පාණදුර කෙසෙල්වත්තේ කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යන පොලිස් නිලධාරියකු එම කාන්තාවගේ සැමියාට කළ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පාණදුර උතුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ වාද්දූව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයකුට එරෙහිවය.
තමාට මේ පොලිස් සැරයන්වරයා විසින් මරණීය තර්ජනය කළ බවට වූ පැමිණිල්ල එම කාන්තාවගේ සැමියා විසින් පොලිසියට කර ඇත්තේ පසුගිය 27 වැනිදාය.
පාණදුර කෙසෙල්වත්තේ ගැමුණු මාවතේ පිහිටි නිවෙසට පොලිස් සැරයන්වරයා ගොස් සිටි අවස්ථාවේදී පැමිණිලිකාර සැමියා සහ අනියම් සැමියා වූ පොලිස් නිලධාරියා අතර ඇති වුණු ආරවුලකින් පසු මේ පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ