• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුප්පත්කම එක්ක යුද්ධ කරලා ලකුණු බිංදුවට විකට් 8ක් ගත්ත රිෂියුධන් I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ක්‍රිකට් වළපල්ලට ගිහිල්ලා කියලා තමයි අපට බැලූ බැල්මට පේන්නේ. ඇත්තටම ක්‍රීඩකයන්ගෙනුත් ඒ තරම් ලොකු දක්ෂතා දකින්න ලැබෙන්නේ නෑ. තැන් තැන්වල ගිහිල්ලා විවිධ තරගාවලිවලට සහභාගි වෙන අතරතුරේ අයි.පී.එල්., එල්.පී.එල්. තරගවලදී නම් සමහර ක්‍රීඩකයෝ වැඩ පෙන්නනවා. ඒ වගේම අපි දන්නවා අවසන් වෙමින් යන පළමු පෙළ තරගාවලියේදීත් ක්‍රීඩකයෝ වැඩ පෙන්නුවා.(Sri Lanka Latest News)

ඒ අතර සුවිශේෂ වෙච්ච ක්‍රීඩකයෙක් වුණේ දුෂාන් හේමන්ත. ඔහු තමන්ගේ කණ්ඩායමේ හතරවැනි පිතිකරුවා විදියට ඇවිල්ලා එක තරගයකදී ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ අතරම කඩුලු 5කුත් දවාගෙන කඩුලු 7ක් සම්පූර්ණ වශයෙන් දවාගෙන තිබුණා. දුෂාන් හේමන්ත කණ්ඩායමේ බොහෝ වෙලාවට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස පන්දු රකිමින් දක්ෂතා පෙන්වනවා විතරයි අපි දැකලා තියෙන්නේ. දුෂාන් හේමන්තට නිවැරැදිව අවස්ථා ලැබුණාද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. මොකද දුෂාන් හේමන්තගේ නම වැහිලා ගිහිල්ලා තියෙන්නේ අපේ ඉන්න වනිඳු හසරංගගේ හෙවණැල්ල යට.

වනිඳු හසරංග කියලා කියන්නේ දක්ෂ සහ ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙද්දී අපට දුෂාන්ව අමතක වෙලා යනවා. මේකම තමයි මුත්තයියා ඉන්න කාලේ රංගන හේරත්ටත් සිද්ධ වුණේ. ඒ නිසා රංගන හේරත්ට අවස්ථාවක් උදාවුණේ නැහැ මුත්තයියා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා තුරු තමන්ගේ දක්ෂතා පෙන්වන්නට. ඒක ඇත්තටම ප්‍රශ්නයක්.

එහෙම ක්‍රීඩකයන්ට සමහර විට මේ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට හිතෙනවා සනත් ජයසූරියගේ දක්ෂතා නිසා තමයි අවිශ්ක ගුණවර්ධනයේ දක්ෂතා අපට දැකබලා ගන්න නොලැබුණේ කියලා. මොකද සනත් හොඳටම ගහන කාලේ තමයි අවිශ්කත් මතුවෙලා ආවේ. එහෙම ක්‍රීඩකයෝ ඉන්නවා. සමහර ක්‍රීඩකයන්ට තමන්ට අවස්ථාව උදාවුණේ නැත්තේ තවත් හොඳ ක්‍රීඩකයෝ හිටපු නිසා. නමුත් මේ කියන්න යන්නේ ඔය මොකවත්ම නෙවෙයි. මේ කියන්න යන්නේ අලුත් පැංචෙක් ගැන. මේ පැංචා දක්ෂ පැංචෙක්.

මේ පැංචා ගැන බොහෝ වාර්තාවල සඳහන් වෙලා තිබුණේ ඔහු හරියට අපේ රටෙන් බිහිවෙන ඊළඟ මුත්තයියා මුරලිදරන්ය කියලා. ඇත්තටම ඊළඟ මුත්තයියා කියනවටත් වඩා මම කැමැතියි ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවෙන ඊළඟ හොඳම දඟ පන්දු යවන්නා, හොඳම ක්‍රීඩකයා, හොඳම ස්පිනර් විදියට හඳුන්වන්න. මොකද ඒකට හේතුව අපි මේ සමහර ක්‍රීඩකයන්ව ජාති ආගම කුලය නිසා වෙන් කරලා කෑලි කෑලිවලට බෙදාගන්න අවශ්‍ය නෑ. මේ පුංචි පැංචා ඉතාම විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා පහුගිය කාලෙක අපි දැක්කා. ඔහු කොච්චර හොඳට පන්දු යැව්වද කියනවා නම් ඔහු ලකුණු බින්දුවකට කඩුලු 8ක් දවාගන්න සමත් වුණු බව තමයි අපට මේ වාර්තා අතර දැකගන්න ලැබුණේ.

ඉතින් මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ විදියට කඩුලු දවාගැනීම. ඔහුගේ පන්දු යැවීමේ වාර්තාව මම හිතන්නේ ලෝකයේ එක්තරා සුවිශේෂ වාර්තාවක් බවට පත්වෙනවා කියලත් අපිට හිතෙනවා. කොහොම නමුත් අපේ මේ පුංචි පැංචා සමහර විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන ක්‍රීඩකයෙක් බවට පත්වෙන්නටත් පුළුවන්.

අවාසනාවකට යාපනෙන් හොඳ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්නේ නෑ වගේම එකතු වෙන ක්‍රීඩකයන්ටත් ප්‍රධාන පෙළේ අවස්ථා නොලැබෙන බව අපි දන්නවා. විශේෂ කාරණයක් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිතියමක් ඇන්දම මේ ගොඩක් ක්‍රීඩකයෝ පිට්ටනියට එන්නේ අගනුවර තියෙන ප්‍රධාන පාසල්වලින්. බොහොම කලාතුරකින් තමයි ගමේ පාසල්වලින් ක්‍රීඩකයෝ එන්නේ. සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ඩිල්ෂාන් මධුසංක වගේ අය එහෙම ආපු අය.

කොහොම වුණත් මේ පැංචා තරග කරන්නෙ මේ වසරේ පාසල් වයස 13න් පහළ තරගාවලියට. ඔහුගෙ නම සෙල්වසේකරන් රිෂියුධන්. පන්දුවාර නවයයි පන්දු හතරක් යවලා ලකුණු බින්දුවකට කඩුලු අටක් බිඳහෙළන්න ඔහු සමත් වෙනවා. ඒ දක්ෂතාව සටහන් වෙන්නෙ මෙන්න මේ විදියට.

පන්දුවාර නවයයි පන්දු හතරයි
නිලකුණු පන්දු වාර නවයයි
ලකුණු බින්දුවයි
කඩුලු අටයි

09.4, 09 , 00, 08ක් විදියට. මේක ලෝක ක්‍රිකට් ඉතිහාසයෙ අති විශිෂ්ටතම පන්දු යැවීමක් වෙන්න පුළුවන්. මොකද ක්‍රිකට්වල ඕනෑම ආකාරයකදී වාර්තා වෙන්න පුළුවන් හොඳම පන්දු යැවීම වෙන්නෙ ලකුණු බින්දුවකට කඩුලු දහයක්. ඊළඟට ලකුණු බින්දුවට කඩුලු නවයක්. මේ වතාවෙ ඒක කඩුලු අටක්. ඒ නිසා මේ පහසුවෙන් බිඳින්න බැරි වාර්තාවක්. ඔහු යාපනේ හින්දු විද්‍යාල පිලේ සුපිරිම ක්‍රීඩකයෙක් වේවි. ඒ වගේම අවුරුදු දහයක ක්‍රීඩකයෙක් දහතුනෙනෙ පහළ ක්‍රිකට් පිලට ක්‍රීඩා කරවීමම විශාල අභියෝගයක්. ඒත් ඒ අභියෝගය භාරගන්නෙ හින්දු විද්‍යාලයේ කනිෂ්ඨ පුහුණුකරු කර්තික් සෙල්වම්.

මේ පැංචා ඉන්නෙ ඇල්විටිගල පුංචි ගෙදරක. තාත්තට හරියට රස්සාවක් නෑ. මල්ලි රෝගීව ඉන්න අස්සෙයි අම්මයි තාත්තයි මේ දරුවා වෙනුවෙන් විශාල වෙහෙසක් වෙන්නෙ. ඇත්තට ඒ තාත්තට ස්ථිර රැකියාව අහිමි වෙන්නෙ පවා රිෂියූධන්ගෙ මල්ලිගෙ අසනීපය නිසා. ඒත් ඒ හැම දේම අමතක කරමින් මේ පැංචා දක්ෂතා දක්වනවා. එයාට උදව් කරන්න අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පුළුවන් නම් මේක වටිනා මැණික් කැටයක් වෙයි.

මේ පැංචට හෙට ක්‍රිකට් ලෝකේ විකසිත කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔහුට පුළුවන්ලු පන්දු යවන ඉරියව් හයකින් පන්දු යවන්න. මෙයා දක්ෂ පැංචෙක්. ඒ වගේ පොඩි පොඩි පැටවු ලංකාව පුරාම පාසල්වල ඉන්නවා. ඈත ඈත පාසල්වල. හැබැයි ඉතින් අවාසනාවකට මේ ඈත ඈත පාසල්වල ඉන්න පැංචෝ එහෙම්මම ඉතිහාසයට එකතු වෙලා යනවා. හැබැයි තව එකක් තියෙනවා.

දැන් ඔය මේ චෝදනාවක් තියෙනවානේ ප්‍රධාන පාසල් කීපයේ ළමයි විතරයි ක්‍රිකට් ගහන්නේ අනිත් අයට අවස්ථාව හම්බවෙන්නේ නෑ කියලා. ඒකෙ තර්කානුකූල පැත්තකුත් තියෙනවා. මොකද දන්නවද? ප්‍රධාන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩකයෝ හැදෙන්නෙම පුංචි පුංචි පාසල්වල ඉන්න දක්ෂ ක්‍රීඩකයොන්වත් එකතු කරගෙන. යම්කිසි පාසලක දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ඉන්නවනම් ඒ දක්ෂයව අදාළ කණ්ඩායමකට එකතු කර ගැනීමේ උත්සාහයක් ලෝකයේ , ලංකාවේ ඕනේ තරම් තියෙනවා. ඒ නිසා දිගින් දිගටම අපට චෝදනා කරන්න බෑ ප්‍රධාන පාසල් කීපය විතරයි දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ සහ ඒගොල්ලන්ව ගන්නේ කියලා.

මොකද ප්‍රධාන නොවන පාසල් වල ඉන්න කීප දෙනෙක්වම අපි ජාතික තලයේ සහ කණ්ඩායම්වලට එකතුවෙන්න පුළුවන් විදිහට ප්‍රධාන පෙළේ පාසල් විසින් ඔවුන්ව හොයාගන්නවා. හොයාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දීලා, අර ඉස්කෝලෙට බඳවාගෙන සියල්ලමත් කරනවා ඒ නිසා ඒකත් අමතක කරන්න හොඳ නෑ. කොහොම නමුත් මේ පැංචා තාමත් ඉන්නවා 13න් පහළ කණ්ඩායමේ. පහුගිය කාලේ අපි දැක්කා මේ 13න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයෝ විශාල ඉනිම් ක්‍රීඩා කරනවා. වෙලාවක අපි දැකකා අර්ජුන රණතුංග වැනි ක්‍රීඩකයන්ගෙ වාර්තා පවා පරාජය කරමින් ක්‍රීඩා කරපු හැටි.

නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේකෙ නෙමෙයි. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට එකතු වෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලෝකය ගත්තත් මේ ප්‍රශ්නෙ මේ විදිහටම තියෙනවා. ඉන්දියාවේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නැත්නම් පාසල් කණ්ඩායම්වල නායකයෝ වෙලා හිටපු ක්‍රීඩකයෝ අද වෙනකොට ක්‍රීඩා කරන්නේ වෙන රටවල කණ්ඩායම්වල නිසා ඒ අපිට විතරක් තියෙන චෝදනාවක් නෙමේ අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමේ. නමුත් ලංකාවේ තත්ත්වය බරපතළයි. වයස අවුරුදු 19 න් පහළ 19න් පහළ කණ්ඩායමේ නායකයා වෙච්ච ක්‍රීඩකයා, අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු ඉතා ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ අද දකින්නවත් නැහැ.

උදාහරණයක් විදිහට ගත්තොත් දිනේෂ් චන්දිමාල්ට පවා අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉඩ නෑ. ඒ වගේම චන්දිමාල්ගේ කාලේ හිටපු අශාන් ප්‍රියංජන වගේ ක්‍රීඩකයින්. නමුත් ප්‍රියංජන්ටත් කණ්ඩායමේ නිසි ඉඩක් ලැබිලා නෑ. කොහොමටවත් අවස්ථාව ලැබුණෙත් නෑ. ලැබුණු අවස්ථාවලින් ඔහු ප්‍රයෝජන ගත්තෙත් නෑ. මේ වගේ නම් කියන්න යනවනම් විශාල ප්‍රමාණයක් ඉන්නවා. 19 න් පහළ කණ්ඩායම, ඔය චන්දිමාල්ගේ යුගයේ 19 පහළ කණ්ඩායම, ඊට පස්සේ 19 න් පහළ කණ්ඩායම මේ කිසිවෙක්ට අවස්ථාව ලැබුණෙත් නෑ සහ ඔවුන්ව කණ්ඩායමට එකතු වෙලා නෑ කොහෙන්හරි ක්‍රීඩකයෝ ඇවිල්ලා එකතු වෙන එක වෙනම කතාවක්.

හැබැයි 19න් පහළදී බලාපොරොත්තු තබා ගත් ක්‍රීඩකයෝ අද අපට නැහැ. නිසා තමයි මේ ක්‍රිකට් වළපල්ලට යන්නේ කියලා අපිට හිතෙනවා. ඒ වගේම පාසල් ක්‍රිකට් මීට වඩා හදන්න ඕනේ නම් ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න බෑ කියන එක ඕනෙම වෙලාවක තියෙන තර්කයක්. දැන දැනත් අපි ක්‍රිකට් නො හදන්නෙ මේ වගේ පැංචන්ගේ අනාගතය අඳුරු කරමින් කියන එක ඔබට කියන්න වෙන්නේ ඉතාම කනගාටුවෙන්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කඩු කස්ථාන කාලතුවක්කු නම් ගෙනාවා හංගපු සල්ලි ටික ගේන්නෙ කවද්ද? I Sri Lanka Latest News

Next Post

සජිත් වැඩ කරන එක නොනවත්වයි! සක්වල නොනවතින රැල්ලේ 52වන ස්මාර්ට් පන්ති කාමරය අද කොළඹ ශන්ත අන්තෝනි සිංහල විදුහලට! 53 වැන්න හෙට මැදකොළඹ හින්දු කාන්තා මහා විද්‍යාලයට! 54 වැන්න සපුගස්කන්ද මහා විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.