අම්මෙක් වෙනවා කියන්නෙ ලස්සන හීනයක්. හැබැයි ඒ හරි වෙලාවට හරි දවසට හරි විදියට වෙනවා නම් විතරයි. ලෝකෙ එක එක සංස්කෘතීන් ඇතුළෙ විවිධ නියමයන් හදාගෙන හිටියට අපි එහෙම නෑ. අපි කෙළින්ම නිගමනය කරන්න පුරුදු වෙලා ඉන්නෙ අම්ම කෙනෙක් වෙන්න නම් කසාද බඳින්න ඕනෙ. විවාහයක් නැතිව දරුවෙක් ලැබෙන එක ලංකාව වගේ රටක බරපතළ ප්‍රශ්නයක්. ඒක වුණේ කොහොමද කියලා හොයන්න තරම් විවෘත නොවෙන අපි ඒ ඒ අයට ඇඟිල්ල දික් කරන්න කලබලයි. (Sri Lanka Latest News)
මේ සිදුවීම ඉතාම භයානක ඇත්තක්. සමහර විට ඔබ ඒ ගැන දන්නවා ඇති. ඒ අවුරුදු දහතුනක දැරිවියකට හදිසි උදරාබාධයක් හැදීමත් එක්ක පටන් ගන්න කතාව. ඈ පුංචි දැරියක්. මාපිය ආදරයත් එක්ක ඒ හැදෙමින් උන්නෙ. කවුරුවත් ඈ ගැන කියන්න වරදක් දැන නොඋන් බවයි අහන අහන අය කියන්නෙ. ඒක මහ පුදුම දෙයක් නෙමෙයි. අවුරුදු දහ තුනක් වුණු පුංචි දරුවෙක් නරක වෙන්න බෑ. එහෙම වෙන තැන් නෑ නෙමෙයි. ඒත් එහෙම වෙලා බෑ.
මේ දරුවගෙ කතාව ඉතාම සංවේදී වෙන්නෙ ඇගේ බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය තැනදි. ඇගේ බඩේ අමාරුව සම්බන්ධව පරීක්ෂණ කීපයක්ම කරනවා. ඒවායෙ ප්‍රතිඵල ඉතාම ගැටලුකාරී නිසාම නැවත නැවත පරීක්ෂණ කරනවා. අවසානයේ ඒ පරීක්ෂණ ප්‍රතිඵලය පිළිගන්න සිද්ධ වෙනවා. අකැමැත්තෙන් වුණත් අවසානයේ ඒ ප්‍රතිඵලය ඉදිරිපත් කරනවා.
‘එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා’ කියලා. වෙන වෙලාවක නම් උඩ පැනලා නටන්න හිතෙන සතුටක් වුණත් මේ වෙලාවෙ ඒක ඇඟ කිලිපොළා යන තරමෙ භයානක ආරංචියක් වෙනවා.
‘ඒක එහෙම වෙන්න බෑ’ කියලා ඒ දරුවා කෑ ගහලා ඇඬුවා කියලා ඒ ඇඬුමෙ හඬ අහන්න දෙයියෙක් හිටියෙ නෑ. පිහිටක් වෙන්න කෙනෙක් හිටියෙත් නෑ.
‘කොහොම ද එහෙම උනේ?’ කියලා එක එක විදියට ඇහුව අම්මට තාත්තට උත්තරයක් දෙන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ. මේ වෙලාවෙත් නෑ. ගහලා බැණලා ඇහුවත් දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ.
‘හරි අපි විද්‍යාවෙන් බලමු’ කියලා මේ වෙලාවෙ දොස්තර මහත්තුරු ඇගේ කන්‍යාභාවය පිළිබඳ පරීක්ෂණයක් කරනවා. ඒ හරහා තමයි ලිංගික ප්‍රවේශයක් වෙලා තියෙනවද කියන එක දැනගන්න පුළුවන් වෙන්නෙ. බොහෝ විට මේ කාරණාව හංගන්න බෑ. කන්‍යාභාවය නොපිහිටීම ස්වභාවික වුණත් ලිංගික ප්රවේශයකදී කන්‍යාභාවයට හානි නොවීම ඉතාම අස්වාභාවිකයි. ඒත් ඈ ඒ පරීක්ෂණයෙන් සමත් වෙනවා.
‘ඈ කන්‍යාභාවය සහිතයි’
මේ උත්තරය හරිද වැරදිද කියන එකට එකම එක උත්තරය තිබුණෙ මරිය මව්තුමිය ගාව. මරිය මව්ගේ කතාව විතරද මේ විදියට සාක්ෂියක් වුණේ කියලා හොයන්න සිද්ධ වුණා.
‘අනේ එයා එහෙම ළමයෙක් නෙමේ, එහෙම දෙයක් තියා ඒ දරුවට සම්බන්ධයක්වත් තිබිලා නෑ’ කියන කතාවත්, ඒ දරුවා දිගින් දිගටම කියපු කාරණාත් එක්ක මේ වෙලාවෙ ඔප්පු කරන්න ලෝකයෙන් සාක්ෂි හොයන්න සිද්ධවුණා. මෙන්න මේ වෙලාවෙ තමයි හොයාගන්නෙ ජෝන් හොප්කින්ස් සරසවියේ පරීක්ෂණයක් ගැන. ඔවුන් සිංගප්පූරුවෙ රෝහල් ආශ්‍රිතව කරපු පරීක්ෂණයක් හරහා ඔප්පු කරගත්තා මේ කාරණාවම. ඔවුන් කියනවා ‘කන්‍යා ගැබ් ගැනීම’ සිදුවිය හැකි බව. මේ පරීක්ෂණය ඔස්සේ තහවුරු වෙන්නෙ මේක ඉතාම විශාල අහඹුවක් නොවන බව. කාන්තාවන් හත්දහස් අටසිය හැත්තෑවකින් හතළිස් පස් දෙනෙක් මෙවැනි ගැබ්ගැනීම් සහිත බව ඔවුන් ඔප්පු කරනලා පෙන්වනවා. ඒ විදියට ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව 0.8%ක් බවයි විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන්නෙ.
මේ වෙලාවෙ අන්තර්ජාලයෙ ලිපි සහ සමහර පරීක්ෂණ වාර්තාවලට අනුව ශුක්‍රාණුවක් දින පහක් දක්වා සජීව තත්ත්වයේ පවතින බවක් සඳහන් වෙනවා. ඒ පරීක්ෂණ තත්ත්වයේ හෝ ශීතකරණ ලද ශුක්‍රාණුවක් නෙමෙයි. එහෙමනම් මේ කාලය ඉතාම වැඩියි. මේ විදියෙ ජීව ශුක්‍රාණුවක් කාන්තා හර්භාෂයකට, ගැබ් ගැනීමකට සූදානම් අවස්ථාවක ඇතුළු වුණොත් මේ විදියෙ ගැබ්ගැනීමක් වෙන්න පුළුවන් බව කියනවා. සාමාන්‍ය ගමේ ගොඩේ ආච්චි අම්මලා දරුවන්ට ‘පිරිමින්ගෙ සරං අඳින්න එපා’ වගේ දේවල් කියන්නෙ මෙන්න මේ නිසා. ඒ නිසා අවසන් නිගමනය වෙන්නෙ මේ ගැබ් ගැනීම ඒ විදියෙ ආගන්තුක ශුක්‍රාණුවක් අනාරාධිතව පදිංචි වීමක ප්‍රතිඵලයක් බව. ඒත් ඒ හරහා මේ දරුවගෙ ජීවිතයට සහ ඒ දරුවගෙ කුසෙන් බිහිවෙන දරුවට සිද්ධ වෙන දේ මොකක්ද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම මේ දරුවට තව දුරටත් පාසල් ශිෂ්‍යාවක් විදියට කටයුතු කළ හැකිද කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් මේ ගැටලු සියල්ල විශේෂ තත්ත්වයක් යටතේ සලකා බලන ලෙස අපිට සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්න වෙනවා.
මේ වෙලාවෙ ‘මේ දරුවා වැරදි නෑ’ කියන එක ප්‍රසිද්ධියෙම කියන සියලු පාර්ශ්වවලට අපි අපේ ආචාරය පුදකරනවා. නමුත් මෙන්න මේ වෙලාවෙ අපිට ආයෙත් ගබ්සාව කියන මාතෘකාව කතා කරන්න පටන් ගන්න වෙනවා.
ජීවන පහන් තිළිණ