• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගිනි ගත්ත පේදුරුතුඩුව සිසිල් කරපු යාපනේ රියෝ! එයා දැන් ලොකු ළමයෙක්…!

September 12, 2022
in Exclusive, Mahawanshaya, News
Reading Time: 5 mins read
A A
ගිනි ගත්ත පේදුරුතුඩුව සිසිල් කරපු යාපනේ රියෝ! එයා දැන් ලොකු ළමයෙක්…!
Share on WhatsAppShare on Facebook

මේ ගමන යාල් ආගන්තුකයාගේ ගමනාන්තය පේදුරුතුඩුව ඔස්සේ පූතූර් යන්නයි. යාපනේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 15කට එහා මතකයේ හැටියට රුපියල් විස්සක තිහක දුරකි. පූතූර් යනු යාපනේ වඩමාරච්ච් කියන කොටසේ නැගෙනහිරින් වූ ඉතා නිස්කලංක ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයකි. නමුත් දන්නා පරිද්දෙන් කාෂ්ටක අව්ව උතුරු පෙනිසියුලාවේ හැමෝටම සමානව දැනුණත් යාපනේ අර්ධද්වීප වුවත් ඒකාග්‍ර නොවූ උස් පහත් කුලමල භේද ඇති කොටස් පහක එකතුවකි. එනම් වලිකාමම්, තේන්මරච්චි, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් සමූහයකි. යාපනයේ මස්තිෂ්කය වූයේ වඩමාරච්චි නොහොත් වාර්ගික අර්බුදයේ නිජභූමිය වූ සිහිනයේ නගරයයි. වඩමාරච්චි මස්තිෂ්කය වීමේ පුරාවෘත්තය ගැන ඇසිය යුත්තේම වඩමාරච්චිවල අයෙකුගෙන්ම පමණි.

වේල පහෙන් ලංගම බස් එකක නැගලා අපි පූතූර් යන ගමන ආරම්භ කළ ආගන්තුකයා මේ යන්නේ එයාගේ දමිළ යෙහෙළියකගේ ගමේ පන්සලේ, එහෙම නැත්නම් කෝවිලේ සංඝාභිශේකය නම් උත්සවය දැකබලා ගන්නයි. සිරිත් පරිදි මේ ආගන්තුකයා ඩෙනිමක් ඇඳලා අත් දිග ෂර්ට් එකක් ඇඳලා තමයි මග දිගට යාපනේ සංචාරයේ නිරත වෙන්නේ. ආගන්තුකයාගේ දමිළ සගයන් දෙස බලන කල්හි නම් තුන්හතර දෙනා අපූරුවට සාරි ඇඳගෙන නළලේ පොට්ටු තියගෙන කෙස් කලඹේ මල් මාලාවලින් සැරසීගෙනයි.

පූතූර් යන බස් එකේ එදා නම් වැඩිය සෙනඟක් නැත. අපි හතරදෙනාම වාඩි වුණේ පිටිපස්සේම ආසනයෙයි. ටවුමේන් එළියට ආව බස් එක පලාලි පාර දිගේ ඉස්සහට යනවාත් එක්කම පසෙක දිස්වන්නේ බෞද්ධ ස්තූපයක් සහිත ජාත්‍යන්තර නාග විහාර පුදබිමයි. පසුව හැරෙන්නේ පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයටයි. අවට බලන ආගන්තුකයාට පේන්නේ තේජස් ගාම්භීර ලීලාවන් ප්‍රතාපවත් බිත්තිවලින් වටවූ නල්ලූර් කෝවිලයි. රතු, සුදු තීන්ත තීරු ආලේප කළ උස් බිත්තිවලින් වටවුණු කන්දසාමි කෝවිල (Nallur Kandaswamy Kovil) පහු වෙනවාත් සමග සුප්‍රසිද්ධ රියෝ අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාව පසෙක දිස්වේ.

ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල පවා ජනප්‍රිය අද්විතීය රසයක් යුත් උතුරේ උදවියට ආඩම්බර විය හැකි බොහෝ විශේෂාංග ඇත. උතුරට පමණක් අවේණික වූ සංස්කෘතික අනන්‍යතාව පමණක් නොව මිනිසුන් සහ ඔවුනගේ විශිෂ්ට ආහාර පිසීමේ හැකියාව විඳගැනීම සඳහා දහස් ගණනක් මෙම නගරයට පැමිණෙති. ඒ අතර වූ රියෝ අයිස්ක්‍රීම් සන්නාමය දැනට වසර හතළිහක් සේවය සපයන්නේය. මෙම අයිස්ක්‍රීම් සාප්පුව විවෘත කරන විට, එවැනි වර්ධනයක් කිසිවකු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. යාපනයට පැමිණෙන අය රටේ හොඳම අයිස්ක්‍රීම් සාප්පුවක් යැයි විශ්වාස කරන දේ අත්විඳීම චාරිත්‍රයක් බවට පත්කරන තරමට කුඩා අලෙවිසල බොහෝ දුර බැහැර ජනතාව වෙත ළඟාවී තිබේ. දශක හතරකට වැඩි කාලයක් ව්‍යාපාරයේ යෙදී සිටියත් රියෝ අර්ධද්වීපයෙන් එපිට ගැන අසන්නට ලැබුණේ නැත. ‘රියෝ අයිස්ක්‍රීම්’ ඉතා කෙටි කාලයක් තුළ කෙතරම් ජනප්‍රිය වී ඇත්ද යත් එය යාපනයට පර්යාය නාමයක් බවට පත් විය. මේ අයිස්ක්‍රීම්වල වූ අද්විතීය රසය අර්ධද්වීපයට පැමිණෙන සියලු වයස් කාණ්ඩ අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ඇත. කෙනෙක් කැමැති ප්‍රමාණයට වඩා ටිකක් පැණි රස වුවත්, මිශ්‍රණය සහ විවිධ රසයන් එහි අලෙවිසලට සිය ගණනක් ආකර්ෂණය කරගනී. ඔය අතර වූ Rio Special හි අයිස්ක්‍රීම් වර්ග හතරක් ඇත. ඒ, වැනිලා, අඹ, පලතුරු සහ කිරි රස අයිස්ක්‍රීම්ය. කිරි රස අයිස්ක්‍රීම් රියෝට ආවේණිකය. එහි අසාමාන්‍ය රසයක් ඇත. මෙම අද්විතීය රසය එය ස්වර්ගීය අත්දැකීමක් බවට පත් කිරීම සඳහා එකතු කරන ලද ඉතිරි රසයන් සමගද මුසු වේ. පැකේජය එතැනින් අවසන් නොවේ. අයිස්ක්‍රීම්වලට යටින් ජෙලි සහ පලතුරු මිශ්‍රණය ඇත. බ්ලූබෙරි, අඹ, චොකලට්, වැනිලා, කජු මිශ්‍ර ඒවා ලෙස විවිධ රස පවතී. මේවා අත්විඳීමට නම් යාපනේ පැමිණිය යුතුමය.

පසුව රියෝ අයිස්ක්‍රීම් අලෙවිසල පසුවී කිලෝමීටර් කීපයකට පසුව චෙම්මනි හන්දියේ සංකිලි රජතුමාගේ පිළිරුවයි. පසුවට සංකිලි රජුගේ අමාත්‍යවරයාගේ ‘මන්ත්‍රී මනෙයි’ නම් මන්දිරයයි. ඔය ආදී වශයෙන් බොහෝ සංචාරක ස්ථාන පසුවනවාත් සමගම බස් රථයේ කලින් වූ මන්දගාමී බව අඩුවී වේගයෙන් ඉදිරියට යයි.

ටිං…….. ටිං……..
ඒ, බසයේ සීනුවයි. පාර දෙපැත්තේ තල් ගස් යායවල්, දිගෙලි කරපු ගව පට්ටි වගේම එළු රංචු, සාරවත්ව වැඩුණු අල, ලූනු, කැරට්, බණ්ඩක්කා වගා බිම්‍ය. අව්ව කොතරම සැර වූවත් ආගත්තුකයාගේ කුතුහලය නම් උපරිමය. තවද බස් රථයේ වේගයට පාපැදිවල ගිය උදවිය පාර දෙපැත්තේ ඒවා නවතාගෙන බසය දිහා බලන් ඉන්නෙත් හරි අපූරුවටයි. හෝරාවක් පමණ ගතවී අවසන්ය.

ටිං………ටිං……….
ඒ, ගමනාන්තයයි. දූවිලි අතරින් නොපෙනී යන්නේ ලංගම බස් රථයයි. අපි ඉතින් පයින්ම කෝවිලට යන්න පටන් ගත්තෙමු. ඒක පුදුම අත්දැකීමක් වනවාට නම් සැක නැත. දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්ය. පාර දෙපැත්තේ නිල්ල ගැසුණු වගා බිම්ය. ඒවා කියුවේ යාපනේ පොළොව කවදාකවත් ඔවුන් හා උරණ වී නොමැති බවය.

කෝවිල තිබුණේ විශාල නුග ගසක් අසලයි. පසෙක මහා සියබලා ගසක්ය. සීනුවක් එල්ලා ගත් ගවයෙක් නොසන්සුන්ව ඒ මේ අත දුවයි. ඒ, මේ අලුත් ආගන්තුකයාගේ ආගමනය නිසාදෝ යන්න නොදනිමි.

සංඝාභිශේකය නොහොත් කුම්භාබිගශේගම් නැත්නම් කෝවිලේ වාර්ෂික සංවත්සරය වාලම්පුරි නොහොත් හක්බෙල්ලන් එක්දහස් අටක් යොදාගෙන කරන පූජාවක් බවයි. ශිව ප්‍රතිමාවක් ඉදිරිපිට කුඩා ගිනි ගොඩකි. පසෙක නළා වාදකයෙකි. බෙරකරුවෙකි. ස්වර ගළපමින් වයන ඔවුන් දෙදෙනාගේ රිද්මය සමග පූජාව ආරම්භ විය. පූජකවරයා විවිධ දෑ ගින්නට දමමින් පාඨ මුමුණයි. ගිනි ජාලාවලින් ඒවා දැවී අළුවී යන්නේ ක්ලේශයන් දැවී යන්නා සේය. පූජාවේ අරමුණද එයමය. ඇදහිලි විශ්වාස පුදුමාකාරය.

තවත් අයෙක් ශිව ප්‍රතිමාව මහා භක්තියකින් කහ දියර, එළකිරි, තැඹිලි, ඖෂද වර්ග, පලතුරු යුෂයෙන් නාවයි. උඩුකය නිරුවත් වේට්ටියෙන් සැරසුණු පුද්ගලයන් සිවුදෙනෙක් ගණදෙවි ප්‍රතිමාවක් ආසනයක හිඳුවා, කර මත තබාගෙන මොනවාදෝ කියමින් කෝවිල වටේ රැගෙන යයි. පසෙක වූයේ කෝලම් රටාවක්ය. එයද මට තවත් පැනයකි.

අරිසි (සහල්), අරිසි මා (සහල් පිටි) හා තේන්ගායි පූ (පොල්කුඩු) යොදා කහපාට, රතුපාට, කොළපාට කෝලම් රටායි. බොහොමයක් තද වර්ණය. ඒ, ඔවුන්ගේ තේරීමයි. බොහෝ විට සහල් යොදාගෙන ඇදෙන රටාව වර්ණකවලින් සායම් කර ඇතත් කෘමීන්ට හා කුහුඹුවන්ට කදිම භෝජන සංග්‍රහයකි. සාම්ප්‍රදායිකව නිවෙසක එළිපත්ත මත හෝ ‘බ්‍රහ්ම මුහූර්තම්’ (දෙවිවරුන් බැස යන කාලය) තුළ පිහිටුවා ඇති කෝලම් බොහෝ විට යාපනය පුරා දැකගත හැක්කේ සහල් භාවිතයෙන් අතින් අඳින ලද මෝස්තර ලෙසයි. ඔවුන් කෝලම් ඇඳීමේ ප්‍රවීණයන්ය. වර්ණ සංයෝජනය කදිමය. හුණු කූරකින් පළමුව රටාව ඇඳගනී. පසුව කෝලම් දැමීම අරඹයි. සෑම තිතක්, රේඛාවක්, වක්‍රයක්, රවුමක්, ත්‍රිකෝණයක් සහ හතරැස් කොටුවක්ම විශ්වයේ මූලික ශක්තීන් නියෝජනය කරන සංකේතයන්‍ බව ඔවුන් පවසයි. කෝලම් රටාවට පසෙක ඉදෙන්නේ පෝංගල් බතක්‍ය. එය සක්කර, මුංඇට, සූකිරි, එළඟි තෙල්, කජු, පොල් කිරි හා අලුත් සහල් යෙදූ ප්‍රණීත පිසුමක්ය.

පොංගලෝ…….. පොංගල්……

හින්දු භක්තිකයන් ආගමික කටයුත්තක් ආරම්භ කිරීමට ගෙබිම් පිරියම් කළේ ගොම ආලේප කරමින්‍ය. පසුව දොරටුවේ සහල් ඉසිනු ලැබීය. අවසානයේදී සහල් ඉසීමේ ක්‍රියාවලිය කෝලම් බවට පරිවර්තනය වූ බව ඔවුන් විශ්වාස කරයි. සෞභාග්‍යයේ දේවතාවිය වන ලක්ෂ්මීව නිවෙසට පිළිගැනීමටත්, නපුරු ආත්මයන් පලවා හැරීමටත් කෝලම් ඇඳී ඇත. තවත් එක අරමුණක් නම් නිවෙසට සෞන්දර්යාත්මක වටිනාකමක් එක් කිරීමයි. මවිතයට පත්කරවන කෝලම්හි තවත් සිත්ගන්නාසුළු පැතිකඩක් වන්නේ මෙම මෝස්තර ගොඩනගා ඇති විද්‍යාව හා ගණිත පදනමයි. මෝස්තරය තිත් ජාලයක් මත ඉදිකර ඇත. එය පදනම් වී ඇත්තේ ශ්‍රේණි, වීජීය හා සංඛ්‍යාත්මක මූලධර්ම මතය. කෝලම් සමමිතිය, ආවර්තිතා, පුනරාවර්තනය සහ රිද්මයේ ජ්‍යාමිතික ගුණාංග නිරූපණය කරයි. ගණිතය හා සංකල්ප පිළිබඳ අවබෝධයක් ඇති නැති සියල්ල ඒ පිළිබඳ කටයුතු කිරීම පුදුමසහගතය.

පඩි කෝලම් නම් සිකුරාදා දිනවල සාදන ලද නිර්මාණයකි. විශේෂයෙන්ම ධනය නියෝජනය කරන ලක්ෂ්මි දේවතාවිය පිළිගැනීම සඳහා නිර්මාණය කර ඇත. චික්කු හෝ සික්කු කෝලම් නම් තිත් වටා ඇති වක්‍ර රේඛා සංකීර්ණ රටාවකින් සාදා ඇත. මෙම ආකෘතියේ රටාවේ ආරම්භක සහ අවසාන ලකුණු සොයාගැනීම දුෂ්කරය. පුල්ලි කෝලම් නම් තිත් ජාලයකින් රටාව තිත් වටා සාදා ඇත. ‘සාදරයෙන් පිළිගනිමු’, නෙලුම්, හංසයා සහ පහන වැනි අංග භාවිත කරමින් විශේෂ අවස්ථාවලදී මිතුරන් හා නෑදෑයන් පිළිගැනීම සඳහා කෝලම් සාදා ඇත.

රන්ගෝලි කෝලම්, අරිසි කෝලම්, පූක්කල් කෝලම් යාපනයටම ආවෙණික ඒවාය.

බොහෝ පැනවලට උත්තර සොයා අවසන්‍ය. හෝරා දෙකක්ම ගතවී අවසන්‍ය. සන්සුන් මා නොසන්සුන් වීගෙන එන පාටක්ය. කෝවිලේ සෙනඟද එකා දෙන්නා වැඩීවීගෙන යයි. ඔවුන්ගේ ඇස පූජාවටත් වඩා මේ නුපුරුදු ආගන්තුකයා දෙසට යොමු වී ඇත.
පූජාව අවසන් වෙන විටත් ඉර මුදුන්වී අවසන්ය.

දැන් ඉතින් ගමනේ රසවත්ම කොටසයි. කෝවිලේ දිවා භෝජනයයි. කෝවිලේම සියල්ල අසුන්ගෙන ඇත. අයෙක් කෙසෙල් කොළ එළාගෙන යද්දී අනෙකුන් අය ව්‍යංජන බෙදාගෙන යයි. රතු පාට තරමක් විශාල බත්, ඒ, නම් ‘මොට්ටකරුම්පන්’ සහල්ය. ව්‍යංජන කීපයක් හා පපඩමක් සමග බැදපු මිරිස් කරලක්ය. රස ගැන කිවයුත්තේ නැත. නැවත නැගිටීම පවා අපහසුය. භෝජනයෙන් පසු පාලහාරම් එනම් රස කැවිලි වාරයයි. ධාන්‍ය පොල් පැණි එක් කළ මෝතගම්ය. අසා ඇති අන්දමට එය නම් ගණදෙවියන්ගේ ප්‍රියතම ආහාරයයි. රටඉඳි කෙසෙල් එක්කළ තවත් අතුරුපසකි. නම නොදනී. එහි රසය තවමත් මාගේ රස නහර උත්තේජනය කරවයි.

එසේ නම් වසරක විරාමයෙන් පූතූර්වල වූ සංඝාභිශේක මංගල්‍යය මෙසේ නිමා විය.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ඛාන්ලා සිංලා කුමාර්ලා සමඟ බොලිවුඩය කඩාවැටීමට නියමිතයි…

Next Post

ආසියානු ශූරයොයි ආසියානු ශූරියොයි දෙගොල්ලොම හෙට උදේ ලංකාවට! පිළිගන්න පාරට එන ලෙසට දැනුම් දීමක්!

MORE NEWS

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

Load More
ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

හොඳ පොලියක් දෙනවා කියලා - මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කන වංචාවක් සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක් Sri Lanka Latest News

Read more
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.