• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ ජනාධිපතිගේ නමවත් නොදන්න මිනිසුන් ජීවත් වන නකල්ස් කඳු මැද හැංගුණු ගම I Sri Lanka Latest News

September 21, 2023
in Exclusive, Holiday, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි ඔබට කියන්න යන්නේ ලොවෙන් සැඟවුණු ජීවිත ගතකරන මිනිස්සු ඉන්න සුවිශේෂ ගම්මානයක් ගැන. අපි අද යන්නේ උඩගලදෙබොක්ක කියන ගම්මානයට. නකල්ස් කඳු පන්තිය අතරේ සැඟවිලා තියෙන මේ ඉතා සුන්දර ගම්මානයේ සුවිශේෂත්ව තමයි මේ ලිපියෙන් ඔබ දැනගන්නේ.(Sri Lanka Latest News)

ඕනෙම සුන්දර දේක ඕනෙම සුන්දර තැනක අසුන්දර පැත්තකුත් තියෙන්න පුළුවන් කියන කාරණය ඔබ දන්නවා. ඒ නිසාම කතාව පටන් ගන්න කලින් කිව යුතුමයි උඩගලදෙබොක්ක කියන මේ ගමේ ජීවත් වෙන බොහෝ දෙනෙක් සුන්දර වටපිටාවක ජීවත් වුණත් ඔවුන් ගතකරන්නේ අතිශය දුෂ්කර ජීවන රටාවක්. මේක මේ ගම්මානයට විතරක් සීමාවුණු ප්‍රශ්නයක් නෙවෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 46ක් මේ ආකාරයට අතිදුෂ්කර ජීවිත ගතකරන මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලයි තියෙන්නේ. ඉතින් මේ ගම්මාන 46න් එක්තරා ගම්මානයක් තමයි උඩගල දෙබොක්ක කියන්නේ.

ඔබ කොළඹ සිට මේ ගම්මානයට එන කෙනෙක් නම් මුලින්ම මහනුවර ප්‍රදේශයට ඇවිල්ලා මහනුවර – මහියංගනය පාරෙන් හසකලට එන්න ඕනෙ. ඊට පස්සේ හසලක පාරේ හෙට්ටිපොලට ඇවිල්ලා උඩත්තාව කියන මේ ප්‍රදේශයට ළඟාවෙන්න ඔබට අවස්ථාව තියෙනවා. හැබැයි මේ උඩත්තාව කියන ප්‍රදේශයට ආවට පස්සේ ගමන් කරන්න තියෙන මාර්ගය හරහා වාහනයක් ගමන් කරන්න නම් බැහැ. වාහනයකින් එන කෙනෙක් නම් ඔබට සිදුවෙනවා මේ උඩත්තාව ගමේ කෙළවරම තියෙන නිවෙසක වාහනය නතර කරලා ගමන ආරම්භ කරන්න.

ඊට පස්සේ උඩගල දෙබොක්ක ගම්මානයට යන්න කලින් සැතපුම් තුනක පමණ දුරකට කන්දක් තරණය කරන්න ඔබට සිදුවෙනවා. හැබැයි මේ කන්දට යන්න සකස් කරලා තියෙන මාර්ගය ඒ තරම් හොඳට පිළිසකර කරපු මාර්ගයක් නෙවෙයි. සරලවම කියනවා නම් අතිශය දුෂ්කර ගමන් මාර්ගයක් හරහා තමයි මේ සුන්දර ගම්මානයට අපට යන්න සිදුවෙන්නේ. ඒ නිසාම ගමනට පැය කිහිපයක් ගතවනවා කියලත් කියන්න ඕනෙ.

හැබැයි එහෙමයි කියලා උදේ පාන්දරම උඩගල් දෙබොක්ක ගම්මානයට යන්න අපට හැකියාවක් නැහැ. උදේ අටෙන් පස්සේ තමයි මේ ගමන ආරම්භ කරන්න සිදුවෙන්නේ. ඊට හේතුව තමයි උදේ පාන්දර මේ මාර්ගය දෙපස වන අලි රංචු නිතර ගැවසීම. ඒ කරදරවලිනුත් බේරිලා උදේ අටට නවයට මේ ගමන පටන්ගත්තට පස්සේ පැය කිහිපයක් ගතවන තැනදී උඩගල්දෙබොක්ක ගම්මානයට ළඟාවෙන්න අපට හැකියාව ලැබෙනවා.

මුලින්ම මේ ගම්මානයට එන කෙනෙකුට දකින්න ලැබෙන්නේ හරිම මනස්කාන්ත දර්ශනයක්. ගමේ බොහෝ දෙනා වී වගාවෙන් ජීවත් වෙන අතරේ, කිතුල් පැණි නිෂ්පාදනය, බඩඉරිඟු, කුරක්කන් වගේ ධාන්‍ය වර්ගත් වගා කරන්න අමතක කරලා නෑ. ඔවුන්ගේ එක ආහාර වේලක් දඩ මස්වලින්, කැලෑ කොලවලින්, කෙටියෙන්ම කියනවා නම් මස් මාළුවලින් තොරව, චීස් බටර්, කොත්තු, රයිස්වලින් තොරව තවමත් ගැමිකමින් පිරිලා තියෙනවා. ඒ වගේම අස්වැන්නෙන් සතියකට සැරයක් එකතු කරගන්න බවබෝග විකුණන්න ඔවුන් සතිපොළට යනවා.

උදේ පාන්දර 6.30ට විතර ගමෙන් පිටත් වෙලා දවසක පමණ කාලයක් ගතකරලා ඔවුන් ගම්මානයට එන්නේ ඉර බැහැගෙන ගියාටත් පස්සෙයි. ඒ වගේම තමයි ජල විදුලිය නගරබද ප්‍රදේශවල බොහෝ දෙනකුට මේ වෙනකොට අත්‍යාවශ්‍ය සාධකයක් වුණත්, මේ ගම්මානයේ ජලය උල්පතෙන් ගන්නා අතරේ හරි විදුලි පද්ධතියක්වත් නැතුව රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, දුරකතන වගේ තාක්ෂණික උපකරණත් නැතුව ඔවුන් ඔවුන්ගේ ජීවිතේ ගතකරනවා. සමහර විට ඔබට හිතෙනවා ඇති වර්තමානය වෙනකොටත් මෙහෙමත් තැන් ලංකාවේ තියෙනවද කියලා.

ඒ වගේම ඔබ දන්නවද මේ ගමේ දරුවන්ට ඉගෙනගන්න පුංචි පාසලක් ඉදිකරලා තියෙනවා. මේ පාසලේ නම තමයි උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලය. අවාසනාවකට වගේ මීට වසර කිහිපයකට කලින් හැමුව දැඩි සුළඟක් නිසා පාසල් ගොඩනැගිල්ලේ වහල ගැලවෙනවා. හැබැයි ඒ දේවල් නැවත පිළිසකර කරන්න නිසි ආකාරයෙන් බලධාරීන් කටයුතු කරලා නැහැ. කොහොම වුණත් මේ පාසලේ මූලික අධ්‍යාපනයක් හදාරලා නගරයට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනයක් එක්ක නගරයෙන්ම රැකියාවක් හොයාගෙන නගරයේම නැවැතුණු පිරිසකුත් ඉන්නවා. හැබැයි මේ ගැමියන්ගෙන් බොහෝ දෙනා මේ ගමේම ඉපදිලා, ගමේම ජීවත් වෙමින් ඔවුන්ගේ කාලය ගතකරනවා. බොහෝ වෙලාවට විවාහයන් වෙන්නෙත් ඉතා අඩු වයසින්. නකල්ස් කඳු වැටිය අවට පිහිටා තිබෙන ගම්මාන අතරේ ගැමියන් අතර තමයි මේ විවාහ සිදුවෙන්නේ.

තැනින් තැන තියෙන පුංචි පුංචි කඳු උඩ මේ ගම්මුන්ගේ වාසස්ථාන හරිම ලස්සනට හදලා තියෙනවා. ගම්මානයේ ජීවත් වෙන්නේ හරිම හුදෙකලා වුණු ජන කොට්ඨාසයක්. කෙටියෙන්ම කියනවා නම් අඩුම තරමේ මැතිවරණයක් පවත්වන කාලසීමාවකදී ඡන්දය දාන්න ඕනෙ කාටද කියලාවත් ඔවුන්ට නිසි අවබෝධයක් නෑ. ඊට කලින් නම් ඔවුන් බොහෝ අවස්ථාවලදී ඡන්දය දැම්මේ ග්‍රාම නිලධාරිතුමා නම්කරන කෙනකුට. සාමාන්‍යයෙන් මැතිවරණයක් පවත්වද්දී උදේ 8 ඉඳන් හවස 4 දක්වා ඡන්දදායකයන්ට ඡන්දය භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා කියන එක ඔබ දන්නවා.

හැබැයි මේ ගමේ තියෙන ඡන්ද මධ්‍යස්ථානයේ වැඩකටයුතු දහවල් 2 වෙද්දී අවසන් වෙනවා. හේතුව තමයි හවස 4 වෙනකල් ඡන්ද මධ්‍යස්ථානය විවෘතව තිබුණොත් ඡන්ද පෙට්ටිය අරගෙන යන්න ගමෙන් පහළට යහතින් එන්න ලැබෙන්නේ නැති එක. හවස් වෙන්න වෙන්න මේ මාර්ගය දෙපස වන අලි රංචු ඕනෑ තරම් මුණගැහෙනවා. ඉතින් දවල් දෙක වෙද්දී ඡන්ද මධ්‍යස්ථානයේ සියලු වැඩකටයුතු අහවර කරලා ඔවුන් ඡන්ද පෙට්ටි රැගෙන යනවා. ඒ වගේම මේ දුෂ්කරතා මැද ජීවත් වෙන උඩගල්දෙබොක්ක ගම්මානයේ ජනතාවට හදිසි අසනීපයක් වුණොත් ළඟපාතක රෝහලක් නම් නැහැ.

මෙහෙම අවස්ථාවලදී රෝගියාව ගෝනියක් මත නිදිකරවාගෙන කිහිප දෙනෙක් එකතු වෙලා ඔහුව ඔසවාගෙන යනවා. ගර්භණී මවක් නම් ප්‍රසූතියට දින ගණනාවකට කලින් රෝහල්ගත කිරීම සිදුකෙරෙනවා. ඒ වගේම කාට හරි දුර බැහැර ප්‍රදේශයකට අත්‍යාවශ්‍ය කාරණයක් සඳහා පිටත්ව යන්න අවශ්‍ය නම්, බොහෝ දෙනෙක් සිදුකරන්නේ මේ ගම පහළ තියෙන නිවෙසක නතරවෙලා පසුදා උදෙන්ම ඒ ගමන පිටත් වෙන එක. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ තරම් දුකක් විඳගෙන මේ ගම්මානයේ මිනිස්සු ජීවත් වෙන්නේ ඇයි කියලා. ඒ කොහොම වෙතත් පිරිසිදු වාතාශ්‍රය, ජලය එක්ක නගරයෙන් වෙන්වෙලා සරල ජීවන රටාවක් ගතකරන එකත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක්.

මේ උඩගලදෙබොක්ක ගම්මානයට ඔබත් සංචාරය කරනවා නම් ග්‍රාම නිලධාරිතුමාගේ සහායෙන් ඔබට නවතින්න තැනක් හොයාගන්න අපහසු වෙන්නේ නෑ. ඉදිරියට මේ ආසන්න ගම්වල වගේම උඩගලදෙබොක්ක ගම්මානයේ සංචාරක කර්මාන්තයත් යම්කිසි ආකාරයකට දියුණු වෙයි කියලා බලධාරීන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් උඩගලදොබොක්ක ගම්මානයේ සිට අපි ඔබෙන් සමුගන්නවා.

Naifm යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අමරවීරගේ රැස්වීමකදී වනජීවියේ දේවානි ජයතිලක දීපු උත්තරවලින් සභාවම උණුසුම් වෙයි! අමරවීර ඉඩම් නිදහස් කරන්න කියයි! දේවානි නඩු තියෙන බව කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් එක්සත් ජාතීන්ගේ සමුලුව අමතයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.