රටේ ජනතාව මැතිවරණයක දී ප්‍රතිපත්තිගරුක, සෘජුව වැඩකරන, එක වචනයක් තිබෙන, නිවැරදි නායකත්වයකට රට භාර දුන්නොත් ශීඝ්‍රයෙන් රට දියුණු කිරීමට හැකිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ පවසනවා.Sri Lanka Latest News
“සමගි ජනබලවේගයේ මැයි දින රැළියට මේ වනවිට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. මැයි රැළියට ජනතාව ඒකරාශී කර ගන්න ආකාරය පිළිබඳව රටේ ම සිටින සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු සමඟ දින 5 ක් සාකච්ඡා පැවැත්වුවා. සමගි ජනබලවේගය සංවිධානය කරන මැයි දින රැළියට ලක්ෂ එක හමාරකට ආසන්න පිරිසක් කොළඹට ඒකරාශි කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂයක් විසින් පවත්වන දැවැත්ම මැයි දින රැළිය මෙවර සමගි ජනබලවේගය පවත්වන්න සූදානම්. සමගි ජනබලවේගයේ මැයි දින රැළියට සහභාගි වන පිරිස රැස්කිරිමට හැකි පහසුකම් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාව සමගි ජනබලවේගයේ ඉදිරි ජයග්‍රහණ වලට හොද අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ නායකත්වයෙන් යුතු ශක්තිමත් පිරිසිදු පාලනයක් රට තුළ ඇති කරන්න සමගි ජනබලවේග රජයක් තුළින් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. සජිත් ප්‍රේමදාස නායකතුමා වචන මාරු කරන්නේ නැති කෙලින් වැඩ කරන ප්‍රතිපත්තිගරුක නායකයෙක්. නමුත් අද රටේ බහුතරයක් සිටින්නේ වචන මාරු කරන දේශපාලඥයින්. ඔවුන්ව විශ්වාස කරන්න එපා. ඔවුන්ව බලයට ගේනන ජනතාව කටයුතු නොකළ යුතුයි.
වචන මාරු කරන ප්‍රතිපත්තියක් නැති පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ.
රටේ තිබෙන වංචා දූෂණ සියල්ල නතර කරන්න හැකියාව තිබෙන්නේ ප්‍රතිපත්තිගරුක නායකත්වයකට පමණයි. එවැනි නායකයෙක්, එවැනි කණ්ඩායමක් සිටින්නේ සමගි ජනබලවේගයේ පමණයි. සජිත් ප්‍රේමදාස නායකතුමා හොරකම් කරන්නේ නැති, මිනිමරන්නේ නැති, ප්‍රතිපත්තිගරුක නායකයෙක්. රටට අවශ්‍ය වන්නේ එවැනි නායකයෙක්. වංචා දුෂණ නැති නායකයෙක් අවුරුදු 30 ක කාලය තුළ බිහි කරගන්න නොහැකි වුණා. නිවැරදි නායකත්වයකට රට භාර දුන්නොත් ශීඝ්‍රයෙන් රට සංවර්ධනය කර ගන්න පුළුවන්. රට තවත් අගාධයට ඇද දමනවාද නැද්ද කියන තීන්දුව ජනතාව සතුයි. රටට උපරිමයෙන් වැරදිලා ඉවරයි. ඒ වැරද්ද නිවැරදි කරන්න පුළුවන් වෙන්නෙත් ජනතාවට පමණයි.