• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සැප්තැම්බර් 12 ඊළඟ අරගලයට ලෑස්තිවෙන්න…

August 17, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
සැප්තැම්බර් 12 ඊළඟ අරගලයට ලෑස්තිවෙන්න…
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය යටතේ හදිසි නීතියට අදාළව ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදීම රජයට අපගේ කනස්සල්ල සහ විරෝධය යොමු කළ නමුත්, ඉන් පලක් නොවීය. මෙලෙස හදිසි නීති පියවර නැවත නැවත භාවිත කිරීම ගැන අප බොහෝ දැැඩි ලෙස අවධාරණය කර සිටියා. එහෙත් ඒ පිළිබඳ කිසි විටෙකවත් ශ්‍රී ලංකා රජය තම නිසි අවධානය යොමු කළේ නැහැ. ජනතාව සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග ගැනීම සහ මෑතකදී අඛණ්ඩව එම අපයෝජනය සිදුකිරීම අපි තරයේම හෙළාදකිනවා. ශ්‍රී ලංකාව මුහුණදී සිටින බරපතළ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරයට සිය විරෝධය සහ අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහා දස දහස් ගණනක ජනතාව කොළඹ සහ රට පුරා විරෝධතාවලට එක්වී ඇත. ගැඹුරු වන ආර්ථික අර්බුදය, දූෂණ වංචා චෝදනා, ඉහළ යන උද්ධමනය, ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය, දිගුකාලීන විදුලි කප්පාදුව මෙන්ම නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම මහජන විරෝධතා වේගවත්ව ඇත. 2022 මාර්තු මාසයේ සිට මෙම තත්ත්වය ඉතා උත්සන්න වුණා. ජනතාව සමග සංවාදයට ඇති මාර්ග තවදුරටත් වසාදමා, ජනතා ආතතීන් තවදුරටත් උත්සන්න වීමට ඉඩ ඇති දේශපාලනික වාතාවරණයක් රජය පවත්වාගෙන යනවා. සජීවී පතුරම්, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර සහ ජල ප්‍රහාර ඇතැම් ක්‍රියාවලීන් මගින් විරෝධතා මර්දනය කිරීමට අවශ්‍ය පුළුල් බලතල හදිසි නීති පියවර මගින් ආරක්ෂක හමුදාවට ලබාදී තිබෙනවා. මෙලෙස හදිසි නීති පියවර ක්‍රියාත්මක කිරීම වහාම නවතා දැමීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුයි…’

කුමක්ද මෙලෙස ඇසෙන කතාන්දරය? මෙම වගතුග මෙයට දින කිහිපයකට පෙරදී බොහෝ අවධාරණාත්මකව අසන්නට ලැබුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරිනි. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වය ගැන පසුගිය අගෝස්තු 08 වැනිදා ජිනීවා නුවර පිහිටා තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් යට කී ප්‍රකාශය ශ්‍රී ලංකා රජය වෙත යොමුකර තිබිණි. මෙම නවතම නිල ප්‍රකාශය සකස් කර තිබුණේ මානව හිමිකම් කවුන්සිලයේ සිටින මානව හිමිකම් විශේෂඥයන්ගේ මණ්ඩලයක් විසිනි. මෙම මණ්ඩලයට ලෝකයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන මානව හිමිකම් විශේෂඥයන් (කාන්තාවන් සහ පිරිමි) 12 දෙනෙක් අයත් වෙති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ මණ්ඩලය, තම නිල කටයුතු සිදුකරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ යටතේය. මෙම විශේෂඥයන් තවදුරටත් තම ප්‍රකාශය මගින් මෙසේ සඳහන් කර ඇත.

‘2022 ජූලි 22දා පොලිසියේ සහ හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් කොළඹ අගනුවර පිහිටි ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ කඳවුරක් වටලා, කූඩාරම් කඩාදමා 50කට වැඩි පිරිසකට තුවාල සිදුකරනු ලැබුවා. මෙහිදී සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ නීතිඥයන් ඇතුළු විශාල පිරිසක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර දැන් අලුත්ම සිදුවීම ලෙස පෙනී යන්නේ මෑත කාලයේ උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන්ද ඉලක්ක කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමයි. පොලිසිය විසින් මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන අතර විරෝධතාකරුවන්ගේ සහ විරුද්ධ දේශපාලන පක්ෂවල නිවාස සහ කාර්යාල පවා වැටලීමට ලක්කර තිබෙනවා. මෙය දැඩි මානව හිමිකම් කඩකිරීමක් වනවා. ජනතා විසම්මුතිය ප්‍රකාශ කිරීම වසාදැමීම සඳහා ජාතික ආරක්ෂාව කඩතුරාවක් ලෙස භාවිත නොකළ යුතුයි. හුදෙක් සාමකාමීව අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් යමෙකු රඳවා තබාගැනීම අත්තනෝමතික ක්‍රියාවකි. සිවිල් සමාජ නියෝජිතයන්, මානව හිමිකම් ආරක්ෂකයන්, මාධ්‍යවේදීන් ඇතුළු විරෝධතාකරුවන් සාමකාමී විරෝධතා සන්දර්භය තුළ ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ගේ සහභාගිත්වය වෙනුවෙන් ඔවුන් යම් අපරාධ වගකීමකට මුහුණ නොදිය යුතු බව අපි තරයේම සිහිපත් කර සිටිමු. අපි ශ්‍රී ලංකා රජයෙන් ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ හදිසි නීති පියවර නැවත නැවත භාවිත කිරීම වහාම නවත්වන ලෙසයි…’

ඔබට ඉහත මෙලෙස ලියා තැබූ වගතුග යල් පැනගිය පැරැණි කතාන්දරයක් නොවේ. එය මෙයට දින කිහිපයකට පෙරදී එනම්, 2022 අගෝස්තු 08 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කරන ලද නිල ප්‍රකාශයකි. එනම් වත්මන් රජයේ නව ජනාධිපති සහ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වෙතම ඉදිරිපත් කෙරුණු ලියැවිල්ලකි. එහෙයින් සමස්ත නව රජයම ඒ සඳහා තම වගකීම සහ අවධානය යොමුකළ යුතුය. තවද මෙය මානව හිමිකම් පිළිබඳ ලෝක විශේෂඥයන් 12 දෙනකුගේ අවසන් නිර්ණයන් මත සකස් කෙරුණු ලේඛනයක්ද වෙයි.

‘මානව හිමිකම්, මානව හිමිකම්’ යනු දැනට වසර 15ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවට කඩාපාත්වන මහා මරාලයකි. මහා ගිනි ගෙඩියකි. 2009 වසරේදී ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය දිනාගැනීමට පෙර සිට සහ දිනාගැනීමෙන් පසුවද මෙම මානව හිමිකම් ප්‍රබල ලෙස මෙරටට එරෙහිව ජාත්‍යන්තරයෙන් ගෙන එන ලදී. කෙසේ හෝ මෙම චෝදනා බහුතරයක්ම ගොනුවී තිබුණේ වාර්ගික යුද්ධයට අදාළ යුද අපරාධ චෝදනා වශයෙනි. 2022 වසරේ මාර්තු මාසයේදී ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ 64ක් ගොනුවී තිබිණි. අන්තර් ජාතික මානුෂික නීතිය යටතේ මෙම චෝදනා එල්ල කර තිබිණි. යුද අපරාධවලට අමතරව සිවිල් සමාජය සහ සිවිල් ආයතනවලට බලපෑම් කිරීම, නීති විරෝධී මිනිස් ඝාතන, නීති විරෝධීව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, නිදහස් හිමිකම් උල්ලංඝනය සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමද අනෙකුත් චෝදනාවලට අයත් වෙයි. කෙසේ හෝ මෙම 49 වැනි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වූ විදේශ ඇමැති ජී.එල්. පීරිස් විසින් පසුගිය කාලයේ මානව හිමිකම් රැකීමට රජය ගත් ක්‍රියාමාර්ග ගැන කරුණු ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ. රැඳවූවන් කිහිප දෙනකු නිදහස් කිරීම ගැන ඇමැතිවරයා කරුණු ප්‍රකාශ කර තිබිණි. එහෙත් එහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බැෂලේ අවධාරණය කර ඇත්තේ එවැනි කටයුතු මගින් යම් ප්‍රගතියක් තිබුණද නිසි ප්‍රමිතිය කරා මානව හිමිකම් ආරක්ෂා කිරීම පැමිණ නොමැති බවයි. 2022 මාර්තු සැසිවාරයේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එම සැසිවාරය අමතනු ලැබීය. පාස්කු දින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කෑගසන මිනිසුන්ට ශ්‍රී ලංකා රජය හිරිහැර කිරීම සහ බියගැන්වීම් සිදුකරන බව උන්වහන්සේ ප්‍රකාශ කර ඇත. පාස්කු දින ප්‍රහාරය යනු ඉස්ලාමීය අන්තවාදීන් කිහිප දෙනකුගේ වැඩක් මෙන්ම දේශපාලනික වූ කුමන්ත්‍රණයක කොටසක් ලෙසටද උන්වහන්සේ මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශ කර සිටියහ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මට්ටමින් වගවීම ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විකල්ප උපායමාර්ග අනුගමනය කරන ලෙසයි. යුද අපරාධ හෝ වෙනත් මානව හිමිකම් චෝදනා පිළිබඳ වූ වැරැදිකරුවන් වන පුද්ගලයන්ට මානව හිමිකම් කොමිසමකදී විවිධ දඬුවම් නියම කෙරෙන ආකාරයක් ගැන අපට උපකල්පනය කළ හැකිය. එහෙත් එලෙස පුද්ගලයන්ට දඬුවම් නියම කිරීම ඉතා දීර්ඝ ක්‍රියාවලියක් වෙයි. මෙවැනි වටපිටාවකදී මානව හිමිකම් කොමිසම සිදුකරනු ලබන්නේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් හරහා අදාළ රටට එරෙහිව විකල්ප ක්‍රියාමාර්ග ගැනීමය. එනම් අදාළ රටට එරෙහිව විවිධ සම්බාධක පැනවීම, ආර්ථික සහ මූල්‍යමය ආධාර ලබාදීම අත්අහිටුවීම, වෙනත් විවිධ ආධාර ලබා නොදීම ආදී ක්‍රමවේදයන් හරහා එම රටට එරෙහිව කටයුතු කරනු ලබයි. යම් කාලයකදී යහපාලනය සහ වගවීම නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් නැවත විකල්ප ක්‍රියාමාර්ගවලින් ඉවත් වෙයි. පසුගිය කාලයක් පුරා විවිධ රටවල් හරහා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ගෙන ආවේ මේ ආකාරයටය. එහිදී යට කී යෝජනාවලීන් ජයග්‍රහණය කිරීම හෝ පරාජය කිරීම එම ක්‍රියාවලියට අදාළ වෙයි. ඒ ආකාරයට පසුගිය කාලයේ ඇමෙරිකාව, එංගලන්තය ප්‍රධාන තවත් රටවල් ගණනාවකින්ම ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලීන් ගෙන එන ලදී.මෙම බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මෙම මානව හිමිකම් අර්බුදය පසුගිය රාජපක්ෂ රජය සමයේදී ඉතා උග්‍ර විය. කෙසේ හෝ මෙතෙක් මෙම අර්බුදයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට හැකිවී නොමැත.

මෙවැනි ශෝචනීය වටපිටාවක් තිබියදී ශ්‍රී ලංකාව පසුගිය 2022 ජුනි 13 වැනිදා සිට ජූලි 08 දක්වා පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයටද සහභාගි විය. ඒ අතරම එම කාලය තුළම ජිනීවා නුවරදී පැවැති 145 වැනි මානව හිමිකම් කමිටුවටද සහභාගි විය. මෙම සැසිවාර සඳහාද ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති ජී.එල්. පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වූහ. කෙසේ හෝ මෙහිදී හෙළිවන සුවිශේෂ පුවත වන්නේ මෙම 50 වැනි සැසිවාරයේදී ජී.එල්. පීරිස් ඇමැතිවරයාට නිල දේශනයක් ලබා නොදී තිබීමය. එනම් සැසිවාරයේ වේදිකාව මතදී සිදුකෙරෙන කතාවක් ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයාට ලබාදී නොතිබීමය. එහෙත් අමාත්‍යවරයා තමන් අසුන්ගෙන සිටි ස්ථානයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් කතාවක් සිදුකළ බව පැවසෙයි. මෙම කතාවට පෙර මාධ්‍ය සඳහා නිකුත් කරනු ලබන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ කතාවේ පිටපතට අඩංගු කරුණු රැසක්ද මෙහිදී ජී.එල්. පීරිස් ඇමැතිවරයාට ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබුණු බවද පැවසෙයි. ඒ සඳහා ඔහුට නිසි අවස්ථාව ලබා නොදුන් බවටද සමහර මාධ්‍ය වාර්තා කර තිබිණි. විදේශ අමාත්‍යවරයාට මෙවැනි තත්ත්වයක් උද්ගත වීම එක්තරා අතකින් නොගැළපෙන ක්‍රියාවක් බවත්, සමහර මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සහභාගි වී ඇත්තේ නිරීක්ෂණ රටක් ලෙස බවද, එසේම ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පත්ව තිබුණේ යම් ඩයස්පෝරාවක ක්‍රියාකාරිකයකුගේ තත්ත්වයට බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. කෙසේ හෝ පසුගියදා පැවැති නවතම මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව සහභාගි වූයේ 2022 ජුනි 09 වැනිදා ශ්‍රී ලංකාව තුළ මහා ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් ඇරැඹීමෙන් පසුවය. එනම් සැසිවාරය ඇරැඹුණේ ජූලි 13 වැනිදාය.

මෙවැනි තත්ත්වයක් යටතේ දැන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ යුද අපරාධ චෝදනාවලට නොව, සිවිල් ජනතාව මර්දනය කිරීමේ මානව හිමිකම් අපරාධ චෝදනාවලටය. මෙම ලිපිය ලියා තැබීමේදී ආරම්භ කළ වගතුග ඔබට මතක ඇතැයි සිතමි. එයින් පෙනී යන්නේ දැනට මාස කිහිපයක සිට ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා අලුත්ම ජවනිකාවක් බවට පත්ව ඇති ආකාරයය. පැරැණි පිටුවට අමතරව අලුත්ම පිටුවක් පෙරළී ඇති ආකාරය දක්නට හැකිය. දැන් මෙවැනි තත්ත්වයක් යටතේ හෙට අනිද්දාම සිදුවන්නට යන්නේ තවත් අපූරු දෙයකි. එනම් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට මෙම 2022 සැප්තැම්බර් 12 වැනිදා සිට ඔක්තෝබර් 07 දක්වා ශ්‍රී ලංකාව සහභාගි විය යුතුය. එසේම එම කාලයේදීම 136 වැනි මානව හිමිකම් කමිටුවටද සහභාගි විය යුතුය. දැන් ඔබට 2022 වසර තුළ පැවැති සහ පැවැත්වෙන 49, 50 සහ 51 යන සැසිවාර සහ කමිටු රැස්වීම් ගැන අවබෝධයක් ඇතැයි සිතමි. එසේ වුවද ඉදිරි සැසිවාරයේදී සිදුවන්නේ කුමක්දැයි අප නොදනිමු. එහෙත් වත්මන් ශ්‍රී ලංකා මානව හිමිකම් චෝදනා අර්බුදය වෙනත්ම ආකාරයකට පරිවර්තනය වනු දක්නට හැකිවනු ඇත. එළැඹෙන 51 වැනි සැසිවාරය ඇරැඹීමට ඇත්තේ තවත් මාසයක පමණ කෙටි කාලයකි. මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන නව යෝජනාවලීන් පිළිබඳ මෙතෙක් පැහැදිලි තොරතුරක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් ක්‍රියාවලිය මත එම තීන්දු තීරණ ගැනීමට ඉඩ ඇත. එවිට එළැඹෙන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ වෙනස්ම ආකාරයේ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවන් රැසකටය.

කෙසේ හෝ වර්තමානයේදී ශ්‍රී ලංකාවට සිදුවන්නේ යුද අපරාධවලට මුහුණ දීමට නොව සිවිල් ජනතා අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනාවලට මුහුණ දීමටය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පිළිගත් ජාත්‍යන්තර නිර්නායකයන් කිහිපයක් සිවිල් ජනතා අයිතිවාසිකම් කඩකිරීම වෙනුවෙන් පෙන්වාදී ඇත. ඒවා මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

ජාත්‍යන්තර සම්මුතීන් සහ නීතියේ දක්වා ඇති මානව හිමිකම්වලට ගරුකිරීම සහ පිළිපැදීම.
නීතියේ ආධිපත්‍යය පිළිපැදීම.

කතාකිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස.

සංගමයේ සහ රැස්වීමේ නිදහස ලබාදීම.

ජාත්‍යන්තරව පිළිගත් සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ පිළිගැනීම.

සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනතාවට රැකවරණ සැලසීම.

මේ ආකාරයට මෙම ජාත්‍යන්තර ක්‍රියාවලිය බොහෝ සංකීර්ණ එකක් වනු ඇත. එහෙත් මෙම කිසිදු නිර්නායකයකට අනුකූල වන ආකාරයෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කටයුතු කෙරෙන ආකාරයක් පෙනෙන්නට ඇත. ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ තිබුණු රෙගුලාසිවලට වඩා දැඩි රෙගුලාසි රනිල් වික්‍රමසිංහ රජය යටතේ තිබෙන බව මෙහිදී ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත. මේ නිසා ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ කිසිදු අනුග්‍රහයක් ශ්‍රී ලංකාවට නොලැබීමට ඉඩ ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

‘හොඳ හොඳ කස්තිරම් සහ අඩව් අල්ලන්නේ එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ, මෙම ලිපිය ලියමින් සිටින විටදීම දැන් අපූරු පුවතක් දැනගන්නට ලැබිණි. එනම් ගාලුමුවදොර මහජන විරෝධතාවට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදුකළ බි්‍රතාන්‍ය ජාතික තරුණියක වන ෆ්‍රේසර් කයිස්ගේ මෙරට රැඳී සිටීමට අදාළ වීසා බලපත්‍රය අවලංගු කර තිබීමය. ඒ අනුව මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම්දී ඇත්තේ එළැඹෙන අගෝස්තු 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසය. මේ පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් නිකුත් කළ ලියැවිල්ලද ඇයගේ ෆේස්බුක් පිටුවේ පළවී තිබිණි. සැබෑ ලෙසම මෙය කෙතරම් බැරෑරුම් සිදුවීමක්ද? ජාත්‍යන්තරව මෙවැනි සිදුවීම් තක්සේරු කරන්නෙ කෙසේද? කෙසේ හෝ මේ වන විට එක් මාසයක පමණ කෙටි කාලයක් තුළදී ජන අරගලයට සම්බන්ධ වූ සිවිල් පුද්ගලයන් සියයකට අධික පිරිසකගෙන් පලිගැනීම් සිදුකර, විවිධ චෝදනා නඟා දඬුවම් පමුණුවා ඇත. මේ අතර තවත් සුවිශේෂ කතාවක්ද දැනගන්නට ලැබිණි. එනම් යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ හදිසි සාකච්ඡාවක්ද පවත්වා ඇති බවය. මෙම අවස්ථාවේදී එම විදෙස් තානාපතිවරුන් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ ජනතාවගේ සිවිල් මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ජී.එස්.පී. ප්ලස් (GSP +), ලෝක බැංකුව සහ මානව හිමිකම් කොමිසම (UNHRC) යන ආයතන මගින් ක්‍රියාත්මක වන ප්‍රධාන ක්‍රියාවලීන් ගැන ශ්‍රී ලංකාව නිසි අවධානය යොමුකළ යුතු බවද තානාපතිවරුන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත. කෙසේ හෝ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු ලෙස ඉදිරියේදීත් කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මානව හිමිකම් පමණක් නොව අද ශ්‍රී ලංකාවේ ජනතාව නොයෙකුත් ආකාරයෙන් දැඩි ලෙස දුක් විඳින ජාතියක් බවට පත්ව ඇත. හොඳින් නිරීක්ෂණය කරන්න. දැනට දින කිහිපයකට ඉහතදී මෙරට විදුලිබල ගාස්තු කොතරම් අසාධාරණ, නිහීන, ක්‍රමයකට ඉහළ නැංවීමට කටයුතු කළේය. 100%කට ආසන්න ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ දැමූ රටක් ගැන අප කෙදිනකවත් අසා නැත. එදිනෙදා පාන් භාගයක් මිලදී ගන්නට බැරි මිනිසුන් මෙම අපරාධයන්ට මුහුණ දෙන්නේ කෙසේද? ගෑස්වල මිල අඩු කළේ යැයි රජය පසුගියදා අඬබෙර ගසන්නට විය. පසුගිය කාලයේ ගෑස් මිල අතිශය දැඩි ලෙස වැඩි කළ ආකාරයට (රු. 1,650 සිට රු. 4,900) දක්වා ඉහළ දැමීය) දැන් ගෑස් මිල සොච්චමකින් අඩු කිරීම කෙසේ අගය කළ හැකිද? අනෙක් ඉන්ධන සියල්ලෙහිද තත්ත්වය එසේය. දැන් ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය 59.06% දක්වා ඉහළ නැඟ ඇත්තේ සිතාගත නොහැකි ලෙසය. එසේම මෙරට ආහාර උද්ධමනයද අදහාගත නොහැකි අතර, එය 80.01%ක අගයක් ගනී. මෙම නිල දත්ත අද ලෝකයේ රටවල් අතරින් ඉහළම ස්ථාන 05 අතරටද වැටෙයි. නිහීන ආකාරයෙන් බිදුලි බිල වැඩි කිරීම ගැන වත්මන් විදුලිබල සහ ඉන්ධන ඇමැතිවරයා පාර්ලිමේන්තුව තුළ කතා කරන්නේද සිනහමුසු මුහුණෙනි. ඔහුගේ මුහුණේ කිසිදු ශෝචනීයභාවයක් නැත.

අද මෙරට මිනිසුන් අරගල කරන්නේ ජීවත් වීමට මාර්ගයක් නැතිකම නිසාය. එවැනි මිනිසුන්ද දඩයම් කිරීමට දැන් රජය නිරන්තර සූදානමින් සිටී. කෙසේ හෝ එම තත්ත්වය ගැන රාජාලි ඇස්, උකුසු ඇස් යොමා සිටින බව රජයට අමතකය. ජිනීවා සිට පැමිණෙන මෙම රාජාලීන් සහ උකුස්සන් අප ශ්‍රී ලංකාව මතින් නුදුරේදීම පියාඹනු ඇත.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඩුබායිවල ගෙයක වැඩට ගිය කිලිනොච්චියේ කාන්තාවකට කෝටි 10ක ලොතරැයියක් ඇදිලා! කාලයක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරකත් ඉඳලා!

Next Post

ජනාධිපතිතුමනි හොරා කාපු රාජපක්ෂලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න! බැසිල්-පී.බී.-බැඳුම්කර වංචාවට සම්බන්ධ කබ්රාල්ව හිරේ දාලා පෙන්නන්න! එදා අපි ‌ඒ හොරුන්ට නීතිය ක්‍රියාක්මක කරන්න යද්දි ඩීල් දාපු අය අදත් එජාපයේ ඉන්නවා! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.