අලුත් අවුරුද්දට පෙර දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබූ සජිත්-අනුර විවාදය දැන් ඇත්තේ ඇල්මැරුණු තැනකය. ඇත්තම කියනවා නම් ජවිපෙ මෙම විවාදයෙන් ඇනගත්තා යැයි කිවහොත් එය වඩාත් නිවැරැදිය. දැන් ජවිපෙන් කුමක් කියවුණද සජබ – ජවිපෙ ආර්ථික කමිටු අතර පැවැත්වීමට නියමිතව තිබූ විවාදය සජිත්- අනුර විවාදයක් දක්වා තල්ලු වී ගියේ සුනිල් හඳුන්නෙත්ති කට වරද්දාගැනීම නිසාය. සජබය ජවිපෙ ආර්ථික කමිටුවට විවාදයක් සඳහා ආරාධනා කරද්දී එය අනුර – සජිත් අතර විවාදයක් විය යුතු බවට යෝජනා කළේ සුනිල් හඳුන්නෙත්තිය. ඒ අනුව ඒ මොහොතේම මුලතිව්වල සිට ප්‍රකාශයක් කරමින් සජිත්, අනුර සමග විවාද කිරීමට තමන් සූදානම් බව කියා සිටියේය. නමුත් තවමත් අනුර ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ කොට නැත. ඉන් අනතුරුව ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවට පැමිණ මෙම විවාදය සිදු නොවන තැනට ප්‍රකාශයක් කළේය. හරිනි අමරසූරියද මැද්දට පැන ජනාධිපතිවරයාද ඊට ඈඳාගෙන විවාදය සිදු නොවන තැනට කතා කළාය. ඒ අනුව දැන් විවාදය ඇත්තේ සිදුවෙනවාට වඩා සිදු නොවන තැනකය.Sri Lanka Latest News
මේ අතරවාරයේ හඳුන්වෙන්ති විසින් කටවරද්දා ගැනීමෙන් පසු අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව ජවිපෙ පක්ෂ මූලස්ථානයේ සියලු නියෝජිතයන්ට වැඩමුළුවක් සංවිධාන කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබිණි. සාමාන්‍යයෙන් පක්ෂයක වැඩමුළු පැවැත්වීම සාමාන්‍ය සංසිද්ධියක් වුවත් මෙම වැඩමුළුව අතිවිශේෂ එකක් වූයේ එහිදී කතාබහට ලක්වූ කරුණු මුල්කරගෙනය. මෙම වැඩමුළුවේදී ජවිපෙ සහ මාලිමාවේ සියලු දෙනාට දැනුම් දුන් කාරණාව වූයේ දේශපාලන වේදිකාවේදී කතාකළ යුතු මාතෘකා සහ කතා නොකළ යුතු මාතෘකා මොනවාදැයි කියාය. එහිදී සියලු දෙනා එක මතයක සිට කතා කළ යුතු බවත්, ඒ ඒ මාතෘකාවලදී කතා කළ යුතු කරුණු පිළිබඳවත් මෙහිදී දීර්ඝව පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම කතා නොකළ යුතු කරුණු මඟහරින්නේ කෙසේද, ප්‍රසිද්ධියේ කතා කළ යුතු කරුණු මොනවාද, ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවද මෙහිදී සියලු දෙනාටම දැනුම් දීමට ජවිපෙ කටයුතු කොට තිබිණි. දින ගණනක් පුරා පැවැති මෙම වැඩමුළුවෙන් අනතුරුව අපට ඉදිරියේදී ජවිපෙ සාමාජිකයන් සියලු දෙනා එක හඬින් කතා කරන ආකාරය පිළිබඳ දැකගැනීමට හැකි වනු ඇත.