• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඛාන්ලා සිංලා කුමාර්ලා සමඟ බොලිවුඩය කඩාවැටීමට නියමිතයි…

September 12, 2022
in Heart
Reading Time: 9 mins read
A A
ඛාන්ලා සිංලා කුමාර්ලා සමඟ බොලිවුඩය කඩාවැටීමට නියමිතයි…
Share on WhatsAppShare on Facebook

කාලය කියන්නේ රත්තරන්වලට සමාන දෙයක්. අපව පහුකරගෙන ගිය එකම එක තත්පරයක්වත් ආයෙම අපට ඇදලා ගන්න බැහැ. ඒත් ඒ වටිනා කියන කාලයෙන් විනාඩි දෙක තුනක විරාමයක් අරගෙන අතීතයට ගිහින් එමුද කියලා මෙතැනදී අහන්නෙ වටිනා කතාබහකට අවශ්‍ය අඩිතාලම හදාගන්න ඕනෑ හින්දයි.

අතීතයට කියලා කිව්වට මහ ඈතකට නෙවෙයි. කෙටි දුරකටත් නෙවෙයි. මේ කියන්නේ ඒ දෙපැත්තටම මැදින් තියෙන අතීතයක් ගැන. තවත් ටිකක් ලෙහෙසියට කියනවා නම් මේ කියන්නේ ඔයාලා අපි හැමෝම චිත්‍රපට පිස්සෝ, එහෙමත් නැත්නම් පික්චර් පිස්සෝ වෙලා හිටපු කාලය ගැනයි. 60, 70 සහ 80 දශක සමග ගෙවීගිය ඒ සිනමා වසන්තයට ප්‍රේක්ෂකයන් වශීකෘතව සිටියා. ඒ වශීකෘත බවසමහර අවස්ථාවල උමතුවක් වුණා. House Full කියලා චිත්‍රපට ශාලාවට ඇතුළු වන තැන බෝඩ් එක වැටෙන කොට චිත්‍රපටය බලන්න ආව ප්‍රේක්ෂකයෝ ‘බ්ලැක් මාර්කට්’ වෙළෙන්දන්ට වැලි බෝතල්වලින් ගහන තරමට ඒ උමතුව වියරුවක් වුණු තැන්ද තිබුණා. ඒ හැම දේටම හේතු වුණේ පැය දෙකහමාරක කාලයකට සීමා වුණු චිත්‍රපටයක් බලන්න ප්‍රේක්ෂකයන්ගේ හිතේ තිබුණු අසීමිත ආශාවයි.

චිත්‍රපට කලාව ඇත්තටම කියනවා නම් ඒ කාලේ අපේ මිනිසුන්ගේ ජීවිතවල කොටසක් වෙලා තිබුණා අමතක නැහැ නේද? අම්මලා තාත්තලා දරුවොත් එක්ක ගිහින් එක පෙළට ෂීට්වල ඉඳගෙන චිත්‍රපට බලපු විනෝදය, මකුණෙක් දෙන්නෙක් කෑවත් ඒ චිත්‍රපට බැලිල්ලේ අමුතු ගැම්මක් තිබුණා. ගැම්ම ඕනෑවට වඩා වැඩිය දැනුණොත් චිත්‍රපටය තවත් වතාවක් බලන්න යනවා. ඒ බලලා ඇවිල්ලත් සතියක් දෙකක් යනකල්ම ඒ ගැන කෑම මේසයේදී කතා වෙනවා. චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සාක්කු පිරුණේ නළු නිළියෝ තෙලෙන් කාලා කිරෙන් අත හේදුවේ ප්‍රේක්ෂකයෝ උමතු කරපු ඒ චිත්‍රපට උණ නිසයි.

ඉන් පස්සේ මොකද වුණේ…?

ඒ ගැන කතන්දරය කියන්නත් දුකයි. ටිකෙන් ටික හිතන්නත් බැරි විදියට චිත්‍රපට ශාලාවල පුටු හිස්වෙන්න ගත්තා. House Full බෝඩ් එක පුරාම දූවිලි පිරිලා මකුළු දැල් එතුණා. නිෂ්පාදකවරුන්ගේ බැංකු ගිණුම් OD වෙන්න ගත්තා. ණයට සල්ලි අරගෙන චිත්‍රපට හදන්න කැක්කුමක් තිබුණු සිනමාවට ආදරය කරපු පිරිසෙන් වැඩි හරියකට තමන්ගේ ගේ දොර යාන වාහන පවා අහිමි වුණා. ලංකාව පුරා චිත්‍රපට හෝල් එකින් එක වැහෙන්න ගත්තා.

වසන්තය වසා පැමිණි ඒ අවාසනාවන්ත දුර්භික්ෂයට හේතු වුණේ මොකක්ද?

විවිධ පාර්ශ්වයන් නොයෙකුත් මත ඉදිරිපත් කළා. ටී.වී. එක ගෙදර මැද සාලයට ආව එක ඉන්දියානු සරුවත් ටෙලි කලාව සති අන්තෙට පෙන්වන හින්දි චිත්‍රපට පේළිය, ස්මාර්ට් ෆෝන් උණ, ෆේස්බක් මේනියාව ඔය වාගේ ජාති ජාති කතා ගැන ලොකු ලොකු සාකච්ඡා වට එහෙමත් නිතර තිබුණා. හැබැයි ඒ කිසිවකින් පලක් වුණේ නැහැ. අන්තිමේදී අදාළ රජයන්ට ඇඟිල්ල දිගුවෙන කොට චිත්‍රපට කලාව තද නින්දකට වැටුණා. ඉඳලා හිටලා ක්‍රියාදාම හෝ ප්‍රේම කතාවක් සමග පැමිණි චිත්‍රපටයක් බොහොම වෑයමින් දවස් පනහක් සීයක් පන්නගත්තොත් මිසක චිත්‍රපට කලාවේ හිතට ඇඟට දැනෙන නැගිටීමක් සිද්ධ වුණේ නැහැ. කොරෝනාවෙන් පස්සේ චිත්‍රපටකරණය තවත් හාංචිපයිස් වුණා කිව්වොත් ඒකේ කිසි වරදක් නැහැ.

ඒ සිංහල සිනමාවේ අතීතය සහ වර්තමානය ගැන කතන්දරය. අනාගය ගැන මොකවත් කියන්න තවම නිමිති නොපෙනෙන නිසා අපි යන්නේ අසල්වාසී බොලිවුඩ් සිනමාව පැත්තට.

ඇයි ඒ පැත්තට එබෙන්නේ? බොලිවුඩ් සිනමාවත් පුපුරන්න පටන් අරගෙනද?

බොලිවුඩය විතරක් නෙවෙයි. මුළු ලෝකය පුරාම අණසක පතුරුවපු විවිධ වූ අලුත් තාක්ෂණයන් ආසියානු සිනමාවට හඳුන්වා දුන් විරාජමාන හොලිවුඩ් සිනමා රාජධානියත් හෙමින් හෙමින් පුපුරන්න අරන් කියලා තමයි ආරංචි. ඒ කතන්දරයට පසුබිම හදන්න තමයි සිංහල සිනමාවේ වසන්ත කාලයට සහ කඩාවැටීමට අපි තත්පර ගණනකට දුවගෙන ගියේ. සිංහල සිනමාවේ කඩාවැටීම බොලිවුඩ් හොලිවුඩ් කතන්දරයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියනවා නම් ලංකාවේ චිත්‍රපට හෝල් වැහෙන්න යන්නේ ඉහත දක්වපු අහවල් හේතු නිසාය කියලා පිරිසක් කියන කොට ඇතැම් විචාරකයන් එයාලගෙන් ඇහුවේ ඒ හේතු බොලිවුඩයට හෝ හොලිවුඩ් සිනමාවට බලපාන්නේ නැත්තේ ඇයි කියලයි.

සත්තකින්ම ඒ තර්කය අසාධාරණ නැහැ තමයි. මොකද ස්මාර්ට් ෆෝන් හෝ ෆේස්බුක් උමතුව ආවා කියලා උතුරු හෝ දකුණු ඉන්දියානු සිනමාවත් හොලිවුඩ් සිනමා කලාවවත් කඩාවැටුණේ නැහැ. ඒ දවස්වලත් ඔවුන් අලුත් තාලේ නිර්මාණ හැදුවා. විශේෂයෙන් අපේ අසල්වාසී බොලිවුඩය යොවුන් නිළි කෙල්ලන් නළු කොල්ලන්ව බොලිවුඩයට අරන් ඇවිදින් දේදුනු පාට චිත්‍රපට හැදුවේ කෝටි ගණන් වියදම් කරලයි. ඒ චිත්‍රපට ශාලා වහලා දාන්න කිසිම ජගතෙකුට බැරි වුණා. කොරෝනාව ඉන්දියාව ගිලගන්නා තුරුම බොලිවුඩ් චිත්‍රපට කලාව එයාලගේ නිර්මාණවලට තිත තිබ්බේ නැහැ. ඉඳහිටක ෂාරුක් රඟපාපු ‘හීරෝ’ වැනි චිත්‍රපට කඩාවැටුණත් සහීඩ්ලා රඟපාපු ‘කබීර් සිං’ එක රැයින් කෝටි ගණනක් හෙව්වා. ඒ හෙව්වේ සිංහල සිනමාව හොඳටම ඇද වැටිලා තියෙන දුක්ඛිත අවධියකයි. අන්න ඒ හින්දා සිංහල සිනමාව බිමට සමතලා වීමට ටී.වී. එක ස්මාර්ට් ෆෝන් කලාව සහ ෆේස්බුක් රැල්ල හේතුවක් වුණාය කී තර්කය බොලිවුඩ් සිනමාවට බලපෑවේ නැහැ.

එතකොට දැන් බොලිවුඩය පිපිරෙන්න අරන් තියෙන්නේ මොන හේතුවකටද? බොලිවුඩය පුපුරා යන්නට පටන් ගෙන ඇතැයි කියන්න තියෙන සාක්ෂි මොනවද?

ප්‍රධානම සාක්ෂියක් ගණන් හිලව් සමගම එළියට ඇවිදින් ඇත. ඒ, ඉන්දියාවේ ආයෝජන බැංකු සමාගමක් වන ‘එලාර් කැපිටල්’හි වාර්තාවය. ඊට අනුව බොලිවුඩ් චිත්‍රපටවලින් ලැබුණු ආදායම ජුනි මස අවසානයේ සිට 45%කින් පහත බැස ඇතැයි ඔවුන් නිගමනය කරයි.

ඒ අතර අමීර් ඛාන් ඉමහත් බලාපොරොත්තු තබා සිටි විශාල ආදායමක් ලැබෙතැයි සිතා මුදල් කෝටි ගණනක් වැයකර තැනූ ‘ලාල් සිං චද්දා’ සිනමා පටය ඔහු ප්‍රිය කරන ඇදහීමට අනුව උත්සව සමයකට ආසන්නව නිකුත් කෙරුවද ප්‍රවේශ පත්‍ර අලෙවිය සති තුන හතරක් ඇතුළත සිදුව ඇත්තේ ඉතා අවම වශයෙනි. ගණන් හිලව්වලින් කියනවා නම් එය අයවැයෙන් හතරෙන් එකකි.

පුපුරූ යෑමේ ආරම්භය සිදුව ඇතැයි යන අවාසනාවන්ත සිදුවීමට තවත් සාක්ෂි වේ. උතුරු ඉන්දියාවේ සිනමා ශාලාවල අසුන් පමණට වඩා හිස්ව තිබීම ඇස් පනාපිටම ඔප්පු වී තිබීම ඉන් එකකි. අනෙක් කාරණය 2022 අවුරුද්දේ නිකුත් වූ චිත්‍රපටවලින් 70%ක් අසාර්ථක වීමය. තවත් සරලව කියනවා නම් චිත්‍රපට 26න් 20ක්ම නිෂ්පාදක මහත්වරුන්ගේ බජට් එකවත් කවර් කර නැති බව Koimoi වෙබ් අඩවිය නිදසුන් සහිතවම දක්වා ඇත.

ටී.වී. එක හෝ ස්මාර්ට් ෆෝන් මේනියාව නිසා කඩා නොවැටුණු බොලිවුඩ් සිනමාව 2022 වසර මුල සිට යම් පිපිරීමකට බඳුන් වන්නට ගෙන ඇති හේතුව කුමක්ද?

හැමෝගේම ප්‍රශ්නය එයය. හේතුව කොරෝනා අගුළු ලෑමද?

විචාරකයන් එහෙම අදහසක් ඉදිරිපත් කොට ඇත.

චිත්‍රපට නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක අයිතිකරු වූ හිටපු සුපිරි නිළි තාරකාව රවීනා තන්ඩන්ගේ සැමියා වන අනිල් තදානි මෙම ව්‍යසනය හමුවේ තම අදහස් කියාපෑවේ මෙලෙසිනි.

‘කොරෝනා වසංගතය පැමිණීමට ආසන්නය දක්වාම උතුරු ඉන්දියානු චිත්‍රපටවල බොක්ස් ඔෆිස් ආදායම 2019 අග භාගය වන තුරුම ඩොලර් බිලියන 2ක් දක්වාම දශකයක් පුරා ඉහළ ගිහින් තියෙනවා. කොරෝනා අගුලු දැමීමත් සමග චිත්‍රපට හෝල් වසා දැමුණා. එයට පසුව නැවත හරියාකාරව විවෘත වීම තුළ මුල සිටම සුළු වශයෙන් යම් යම් හිඩැස් ආදායම් තත්ත්වයන් තුළ ඇති වන්නට ගත්තා. චිත්‍රපටයක් දෙකක් යම් සාර්ථකත්වයක් ලැබුවත් බොහෝ චිත්‍රපට සාමාන්‍යයක් ලෙස කිසියම් පසුබෑමකට ලක්වුණා.

මෙතැනදී මම දකින ප්‍රධානම කාරණය තරු පන්තිවල නළු නිළියන්ට ගෙවීම් මඳක් සාධාරණ විය යුතුයි. හැම ඉහළ ගෙවීමකම මඳ කප්පාදුවක් සිදුවිය යුතුයි. එහෙම වුණොත් ප්‍රවේශ පත්‍ර මිල ද යම් සාධාරණත්වයකට අලෙවි කරන්න පුළුවන්. හතර දෙනකුගෙන් සමන්විත පවුලක චිත්‍රපටයක් නරඹන්නට ඉන්දියානු රුපියල් 5,000ක පමණ මුදලක් වැය වෙනවා. ලෝක ආර්ථිකය කඩාවැටීම මත ඉන්දියාවේ මිනිසුන්ද පීඩාවට පත්ව ඇති සමයක ඉන්දියානු රුපියල් 5,000ක් කියන්නේ තරමක වැයක්. සමහර විට ඇතැමකු හිතනවා ඇති ඒ මුදලට හොඳ බොජුන් හලකට ගිහින් හතර දෙනා හොඳට රසට කාලා එනවනේ කියලා.

චිත්‍රපට හෝල් එකකට යන්න අනුමාන කරන පවුල් 5ක් එහෙම හිතුවොත් මොකද වෙන්නේ? ඒ නිසා ප්‍රවේශ පත්‍ර ගාස්තු අවම වීමක් විය යුතුයි. ඒ සඳහා සුපිරි පන්තියේ නළු නිළියන්ගේ අයකිරීම්ද සාධාරණ විය යුතුයි.

අනෙක ටිකක් හිතලා බලන්න. 2022 සාර්ථක වූ චිත්‍රපටවල වැඩිපුරම ඉන්නේ නවකයන්. කඩාවැටුණු චිත්‍රපට 20කට වැඩි ප්‍රමාණයක්ම සුපිරි නළු නිළියන්ගේ රංගන දායකත්වය තුළ ප්‍රදර්ශනය වූ චිත්‍රපට. නිෂ්පාදකරුවන්ට එතැනදී සිදුව ඇති අසාධාරණය කොතරම්ද?…’

ඒ, අනින් තදානිගේ අදහස සහ ප්‍රකාශයන්ය.

‘ඒ අදහස අනුමත නොකර ඉන්න බැහැ. ලොකු මුදලක් දීලා හෝල් එකකට යනවාට වැඩිය මගේ දරුවන් සමග ගෙදරට වෙලා කොරියානු ප්‍රේම කතාවක් බලන එක හිතට සුවයක්….’

තදානිගේ ප්‍රවේශ පත්‍ර කතාවට යොවුන් වයසේ දූවරුන් දෙදෙනකු සිටින මවක වන 40 හැවිරිදි ක්‍රිස්ටිනා සුන්දරේසන් සිය අදහස් එලෙස දක්වා තිබිණි.

‘ප්‍රවේශ පත්‍ර අඩු වීමක් වෙනවා නම් හොඳයි. Netflix එකේ චිත්‍රපටයක් බලන්න අපට වැය වෙන්නේ ඉතා සුළු මුදලක්…’

‘කතා සංකල්පයන් වෙනස් විය යුතුයි. බොහෝ විට චිත්‍රපට ප්‍රතික්ෂේප වන්නේ තරුණ පරපුර වෙතින්. නැවුම් තේමා අධ්‍යයනය කිරීම වටිනවා…’

ඒ අදහස් විශ්වවිද්‍යාල සිසුවියන් දෙපළකගෙනි.

ඇත්තටම ප්‍රශ්නය ඇත්තේ කොතැනද? එය Netflix අවුලක්ද? කොරියන් කතා උන්මාදයද ඒකාකාරී සිනමා පට නිසා ඇතිවූ තෙහෙට්ටුවක්ද? නැත්නම් ප්‍රවේශ පත්‍රවල මිල ගණන් අර්බුදයද? මට නම් හිතෙනවා තිර පිටපතෙහි ප්‍රශ්නය කියා.

නවදිල්ලි විශ්වවිද්‍යාලයේ සිසුවියක වන වෛෂ්ණාවී ෂර්මා තම ට්විටර් ගිණුමෙහි එහෙම සටහනක් තැබුවාය.

අලුතෙන්ම අසාර්ථකව සිටින සුපිරි තරු පෙළ අතර අමීර් ඛාන්, සල්මන් ඛාන්, අක්ෂය කුමාර්, සහීඩ් කපූර් සමග රන්වීර් සං ද වේ.

උතුරු ඉන්දීය සිනමාව පමණක් නොව දකුණු ඉන්දීය සිනමාව හෙවත් කොලිවුඩයද මෙම පුපුරා යෑමට මැදිවෙමින් තිබේ. ඒ, සියලු ව්‍යසන මැද ෂාරුක් ඛාන් තම නවතම සිනමා පටය ගැන නැවුම් බලාපොරොත්තු තබා ඇත.

‘සියලු බිඳවැටීම් අවසන්ව අලුත් ආරම්භයක් සමග ‘ජවාන්’ ඔබ වෙත එනු ඇත…’

ෂාරුක්, ජවාන් පිළිබඳ තබා ඇති විශාල සිහින ප්‍රමාණය ඔහු හිතන්නේ ප්‍රේක්ෂකයන් මෙයින් නව උදානයකට පත්වනු ඇතැයි කියාය. සිය ට්විටර් ගිණුමේ ඉහත සටහන ඔහු තැබුවේ එනිසාය.

කිං ඛාන්ගේ පැතුම සඵල වෙයිද…?

‘ජවාන්’ සඳහා නළු නිළියන් තේරීමේ මෙහෙවරද භාරගත්තේ ෂාරුක්ය. විජය සේදුපති, දීපිකා පදුකෝන් සමග දමිළ නිළි නයනතාරාද ෂාරුක් සමග ‘ජවාන්’ වෙත එක්වී ඇත.

2023 ජනවාරි තුන්වැනිදා ‘ජවාන්’ කලඑළි බහින්නට සූදානම් වන්නේ දමිළ බස ඇතුළු භාෂා හතරකින් සමන්විතවය.

හිස්ව යමින් පවතින චිත්‍රපට හෝල් පුරවන්න ජවාන් සමත්වෙයිද?

නැත්නම් කඩාබාන්දු වෙමින් පවතින ඉන්දියානු සිනමාවේ තවත් එක් නිර්මාණයක් ලෙස එය පාඩු පිට හකුළා ගැනීමට ෂාරුක්ගේ සුන්දර බිරිය වූ ගෞරිට සිදුවේවිද?

කිං ඛාන් පවුලේ ආදරණීය නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයන් ‘ජවාන්’ පිළිගනු ඇතැයි බොහෝ දෙනකුගේ මතය වේ. කෙසේ වුවද බොලිවුඩය පුපුරා යෑමේ ආරම්භයට තිත වැටේවා යන්න කාගේත් පැතුමය.

අපේ අසල්වැසියන් වෙනුවෙන් අපිද ප්‍රාර්ථනා කරමු. ශ්‍රී ලාංක්ය සිනමාවට සිදුවූ ශෝකාන්තය ඉන්දියානු සිනමාවට කිසි දිනෙක සිදු නොවේවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් මේ කියන ගෝඨාගෙ-මහින්දගෙ-බැසිල්ගෙ රූකඩය කවුද? (VIDEO)

Next Post

ගිනි ගත්ත පේදුරුතුඩුව සිසිල් කරපු යාපනේ රියෝ! එයා දැන් ලොකු ළමයෙක්…!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.