• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ..! නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ…! දුවේ ඉතින් මට සමාවෙන්න…!

January 30, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ..! නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ…! දුවේ ඉතින් මට සමාවෙන්න…!
Share on WhatsAppShare on Facebook

ගැහැනියක් තරම් දුක් උහුලන, දුක් දරාගන්න වෙනයම් කෙනෙකු මේ ලෝකයේ නැහැ. ඇයට ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන දුක් අනන්තයි අප්‍රමාණයි. දරුවෙක් බිහි වුණාම ඒ පවුල සතුටෙන් ජීවත් වෙනවා. ඒත් ඇතැම් මවුවරුන් තමන්ගෙ කුසින් බිහිකළ දරුවන්ව මහමඟ, කුණුගොඩවලට දමා යන්නේ උතුම් දරු සෙනෙහසට නිගා කරමින්. ජීවිතයේ කුමක් හෝ ප්‍රශ්නයක් නිසා තමන්ගේ දරුවා වෙනත් කෙනකුට හදාවඩා ගන්නට දෙන මවුපියන්ද සිටිනවා. නමුත් ඒ දරුවාගේ දෛවය අනුව ඔහුගේ අනාගතය යහපත් හෝ අයහපත් වන්නට පුළුවන්. එලෙස හදාවඩාගන්න මවුපියවරුන් ඒ දරුවා හදවතින්ම වැලඳගෙන තමන්ගේම දරුවකු මෙන් ඔහුට උපරිම ආදරය රැකවරණය ලබාදෙන අවස්ථාද අප අසා දැක තිබෙනවා. එලෙස හැදීවැඩෙන දරුවන් යහපත් පෞරුෂයකින් යුක්තව ලෝකයට වැඩදායක පුද්ගලයන් බවට පත්වෙනවා. දරුවෙක් බිහිවුණාම ඒ දරුවා කුණු ඇලකට වීසිකරන, හුස්ම ටික හිරකරන ලෝකයක දරුවන්ව එසේ රැකබලාගන්නා එවැනි යහපත් මවුපියවරුන් සිටීම කොයි තරම් නම් භාග්‍යයක්ද?

අම්මා කෙනකු සහ දරුවකුගේ බැඳීම හරිම ශක්තිමත් එකක්. කිසිදු දිනෙක ඒ බැඳීම බිඳින්නට බැහැ. දස මාසයක් කුස තියාගෙන දරුවෙක් මේ ලෝකෙට බිහිකිරීම තුළ ඇත්තේ එවැනි නොබිඳිය හැකි ආත්මීය ශක්තියක්. කොයි ආකාරයට සඟවන්නට උත්සාහ කළත් යම් මොහොතක ඒ බැඳීම යළි එක්වන බව සදාතනික සත්‍යයකි.

ඒ උතුම් සත්‍යය ගැන කියැවෙන වටිනා කතාවක් අපට පසුගියදා අහන්නට ලැබුණා. මාස තුනක් වයසැති තම බිළිඳිය විදෙස් ජාතික යුවලකට ලබාදී, වසර ගණනාවකට පසු එම බිළිඳිය වැඩිමහලු කාන්තාවක් වී තම සැබෑ මව සොයා නැවත අප රටට පැමිණි පුවත එලෙස අසන්නට ලැබුණු අනුවේදනීය කතාවයි.

‘මෙයා ඇල්ලට එන්නේ දවස් තුනක් නතර වෙන්න Arawe Retreat එකට. ඉෂංක දිල්ෂාන් රත්නායක අයියාට එතැනදි ඒ කතාව එයා කියනවා. ඉෂංක අයියා ඒ කතාව මට කතා කරලා කියනවා. මෙයා ඉපදිලා තියෙන්නේ ලංකාවේ. ඒ අම්මා‌‌ගේ දුප්පත් අසරණකම නිසා මෙයාව හදාගන්න නෙදර්ලන්ත යුවලකට දීලා. එතකොට මෙයාට වයස මාස තුනයි. අපිට තිබුණේ ඒ අම්මාගේ ෆොටෝ එකකුයි උපන් දිනයයි, ඒ ගෑනු ළමයා ඉපදුණු ඉස්පිරිතාලයයි විතරයි. මමයි මගේ ළඟම යාළුවෙකුයි ඒ හොස්පිට්ල් එකට ගිහින් විස්තර ටික අරගෙන ඒ අම්මාව හොයාගෙන ගියා. අවසානයේ අපට ඒ අම්මාව හොයාගන්න පුළුවන් වුණා. අවුරුදු 38කට පස්සේ ඒ අම්මාට තමන්ගේ දරුවා හමුවුණා. දැන් එයාට වයස 38යි අම්මාට 58යි….’

මේ, පසුගියදා සමාජ මාධ්‍යයේ දැකගන්නට ලැබුණු ඉතා සංවේදී පුවතක්. ඇය නමින් මරිජ්කෙ ක්‍රිමර්ස්. නෙදර්ලන්තයේ ජීවත්වන්නේ. ඇය ඇල්ලට එන්නේ දවස් තුනක් නතර වෙලා ලංකාව ගැන සංස්කෘතිය ගැන දැනගෙන නිවාඩුවක් ගතකරලා යන්නයි. මරිජ්කෙ ක්‍රිමර්ස් පදිංචි වී සිටින්නේ නෙදර්ලන්තයේ ඔරිස්කොට්වල. ඇය නෙදර්ලන්තයේ අධ්‍යාපන ආයතනයක මනෝ උපදේශන සේවාවක් පවත්වාගෙන යනු ලබන අතර, ඇය නෙදර්ලන්තයේ විශාල ව්‍යාපාරයක ව්‍යාපෘති කළමනාකාරීත්වයද දරනවා. ඇයව දකින ඕනෑම කෙනකුට හිතෙන්නේ ඇයට ලංකාවේ ගතිපැවතුම් තිබෙන බවයි. ඇය ලංකාවේ ඇල්ලේ Arawe Retreat කියන නිවාඩු නිකේතනය වෙන් කරනකොට තමන් මේ ලෝකෙට බිහිකළ සැබෑම අම්මාව ඇස්දෙකට දැකගන්න ලැබෙයි කියලා මොහොතකටවත් හිතන්න නැතුව ඇති. ඇය ලංකාවට ආවේ මිතුරියන් දෙදෙනකුද සමගයි. වාසනාවට ලංකාවේ මිනිස්සු ඇයට ඇගේ අම්මාව සොයාගන්න උදව් කෙරුවා. Arawe Retreat කළමනාකාරීත්වයත් මේ ගැන දෙවරක් හිතුවේ නැහැ, ඔවුනුත් ඇයට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඔවුන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත විය යුතුයි. තමන්ගේ අම්මාව අවුරුදු 38කට පස්සේ සොයාගන්න හැකිවුණේ ඔවුන් ලබාදුන් විශාල සහයෝගය නිසයි.

‘මව්රට’ පුවත්පතේ අප මේ සුවිශේෂ සිදුවීම පිළිබඳ විමසන්නට ආරාවේ රිටි්‍රට් තානායමේ ඉෂංක දිල්ෂාන් රත්නායක මහතාව සම්බන්ධ කරගත්තා.

‘මරිජ්කෙ ඇවිත් නැවතුණේ ඇල්ලේ අපේ තනායමේ. බුකින් එකක් දාලා නතර වෙලා දවස් දෙකක් යනකොට මම එයත් එක්ක කතා කළා. මොකද එයාට තියෙන්නේ ලංකාවේ තරුණියකට බොහෝ සමාන පෙනුමක්. ඇය ඇගේ කතාව මට කිව්වේ කලක පටන් ඇගේ හිතේ තිබුණු වේදනාවද සමගයි. මට හැඟුණු විදියට ඇයට මාස තුනක් විතර වනවිට ඇ‌ගේ අම්මා නෙදර්ලන්ත යුවලකට ඇයව හදාගන්න දීලා තිබෙනවා. ඇය හරිම වාසනාවන්තයි. ලංකාවට ආව පළමු වතාවෙදීම ඇගේ අම්මාව මේ තරම් ඉක්මනට සොයාගන්න ලැබීම ලොකු වාසනාවක්. එය ඇය ලැබූ භාග්‍යයක්. මේක ඇය අම්මා සොයා ආපු ගමනක් නෙවෙයි. ඇය ගෙස්ට් හවුස් එකේ ඉන්න අතරතුරදී අම්මාව වරින් වර සිහෙනෙන් දැක තිබෙනවා. ඇය මට කිව්වා ඇගේ අම්මාව හොයාගන්න තිබුණා නම් හොඳයි කියලා. අපි කවුරු හරි උදව්වක් ඉල්ලුවාම දෙපාරක් හිතන්නේ නැහැ. පුළුවන් දෙයක් නම් කරලා දෙනවා. අපි මේ වැඩේ භාරගත්තා. ඇය ළඟ තිබුණේ පින්තූර වගයකුයි රත්නපුර හොස්පිට්ල් එකේ ඉපදුණු දිනයයි විතරයි.

මරිජ්කෙ කිව්වේ, ඇයව නෙදර්ලන්තයේ අම්මලාට හදාගන්න දුන්න හින්දා තමයි අද හොද ජීවිතයක් ගතකරන්නේ කියලා. ලංකාවේ හිටියා නම් ඇයට මොන වගේ තත්ත්වයක් උදාවෙයිද දන්නේ නැහැ කියලත් ඇය කිව්වා.

මම ඊට පස්සේ මේ තරුණියගේ බලාපොරොත්තුව ඉෂ්ට කරදෙන්න කටයුතු කළා. ඇය අපේ ගෙස්ට් හවුස් එකට ආවේ පසුගිය 12 වැනිදා. ඇය ආපසු 16 වැනිදා ලංකාවෙන් ගියේ. ඇය මට ඇගේ විස්තරය හරියටම කිව්වේ 14 වැනිදා. ඇය තරුණ වියට එළැඹෙනකොට ඇගේ පෙනුම, සමේ පාටත් එක්ක දැනගෙන තියෙනවා නෙදර්ලන්තයේ ඉන්නේ ඇගේ ඇත්ත අම්මා තාත්තා නෙවෙයි කියලා. මම මගේ මල්ලි කෙනකුට මේ ගැන කිව්වා. එයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු නිසා මේ ගැන ඉක්මනින් සොයාගන්න හැකිවුණා. ඒ මල්ලී පින්තුර සහ විස්තරත් එක්ක රත්නපුර හොස්පිට්ල් එකේ ලේඛනාගාරයට ගියා. මල්ලි‌ගේ උත්සාහය නිසාම මේ ගැන ඔවුන්ට සොයාගන්න පහසු වුණා. පසුව මල්ලිලා කලවානේ ග්‍රාමසේවක මහත්මාගෙනුත් මේ ගැන අහලා තිබුණා. ඒත් එහෙම කෙනෙක් නැහැ කියලා තමයි ඔහු කියලා තිබුණේ. මොකද උප්පැන්නෙට දීලා තියෙන්නේ අම්මාගේ නමේ කොටසකුයි තාත්තාගේ නමේ කොටසකුයි, ලිපිනයක් නැතුව. අම්මාගේ පළාත කලවාන කියලා සඳහන් වෙලා තිබුණේ. වැඩිපුරම අපි හෙව්වේ එහේ වුණත් එහෙන් හොයාගන්න බැරිවුණා. කොහොම හරි ලොකු පරිශ්‍රමයකින් පස්සේ ඇගේ ඇත්තම අම්මාව සොයාගන්න පුළුවන් වුණා…..’

මේ අම්මාගෙයි දුවගෙයි මුල්ම හමුවීම සිදුවුණේ රත්නපුර පන්සලේදී. පන්සලට ගිය හැමොගේම ඇස්වලට කඳුළු ඉණුවා‌ මේ සිදුවීම දැකලා. තමන්ගේ ලෙයින් වදාපු දරුවා උස්මහත්වෙලා අවුරුදු 38කට පස්සේ දැක්කාම මොනවා හිතෙන්නට ඇතිද? විටෙක පසුතැවෙන්න ඇති. ඒත් ඒ අතීත සිදුවීම එක්ක එදා ඇයට කරකියාගන්න දෙයක් තියෙන්න නැතුව ඇති.

මේ අම්මා තම අතීතය පිළිබඳ ආවර්ජනය කර තිබුණේ මේ ආකාරයටයි.

‘මගේ පළමු කසාදේ ස්වාමි පුරුෂයාගේ අම්මාගේ කීම්වලටයි අපිට ජීවත්වෙන්න වුණේ. අපි දෙන්නා වෙන්වුණා. ඒත් මේ දරුවන් අසරණ වෙන නිසා ලොකු දුවව හදාගන්න නෙදර්ලන්ත යුවලකටත්, බාල දියණියව පිලිපීන යුවලකටත් දුන්නා….’

මේ අම්මා නැවතත් විවාහයක් කරගැනීමට අවශ්‍යතාවක් තිබී නැතත් ඇගේ වැඩිමහල් සහෝදරියගේ බලපෑම මත ඇය නැවතත් විවාහ වී තිබෙනවා. ඒ විවාහයෙන් ඇයට පිරිමි දරුවන් තිදෙනකු සිටින බවයි ඇය කියා සිටියේ.

එදා රත්නපුර පන්සලේදී මේ අම්මා තමන් බිහිකළ ආදරණීය දියණිය වැළඳගෙන උණුසුම් වුණා. ඒ ලේවල බැඳීම ඔවුන්ට දැනුණා. අවුරුදු ගණනක් හිතින් සෙවූ තමන්ගේ ඇත්තම අම්මා ඇයට හමුවුණා.

මේ අසරණ අම්මා අවුරුදු 38කට කලින් තමන්ගේ පුංචි කිරිකැටියාව දුරු රටකට දුන්නේ නරක හිතකින් නෙවෙයි. ඇයට මුහුණ දෙන්නට සිදුවුණු දුක් ගැහැට නිසයි. තමන්ගේ දියණියට යහපත් ජීවිතයක් උදාකර දෙන්නටයි ඇය එහෙම කළේ. ඒ සිහිනය සැබැ වෙලා අද ඒ අම්මාගේ ඇස් ඉදිරිපිටටම ඇවිත්.

මේ දියණියට ජීවය දුන් පියා ජීවතුන් අතර සිටියත් ඔහු මේ වන විට අංශභාග තත්ත්වයෙන් පසුවන බවද දැනගන්නට ලැබුණා.

මරිජ්කෙ ලංකාවේ සංස්කෘතිය සහ භාෂාව ගැන ඉගෙනීමට ආශාවෙන් පසුවන බවත්, ඇය නෙදර්ලන්තය බලා ගියේ දහසකුත් බලාපොරොත්තු ඇතිව බවත්, ඉදිරි දිනෙයකදී යළි පැමිණිීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඉෂංක දිල්ෂාන් මහතා අප සමග පැවැසුවා.

සමහර පවුල් ජීවිත අවුල් වුණාම අසරණ වන්නේ පුංචි කිරිසප්පයන්. ඒ අවස්ථාවල දරුවන් මරාදමන්නට, දරුවන් මහමඟ දමායන්නට කටයුතු කරන මවුපියන් ඕනෑ තරම් සමාජයේ සිටිනවා. එවැනි පිරිස් මැද මේ අම්මා වාසනාවන්ත කාන්තාවක් ලෙස හඳුන්වාදීම නුසුදුසු නැහැ. ජීවිතයට පැමිණි දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට නොහැකිව ආදරණීය දියණිය දුරු රටක නන්නාඳුනන කාන්තාවකට භාරදුන් මේ අම්මාගේ සොඳුරු සිහිනයක් අද සැබෑවෙලා. අවුරුදු 38ක් නොදැක සිටි තම දියණිය රටට ලෝකයට බරක් නැති, පිරිපුන් වනිතාවක්ව ඇති අයුරු දකින මේ අහිංසක අම්මාට කොයි තරම් සතුටක් දැනෙනවා ඇද්ද? ඇත්තෙන්ම ඇය වාසනාවන්ත අම්මා කෙනෙකැයි අප කියන්නේ එනිසාමය…



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පොලිසියේ මහත්තයාගෙන් මගේ නෝනව බේරලා දෙන්න! සැමියෙක් පොලිසියටම ඇවිත් පැමිණිල්ලක් කරයි! කලින් බහින්බස්වීමකුත් වෙලා!

Next Post

දෙමළ සන්ධානය නිදහස් උළෙල වර්ජනය කරන්න තීන්දු කරයි! කළු දිනයක් ප්‍රකාශයට පත් කරයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.