බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.Sri Lanka Latest News
කවුරු පහර දුන්නත් අඩියක් හෝ පස්සට යෑමට සූදානම් නැති බවද ඔහු සඳහන් කළේය.
තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව පැවසූ අමාත්‍යවරයා වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොළඹ මෝදර ප්‍රදේශයේදී පෙරේදා(20) පස්වරුවේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.
එවැනි තීරණයක් පාතාලය සහ මත්කුඩු අවසන් නොකළහොත් මේ ප්‍රශ්නය කිසි දිනක විසඳිය නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කුමන තරාතිරමක කාගෙන් බලපෑම් එල්ලවුවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ ක්‍රියාවලිය අඩියක් හෝ ආපස්සට නොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.
“කවුරු බලපෑම් කරන්න ආවත්, මම මේ ඇමතිකමේ ඉන්නකල් කාටවත් බලපෑම් කරන්න දෙන්නේ නෑ. අද මං දැක්කා දාලා තියෙනවා මම කිව්වා කියලා මිනිස්සු මරන්න කියලා. මම කිව්වේ මිනිස්සු මරන්න නෙමෙයි. අපේ පොලීසිය ඔපරේෂන් කරනකොට අපිට ගැහුවොත් අපිටත් ගහන්න වෙනවා. ඒ දේ මම කිව්වා. අපිට එහෙම තීරණයක් අරගෙන මේ වැඩ කටයුත්ත කළේ නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් ඉවර කරන්න වෙන්නේ නෑ. ඉස්සර ලොකු කුඩුකාරයෙක් ඇල්ලුවහම බලවතෙක්ගෙන් කෝල් එකක් එනවා. අරින්න කියලා. මට එකක් කියන්න පුළුවන් අපේ ජනාධිපතිතුමත් මාත් ඉන්න කල් එවැනි දේවල්වලට අපි ඉඩ තියන්නේ නෑ. සමහර නීතිඥවරු ගැන මම කතා කළා කියලා සමහර නීතිඥවරු කලබල වෙලා. මං කිව්වේ ඇත්ත. අපේ රටේ ඉන්නවා ලොකු නීතිඥ මහත්වරු. කුඩු නඩු ගෙනාවහම අපිට ඒවා භාරගන්න බෑ කියනවා. නමුත් අතලොස්සක් ඉන්නවා මිලියන, බිලියන ගණන්වලට ඒවා කතා කරනවා. ඒ අය කියනවා ඕන නඩුවක් කතා කරන්න අයිතිය තියෙනවා කියලා. මාත් කියනවා එහෙම තියෙනවා. නමුත් ඒවා සදාචාරාත්මකද කියන එක තමා මම කිව්වේ. වැඩබලන පොලිස්පතිව පත් කරනකොට අපි මොන තරම් ප්‍රශ්න තිබුණ ද? ජනාධිපතිතුමාට මොන තරම් පෙෂර් එකක් දුන්නද පිට මිනිස්සු. ඒ අය කවුද කියලා මම බලාගෙන යනකොට, එයාලා තමා මේ කුඩු නඩුවලට කතා කරන නීතිඥ මහත්වරු. ඔය කවුරු පහරදුන්නත් මට මම අඩියක්වත් පස්සට ගන්නේ නෑ…