• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක එක වෙසින් එක එක තාලෙන් සල්ලි හොයන ගොබ්බ යක්කු I Sri Lanka Latest News

December 21, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හාමුදුරු කෙනෙක්ගෙ වෙස් අරගෙන… කනට කරාබුවක් එහෙමත් දාලා… විකාර කියවලා…

පහුගිය දවස්වල මොකෙක්ද මන්දා එකෙක් භික්ෂුවක් විදිහට වෙස් වළාගෙන තමන්ගේ සිවුරු ඇඳුම් ආයිත්තම් එහෙම ඇඟේ දාගෙන මොන මොනවදෝ බහුබූත කියන වීඩියෝ වගයක් සමාජ මාධ්‍ය ජාලගත වුණා. ඔහු නිතරම ඉන්නේ ඔන්ලයින්. ගොඩක් තරුණ තරුණියෝ කියන කතාව මේ තමයි සමාජ මාධ්‍යවල හැඩේ.(Sri Lanka Latest News)

අපි මේ ප්‍රශ්නෙ අල්ලගත්තේ බුද්ධාගමේ කියන මාතෘකාවෙන් වුණාට ඇත්තටම මේක අල්ලගත යුත්තේ සමාජ මාධ්‍ය කියන තැනින්. ඒකට හේතුව බුද්ධාගමට නිගරු කිරීම අපහාස කිරීම කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් බුද්ධාගමට අගෞරව කිරීම සිද්ධ කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. ඔවුන් ඒක සිද්ධ කරන්නේ බුද්ධාගමට අපහාස කිරීම හරහා ඔවුන්ට ලැබෙන ඉහළ වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන්.

නමුත් සමාජ මාධ්‍ය තුළදී සමාජය බලන කියවන යම් දෙයක් ඔහු ඉදිරිපත් කරනවා නම් ඒකෙන් සමාජයට සිද්ධ වෙන විරෝධය කොච්චර වුණත් ඒකෙ තියෙන නරක කොච්චර විශාල වුණත් එහෙම එකක් ඉක්මනින් සමාජගත කිරීමේ හැකියාව තියෙන බව දන්න නිසා සමාජ ජාලකරුවෝ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මේ දේවල් කරනවා. ලෝකය පුරාම මෙහෙමයි. ඉන්ස්‍ටර්ග්‍රෑම් වගේ තැනකදී නිරුවත්, අඩ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ පළකිරීම ඒ වගේම අපි දන්නවා යූටියුබ්වලදී අද වෙද්දී විශේෂයෙන්ම ඉන්දියානුවන්, ඉන්දියානු කාන්තාවන් යොදාගෙන ඔවුන්ගේ නිරුවත පෙනෙන ආකාරයේ, ඔවුන්ගේ යට ඇඳුම් පේන ආකාරයට සමහර පටිගත කිරීම් සිද්ධ කරනවා.

මේවායේදී සමහර වෙලාවට අපිට පිටින් පේන්නේ නැටුමක් විදියට වුණාට ඒක ඇතුළේ තියෙන්නේ ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම හෝ කොටසක් පේන්න සැලැස්වීම. මේවා අද වෙද්දී ලෝකයේ ඉතාම දරුණු විලාසිතාවක් බවට සහ ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඒ ව්‍යාපාරයේම කොටසක් විදියටයි ලංකාවෙත් මේ දේවල් සිද්ධ වෙන්නේ. අපි දන්නවා ඉතාම ආසන්න කාලයේදීත් එක්තරා විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තු ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක්ව අත්අඩංගුවට ගන්නවා ඔවුන් ලිංගික දර්ශන සහිත වීඩියෝ පටිගත කරලා ඒවා අලෙවි වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ පළකළා කියලා. ඔවුන් විශාල ආදායමක් ලබන්නට මේ දේ කළ බව ඔවුන් කියනවා. ආශ්‍රිත විශාල රටවල්වල පවා සිද්ධ වෙන ඉතාම භයානක කටයුත්තක්. මේ කටයුත්තේදී ඔවුන් තමන්ගේ නිරුවත ලෝකෙට පෙන්නලා ඉන් යම් ආදායමක් ලබනවා. අපි දන්නවා ජනප්‍රිය ඉන්දියානු නිළියකුත් මේ වගේ කතන්දරයකට මුල්වෙලා හිටියා. ඇය තමන්ගේ ජීවිතේ පටන් අරගත්තේ නිල් චිත්‍රපටවලට පෙනී හිඳිමින්.

ඇය අද ඉතාම ප්‍රබල බොලිවුඩ් නිළියක් බවට පත්වෙලා තියෙනවා. ඇය කියනවා ඇයට සල්ලි නැති නිසා ඇගේ පෙම්වතා එක්ක පළමු වීඩියෝ එක කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ කියලා. ඒකෙම දිගුවක් විදිහට තමයි ලංකාවෙ මේ භික්ෂුවක් විදියට පෙනී සිටීමත් සිද්ධවෙන්නේ. ඒ නිසා පන්සලෙන් මේක අල්ලගන්නෙ නැතුව මේක අල්ලන්න ඕනේ සමාජ මාධ්‍ය තුළින්. සෝෂල් මීඩියා ඇතුළේ සිද්ධ විය හැකි දරුණු සහ නරක කටයුතු ගැන හොයන්න පටන්ගත යුතුයි. එතැනදී මේක හොයාගන්නේ සහ ඔහුව අත්අඩංගුවට ගන්නේ මේ චීවරය බල්ලෙක්ට ඇන්දුවා කියන තැනදී පමණයි. නමුත් ඔහු සිවුර බල්ලෙක්ට අන්දනකන් හිටියේ ඇයි කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ.

මොකද මේ දේ වෙන්න කලින් ඔහු ඉතාම නරක ආකාරයට හැසිරෙන විදියේ ඡායාරූප වීඩියෝ ගොඩක් සමාජ මාධ්‍ය තුළට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන භයානකකම තමයි ඒ පුද්ගලයාට ලැබෙන අනවශ්‍ය ප්‍රසිද්ධිය. ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට රට ඇතුළේ පත්වුණාම ඔහු කළේ මොකක් වුණත් ඔහු ඉතාම ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට සමාජය ඇතුළේ යම්කිසි පිළිගැනීමක් ඇතිවෙනවා. මෙන්න මේ පිළිගැනීම තමයි තියෙන භයානකම දේ. මේ පිළිගැනීම ඇතුළේ සමාජයේ අද ගොඩක් රූපවාහිනී මාධ්‍යවල පවා, පුවත්පත් මාධ්‍යවල පවා මේ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ පුද්ගලයාව තමන් වෙත ගෙන්නගන්න, තමන් ඔහුගෙන් ප්‍රශ්න අහන්න උත්සාහ කරනවා.

අපි දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෝ තමයි අවශ්‍ය වෙන්නේ දේශපාලනයට. ඒ නිසා මේ ප්‍රසිද්ධ පුද්ගලයා බවට පත්වෙච්ච කෙනා අනාගතයේ දේශපාලනයට එන්න බැරිකමකුත් නෑ. ඒ නිසා වඩාත් කල්පනාකාරී විය යුත්තේ සමාජ මාධ්‍ය හැසිරවීමේදී ඔවුන් විසින් සිද්ධ කරන යම් යම් කාර්ය සම්බන්ධව. ඒක නිසා සමාජ මාධ්‍ය පරිහරණය කිරීම සම්බන්ධව විශේෂයෙන්ම නීති පැනවිය යුතුයි. ඒ වගේම සමාජ මාධ්‍ය සම්බන්ධව සාක්ෂරතාවක් ඇති කළ යුතුයි.

සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ නිශ්චිත අධීක්ෂණයක් වහාම සිද්ධ කළ යුතුයි. මේ සියල්ලම දැන් හැකි ඉක්මනින් සිදුකළ යුතු බවයි අපිට පේන්න තියෙන්නේ. මොකද මේක ඇතුළේ අපි බුද්ධාගමට අගෞරව කරනකන් පරක්කු වුණොත් එහෙම ඊළඟ පියවර මොකක් වෙයිද කියලා අපි දන්නේ නෑ. මොකද සිවුරක් ඇඳගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් නොවන කෙනෙක් තමන්ට ඕනෙ විදිහට හැසිරෙනවා කියන්නෙම දැන් සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සීමාමායිම් පැනලා කියන එක ඔබට හොඳටම අවබෝධ වෙනවා ඇති.

සමාජ මාධ්‍ය හරහා මුදල් ලැබෙන නිසාම ඒවා අවභාවිත කිරීම වැරදි දෙයක්. ඒ වගේම සමාජ මාධ්‍ය සඳහා නිසි නියාමනයක් නොතිබීමත් භයානක ප්‍රශ්නයක්. ඒ නිසා හැම වෙලාවකම මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩ වැඩියි. අද වෙනකොට ලංකාවෙ ජනගහනයෙන් භාගයකට වඩා වැඩි පිරිසක් සමාජ මාධ්‍ය පරිශීලකයො. ලෝකයේත් බිලියන හතරකට අධික අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණයක් ඉන්නවා.

ඒ නිසා අද මේ තත්ත්වය හැකි ඉක්මනින්ම පාලනය කරන්නම වෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සල්ලි මල්ලට ආදරේ දාලා ලක්ෂ පහක් නොමිලෙම දීපු ඇත්ත මිනිස්සු I Sri Lanka Latest News

Next Post

ඊළඟ මාස 12 අමාරුයි! අමාරුයි! අමාරුයි! I Sri Lanka Latest News

MORE NEWS

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!
Exclusive

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

Load More
“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” !  තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News
Exclusive

“සිරිමා… මෝඩ මිනිහෙක් මට වෙඩිතිබ්බා… ඒ මිනිහට අනුකම්පා කරන්න…” ! තල්දූවේ සෝමාරාම භික්ෂුව රොස්මිඩ් ගෙදරටම ඇවිත් අගමැති බණ්ඩාරනායකට වෙඩි තියයි ! Sri Lanka Latest News

මෙරට රාජ්‍ය නායකයන් සහ දේශපාලකයන් කිහිප දෙනකුම සාහසිකයන් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳ අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද,...

Read more
සර්ව පාක්ෂික ආණ්ඩු කතා නෑ! 19 යළි ගේන්න! පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ගේන එක ගැන කතා කරන්න සජබෙ ජනාධිපති හමුවෙන්න සූදානම්!

සජිත් – රනිල් හමුවෙයි ! සාකච්ඡාව පැය එකහමාරයි! Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.