• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩු කස්ථාන කාලතුවක්කු නම් ගෙනාවා හංගපු සල්ලි ටික ගේන්නෙ කවද්ද? I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ තියෙන බොහෝ වටිනා දේවල් ගැන අපිට ලොකු අදහසක් නෑ. ඇත්තටම අපි දේවල් හොයාගෙන ගියොත් ලෝකෙ පුරාම අපේ වටිනා දේවල් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපේ වටිනා දේවල් ඒ විදියටම තියෙනවා. ඒ විදියේ දෙයක් තමයි මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව තියෙන පුස්කොළ පොත් එකතුව. එහි තියෙන පොත්වල වටිනාකම රුපියල් කෝටි ගණනක් විය හැකියි.(Sri Lanka Latest News)

ඒ තරමට වටිනා දේවල් අපි ගාව තියෙනවා. අපේ මේ බොහෝ වටිනා දේවල් එකතු පහදු කිරීමේ වගකීම දැරුවේ ශ්‍රී ලාංකිකයන්ට වඩා විදේශිකයන්. ඔවුන් එක්තරා පිළිවෙළකට ඒවා එකතු පහදු කළා සහ ඒවා සුරක්ෂිත කිරීම සඳහා වැඩපිළිවෙළවල් පවා සකස් කරලා තිබුණා. සමහර දේවල් ඒගොල්ලෝ අරගෙන ගියා. ඒ අරගෙන ගියපු දේවල් බි්‍රතාන්‍ය කෞතුකාගාරය ඇතුළු ලෝකය පුරා තියෙන ඉතා ප්‍රකට සහ සුවිශාල කෞතුකාගාරවල තැන්පත් කරලා තියෙනවා. මේ විදියට වසර 150කට අධික කාලයක් නෙදර්ලන්තය භාරයේ තිබිච්ච අපිට අයිති පුරාවස්තු හයක් පහුගිය සතියේ එක්තරා දිනෙක ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

ඒ කෞතුක භාණ්ඩ අතර ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් ඇතුළත්ව තිබූ බව තමයි කියන්නේ. කටුනායක ගුවන් තොටේදී එම කෞතුක භාණ්ඩ භාරගත්තේ අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්තයා ඇතුළු පිරිස. නෙදර්ලන්ත තානාපතිනිය විසින් තමයි මේ භාණ්ඩ නිල වශයෙන් භාරදීම සිද්ධ කළේ.

මේ කටයුතු වෙද්දී අපට පැහැදිලිව පේන එකක් තමයි ලෝකෙ තියෙන දේවල් අපට දැන් ගේන්න පුළුවන් තරමට අපි ශක්තිමත් වෙලා තියෙනවා කියන එක. රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් අපි පවත්වන සබඳතාවල තහවුරු වීමක් විදියට තමයි මේක අපට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්තටම එහෙම අපි සතුව තියෙන වටිනා දේවල් තවත් ලෝකෙ පුරාම තියෙන නිසා ඒවා යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් තිබුණා නම් හොඳ බව අපිට හිතෙනවා. මොකද ඒකට හේතුව සමහර පුස්කොළ පොත් පවා දැන් අපි සතුව නෑ.

සමහර පුස්කොළ පොත් හොයාගෙන යද්දී ඒවායෙන් කිහිපයක් විතරයි අපි ගාව ඉතිරි වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තම රජ ගෙදර සූපශාස්ත්‍ර වගේ සමහර කෘතිවල පිටපත් එකක් දෙකක් විතරයි අපි ගාව තියෙන්නේ. ඒවා මේ වෙනකොට විශාල වශයෙන් විනාශ වෙමින් තියෙනවා. ඒ වගේම අපේ කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් අතුරුදන් වෙලා තියෙනවා. අපි දන්නවා අනුරාධපුරය ඇතුළු ප්‍රධාන කෞතුක වස්තු සුරක්ෂිතව තියෙන ස්ථානවල පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථානවල මේවා හොරු ඇවිල්ලා ගලවගෙන යනවා, මුර ගල් අතුරුදන් වෙනවා කියලා සමහර අය කියනවා. මේ සියල්ල අපට ගෙන්වා ගන්න පුළුවන්. මේවා ගෙන්වා ගැනීම සඳහා වැඩසටහනකුත් තියෙනවා.

ඔබට මතකද දන්නෙ නෑ මීට දවස් කීපෙකට පෙර පැනමා පත්‍රිකා කියලා කතන්දරයක් එළියට ආවා. ලෝකෙ පුරාම බොහෝ දෙනෙක් මේ පැනමා පත්‍රිකාවල මුදල් තැන්පත් කරලා ඒවායෙන් විශාල වංචා කරලා ජාතියටත් විශාල හානි කළා කියලා කතන්දර ගොඩක් පළවුණා. සුප්‍රකට පැනමා පත්‍රිකා හෙළිදරව්වේදී චෝදනා එල්ල වුණු අය අතර රාජ්‍ය නායකයෝ 12 දෙනෙක් හිටියා. ඒ තමයි අයිස්ලන්තය, යුක්‍රේනය, පාකිස්තානය, රුසියාව, සෞදි අරාබිය, එංගලන්තය, ආජන්ටිනාව කියන රටවලට අයිති අය.

එම ලේඛන මගින් හෙළිදරව් කරලා තියෙන විදියට ටෙරාබයිට් 2.6ක දත්ත එකතුවක් අතර සමාගම් 2,14,000කට අයත් තොරතුරු තියෙනවා. වෝටර්ගේට් අපවාදය හේතුකොට ගෙන ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ට ගෙදර යන්න සිද්ධ වුණා වගේ පැනමා පත්‍රිකා අපවාදය හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වීමට අයිස්ලන්තයේ රාජ්‍ය නායකයා වන Sigmundur Davíð Gunnlaugssonට සිදුවුණා. ඒත් පැන්ඩෝරා පත්‍රිකා මේ සියල්ල පරයමින් දැන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා.

පැන්ඩෝරා පත්‍රිකාවල ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුගේ නම්ගම් සඳහන් වෙලා තිබුණා. ඒ අතර ව්‍යාජ සමාගම් පවත්වාගෙන ගිය සමහර අය, රාජපක්ෂලාගේ නම් ගෑවුණු සමහර අය පවා හිටියා. මේ අතර සමහර ක්‍රීඩකයෝ, ලෝකෙ පුරා හිටපු නළු නිළියන්ගේ නම්ගම් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙලා තිබුණා.

අපට තියෙන ප්‍රශ්නෙ තමයි මේ ලෝකෙ තියෙන කෞතුක වස්තු, පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් අපි ආපහු ගෙනල්ලා ඒවා සුරක්ෂිත කරගන්නවා වගේ මේ සැඟවූ ධනය යළි ගෙනෙන්න අපට වැඩපිළිවෙළක් තියෙනවද කියන එක. අපි දැක්කා විවිධ ආණ්ඩු බලයට පත්වෙන්න කලින් විවිධ යෝජනා චෝදනා කරමින් ඔවුන් කිව්වා අපි ආයෙත් හොරාකාපු සල්ලි ටික ආපහු ගේනවාය කියලා.

හොරාකාපු සල්ලි ආපහු ගෙනා බවක්වත්, හොරු ඇල්ලූ බවක්වත් මේ කිසිම පාලකයෙක්ගෙන් අපට දැනුණේ නෑ. ඔවුන් හොරු සමග හෙලුවෙන් ඉන්න බව තමයි අපට පේන්න තියෙන්නේ. ලංකාවේ රාජ්‍ය බලය හොබවපු ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනකුට මේ චෝදනා එල්ල වුණා. ඔවුන් බලයට පත්වෙන්න කලිනුත් මේ චෝදනා සම්බන්ධව කිව්වා. තමන්ගේ ප්‍රතිවාදියා වැරැදි බවත්, ප්‍රතිවාදියාගේ වැරැදි අනාවරණ කරගෙන ඔහුට විරුද්ධව නඩුහබවලට යන බවත්, ඔවුන් විසින් කරන ලද වංචාවලට අදාළ බොහෝ දේ යළි අපිට ගෙනත් දෙන බවත් ඔවුන් කිව්වා. නමුත් අවාසනාවකට මේ කිසිවෙක් තවමත් ඒ කිසිවක් නොකළ බවයි දකින්න තියෙන්නේ.

අපේ ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාම මේ වගකීම් අඩුවැඩි වශයෙන් භාරගත යුතු බවත් අපිට කියන්න සිද්ධ වෙනවා. හිටපු රාජ්‍ය නායකයන් සහ දැනට බලයේ සිටින රාජ්‍ය නායකයන් 35 දෙනෙක් ඇතුළු 300කට අධික රටවල ප්‍රමුඛ පෙළේ අයගේ රහසිගත තොරතුරු පැන්ඩෝරා පත්‍රිකාවලින් එළියට ආවා. නමුත් මේ නම්ගම් හෙළිදරව් කළා පමණයි.

ඒ පැන්ඩෝරා පත්‍රිකාවලට අදාළ, පැනමා පත්‍රිකාවලට අදාළ මේ වංචාවලට අදාළ මිල මුදල් නම් ආපහු ගේන්න කිසිවෙක් වැඩපිළිවෙළක් සකස් නොකළ බව අපට පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම කංගැට්ටා මියගියා මිස, කංගැට්ටා හොරකම් කරන ලද කඩුව සම්බන්ධව කතන්දරයක් නම් අපට අහන්න ලැබුණේ නෑ. නෙදර්ලන්තයේ කෞතුකාගාරවලත්, ලන්ඩන් කෞතුකාගාරයේත් තියෙන පුරාවස්තු ගැන කතාබහ කරමින් ඉන්න අතරතුරේ අතුරුදන් වුණු පුරාවස්තු කොච්චර ලංකාවේ තියෙනවද කියන එක ගැනත් හොයා බලන්න ඕනේ.

නිධන් හාරන එක කෙසේ වෙතත් පන්සල්වල තියෙන මේ වටිනා වස්තූන් රැගෙන යන්න, හොරකම් කරගෙන යන්නට ධනය සහ බලය සහිත රාජ්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලත් පුද්ගලයන් එන බව තමයි සමහර භික්ෂුන් වහන්සේලා කියන්නේ. ලියුම්කරුටත් එහෙම අත්දැකීමක් තියෙනවා එක්තරා විහාරස්ථානයක වටිනා පුරාවස්තු කිහිපයක් දැකබලා ගන්නට අවස්ථාව ලැබුණු වෙලාවේ.

එදා එහි හිටපු භික්ෂුන්වහන්සේ නමක් කිව්වේ පුරාවිද්‍යා එකේ යැයි කියාගන්න මහත්තුරු පිරිසක් ඇවිල්ලා අපිව කාමරේකට දාලා අපේ බඩුබාහිරාදිය හොරකම් කරගෙන ගියා කියලා. මේවා නම්ගම් ඇතුව සඳහන් නොකරන්නේ වැඩිදුර සඳහන් කරමින් ඔප්පු කිරීමට තරම් දුරදිග යන්නට අපට අවශ්‍යතාවක් නැති නිසා. මොකද පුරාවස්තු හෝ වෙනත් කිසිවක් අපට අයිති දේවල් නෙවෙයි. අපිත්, රජය විසින් ගෙවන සමහර ණයවල කොටස්කරුවන් නිසා අපට මේ වේදනාව දැනෙනවා.

ඒ වගේම අපේ දේවල් පිට අය හොරකම් කරගෙන ගිහිල්ලා, ඒවායෙන් ලබාගන්නා ධන ලාභ වාසි නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කියලත් අපි දන්නවා. ඒ නිසා ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව ලංකාවට ගෙනාවා වගේ අපිට අයිති වෙලා තියෙන මිල මුදල් ටික හොරකම් කරගෙන ගිහිල්ලා තැන් තැන්වල බැංකුවල හංගලා ලිප් බොක්කවල් අස්සේ හංගලා ආපු පාලකයන්ගේ හෙලුව හෙළිදරව් කරලා ඒ ධන ධාන්‍ය ටිකත් ආපහු ලංකාවට ගෙනල්ලා අපිව ගොඩදාගන්න පුළුවන් නම් ඔන්න මහත්තයෝ ඒක තමයි කරන්න තියෙන වැඩේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

යුද හමුදාවේ අංක 2 සහ 3 තනතුරු හිස්! බංකොලොත් රටේ තවත් අර්බූදයක් හදන්නේ නැතිව වහාම මේ තනතුරු පුරවන්න! ඩලස් ආණ්ඩුවෙන් ඉල්ලයි!  I Sri Lanka Latest News

Next Post

දුප්පත්කම එක්ක යුද්ධ කරලා ලකුණු බිංදුවට විකට් 8ක් ගත්ත රිෂියුධන් I Sri Lanka Latest News

MORE NEWS

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

Load More
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අප රටේ ඓතිහාසික උරුමයක් වන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ මුඛය කරා ගෙන යන යෝජනා රැසක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්න සුදානම්...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.