• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් එක්සත් ජාතීන්ගේ සමුලුව අමතයි! PHOTOS I Sri Lanka Latest News

September 22, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
රනිල් එක්සත් ජාතීන්ගේ සමුලුව අමතයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.I Sri Lanka Latest News

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (21) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කරමිනි.

සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 10.00 ට පමණ ආරම්භ විය. ඊට සහභාගිවීමට පැමිණි රාජ්‍ය නායකයින් එක්සත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (Antonio Guterres) විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
සිදු කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

පළමුවෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ සභාපති ලෙස පත් වූ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ ගරු ඩෙනිස් ෆ්‍රැන්සිස් මැතිතුමාට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමීමට කැමතියි.

ඒ වගේම පසුගියදා ඇතිවූ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් මොරොක්කෝ රාජ්‍යයේ සහ ලිබියා ජනරජයේ විපතට පත්වූ සියලුම සරණාගතයින් සහ ඔවුන්ගේ පවුල්වලට මගේ ශෝකය පළ කරනවා. මෙම දුෂ්කර කාලය තුළ අපි අපගේ මිතුරන් වන මොරොක්කෝ සහ ලිබියානු ජනතාව සමඟ එකට සිටින බව මම ප්‍රකාශ කිරීමට කැමතියි.

“විශ්වාසය නැවත ගොඩනැංවීම සහ සහයෝගීතාව යළි ඇති කිරීම” යන ප්‍රකාශය අද අප ඉදිරියේ පවතින බහුපාර්ශ්වික අභියෝග පිළිබඳ මෙනෙහි කිරීමට පමණක් නොව, පසුගිය වසර පුරා මගේ රට වන ශ්‍රී ලංකාව මුහුණ දුන් තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ද සුදුසු බව මම විශ්වාස කරනවා.

පසුගිය වසරේ මෙම කාලය වන විට ඇති වී තිබූ බහුවිධ ගෝලීය අර්බුදයන් මධ්‍යයේ ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණ දුන් සමාජීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදය අත්විඳිමින් සිටි අතර එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයට විනාශකාරී බලපෑමක් එල්ල කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට දරන ලද උත්සාහයන් නිසා අප සතුව පැවති ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන්ට ද තර්ජනාත්මක තත්ත්වයක් රට තුළ උද්ගත වුණා.
කෙසේ වූවත්, අප සතුව පැවති ගැඹුරින් මුල් බැසගත් සහ ඔරොත්තු දෙන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලන බල හුවමාරුවක් සිදු කිරීමට අප සමත් වුණා.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් පොහොර පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගාසිටුවමින් රටේ ස්ථාවරත්වය සහතික කිරීමට සහය වූ බව කිවයුතුයි.
ආර්ථික, මූල්‍ය, ආයතනික සහ සංහිඳියා යන ක්ෂේත්‍ර ප්‍රමුඛ කර ගනිමින් මා විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ එක් අතකින් ජනතාව සහ රජය අතර විශ්වාසය යළි ගොඩනැගීම සඳහා හේතු වී ඇති අතර අනෙක් අතට, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය ඇතිකිරීම සඳහා අඩිතාලම දැමීමක් ද වනවා.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල ධනාත්මක ප්‍රතිඵල ශ්‍රී ලාංකිකයන් දැනටමත් සිය දෛනික ජීවිතය තුළ අත්විඳිමින් සිටින අතර රටේ ප්‍රගතිය සම්බන්ධයෙන් අභ්‍යන්තරව හා බාහිර වශයෙන් විශ්වාසය ගොඩනැඟෙමින් පවතිනවා.
වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට සාමයෙන් සහ සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සෑම ප්‍රදේශයකම සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසාර සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් කරා රට මෙහෙයවීම මගේ අභිප්‍රායයි. මෙම ඉලක්කය කරා ළඟා වීමට, අපගේම ජනතාවගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය, විශ්වාසය සහ සහයෝගීතාවය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.
එක්සත් ජාතීන්ගේ 80 වැනි සංවත්සරය යෙදෙන 2024 අනාගත සමුළුවට සූදානම් වන විට, බෙදුණු දේශපාලනික භූ දර්ශනයක් අපට දිස්වෙමින් පවතියි. එමෙන්ම නව ගෝලීය බල කේන්ද්‍රයක් මතුවෙමින් පවතින බවක් ද පෙනෙන්න තිබෙනවා.
මෙම වෙනස්වීම් සමග එක් අතකින්, ජනතාව දරිද්‍රතාවයේ සිට සමෘද්ධිය කරා ගමන් කරන අතර ඒ අනුව සංවර්ධනය සහ මානව ප්‍රගතිය පිළිබඳව විශාල බලාපොරොත්තුවක් ඇතිව තිබෙනවා. අනෙක් පසින් ගොඩබිම සහ සාගරවල ඇතිව තිබෙන මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික ආතතීන් විවෘත යුදමය තත්ත්වයන් ඇති කර තිබෙනවා
ආරම්භක අවධියට වඩා ලෝකයේ පවතින ආරක්ෂක සන්ධානයන් මේ වන විට පුළුල් වී ඇති අතර ඒවාට මුහුණදීමට පැරණි සහ නව අවස්ථාවන්ට අනුකූලව උපායමාර්ග සැකසෙමින් පවතිනවා.
ඩිජිටල් බෙදීම, මූල්‍ය හා ණය අර්බුදය සහ බලශක්ති ප්‍රභවයන්ගේ පරිණාමය යන කරුණු සමඟ උතුර සහ දකුණ අතර පවතින ගෝලීය බෙදීම් තවදුරටත් පුළුල් කරනවා.
2030 පොරොන්දුවට පටහැනිව, දශක ගණනාවක් තිස්සේ අප විසින් නොදුටු දරිද්‍රතාවයේ සහ කුසගිනි මට්ටමක් අද අප දකිමින් සිටිනවා. ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ මධ්‍යස්ථ සහ නොබැඳි රටවලට මහා බලවතුන් හමුවේ නැවත වරක් සීමාවන්ට මුහුණදීමට සිදුව තිබෙනවා.
දිල්ලියේ පැවති G20, ප්‍රේටෝරියා හි පැවති බ්‍රික්ස් සමුළුව සහ හිරෝෂිමා හි පැවති G7 යන සමුළු ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඉන් ඔබ්බෙහි පැවති සමුළුවල මෑත කාලීන ප්‍රකාශ ගණනාවකින් අපට මුහුණු දීමට සිදුව ඇති මෙම අභියෝගයන්, දේශසීමා සහ අනෙකුත් සියලුම බෙදීම් අභිබවා යාමක් දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය හමුවේ අනාගත පරම්පරාවන් සඳහා පැහැදිලි අනාගතයක් ගොඩනැගීමට එක්සත් විය යුතු අවස්ථාව අප විසින් දැන් උදා කර ගත යුතුව පවතිනවා.
මෙවර මහා මණ්ඩලයේ තේමාව වන “විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන්න මෙම වත්මන් ගෝලීය දුෂ්කරතාව පිළිබඳ මනා පිළිඹිබුවකි.
මෙම වසරේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව පැවති තිරසර සංවර්ධන ඉලක්ක වේගවත් කිරීම, සංවර්ධනය සඳහා මූල්‍යකරණය සහ දේශගුණික අභිලාෂයන් පිළිබඳ සමුළුව ආදී සමුළු තුනකට ශ්‍රී ලංකාව ලෙස අප සහභාගී වී ඇති අතර එහිදී මීට සමගාමීව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය බවට අප එකඟ වුණා.
දේශසීමා විරහිත මුල්‍ය බලපෑම්, දේශගුණික විපර්යාස සහ වසංගත වැනි අර්බුද මගින් මගේ රට වන ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සහදේශගුණික විපර්යාස වලට අනුවර්තනය වීම සහ ඒවා අවම කිරීම පිළිබඳ ප්‍රගතියක් ලබා ගැනීමට ඇති හැකියාවට බාධා ඇති කරනවා.
ලෝක බලවතුන් අතර පවතින ගැටුම් සහ ආතතීන් මගින් ආර්ථික හා සාර්ව මූල්‍ය ස්ථාවරත්වයට අවිනිශ්චිතතාවය එකතු කිරීම, සැපයුම්දාමයන් කඩාකප්පල් කිරීම සහ උද්ධමනය මෙන්ම ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇති කිරීම වැනි ගැටළු වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ඇති වාතාවරණය තවදුරටත් අසීරු කරනවා.
තිරසර සංවර්ධන ඉලක්ක සංකල්පය ඉදිරිපත් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ඔබ්බට සංවර්ධනය සහ වර්ධනය පමණක් මැනීම සඳහා වන අතර, මානව යහපැවැත්ම, ඇතුළත් සමාජ සහ ගෝලීය තිරසාරභාවය එහි හරය තුළ අන්තර්ගතව තිබෙනවා.
තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර, ශ්‍රී ලංකාව අනෙකුත් මධ්‍ය ආදායම් ලබන රටවලට වඩා ඉහළ කාණ්ඩයක ශ්‍රේණිගත කළ ඉහළ මානව සහ සමාජ සංවර්ධන දර්ශකයක් අත්කර ගෙන තිබුණා.
ශ්‍රී ලංකාව පෘථිවි තලය පිළිබඳ ඇති වගකීම පැහැර හැර නැහැ. පසුගිය වසරේ COP27 හිදී අපි අපගේ දේශගුණ අභිලාෂ සැලැස්ම ගෙනහැර දැක්වූවා.
2030 වන විට විදුලි උත්පාදනයේ දී 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නා බවත්, වන ආවරණය 32% කින් ඉහළ නංවා ගැනීම සේම හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කරන බවට අප එහිදී ප්‍රකාශ කළා. 2040 වන විට ගල් අඟුරු ඉවත් කර 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනයට ළඟා වීමට අප අපේක්ෂාවෙන් සිටිනවා.
අපගේ අඩු කාබන් සංවර්ධන ගමන් මග අපට මධ්‍ය ආදායම් ලබන රටවලට අවශ්‍ය අවම ඒක පුද්ගල කාබන් විමෝචන අනුපාතයක් ලබා දී තිබෙනවා.
මෙම වසරේ මුහුණදීමට සිදුවූ ආර්ථික අභියෝගය සහ ණය ගැතිභාවයේ ප්‍රතිඵලයක් ලෙස, රටක් ලෙස අප ළගා කර ගැනීමට අපේක්ෂා කළ වර්ධන වේගය අත්කර ගැනීමට අපට නොහැකි වී තිබෙනවා.
ආහාර උද්ධමනය අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් අතර ආහාර සුරක්ෂිතතාව කෙරෙහි සැලකිය යුතු පීඩනයක් ඇති කරමින් තිබෙනවා.ඒ අතරම වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ කටයුතු අඩාල වී තිබෙනවා.

‍ඊට සමාන්තරව, පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට මෑත වසරවල දක්නට ලැබුණු වියළිම කාලගුණික තත්ත්වයේ බලපෑමට ලක්වීමට සිදු වුණා.
අයහපත් දේශගුණික ප්‍රතිඵල මගින් පිරිසිදු බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය ලබා ගැනීම සහ අපගේ ගොවීන්ගේ ජීවනෝපාය වැනි ක්ෂේත්‍රයන්ගේ බිම් මට්ටමේ බලපෑම් ඇති කර තිබෙනවා.
පසුගිය වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව අප ස්ථාවර වීම ආරම්භ කර ඇති මෙම අවස්ථාව වන විට මෙම තත්ත්වය අපට දැනටමත් ඇති දැඩි මූල්‍ය අවශ්‍යතාවය තවදුරත් තීව්‍ර කරමින් තිබෙනවා.
ණය අර්බුදයක සිටින දේශගුණික අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, අපට දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමේ කඩිනම් අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා අද දැඩිව දැනී තිබෙනවා.
දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කිරීමට ධනවත් රටවල් විසින් පොරොන්දු වූ නමුත් එම අපේක්ෂාවන් තවමත් ඉටු වී නැහැ.
සංවර්ධිත රටවල් එම එකඟතාවන් ඉටු කළ යුතුයි. ඔවුන් සතුව පවතින සාමූහික නමුත් වෙනස් වූ වගකීම්වලින් ඔවුන්ගේ කොටස භාර ගත යුතුයි. දේශගුනික විපර්යාස අවම කිරීම සහ දේශගුණික අනුවර්තනය සඳහා අවශ්‍ය සහය ලබා දීම සහ ඉන් ඇති වන පාඩු හා හානි සඳහා වන්දි ලබා දීම ඔවුන්ට පැවරී ඇති එම වගකීමයි.
තිරසර සංවර්ධන ඉලක්කයන්හි සාර්ථකත්වය අත්කර ගැනීමට සහ දේශගුණික විපර්යාස ආපසු හැරවීමට ජාතික උත්සාහයන් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ඉන් ප්‍රමුඛ වෙනවා. G20, සහ BRICS ඇතුළු බහු ගෝලීය සංසදවලදී මෙය ඉතා දැඩිව සහ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.
මහලේකම්වරයා විසින් යෝජනා කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වේගවත් කිරීමේ වැඩපිළිවෙල මගින් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සහ ණය හිමියන්ගේ ස්වෛරී සහ පුද්ගලික ණය අර්බුදය අවම කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතය විසින් සිදුකළ යුතු සංයුක්ත මැදිහත්වීම් අතර පවතින අන්තර් සම්බන්ධතාවයන් පැහැදිලි කර දක්වා තිබෙනවා.
2008 දී ඇතිවූ මූල්‍ය අර්බුදය විසින් එක්සත් ජනපද ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 4ක් අහිමි කර ඇති බව ඇස්තමේන්තුගත කර තිබෙනවා. එක්සත් ජනපදය විසින් සිදු කර ඇති මෑත කාලීන අධ්‍යයනයන් මගින් අනාවරණය වී තිබෙන්නේ වසංගතය මගින් 2020 සිට 2024 දක්වා එක්සත් ජනපද ආර්ථිකය මත ඇති කරන බලපෑම ඩොලර් ට්‍රිලියන 14 දක්වා වැඩි වනු ඇති බවයි. ගෝලීය ආර්ථිකයේ ඉතිරි කොටස් ද මීට එකතු කළහොත් මෙම සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වනු ඇත.
නූතන ඉතිහාසය තුළ අප කිසිඳු අවස්ථාවක මෙවැනි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී නැහැ.දෙවන ලෝක සංග්‍රාමයේ පිරිවැය අද ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4 ක් වන අතර මාෂල් සැලැස්ම සඳහා පිරිවැය ඩොලර් බිලියන 150 ක් ලෙස සඳහන් වේ.
අපට ගෝලීය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි නම්, දේශගුණික විපර්යාස ආපසු හැරවීමට සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අරගලයේදී අප නියත වශයෙන්ම අසාර්ථක වනු ඇත. අර්බුදය එහි උච්චතම අවස්ථාවට ළඟා වී නැති නිසා අපගේ ක්‍රියා පිළිවෙළ නිවැරදි කරගැනීමට තවමත් කාලය තිබෙනවා.

ඒ සමගම, නව ගෝලීය මූල්‍යකරණයක් සඳහා වන පැරිස් සමුළුව මගින් මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයනු ඇත. එම නිසා, අනාගත සමුළු මගින් නව වැඩසටහන් සකස් කිරීමට නොව, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය සදහා දැනට පවතින මූල්‍ය සැලසුම් ප්‍රතිව්‍යූහගත කිරීම සිදු කළ යුතුය.
ඒ අනුව මෙම අර්බුදයට මුහුණ දීමට ඉහත කරුණුවලට ප්‍රමුඛතාව ලබා දිය යුතු අතර, අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පවතින බෙදීම් බාධාවක් කර නොගත යුතුයි.
“බ්‍රිජ්ටවුන් මුලපිරීම (Bridgetown Initiative)” සහ අඩු ආදායම්ලාභී රටවල ණය පියවීමේ අවශ්‍යතාවය වැනි ප්‍රධාන කරුණු මෙම සභාවේදී සාකච්ඡා කෙරෙන නමුත් එයට ලැබිය යුතු අවධානය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. අවාසනාවකට මෙන්, දේශගුණික විපර්යාස, ණය සහන සහ තිරසර සංවර්ධනය යන මේ හා බැඳුනු ගැටළු වලට ප්‍රමුඛත්වය දීමට ආරක්ෂක කවුන්සිලය ද අපොහොසත් වී තිබෙනවා.මෙය අනාගත මානව සංහතියටම බලපානු ලබනවා.

පෘථිවිය ආරක්ෂා කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුයි. බෙදීමක් සමඟ යුද්ධයකට යාමට අපට හැකියාවක් නැහැ.මෙම අර්බුදය අවසන් කරගන්නා තුරු එකිනෙකා වෙනුවෙන් පවතින එදිරිවාදිකම් පසෙක තැබීමට අපට ඇති හැකියාව මත ලෝකයේ සියලුම ජීවී විශේෂවල අනාගතය රඳා පවතිනු ඇත.

දිගුකාලීන පලස්තීන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට අපොහොසත් වූ බහුපාර්ශ්වික යාන්ත්‍රණය, පසුගිය සියවසේ ලෝකය තුළ සිදු වූ සිදුවීම් පූර්වාදර්ශ කර ගනිමින් වර්තමාන සහ අනාගතයේ පවතින අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රතිසංස්කරණය කළ යුතුය.

වත්මන් ගෝලීය විවිධත්වය සහ තීරණ ගැනීමේ නියෝජිතයන් ලෙස පවතින ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය ද පුළුල් කළ යුතුය. ඊට සමාන්තරව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි කාර්යභාරය ශක්තිමත් විය යුතුය.

මීළඟ සැසිවාරයට පෙර මෙම තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ඇති කර ගැනීම වෙනුවෙන් විශ්වසනීය සංවාදයක නියැළෙන ලෙස ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් අප ඉල්ලා සිටිනවා.

දරිද්‍රතාවය සහ දේශගුණික අභියෝගවලට මුහුණදීම සඳහා අප මූල්‍යකරණ සහයෝගීතාව බලාපොරොත්තු වන අතර ගෝලීය යුදමය වියදම් අද වන විට ඩොලර් ට්‍රිලියන 2.24 දක්වා වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් ඇත.

අතීතයේ දී අපගේ පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමට ඉවහල් වූ ප්‍රධාන අවි පාලන රාමු බිඳ වැටී ඇති අතර න්‍යෂ්ටික ගැටුම් පිළිබඳ නැවත වරක් විවෘත සාකච්ඡාවල නිරත විය යුතුව ඇත.

එම තත්ත්වය වර්තමාන ලෝක බලවතුන් අතර උපායමාර්ගික වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයක් නොමැති බව ලෝකයට පිළිබිඹු කරන්නකි.මෙවැනි ගැටුම් උත්සන්න කිරීමට හේතුවන යුද වියදම් වැඩි කිරීම සීමා කරන ලෙස අප ඉල්ලා සිටිමු.

සංවර්ධනය වෙමින් පවතින රටවල් දශක ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් සිය හඬ නගමින් සිටිනවා.අති විනාශකාරී ආයුධ (WMD) සහ න්‍යෂ්ටික අවි නිරායුධකරණයට සහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරයට අනුකූලව, මේ වසරේ අප ඊට අදාළ විස්තීරණ පරීක්ෂණ තහනම් සඳහා වන ගිවිසුම අනුමත කළා. ඊයේ අප න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට ද එකඟ වුණා.

ජාත්‍යන්තර වෙළඳාමේ සිට සමුද්‍රීය පාලනය දක්වා දශක ගණනාවක් පුරා බහුපාර්ශ්වික සාකච්ඡා හරහා ගොඩනඟන ලද ජාත්‍යන්තර නීති මත පදනම් වූ සහයෝගීතාවය මගින් ස්ථාපිත කර ඇති ක්ෂේත්‍රවලට අනෙකුත් ලෝක බලවතුන් විසින් සිදු කරන බලපෑම් අප නතර කළ යුතුය.

ජාත්‍යන්තරය අද විශාල වෙනස්කම්වලට භාජනය වෙමින් පවතී.ඒ අතරම, එය පෙර නොවූ විරූ අභියෝගවලට ද මුහුණ දෙමින් සිටියි.

අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණෙන්නේ පොදු විසඳුම් සඳහා අප තුළ පවතින සහයෝගීතාවය පෙන්වීමටයි.අවදානමට ලක්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ අනාගතය නොව සමස්තයක් ලෙස අපගේ පෘථිවියේ අනාගතයයි.

ජාත්‍යන්තර සබඳතාවයන් පුරා පැතිරී ඇති අවිශ්වාසය මධ්‍යයේ වුවද සාමාජික රටවල්වලට එකට වැඩ කිරීමට හැකි නව ක්‍රමවේදයන් අප විසින් සොයාගත යුතුව ඇත.

සංවර්ධනය වෙමින් පවතින ලෝකය සමඟ සහයෝගයෙන් එකට වැඩ කිරීම සඳහා නිත්‍ය සාමාජිකයන් සතුව පවතින කැමැත්ත තුළින් අපට මෙය සාක්ෂාත් කරගත හැකිය.

ස්තූතියි
ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-22

SendShareShare
Previous Post

රටේ ජනාධිපතිගේ නමවත් නොදන්න මිනිසුන් ජීවත් වන නකල්ස් කඳු මැද හැංගුණු ගම I Sri Lanka Latest News

Next Post

සම්මාන ඕන නෑ! පුළුවන් නම් විනිශ්චය මණ්ඩලේ ‘රටඹෑකන්ද’ කියවන්න! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.