දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ ශිවාජිලිංගම් හදිසියේ හෘදයාබාධයකට ලක්විම හේතුවෙන් ඔහුව 02 දා චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කොට තිබේ. (Sri Lanka Latest News)
පසුගිය වසර 3ක කාලය තුළ ඔහුට එවැනි හෘදයාබාධයක් වැලඳී ඇත්තේ හතරවැනි වතාවටය.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුදධව පනවා තිබූ නඩුවක් පසුගිය බ්රහස්පතින්දා (29) කොළඹ අධිකරණයකදී විභාගයට ගත් අතර, ඔහු ඊට සහභාගි වීම පිණිස යාපනයේ සිට කොළඹට පැමිණ ඇත.
එම නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් පසුව චෙන්නායි බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී හිටපු මන්ත්රීවරයා හෘදයාබාධයට ලක්වීමෙන් පසුව චෙන්නායි වඩපලනි විජායී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.
lankasara