සංචාරක වීසා මගඩිය තවත් සුදු කරපටි හොරකමක්ද ?Sri Lanka Latest News
ඔන්ලයින් සංචාරක විසා ක්‍රමය හඳුන්වාදුන්නේ 2012 මම සංචාරක මන්ඩලයේ සභාපතිව සිටියදීයි.
එය හඳුන්වාදුන්නේ ආගමන විගමන දෙපාර්තුමේන්තුවයි. තාක්ෂණ සහාය ලබා දුන්නේ එස් එල් ටී මොබිටෙල් ආයතනයි.
මේ කලාපයේ දියුණු රටවල් පවා ඔන් ලයින් විසා ක්‍රම තම රටවලට හඳුන්වා දුන්නේ ලංකාවට පසුවයි.
වසර 12 ක් අඛන්ඩව අපි මෙය භාවිත කලා. කිසිදු ප්‍රශ්ණයක් තිබුනේ නෑ.
2018 ලංකාවට සංචාරකයන් 2.3 ක් ඒ කියන්නේ ලක්ෂ 23 ක් ආවා. මේ ක්‍රමයේ කිසිදු ප්‍රශ්නයක් තිබුනේ නෑ.
2024 ලංකාවට ආවේ සංචාරකයන් මිලියන 1.4යි . මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ මිලියන 2 ඉක්මවා යන්නයි.. ඒ කියන්නේ 2018 හා සමාන ඉලක්කයක්.
ඉතිං මේ අස්සේ කඩිමුඩියේ මෙතෙක් ලංකාව විසින් වීසා ලබා දුන් ක්‍රම වේදය වෙනස් කොට විසා නිකුත් කිරීම සඳහා විශාල මුදල් ගෙවා විදේශ සමාගමකට අවස්ථාව ලබා දුන්නේ ඇයි ?
මේ සමාගම සංචාරජ්කයන් සඳහා කිසිදු පහසුකමක් අළුතින් සපයන්නේ නෑ. ලංකාවේ රජයට කරන්නට බැරි කිසිම් සේවාවක් අළුතින් සපයන්නේ නෑ.
නමුත් ඔවුන් එම සේවාව වෙනුවෙන් ඩොලර් 25 ක් අය කරනවා.
මෙය විශාල මුදලක්
ලංකාවට වසරක් තුල සංචාරකයන් මිලියන 2 ක් ආවොත් ඒ අය වෙනුවෙන් අපි විදේශ සමාගමකට ඩොලර් මිලියන 50 ගෙවනවා.
මතක තබා ගන්න මේ රුපියල් නොවේ ඩොලර් මිලියන 50ක්.
එක ඩොලර් මිලියනයක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් මිලියන 300 ක්.
එතකොට ඒ වගේ 50 ගුණයක් තමයි මේ සමාගම වසරකට ලබන අවම ආදායම. ලංකාවට ඒ සමාගම් තිබුනත් නැතත් එන සංචාරකයන්ගෙන්.
මේක ඒ සමාගමට ආදරයට කරපු වැඩක් වෙන්න බෑනේ. රුපියල් බිලියන 15 ක් පමන විශාල මුදලක් වසරකට. අපට ආරංචි විදියට මේ වසර 12ක ගිවිසුමක්. මත්තල ගුවන් තොටුපොල වගේ ගුවන් තොටුපොලක් හදන්න පුලුවන් ඒ සල්ලි වලින්.
සාමාන්‍යයෙන් වෙන රටවලට මේ සේවා දෙන විට සමාගම අයකරන්නේ විසා එකකට ඩොලර් 7.5 ලු. . එතකොට අපි මොකටද අමතර ඩොලර් 17.5 ක් මේ සමාගමට ගෙවන්නේ.
පැහැදිලිවම මේ තුල විශාල අත යට ගනු දෙනුවක් තිබෙනවාද කියන ප්‍රශ්ණය අපට මතු වෙනවා
මේක කරන්නේ ලබන චන්දයට සල්ලි හොයන්නද ? මේක මහ බැඳුම්කර මංකොල්ලයේ අළුත්ම ජවනිකාව.
මහ බැදුම්කර මංකොල්ලය සුදු කරපටි හොරකමක්. මේකත් ඒ වගේ වෙන්න විශාල ඉඩක් තිබෙනවා.
ඒකද සමස්ථ කැබිනට් මන්ඩලයම සාමුහික වගකීම කියා මෙය ආරක්ෂා කරන්නේ ?
මේ සම්බන්ධයෙන් වග කිව යුතු ඇමතිවරු ගනනාවක් ඉන්නවා. මොකද වරදක් කිරීම පමනක් නෙවෙයි වරදට අනුබල දීමත් වරදක්. මම දන්නේ නෑ කියලා බේරෙන්න බෑ මේකට අදාල ඇමති වරුන්ට