• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගෙන් සජිත්ට පණිවුඩයක්! විජිත කෙළින්ම සජිත්ට කතා කරයි! ‌විපක්ෂයම එකතු වෙන්නද හදන්නේ? I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
මේ දෙන්නා එකතු වුණොත් ‌කොහොමද? හැමෝම බලාපොරොත්තු වෙන්නෙ මේක නේද? මේ දවස්වල හැමෝම කතා කරන සමාජ මාධ්‍ය ජාලා හොල්ලන පින්තූරය! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කතානායකවරයා ආණ්ඩුවට වාසිසහගත අයුරින් හැසිරෙන බවට චෝදනා එල්ල වූ පළමු වතාව මෙය නොවේ. මීට පෙරද අවස්ථා ගණනාවකදීම කතානායකවරයා ආණ්ඩුවට වාසිසහගත ආකාරයෙන් කටයුතු කරන බවට විපක්ෂය විසින් චෝදනා එල්ල කරනු ලැබ තිබිණි. නමුත් විපක්ෂය ඒ කිසිදු අවස්ථාවකදී ඒවා බරපතළ ලෙස ඉදිරියට ගෙන යෑමට කටයුතු නොකළේ එවැන්නක් සිදුකළහොත් කතානායක තනතුරට පමණක් නොව පාර්ලිමේන්තුවටම කැලලක් ඇතිවීම වැළැක්විය නොහැකි නිසාය. නමුත් ඔන්ලයින් පනතට විපක්ෂයේ දැඩි විරෝධය මැද අස්සන් තැබීමට කතානායකවරයා ගත් තීන්දුව හරහා විපක්ෂයේ තිබූ එම ඉවසීම පුපුරා ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඔවුන් දිගින් දිගටම කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අදාළ පනතට ඇතුළත් නොකිරීමට කටයුතු කිරීම හරහා කතානායකවරයා සහ ආණ්ඩු පක්ෂය ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, අධිකරණය විසින් ලබා දුන් නියෝග පිළිපැද නොමැති බවත්ය. ඊට එරෙහිව කතානායකවරයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට යා යුතු බව විපක්ෂයේ සියලු පක්ෂ තැන් තැන්වල සාකච්ඡා කළත් එය යම් ක්‍රියාමාර්ගයක් ගන්නා තැනක් දක්වා දුරදිග ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.Sri Lanka Latest News

නමුත් තත්ත්වය වෙනස් කරමින් කතානායකවරයාට එරෙහිව පළමු ගල ගැනීමට දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් පසුගිය සතියේ කටයුතු කළේය. ඒ, කතානායකවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව කියමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීම හරහාය. සුමන්තිරන් ගත් මෙම පියවරත් සමග ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඇතුළු එහි පක්ෂ නායකයෝ පසුගිය සතියේ රැස්වී කතානායකවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. ඒ අනුව සාකච්ඡා වට ගණනාවකින් පසු සජබය තීන්දු කළේ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටය. එම යෝජනාව සකස් කිරීමෙන් අනතුරුව සජිත්, සුමන්තිරන්, ජී.එල්., ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, ශාන් විජයලාල් සහ චන්දිම වීරක්කොඩි ඇතුළු පිරිසක් පළමුව ඊට අස්සන් තැබීමට පියවර ගත්හ.

‘පොලිස්පති’ න්‍යායපත්‍රයේ නෑ

මේ ආකාරයට කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අස්සන් කිරීමට විපක්ෂය කටයුතු කිරීමත් සමග තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගිය සඳුදා සිදුවිය. ඒ, නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කරන බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනාවක් එවා තිබීමය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අඟහරුවාදා දිනයේදි දේශබන්දු තෙන්නකෝන් මහතා මුල්කරගෙන පවරා ඇති නඩු 07ක් විභාගයට ගැනීමට නියමිතව තිබියදී සඳුදා දින මෙම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට යොමුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබීමය. එදින න්‍යායපත්‍රයේ එවැනි යෝජනාවක් ගැන කිසිදු සඳහනක් නොමැති වුවද අදාළ යෝජනාව සාකච්ඡාවට ගැනීමට කතානායකවරයා තීන්දු කිරීම අනෙක් විශේෂ සිදුවීම විය.

ඡන්දය බෙදුණේ මෙහෙමයි

ඒ අනුව මෙම යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි සිදුවූයේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් පසු අවස්ථාවකදී පැහැදිලි කිරීමක් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ අදාළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාව තුළ බෙදීමක් මතුවූ බවකි. එහිදී යෝජනාවට පක්ෂව ආණ්ඩුව නියෝජනය කරන අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් සහ ස්වාධීන සිවිල් පුරවැසියකු ලෙස පත්කරන ලද විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට පියවර ගත් බව සජිත් කියා සිටියේය. විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්ව සිටි තමන් සහ මේ දිනවල විදෙස්ගතව සිටින කබීර් හෂීම් සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක්වෙමින් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ බව සජිත් එහිදී කියා සිටියේය. එමෙන්ම සජිත් තවදුරටත් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන අනෙක් සාමාජිකයන් දෙදෙනා වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම් සහ ආචාර්ය දිනේෂා සමරරත්න ඡන්දය දීමෙන් වැළකී සිටි බවකි. ඒ අනුව ඡන්දය බෙදීගොස් තිබුණේ යෝජනාවට පක්ෂව 4ක් සහ විරුද්ධව දෙකක් ලෙසත්, ඡන්දය නොදුන් 2ක් ලෙසත් බව සජිත් තහවුරු කර සිටියේය.

සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායක සභාවේ යෝජනාවක් සම්මත වීමට නම් අවම වශයෙන් ඡන්ද 5ක් ලැබිය යුතුය. ඡන්ද 4-4ක් ලෙස සමාන වුවහොත් පමණක් කතානායකවරයාට සිය තීරක ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව පවතී, එසේ නොමැතිව කතානායකවරයාට ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් නැත. ඒ අනුව සජිත් කියා සිටියේ කතානායකවරයාට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් නොමැති නිසා යෝජනාව ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රතික්ෂේප කෙරුණු බවය.

ජනපති මැදුරේ කලබල

කෙසේ වෙතත් මේ ආකාරයට ව්‍යවස්ථාදායක සභාවේදී දේශබන්දුගේ නම පොලිස්පති ධුරය සඳහා සම්මත නොවීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලය කාර්යබහුල තැනක් බවට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. හදිසි සාකච්ඡා කිහිපයක්ම වහාම සංවිධාන කෙරුණු අතර, ඊට ආණ්ඩුවේ ඉහළ පෙළ නියෝජිතයන් මෙන්ම නීති විශාරදයන් පවා කැඳවා තිබූ ආකාරයක් පෙනිණි. එහිදී සාකච්ඡාව පැවැත්වුණේම කෙසේ හෝ දේශබන්දුගේ පත්වීම සිදුකළ යුතුය යන ස්ථාවරයේ සිට වීම විශේෂ සිදුවීමක් විය.

ආරංචිය ආවේ අනුරට

කෙසේවෙතත් සවස 5ට පමණ දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය ආරංචියකින් කියැවුණේ දේශබන්දු නව පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බවකි. ව්‍යවස්ථාදායක සභාවේදී කතානායකවරයාද දේශබන්දුගේ නමට ඡන්දය භාවිත කිරීමෙන් පසු එම නාමයෝජනාව ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද 5කින් සම්මත වී ඇති බව එම තොරතුරෙන් වැඩිදුරටත් කියවිණ. මෙම තොරතුර මුලින්ම ලැබී තිබුණේ වෙන කාටවත් නොව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාටය. අනුර ව්‍යවස්ථාදායක සභාව නියෝජනය නොකරන නිසා එහි සැබැවින්ම සිදුවූයේ කුමක්ද යන්න වහාම සොයාබැලීමට පියවර ගත් අනුර කළේ තෙවැනි පාර්ශ්වයක් හරහා මෙවැනි කතාවක් යන බව සජිත්ට දැනුම්දී එහි ඇත්ත නැත්ත විමසා සිටීමට පියවර ගැනීමය. එහිදී පුදුමයට පත් සජිත්ද කියා සිටියේ එවැනි කිසිවක් ව්‍යවස්ථාදායක සභාවේ සිදු නොවුණු බවත්, ඡන්ද භාවිත වූයේ 4ට 2ක් ලෙස බවත්, දෙදෙනකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බවත්ය. කතානායකවරයා ඡන්දය ලබාදුන් බවට වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කී සජිත් එවැන්නක් කිරීමට කතානායකවරයාට ව්‍යවස්ථාපිතව හැකියාවක් නොමැති බවද එම පණිවුඩකරුට දැනුම් දී සිටියේය. ඒ අනුව එම පණිවුඩකරු සජිත් කී තොරතුර නැවත වතාවක් අනුරට දැනුම් දීමටද පියවර ගත්තේය.

නිවේදනය නිකුත් වෙයි

කෙසේ වෙතත් කලින් ලැබුණු තොරතුර අනුවම තවත් විනාඩි ගණනාවක් ගතවෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වූයේ නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. කෙසේ වෙතත් එහිදී වචන භාවිත කිරීම සම්බන්ධයෙන් ඉතා ප්‍රවේසම් වී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එම නිවේදනයේ කිසිදු තැනක ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොතිබුණු අතර, ව්‍යවස්ථාව ප්‍රකාරව එම පත්වීම කළ බව පමණක් සඳහන්ව තිබිණි. පහත පළවන්නේ ඊට අදාළව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ කෙටි නිවේදනයය.

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ’ ඡඵෘ
මෙම නිවේදනය නිකුත් කොට මොහොතක් යෑමට මත්තෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ පත්වීම් ලිපිය ලබාදෙන ඡායාරූපයද මාධ්‍ය වෙත නිකුත් කෙරිණි.

විපක්ෂයම ඇවිස්සෙයි

ඔන්ලයින් පනත මුල්කරගෙන කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අස්සන් කරමින් පැවැති පසුබිමක මෙම සිදුවීමද කරළියට පැමිණීම හරහා කතානායකවරයාට එරෙහිව විශාල විරෝධයක් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මතුවූ ආකාරයක් අනතුරුව දැකගන්නට ලැබිණි. ඒ අනුව මෙම පුවත පළවී මොහොතක් යෑමට මත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත නොකළ බවත්, කතානායකවරයා විසින් දෙවැනි වතාවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කර ඇති බවත්ය. පහත දැක්වෙන්නේ සජිත් නිකුත් කළ එම ට්විටර් පණිවුඩයය.

‘ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පති පත්වීම අනුමත නොකරන ලදී. ඡන්දය ප්‍රකාශ වීම පක්ෂව 4ක්, විපක්ෂව 2ක් හා වැළකී සිටීම් 2ක් වශයෙන් විය. තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය වේ. ඡන්ද සම වීමකදී පමණක් භාවිත කළ හැකි තීරක ඡන්දයක් කථානායක සතුවේ. 4/2 යනු සමවීමක් නොවේ` දෙවන වතාවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කෙරෙමින් පවතී. ලැජ්ජයි කථානායකතුමනි..’ යනුවෙන් එහි සඳහන්ව තිබිණි.

මීට අමතරව විපක්ෂයේ පක්ෂ නායකයන් අතර වහාම සූම් සාකච්ඡාවක් කැඳවීමටද සජිත් පියවර ගත්තේය. එහිදීද ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ සියල්ල විපක්ෂයේ පක්ෂ නායකයන්ට පැහැදිලි කළ සජිත්, ඊට එරෙහිව වහාම පියවර ගත යුතු බව පක්ෂ නායකයන්ට දැනුම් දී සිටියේය. ඒ අනුව ඊට පසු දින මහාචාර්ය ජී.එල්. පීරිස්ට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා එම සිදුවීම සම්බන්ධයෙන් රටම දැනුවත් කරන ලෙස සජිත් දැනුම්දී සිටියේය.

විමල්ලාත් පක්ෂයි

ඒ අනුව, පොලිස්පතිවරයාගේ සිදුවීමේදී සිදුව ඇති දේ වටහා ගත් විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂද වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තැන් තැන්වල සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රතන හිමි, අසංක නවරත්න යන පිරිස් මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගයේදී කතානායකවරයාට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තම කණ්ඩායමද කටයුතු කරනවා යැයි කියාය.

දයාසිරි තද තැනක

මීට අමතරව මේ දිනවල ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරතව සිටින දයාසිරි ජයසේකර වහාම ‘මව්රට’ පුවත්පතට කතා කරමින් කියා සිටියේ තමන්ද කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කරනවා යැයි කියාය. එමෙන්ම විශ්වාසභංග විවාදයේදී කතානායකවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් නොදැන සිටි කරුණු රැසක් හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවද දයාසිරි ‘මව්රට’ පුවත්පතට දැනුම් දී සිටියේය. ඒ අනුව අප දයාසිරිගේ ප්‍රකාශය ‘මව්රට’ වෙබ් අඩවියේ පළකිරීමෙන් අනතුරුව ශ්‍රීලනිපයද නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම පක්ෂයද කතානායකවරයාට එරෙහි විශ්වාසභංගයේදී විපක්ෂය සමග එක්ව ඊට පක්ෂව ඡන්දය දෙනවා යැයි කියාය.

විජිත සජිත්ට කතාකරයි

මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධ සිදුවීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූයේ කුමක්ද යන්න නිවැරැදිව දැනගැනීමට ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍යව තිබිණි. ඒ අනුව විජිත හේරත් පසුගිය අඟහරුවාදා දිනයේදී කෙළින්ම සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. ඒ වන විට සජිත් සිටියේ සක්වල වැඩසටහන යටතේ අනුරාධපුර දරුවන්ට බස් රථයක් ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි. උත්සව අවස්ථාවේ දී සිය ජංගම දුරකතනයට විජිතගේ ඇමතුම ලැබෙනු සජිත් දුටුවද, ඊට පිළිතුරු ලබාදීමේ හැකියාවක් නොවුණු නිසා සජිත් වහාම කළේ සිය පාර්ලිමේන්තු ලේකම් තිසත් විජේගුණවර්ධනට කතාකොට විජිත තමන්ට කතා කළ බව දැනුම් දී කාරණාව කුමක්ද යන්න සොයාබලන ලෙසටය. ඒ අනුව තිසත්ද වහාම විජිතට දුරකතන ඇමතුමක් ලබාදී ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටීමට පියවර ගත්තේය. විජිත එහිදී පොලිස්පතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සිදුවූ සියල්ල විමසා සිටිද්දී එහි සිදුවූ සියල්ල අකුරක් නෑර විජිතට දැනුම් දීමට තිසත් කටයුතු කළේය. ඒ අනුව, මෙම තොරතුරු පක්ෂයට වාර්තා කිරීමෙන් අනතුරුව ජවිපෙද තීන්දු කළේ විශ්වාසභංගයේදී විපක්ෂය සමග එක්ව කතානායකවරයාට එරෙහිව සිය ඡන්දය භාවිත කිරීමටය. ඒ බව වහාම නිවේදනයක් මගින් රටට දැනුම් දීමටද ජවිපෙ කටයුතු කළේය. ඒ අනුව, කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ පුළුල් සන්ධානයක් මේ සිදුවීම් හරහා ගොඩනැගෙන ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි.

මහින්ද මහින්දගේ පැත්තේ

මේ ආකාරයට කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව සම්පූර්ණ විපක්ෂයම එකමුතු වෙද්දී ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුව කතානායකවරයා සම්බන්ධයෙන් සිටියේ ඊට හාත්පසින්ම වෙනස් ස්ථාවරයකය. ඒ බව ප්‍රකාශ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙනි. පසුගිය අඟහරුවාදා මාධ්‍යවේදීන් විසින් මේ පිළිබඳ විමසා සිටිද්දී මහින්ද කිසිදු පැකිලීමකින් තොරව කියා සිටියේ ‘කතානායක අපේ කෙනෙක්. අපි එතුමාව ආරක්ෂා කරනවා’ යැයි කියාය. මහින්දට අමතරව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මාධ්‍ය හමුවේ කියා සිටියේ විශ්වාසභංගයේදී කතානායකවරයාව ආරක්ෂා කරගැනීමට තමන් කටයුතු කරනවා යැයි කියාය.

සජිත්ට පණිවුඩයක්

මේ අතර, කතානායකවරයාට එරෙහිව විපක්ෂයේ සියලු දෙනාම අවි අමෝරද්දී ආණ්ඩු පක්ෂයෙ ප්‍රබලයකුගේ පැත්තෙන් සජිත්ට විශේෂ පණිවුඩයක් ලැබිණි. එම පණිවුඩයෙන් කියැවුණේ මේ වන විට ආණ්ඩුව ඇතුළේ බරපතළ ගැටුමක් මතුව ඇති බවත්, කතානායකවරයාට විශ්වාසභංගයක් ගෙන ඒම හරහා බෙදී සිටින ආණ්ඩුව එකමුතු කිරීමට කටයුතු නොකරන ලෙසත්ය. මෙම පණිවුඩය ලැබුණු වහාම සජිත් එම පණිවුඩය ගෙනා පුද්ගලයාට දැනුම් දී සිටියේ ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ටම බේරාගන්න යැයි කියාය.

‘ඒ අයගේ ප්‍රශ්න ඒ අයටම බේරගන්න කියන්න. ආණ්ඩුවත් එක්ක ඒ අයට ප්‍රශ්න තියෙනවා නම් ඒක ආණ්ඩුව ඇතුළේ ඒ අයට කතා කරගන්න කියන්න. හැබැයි කතානායකතුමාට විරුද්ධව අපි ගේන විශ්වාසභංගය අපි නවත්තන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලය මොකක් වුණත් ඒ විශ්වාසභංගය අපි ගේනවා. ඒ විවාදයේදී කතානායකවරයාගේ ඒකපාර්ශ්වික ක්‍රියාකලාපය අපි රටට පෙන්වනවා. අපි එක පාරක් බාල බෙහෙත් ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවිත නැති කළාට විරුද්ධව, බාල බෙහෙත්වලින් හොරකම් කළාට විරුද්ධව කෙහෙළියටත් විශ්වාසභංගයක් ගෙනවා. හැබැයි මේ අයම තමයි ඒ කෙහෙළියව බේරගන්න පාර්ලිමේන්තුවේදී අත ඉස්සුවේ. දැන් පේනවනේ කෙහෙළියට වෙලා තියෙන දේ. කතානායකතුමාට මේවා ගැනත් කල්පනා කරන්න කියන්න…’ යනුවෙන් එහිදී සජිත් ආණ්ඩුව පැත්තෙන් තමන්ට පණිවුඩය එවූ පුද්ගලයාට දැනුම් දීමට කටයුතු කොට තිබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව පෙරළා මහඡන්දෙකට යන ගේම් ප්ලෑන් එක අතේ තියන් බැසිල් ලංකාවට එයි! අප්‍රේල් ගේම් ක්ලෝස්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

රටම ආදරය කරන ජෝතිපාල – මිල්ටන් අවසන් වරට කරපු සම්මුඛ සාකච්ඡා කියවන්න කැමතිද? I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.