• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Friday, September 29, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අමනුස්සයන්ගෙන් කලාවැව බේරාගනිමු I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive, Holiday, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on FacebookShare on Twitter

අද අපි කැලෑ කොලමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ කලාවැව ජාතික උද්‍යානයේ සංචාරක ව්‍යාපාරය සහ ඒ හා බැඳුණු ප්‍රශ්න කිහිපයක් සම්බන්ධවයි. නියං සමය එළැඹුණු විට කලාවැව ආශ්‍රිත ප්‍රදේශය අලි ඇතුන්, සංචාරකයන් සහ පරිසරලෝලීන්ගෙන් පිරී යන බව හැම දෙනාම දන්නා කරුණක්.(Sri Lanka Latest News)

කලාවැව පරිසර කලාපය පාලනය වෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. මෙම වනෝද්‍යානයට පිවිසීමේදී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට සිදුවුවද මෙහි ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. මෝටර් බයිසිකල්, ත්‍රීවීල්, ට්‍රැක්ටර් වැනි වාහන මෙම වනෝද්‍යානය තුළට ඇතුළත් කළ හැකි අතර, රියැදුරන්ට රිසි සේ එම වාහන එහි ධාවනය කරන අයුරුද දැකගන්නට ලැබෙනවා. නළා හඬ නංවමින්, විදුලි පහන් දල්වාගෙන වන සතුන්ට හානි වන ආකාරයෙන් රථ වාහන සංදර්ශන ඉදිරිපත් කිරීමද සුලබ දසුනකි.

සංචාරකයන් ප්‍රවේශ පත්‍ර මිලදීගෙන වනෝද්‍යානයකට ඇතුළු වන්නේ එහි ඇති ස්වභාවික පරිසරය නිදහසේ විඳගැනීමටයි. එහෙත් මෙම වනෝද්‍යානය තුළදී එලෙස නිදහසේ පරිසර සුන්දරත්වය විඳගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේද යන්න සැකසහිතය. ඊට හේතුව බාහිර පුද්ගලයන් විසින් සංචාරකයන් බියවැද්දීම සහ විවිධ අඩන්තේට්ටම් සිදුකිරීමයි. ලියුම්කරුද පසුගිය දා කලාවැව වනෝද්‍යානයේ කළ සංචාරයකදී මෙම අත්දැකීමට මුහුණ දුන්නා.

වනජීවී කාර්යාලය සිදුකරන්නේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ සංචාරකයන්ට වනජීවී නියාමකයකු ලබාදීම පමණයි. සංචාරකයන් මුහුණ දෙන මෙම ගැටලුවට ඔවුන්ගේ නිසි මැදිහත් වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු යැයි මාධ්‍ය ඉදිරියට පැමිණ පවසන බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සංචාරකයන් නගන ප්‍රශ්නයයි.

ලියුම්කරු මෙම වනෝද්‍යානයේ සංචාරය කළ දිනයේම විදෙස් සංචාරකයන් පිරිසක් එහි පැමිණ සිටියා. ඒ අතර ලොව සුපතළ වනජීවී ඡායාරූප ශිල්පියකුද සිටිනු දක්නට ලැබුණා. ඔවුන් නිදහසේ ඡායාරූප ලබාගනිමින් සිටියදී එක්වරම නළා හඬවමින් යතුරුපැදිකරුවන් කිහිප දෙනෙක් එතැනට කඩාපාත්වුණා.

වන අලින් පන්නා දමමින් විනෝද වුණු එම යතුරුපැදිකරුවන්ට එරෙහිව වචනයක් හෝ කීමට වනජීවී නියාමකවරුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් කළේ ඒ දෙස බලා සිටීම පමණයි. මේ අවස්ථාවේ විදේශීය සංචාරක කණ්ඩායම දැඩි ලෙස අපහසුතාවට පත්වුණු අතර, ඔවුන් පවසා සිටියේ මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවයි. ඔවුන් නැවත වරක් සංචාරකයන් ලෙස අප රටට පැමිණේවිද යන්න සැකසහිතය.

මීට අමතරව කලාවැව වනෝද්‍යාන භූමියේ තැන් තැන්වල මත්පැන් පානය කරමින් විනෝද වන පිරිස් සහ නිදහසේ පෙම්සුව විඳින තරුණ තරුණියන්ද දක්නට ලැබෙනවා. ඔවුන්ට එරෙහිව වනජීවී නියාමකරුවන් නීතිමය පියවර නොගන්නේ ඔවුන් අසල්වාසී ගම්වල පදිංචිකරුවන් බව පවසමිනි. ගම්වාසීන්ට උද්‍යානයට ඇතුළු වීමට අවශ්‍ය නම් හෝ ධීවර කර්මාන්තයේ නියැළීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු වෙනත් පරිසර කලාපයක් වෙන් කර දීම බලධාරීන්ගේ යුතුකමකි. එහෙත් මේ බව පරිසරවේදීන් කොතරම් බලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් කරන්නේ නැත.

සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් උපරිම සාධාරණය ඉටුකිරීමට වනජීවී දෙපාර්තමේන්තුව බැඳී සිටී. එබැවින් බාහිර පුද්ගලයන්ගේ මෙම අනීතික හැසිරීම් පාලනය කිරීමට පොලිසිය හෝ යුද හමුදාව යෙදවීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුමය. එසේ නොවුණහොත් නුදුරේදීම කලාවැව ජාතික වනෝද්‍යාන කලාපය සංචාරකයන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. සංචාරක අමාත්‍යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව භාර මැති ඇමැතිවරුන්ගේ වගකීම වන්නේ අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ නිජ බිමක් වන කලාවැව පරිසර කලාපය ආරක්ෂා කිරීමට කඩිනමින් පියවර ගැනීමය.

සමන් හල්ලොලුව

ShareTweetSendShare
Previous Post

ලස්සනයි කියලා ඔබත් පච්චයක් ගැහුවද? එහෙමනම් ඔයාට මීටපස්සේ මේ දේවල් කරන්න බෑ! භයානක රෝග 4ක් හැදෙන්නත් පුලුවන්! ජීවිතයත් අවදානමේ! වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ආන්දෝලනාත්මක අනාවරණයක! VIDEO I Sri Lanka Latest News

Next Post

හඳට ගිය ඉන්දියාවට විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී සුබ පතයි! එහෙම සුබ පතපු ලංකාවේ පළමු නායකයා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News
Exclusive

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News
Exclusive

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…
Exclusive

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය තවත් කැපිල්ලකට ලෑස්ති වෙයි!
Exclusive

විදුලි බිල යළි ඉහළ දාන්න විදුලිබල මණ්ඩලය ඉල්ලයි! මහජන උපයෝගිතා කොමිසම සලකා බලන්න සූදානමින්! තුන්වැනි පාරටත් මිනිස්සුන්ට කරන්ට් වදින්න ළඟයි වගේ! I Sri Lanka Latest News

Load More
Leave Comment
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

සමාජ මාධ්‍ය පනත ගේන්න ඕනේ ජනමාධ්‍ය අමාත්‍යංශය! හැබැයි ගේන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය! මේ හදන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කරන්න! VIDEO I Sri Lanka Latest News

මර්දනයක් සඳහා පිඹුරු පත් සකස් කරන ආණ්ඩුව දැන් ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක් නිර්මාණය කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා...

Read more
පුතා ආවේ ස්වේච්ඡාවෙන්, එයාගේ විශේෂඥ දැනුම රටට ලබා දෙන්න! ආණ්ඩුවෙන් සත පහක් වියදම් වුණේ නෑ! UN එකේ රැස්වීම්වලට පුතා ආපු එක ගැන අලි සබ්‍රි උත්තර දෙයි! Sri Lanka Latest News

චීන නැව ගැන අලි සබ්‍රි කියපු අලි බොරුව පත්තු වෙයි! සබ්‍රි ඉන්දියාවේදී ‘නෑ’ කියනවා! රනිල් අමෙරිකාවේදී ‘ඔව්’ කියනවා! මොකද්ද මේ විහිළුව! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ අධිදූෂණකාරී ප්‍රතිපත්තිය නිසා IMF එකත් කනස්සල්ලෙන්! ඉලක්ක සපුරා නැති නිසා දෙවැනි වාරිකය ලබා දීමත් නවත්වලා! IMF එක එහෙම කියද්දි මුදල් ඇමැති රටේවත් නෑ! රට බංකොලොත් වෙලා තියෙද්දි නායකයන් මාස්පතා විදේශ සවාරි යනවා! අක්කරේපත්තු රාමක්‍රිෂ්ණ දරුවන්ට සජිත් 79 වන බස් එක බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

ජීවිත තර්ජන එල්ල වෙලා! කුරුන්දි විහාරයේ නඩු කටයුතු කළ මුලතිව් දිසා විනිසුරුවරයා ඉල්ලා අස්වෙයි! අධිකරණ සේවා කොමිසමට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

පන්සල අන්ධකාරේ කෝ මේ ලොකු හාමුදුරුවරු…

විදුලි බිලට තවත් බද්දක් එකතු කරයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version