්‍රපට 80ක පමණ ගීත ගායනා කොට තිබෙනවා. ඇතැම් චිත්‍රපටවල වසරේ හොඳම ගායනය වශයෙන් සම්මානද දිනාගෙන තිබෙනවා. එහෙත් ඇතැමුන් තුළ හැඟීමක් තිබුණා අසවල් නළුවන්ට පසුබිම් ගී ගැයිය හැක්කේ අසවල් ගායකයාට පමණක් කියලා. ඒක වැරැදි පිළිගැනීමක්. එහෙත් ඉන්දියාවේ එහෙම නෙවෙයි. මධුමතී වැනි චිත්‍රපටයක දිලිප් කුමාර් සඳහා මොහොමඩ් රාෆි මෙන්ම මුකේෂ්ද ගීත ගායනා කළා. එසේම හාති මෙරේ සාති චිත්‍රපටයේ රාජේෂ් ඛන්නාට කිෂෝර් කුමාර් මෙන්ම මොහොමඩ් රාෆිද ගීත ගායනා කළා. මොකද ඉන්දියාවේ සිටින්නේ අපේ වගේ අමනයන් නෙවෙයි.’

ඔබ මෙතෙක් ගැයූ ගී අතරින් විශාල ප්‍රමාණයක් හුදු ප්‍රේම විරහා ගී බවක් පෙනෙනවා. ඒවා ඔබේ පුද්ගලමය අත්දැකීම්ද?

‘නැහැ. මා එබඳු ගීත ගායනා කළේ ඒවා රසිකයන්ට සමීප වෙතැයි යන හැඟීමෙන්. එහෙත් මා පසු කලෙක සමාජ විෂමතාවන් නිසා දුක් විඳින මිනිසුන් ගැනත් ගීත ගායනා කළා. ‘අඳුර වැටුණු වීදියේ’ වැනි ගීත මීට උදාහරණ. මේ ගීතත් රසිකයන් ඉදිරියේ ජනප්‍රිය වුණා. මේ ගී අතරින් බොහොමයක් ලූෂන් බුලත්සිංහලගෙ රචනා. ඔහු ඉන්නේ අපේ ගෙවල් ළඟ. මේ ගීතවලදී ඔහුගේ බලපෑම හුඟක් වැඩියි.’

නව පරපුරේ ගායක ගායිකාවන් පිළිබඳ ඔබ දක්වන අදහස් කවරාකාරද?

‘අද නව පරපුර කියන්නේ අනුන්ගේ සින්දුනෙ. මේ නව පරපුර අතරින් මා රෝහණ බෝගොඩ කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන සිටිනවා. ඔහු දුර ගමනක් යන ගායකයෙක්. යමින් ගමන සින්දු නොකියා කල්පනාකාරීව වැඩ කළොත් ඔහුට හොඳ තැනකට එන්න පුළුවන්.’

සාකච්ඡාව – එස්.එම්. කරුණාතිලක (‘කලා’ පුවත්පත)

SendShareShare
Previous Post

අනුරගෙන් සජිත්ට පණිවුඩයක්! විජිත කෙළින්ම සජිත්ට කතා කරයි! ‌විපක්ෂයම එකතු වෙන්නද හදන්නේ? I Sri Lanka Latest News

Next Post

ශිවාජිලිංගම්ට හදිසි හාට් ඇටෑක් එකක්! චෙන්නායිවල දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි! මේ ආවේ හතරවෙනි ඇටෑක් එක! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.