• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි මල්ලට ආදරේ දාලා ලක්ෂ පහක් නොමිලෙම දීපු ඇත්ත මිනිස්සු I Sri Lanka Latest News

December 21, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වෙද්දී සල්ලි කියලා කියන්නේ විශාල අවශ්‍යතාවක්. මිනිස්සුන්ට ඇත්තටම සල්ලි නෑ. සල්ලි තිබුණත් ඒ ලැබෙන මුදලින් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් වෙනදා රුපියල් 500කින් කරපු දේවල් කරන්න දැන් රුපියල් 2500ක් විතර වියදම් වෙනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් බවටත් පත්වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් ඇඳුමක පැලඳුමක මිල දැන් රුපියල් 3,000 ඉඳලා තමයි ආරම්භ වෙන්නේ.(Sri Lanka Latest News)

ඒ වගේම සාමාන්‍යයෙන් සෙරෙප්පු දෙකක් මිලට ගන්න රුපියල් 2,500ක් විතර වියදම් කරන්න සිද්ධ වෙනවා විලාසිතාමය ආකාරයේ සෙරෙප්පු දෙකක් දාන්න නම්. ඇතැම් වෙලාවට සාමාන්‍ය සෙරෙප්පු දෙකක් රුපියල් 700ක් 800ක් දක්වා මිල ඉහළ ගිහින්. මේවායේ ගණන් හිලව් හදලා බලන්න ගියොත් ගොඩක් දේවල මිල නොහිතන විදියට වැඩිවෙලයි තියෙන්නේ. මේ විදියට මිල වැඩිවීම කියන එක රටේ ප්‍රශ්නයක් බවත් දැන් අපට ටිකෙන් ටික අමතක වෙමින් යනවා. ඒකට හේතුව මිල වැඩිවීම සාමාන්‍ය වුණාම අපට ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැම තැනම එහෙම වුණාම අපටත් ඒකට මුහුණ දෙන්න වෙනවා.

මේ විදියට මිල වැඩිවෙලා හිතාගන්න බැරි විදියට මුදලේ වටිනාකම අඩුවෙලා තියෙන කාලෙක කවුරු හරි කෙනකුට සල්ලි ටිකක් ලැබුණොත් ඒ සල්ලි ටික තියාගන්නවා ඇරෙන්න ඒ සල්ලි ටික තව කෙනකුට ගිහිල්ලා දෙන්න තරම් කෙනෙක්ට හිතක් පහළ වෙන්නේ නෑ. නොහිතපු විදියට මිනිස්සු හොරු වෙලා. මංකොල්ල කනවා. මාල කඩනවා, බෑග් උස්සගෙන දුවනවා. මේ වගේ දේවලුත් සිද්ධ වෙනවා. මේවා නවත්තන්න පොලිසියටත් බැරි තරමටම වැඩි වෙලා. ඉස්සර අපි දන්නවා පිටකොටුවේ පික්පොකට් ගැහුවා නම් ඒ පර්ස් ටික යන්නේ එකම තැනකට. හොඳ සබඳතාවක් තියෙන කෙනකුට පුළුවන් ඒ පර්ස් එක හොයලා දෙන්න.

මොකද ඒක එක ජාලයක් ඇතුළේ වෙන හොරකමක් නිසා. ඒත් අද පර්ස් එක හොයන්න ගිහිල්ලා කතා කළාම අපට ලැබෙන උත්තරේ තමයි අනේ මහත්තයා තරහා වෙන්න එපා දැන් ඉස්සර වගේ නෙවෙයි මේවා ඔක්කොම කරන්නේ එක තැනකින් නෙවෙයි. කොහෙන් කොහෙන් හොරු එනවද, කොහොම පොකට් ගහනවද කියලා අපිටත් හිතාගන්න බෑ, උන්නු ගමන් මතුවෙනවා, නැතිබැරිකම නිසා මිනිස්සු මේවා කරන තැනට පත්වෙලා ඉවරයි කියලා. රටක් පිරිහෙනකොට ඒ රටේ ආර්ථිකය පිරිහෙනවා. ආර්ථිකය කඩාගෙන වැටෙනකොට මිනිස්සුන්ට මොනවා හරි කරලා සල්ලි හොයන්න සිද්ධ වෙනවා. ඒක හරියි කියලා කියනවා නෙවෙයි, නිවැරැදි කරනවා නෙවෙයි. වැරැදියි. නමුත් ඒක තමයි ඇත්ත. වැරැදි වුණත් වෙන්නේ ඒක නම් අපිට කරන්න දෙයක් නෑ. අපිට ඒක දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙලා තියෙන්නේ.

එහෙම කාලෙක තමන්ගේ අතට ලැබුණු සල්ලි ටික ආපහු ගිහිල්ලා දෙන ජාතියේ මිනිස්සු ලංකාවේ ඉන්නවා නම් ඒ අය ගැන අපි ලියන්න ඕනේ. සමහරු නම් හිතයි මේ යකාට පිස්සු කියලා. මේ කතන්දරය ඔබට කිව්වට පස්සේ ඔබේ අතට මේ මොහොතේ ලක්ෂ ගණනක මුදලක් ලැබෙනව, කිසිම සාක්ෂියකින් තොරව, කවුරුවත් දන්නෙත් නෑ, කාටවත් දැනගන්න විදියකුත් නෑ, එහෙම වුණොත් ඔබ මොකද කරන්නේ? ඇත්තටම උපකල්පනය කළොත් රුපියල් ලක්ෂ ගානක් තමන්ගේ අතට එකපාර ලැබුණොත් ඇත්තටම අපට මතක් වෙන්නේ අපිට කරන්න තියෙන වැඩ ටික.

අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ ගෙදර අය, මේකෙන් සතුටු වෙයි, ඒ අයට දේවල් අරන් දෙන්න පුළුවන් වෙයි, කෑම බීම ටිකක් ගෙදරට ගෙනියන්න පුළුවන් වෙයි වගේ දේවල් ටිකක් තමයි අපේ ඔළුවට එන්නේ. හැබැයි ඔබේ ඔළුවට මෙන්න මෙහෙම දෙයක් එනවා නම්, මේ සල්ලි කාගෙ හරි වෙන්න ඇති. අහිංසක මනුස්සයෙක්ගේ වෙන්න ඇති. ඒ මනුස්සයාට වුවමනාවල් ගොඩක් ඇති. ඒ මනුස්සයත් මං වගේම කෙනෙක් වෙන්න ඇති. ඒ මනුස්සයට මේ සල්ලිවලින් කරන්න දේවල් කොච්චර තියෙන්න ඇද්ද? ඒ නිසා මේ සල්ලි ආපහු ඔහුට ගිහිල්ලා දෙන්න හිතෙනවා. මේ කතන්දරය මම තවමත් නොකියා අටුවා ටීකා කියමින් ඉන්නේ ඒකට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගන්න ඕනේ හින්දා.

එක් වරක් ලියුම්කරු සතු යම් සබඳතා මත ඇසුරු කරන්න ලැබෙනවා එක්තරා පුද්ගලයෙක්. මේ පුද්ගලයා වෘත්තිකයෙක් විදියට කරන්නේ පික්පොකට් ගහන එක. අපි මුලදී කිව්වනේ පික්පොකට් ගහන එක සිද්ධ වෙන්නේ එක ජාලයක් විදියට කියලා. පිටකොටුව ආශ්‍රිතව කරපු ඉතාම ගැඹුරු නිරීක්ෂණ රාශියක් ඔස්සේ ලිපි ලියපු ලියුම්කරුට මේ විදියේ පික්පොකට්කාරයෝ නමින් හඳුන්වන ඉතා හොඳ ගුණයහපත් මිනිස්සු මුණගැහිලා තියෙනවා.

ඔවුන් හොරු තමයි, හැබැයි මනුස්සකම අතින් ඔවුන් හරි පොහොසත්. සාමාන්‍යයෙන් එළි පිට හොරකම් නොකර, රහසේ හොරකම් කරන මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු හොරු වුණත් හොඳයි කියන එක පටන් ගනිද්දීම ලියලා තියන්න ඕනේ. මේක කියෙව්වට පස්සේ ඔබ හිතන්න එපා හොරුන්ට මම ආවඩනවා, හොරු හරි හොඳයි කියනවා කියලා. එහෙම නෙවෙයි මේ කතාව අපි තේරුම් අරගමුකෝ.

මේ පුද්ගලයා වරක් ලියුම්කරුගෙන් අහනවා ‘සර් මට උදව්වක් කරන්න. මෙන්න මේ බෙහෙත් තුණ්ඩුවේ තියෙන බෙහෙත්වල විස්තරය මට හොයලා දෙන්න’ කියලා. ඒක ඇත්තටම ලේසි වැඩකුත් නෙවෙයි. අපි බෙහෙත් තුණ්ඩුවේ විස්තරය හොයලා දුන්නාම ඒක හෘද රෝගියෙක්ට ලබාදිය යුතු බෙහෙත්. ඒවා සංකීර්ණ හෘද රෝගයකට ලබාදිය යුතුයි. ඒ පුද්ගලයා පදිංචිවෙලා හිටියේ පුත්තලමට එහා මුන්දලම කියන ප්‍රදේශයේ කියලා තමයි අපට මතක.

මේ පික්පොකට් ගහන මනුස්සයා කරන්නේ අර බෙහෙත් තුණ්ඩුව අයිති කෙනාව හොයාගෙන ගිහිල්ලා ඔහුගේ පර්ස් එක දීලා, ආපහු එනවා. එහෙම සමාජයක් තමයි මේක. ඒ නිසා හොඳ නරක හරි වැරැදි කියලා ඉරි ගහලා වෙන්කරන්න අමාරුයි. මිනිස්සු මේ වෙලාවේ නරකයි, හැමෝම වැඩ කරන්නේ නරක විදියට, තමන් ගැන විතරක් හිතලා කියලා තාර්කිකව දේවල් අපට කියන්න බෑ. මොකද එහෙම නැතිව වැඩ කරන අයත් ඉන්නවා. මේ කතාව අපි කියන්න යන්නෙත් එහෙම කෙනෙක් ගැන.

මේ පුද්ගලයා තමන්ට ලැබුණු මුදල් ටික ආපහු ගිහිල්ලා දුන්නු ඇත්තම වීරයෙක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පැය 48ක් ඇතුළත අපි ගෝඨාගෝගම ඉවත් කළා! අවුරුදු 30ක් තිබ්බ යුද්ධය ඉවර කළා වගේ කුඩු-පාතාලයත් ඉවර කරනවා! කවුරු මොන බලපෑම් කරන්න ආවත් මම ඇමැතිකමේ ඉන්නකම් ඒවට ඉඩදෙන්නේ නෑ! අපිට ගැහුවොත් අපිටත් ගහන්න වෙනවා! පොලිස් ඇමැති ටිරාන්ගෙන් තවත් සැර කතාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

එක එක වෙසින් එක එක තාලෙන් සල්ලි හොයන ගොබ්බ යක්කු I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.