• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජූලියේ ගෝඨාව ගෙදර යවපු කවුද මේ ජූලි…

August 30, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ජූලියේ ගෝඨාව ගෙදර යවපු කවුද මේ ජූලි…
Share on WhatsAppShare on Facebook

රනිල් ජනාධිපති වුණාට පසුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් දැඩි ලෙස විවේචනය කරමින් ‘ඩේලි මිරර්’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්වල ලිපි දෙකක් පළවී තිබිණි. ‘ඩේලි මිරර්’ අරගලය වෙනුවෙන් ජූලි චන්ග් නිකුත් කරන ට්විටර් පණිවුඩ විවේචනය කර තිබූ අතර ‘සිලෝන් ටුඩේ’ කියා තිබුණේ ජූලි චන්ග් ගෝ හෝම් කියා අරගලයක් පටන් ගන්න කාලය ඇවිල්ලා කියාය. මේ පුවත්පත් දෙකෙන් ‘ඩේලි මිරර්’ රනිල්ගේ මාමාගේ පත්තරයක්ය. ‘සිලෝන් ටුඩේ’ ආණ්ඩුවේ පොලිසිය භාර ඇමැතිගේ පත්තරයය. මෙයින් පෙනී යන්නේ ජූලි චන්ග්ට එරෙහිව රනිල්ගේ ආණ්ඩුව තුළින්ම ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවය.

මෙලෙසම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලයේ මෙරට හිටපු ඇමෙරිකානු තානාපතිනි මයිකල් ජේ. සිසන්ට (Michele J. Sison) එරෙහිව රාජ්‍ය මාධ්‍ය දැඩි ප්‍රහාරයක් එල්ල කොට තිබිණි. වරක් ලේක්හවුස් පුවත්පතේ ඇයගේ ඡායාරූපයක් පළකොට විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඇය නම්කොට තිබිණි. එසේම ගුණරත්න වීරකෝන් නම් මහින්දගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති මහින්දට එරෙහි වනවා නම් තානාපතිනිය තමන්ට අල්ලස් දෙන්න පොරොන්දු වූ බව පවසා තිබිණි.

ඒ කාලයේ විපක්ෂ නායකව සිටි රනිල්, රාජ්‍ය ඇමැතිගේ ප්‍රකාශය තදබල ලෙස විවේචනය කළා පමණක් නොව ඇමෙරිකාව සමග හැප්පී මහින්දගේ ආණ්ඩුව ලංකාවට ජාත්‍යන්තරයෙන් කොන් කරනවා යැයි චෝදනා කළේය. එහෙම කියපු රනිල් අද රටේ ජනාධිපතිය. අද ඔහු ජූලි චන්ග් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසනවා යැයි චෝදනා කරනවා පමණක් නොව ඔහුට හිතවත් මාධ්‍ය හරහා ඇයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී.

එදා මයිකල් ජේ. සිසන් මෙන්ම අද ජූලි චන්ග්ද කතා කරන්නේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. එදා මයිකල් ජේ. සිසන් මහින්දගේ ආණ්ඩුවට එරෙහිව හඬ නගද්දී රාජපක්ෂවාදීන් කීවේ ඇමෙරිකාව මහින්ද යුද්ධය දින්නාට ඊර්ෂ්‍යාවෙන් කොටි ඩයස්පෝරාව සමග එක්වී රට දෙකඩ කරන්න කුමන්ත්‍රණය කරනවා කියලාය. අද ජනාධිපති පුටුවේ ඉන්නේ රාජපක්ෂ කෙනෙක් නොවේ. එදා රාජපක්ෂවාදීන් හංවඩු ගහපු ඇමෙරිකානු සුරතලා නොහොත් රනිල්ය. මේ ඇමෙරිකානු සුරතලා මානව හිමිකම් කඩන විට එදා රාජපක්ෂලා මානව හිමිකම් කඩන විට ඊට එරෙහිව හඬ නගපු ලෙසටම අද ඇමෙරිකානු තානාපතිනිය මේ ඇමෙරිකානු සුරතලාට එරෙහිව හඬ නගමින් තිබේ. මෙයින් පෙනෙන්නේ ජනාධිපති පුටුවේ ඉන්නේ රාජපක්ෂ කෙනෙක්ද, ඇමෙරිකානු සුරතලෙක්ද කියන එක ඇමෙරිකාවට අදාළ නොවන බවය. ඇමෙරිකානු හිතවාදියෙක් ජනාධිපති පුටුවේ සිටියද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගීම ඇමෙරිකාවේ ප්‍රතිපත්තියය.

එදා මයිකල් ජේ. සිසන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන කතා කරන විට ඇය ලංකාව තුළ එතරම් ජනප්‍රිය චරිතයක් නොවීය. ඇය කොටි ඩයස්පෝරාවේ වුවමනාවක් ඉටුකරනවාද යන සැකය මහින්දගේ ආණ්ඩුව ජනතාව තුළ රෝපණය කර තිබිණි. ඒත් අද ජූලි චන්ග් ලංකාවේ ජනප්‍රියම චරිතයක්ය. ගෝඨාගේ මිරිහානේ නිවෙස වටකර අරගලය පටන්ගත් දින සිට ඇය අරගලය වෙනුවෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩ නිසා ඇය අරගලයේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් ලෙස වේගයෙන් ජනප්‍රිය වූවාය. අරගලයට පක්ෂ පාට භේදයක් නැතිව හැමෝම එක්වූහ. අරගලය තුළ රාජපක්ෂලාට ඡන්දය දුන් අයත් සිටියහ. මේ හැමෝම අතර ඇයගේ ට්විටර් පණිවුඩ ජනප්‍රිය විය. අරගලය ඇයව දුටුවේ අරගලයේ ‘ගාඩියන් ඒන්ජල්’ ලෙසය. 2021 වන තෙක් ලංකාවේ දේශපාලනය තුළ වාමාංශිකයන්, රාජපක්ෂවාදීන් පෝෂණය කළ ඇමෙරිකානු විරෝධය ඇය ඉතා දක්ෂ ලෙස අකාමකා දැමුවාය. ඇමෙරිකාව යනු සිංහලයන්ට හිතවත් රටක් නොව දමිළයන්ට හිතවත් රටක් යන මතය ඇය විනාශ කර දැමීය.

ඇය එය කළේ අරපරෙස්සමිනි. පළමුව ඇය මෙරට ඇමෙරිකානු තානාපති ප්‍රතිරූපය එහෙම්පිටින්ම වෙනස් කළාය. මෙරට ඇමෙරිකානු තානාපතිවරුන්ගේ තිබූ ප්‍රතාපවත් ආඩම්බර පෙනුම ඇය වෙනස් කරනු ලැබුවාය. ඇයට හිමි කොරියානු පෙනුමද ඇයට එම ප්‍රතිරූපය වෙනස් කරන්න පහසු වන්නට ඇත. මල් ගවුමකින් සැරසීගත් කෙසඟ සිරුරක් ඇති ඇය ලංකාවේ පක්ෂ කාර්යාලවලට යමින් එමින් ඇය තමා සාමාන්‍ය කාන්තාවක් ලෙස පෙන්වීය. ඇයගේ ලොකුම ජයග්‍රහණය ජවිපෙ කාර්යාලයට යෑමය. ජවිපෙ ඇමෙරිකාව හඳුන්වන්නේ තුන්වැනි ලෝකයේ රටවල ලේ උරාබොන බූවල්ලකු ලෙසය. ජවිපෙ ඇමෙරිකානු තානාපතිවරු හමුවීමට අදිමදි කළේ තමන් ඇමෙරිකාවට ගහපු ලේබලය නිසා ලේ උරා බොන්නන් සමග සතුටු සාමීචියේ යෙදීම තමන්ට දේශපාලන වශයෙන් සියදිවි හානිකර ගැනීමක් වේය කියා බයෙන්ය. එහෙත් ජූලි චන්ග් සම්බන්ධයෙන් ජවිපෙ එහෙම නොසිතුවේ අරගලය හරහා ඇය පාට පක්ෂ භේදයක් නැතිව හදාගත් ජනප්‍රිය ප්‍රතිරූපය නිසාය. ඇයව හමුවීම තමන්ට ප්‍රචාරක වාසියක් මිස අවාසියක් නොවන බව ජවිපෙ තේරුම් ගත්තේය.

එලෙස විග්‍රහ කරන විට ජූලි, ශ්‍රී ලංකා-ඇමෙරිකා සබඳතා විප්ලවීය වෙනසකට ලක්කළ චරිතයකි. අද ඇමෙරිකාවේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන පවා රනිල් එක්ක තිබෙන මිත්‍රත්වයට රනිල් අරගලය මර්දනය කිරීමට එරෙහිව කතා කරන්නේ නැත. නමුත් ජූලි කතා කරයි. දකුණු ආසියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලවල බිත්ති හතරක් තුළ සිදුවූ කුමන්ත්‍රණවලින් ආණ්ඩු ගෙදර ගිය අවස්ථා බොහෝය. නමුත් ජනතා නැගිටීමකින් ජනාධිපතිවරයෙක් පලවා හරින ලද පළමු අත්හදාබැලීම ගෝඨාය. ඒ, ලේ බිඳක්වත් සොලවන්නේ නැතිවය. ජූලි ඒ අරගලයේ තරුවක්ය. 2015 මහින්දව ගෙදර යැව්වේ ඇමෙරිකාව යැයි රාජපක්ෂවරුම කීහ. එහෙත් අරගලයෙන් ගෝඨා ගෙදර යැව්වේ ඇමෙරිකාව යැයි කාටවත් කියන්න බැරිය. කවුරුත් කියන්නේත් නැත. ජූලිගේ ‘ජූලි ට්විටර් ඔපරේෂන්’ එකේ සාර්ථකත්වය ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දැන් තියෙන්නේ අලි-පොහොට්ටු සන්ධානයක්! පළාත් පාලන ජන්දයක් එනවා! UNP අයට වෙනවා නාමයෝජනා ගන්න කපුටා ළඟට යන්න! (VIDEO)

Next Post

කංචන තෙල් සංස්ථාවයි විදුලි බලයයි විකුණන්න ලෑස්ති වෙද්දී නිමල් සිරිපාල ශ්‍රී ලංකන් කොටස් 49%ක් විකුණන්න තීන්දු කරයි!

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.