මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පසුගියදා සිදුවූ තවත් අලුත්ම ඩීල් එකක් පිළිබඳ තොරතුරු රටට හෙළිකිරීමට සූදානම්ය. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් මූලිකත්වය ගෙන තිබුණේ ඩීල් දේශපාලනයේ විශාලම භූමිකාවක් නියෝජනය කරන කන්ද උඩරට සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකි. කලක් මේ ව්‍යාපාරිකයා ප්‍රසිද්ධ දේශපාලනයේ සිට මේ වන විට දේශපාලනයට සමුදී තිරය පිටුපස සිට දේශපාලන ඩීල් දමමින් සිටින්නකු ලෙස ප්රකටය. පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම මේ දේශපාලකයා ඉතා රහසිගතව සජබ මන්ත්‍රීවරුන් සමග කතා කරමින් ඔවුන් ආණ්ඩුවට එක්කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියේය. එක් අවස්ථාවකදී මේ ඩීල් ව්‍යාපාරිකයා ප්‍රකාශ කොට තිබුණේ ඉකුත් අයවැයේදී සජබ මන්ත්‍රීවරුන් 40ක් පමණ ආණ්ඩුවට එක්වනවා යැයි කියාය. නමුත් ඔහුගේ එම මෙහෙයුම අසාර්ථක විය.Sri Lanka Latest News
මීට සති කිහිපයකට ඉහතදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකොට ඇති දැවැන්ත ගොඩනැගිල්ක පිහිටි නිවාස සංකීර්ණයක විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මේ ඩීල් ව්‍යාපාරිකයා කටයුතු කොට තිබිණි. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් 4 දෙනකුට පමණ ඊට ආරාධනා කර තිබූ අතර, අප කිසිසේත්ම නොසිතන නීති ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටින පුද්ගලයකුටද එම සාකච්ඡාවට එන ලෙස මෙම ව්‍යාපාරිකයා ආරාධනා කර තිබිණි. මෙපමණ කල් නීති ක්ෂේත්රයේ ප්‍රවීණයකු ලෙස සැලකෙන එවැනි පුද්ගලයකුද ඊට සහභාගි වී සිටීමෙන් බොහෝ දෙනා පුදුමයට පත්ව තිබූ අතර, ඒ පිළිබඳ සොයා බැලීමේදී මීට පෙර අවස්ථාවකදීද මෙම නීති ක්ෂේත්රයේ ප්‍රවීණයා රනිල් හා සජිත් අතර එකඟතාවක් ඇතිකිරීමේ මෙහෙයුමක සිට ඇති බවට තොරතුරු ‘රාජ්‍ය රහස්‘ තීරයට අනාවරණ විය.
රනිල්ට අගමැතිකම
රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති මෙම සාකච්ඡාව ඩීල් ව්‍යාපාරිකයාගේ අවසන් ඩීල් එක ලෙස සැලකිය හැකි ලකුණු පහළ කොට තිබිණේ එහිදී ඉදිරිපත් වූ විශේෂ යෝජනාවක් හේතුවෙනි. මෙහිදී මෙම ව්‍යාරිකයා සාකච්ඡාව ආරම්භ කොට තිබුණේම ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි ස්ථාවරයේ සිටය. මීට පෙරද අප මෙම තීරය ඔස්සේ පෙන්වා දී තිබුණේ ප්‍රධාන පෙළේ ජනමත සමීක්ෂණවලින් සහ ඔත්තු සේවාවලින් කර තිබූ වාර්තා කිරීම්වලින් සජිත් ඉදිරියෙන් සිටින බවකි. ඒ අනුව සජිත් ජනාධිපති වීමෙන් පසු රනිල් අගමැති කිරීම සඳහා මේ ඩීල් ව්‍යාපාරිකයා මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේදී සජබ ජ්‍යෙෂ්ඨයන්ට අලුත් යෝජනාවක් කර තිබිණි. එසේ නොවුණහොත් ජවිපෙ ජයග්‍රහණය කරනු ඇති බවද, ඒ බව සජබයට ඒත්තුගැන්විය යුතු බවද මෙම ව්‍යාපාරිකයා සජබ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී තිබිණි.
මේ සාකච්ඡාවට සහභාගි වූ සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ නම් ගම් සියල්ල අප සතුව ඇති අතර, ඉදිරි තීරණාත්මක මැතිවරණයක් අවස්ථාවේදී ඔවුන් පිළිබඳ තොරතුරු සියල්ල රටට හෙළිකිරීමට අප සූදානම් බවද මෙහිදී සඳහන් කළ යුතුය. මීට අමතරව තවත් කරුණු ගණනාවක්ම මෙම සාකච්ඡාවෙදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්විය. කෙසේවෙතත් අවසානයේදී මෙම යෝජනාව සජිත්ට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ව්‍යාපාරිකයා විමසූ විට සජබ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම කියා සිටියේ තමන්ට එය කළ නොහැකි යැයි කියාය. ඒ නිසා අවසානයේදී එම යෝජනාව සජිත්ට ඉදිරිපත් කිරීමට භාරදුන්නේ එහි සිටි නීති ක්ෂේත්රයේ ප්‍රවීණයාටය. එසේ මෙහෙයුම නීති ක්ෂේත්රයේ ප්‍රවීණයාට භාරදුන් ඩීල් ව්‍යාපාරිකයා කියා සිටියේ වහාම මෙහෙයුම ආරම්භ කරන ලෙසටත්, තමන් අලුත් අවුරුදු නිවාඩුවට සිංගප්පූරු සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවත්ය.
‘දැන් රනිල්ට දිනන්න තියෙන චාන්ස් එක අඩුයි. එයාට පොහොට්ටුව එක්ක ඉල්ලලා දිනන්නත් බෑ. තනිවම ඉල්ලලා දිනන්නත් බෑ. ඒ නිසා හොඳම දේ තමයි සජබෙ ඇතුළට රනිල්ව දාන එක. සජිත් ජනාධිපති වුණාම රනිල් අගමැති කරන යෝජනාව ඕගොල්ලෝ සජිත්ට කියන්න.’ යනුවෙන් මෙම ව්‍යාපාරිකයා අවසානයේදී සඳහන් කොට තිබිණි. ඒ අනුව මෙහෙයුම භාරගත් නීති ක්ෂේත්රයේ ප්‍රවීණයා පසුගිය දිනෙක සජිත්ට දුරකතන ඇමතුමක් ලබාදී වැඩිදුර තොරතුරු නොපවසා විශේෂ කාරණාවකට මුණගැසීමට අවශ්‍ය බව දැනුම් දීමට පියවර ගෙන තිබිණි. නමුත් වටින් ගොඩින් එන කාරණය කුමක්ද යන්න තේරුම් ගත් සජිත් වැඩි ගණනකට නොගෙන ඔහුට දැනුම් දී තිබුණේ ‘හා බලමු’ යැයි කියාය. නමුත් සජිත් ඔහුට හමුවීම සඳහා වේලාවක් ලබාදීමට කටයුතු කොට තිබුණේ නැත. එසේ වුවත් සජිත් ඊට පිළිතුරක් හම්බන්තොට පැවැති ‘සක්වළ’ වැඩසටහනක් අතරතුරදී ප්‍රසිද්ධියේම ලබාදීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ තමන් කිසිදු ලෙසකින්වත් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවත්, රාජපක්ෂවරුන් ආරක්ෂා කරන කිසිවකුත් සමග ඩීල් දැමීමට තමන් කටයුතු නොකරන බවත්, ඒ සඳහා යෝජනා හෝ තමන් වෙත රැගෙන නොඑන ලෙසත්ය.
රංජිත්ගෙන් ලීක් වෙයි
කෙසේ වෙතත් රනිල්ට අගමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන් පැවැති මේ සාකච්ඡාව සම්බන්ධයෙන් කිසිදු කරුණක් පසුගිය සති දෙක ඇතුළත එළියට පැමිණියේ නැත. එය හදිසියේම එළියට ආවේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගි වූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු කියා සිටියේ සජිත්ට ජනාධිපති ධුරය ලබාදී රනිල්ට අගමැති ධුරය ලබාදීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් තමන්ට ලැබී ඇතැයි කියාය. ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවද රංජිත් එහිදී කියා සිටියේය. ඒ අනුව අප සිතන්නේ මද්දුමබණ්ඩාර මෙම ප්‍රකාශය කළේ සජිත්ගේ අනුදැනුම මත යැයි කියාය. මන්ද යත් සජිත් හා මද්දුමබණ්ඩාර අතර පවතින්නේ ඉතා දිගුකාලීන මිත්‍රත්වයකි. බොහෝ දෙනා කියන්නේ සජිත්ගේ ආණ්ඩුවක් යටතේ අගමැති ධුරය මද්දුමබණ්ඩාරට හිමිවනු ඇතැයි කියාය. එම නිසා නිසැක වශයෙන්ම මද්දුමබණ්ඩාර ආණ්ඩුව පැත්තෙන් ආ මෙම යෝජනාව පිළිබඳ සජිත් දැනුවත් කිරීමට කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකිය. ඒ එක්කම ඊට ප්‍රතිචාර වශයෙන් තමන් ආණ්ඩුව සමග හෝ ජනාධිපතිවරයා සමග ඩීල් නොදාන බව සජිත්ද කියන්නට ඇත. තත්ත්වය එසේ වුවද අප කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ ආණ්ඩුව පැත්තෙන් රනිල්ට අගමැති ධුරය ලබාදෙන යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට සැදී පැහැදී සිටින බවකි.
ඊට ඇති ලොකුම බාධාවක් ලෙස ආණ්ඩුව මේ වනවිට හඳුනාගෙන ඇත්තේ ජී.එල්., ඩිලාන්, ගොඩහේවා ප්රමුඛ කොටගෙන සජබය සමග ගොඩනගා ඇති නව සන්ධානයය. එම නිසා ආණ්ඩුව පැත්තෙන් දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටින්නේ මෙම නව සන්ධානය කඩාකප්පල් කිරීම සඳහාය. සජබය ඇතුළේ සිටින ඔස්තාර්ලා එදත් මේ සන්ධානය කඩාකප්පල් කිරීමට උත්සාහ කළා සේම අදත් සිටින්නේ මෙම සන්ධානය කඩාකප්පල් කිරීමේ උත්සාහයකය. නමුත් මේ ඔස්තාර්ලාගේ සහ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලූ විට දෙදෙනා සිටින්නේ අහසට පොළොව මෙන් තැන් දෙකකය. ජී.එල්. යනු විශිෂ්ට දැනුමක් ඇති පිරිසිදු චරිතයක් බව සියල්ලන්ම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ඔහුට කවදාවත් වංචා දූෂණ චෝදනා එල්ල වී නැත. නමුත් මේ ඔස්තාර්ලා මේ වන විට ලොකු උත්සාහයක් දරමින් සිටින්නේ ජී.එල්., ඩිලාන්, ගොඩහේවා, වසන්ත යාපා සන්ධානය කඩාබිඳ දමා රනිල්ව කෙසේ හෝ සජබය ඇතුළට ගෙන ඒමටය.