• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමනුස්සයන්ගෙන් කලාවැව බේරාගනිමු I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive, Holiday, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ කලාවැව ජාතික උද්‍යානයේ සංචාරක ව්‍යාපාරය සහ ඒ හා බැඳුණු ප්‍රශ්න කිහිපයක් සම්බන්ධවයි. නියං සමය එළැඹුණු විට කලාවැව ආශ්‍රිත ප්‍රදේශය අලි ඇතුන්, සංචාරකයන් සහ පරිසරලෝලීන්ගෙන් පිරී යන බව හැම දෙනාම දන්නා කරුණක්.(Sri Lanka Latest News)

කලාවැව පරිසර කලාපය පාලනය වෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. මෙම වනෝද්‍යානයට පිවිසීමේදී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට සිදුවුවද මෙහි ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. මෝටර් බයිසිකල්, ත්‍රීවීල්, ට්‍රැක්ටර් වැනි වාහන මෙම වනෝද්‍යානය තුළට ඇතුළත් කළ හැකි අතර, රියැදුරන්ට රිසි සේ එම වාහන එහි ධාවනය කරන අයුරුද දැකගන්නට ලැබෙනවා. නළා හඬ නංවමින්, විදුලි පහන් දල්වාගෙන වන සතුන්ට හානි වන ආකාරයෙන් රථ වාහන සංදර්ශන ඉදිරිපත් කිරීමද සුලබ දසුනකි.

සංචාරකයන් ප්‍රවේශ පත්‍ර මිලදීගෙන වනෝද්‍යානයකට ඇතුළු වන්නේ එහි ඇති ස්වභාවික පරිසරය නිදහසේ විඳගැනීමටයි. එහෙත් මෙම වනෝද්‍යානය තුළදී එලෙස නිදහසේ පරිසර සුන්දරත්වය විඳගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේද යන්න සැකසහිතය. ඊට හේතුව බාහිර පුද්ගලයන් විසින් සංචාරකයන් බියවැද්දීම සහ විවිධ අඩන්තේට්ටම් සිදුකිරීමයි. ලියුම්කරුද පසුගිය දා කලාවැව වනෝද්‍යානයේ කළ සංචාරයකදී මෙම අත්දැකීමට මුහුණ දුන්නා.

වනජීවී කාර්යාලය සිදුකරන්නේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ සංචාරකයන්ට වනජීවී නියාමකයකු ලබාදීම පමණයි. සංචාරකයන් මුහුණ දෙන මෙම ගැටලුවට ඔවුන්ගේ නිසි මැදිහත් වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු යැයි මාධ්‍ය ඉදිරියට පැමිණ පවසන බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සංචාරකයන් නගන ප්‍රශ්නයයි.

ලියුම්කරු මෙම වනෝද්‍යානයේ සංචාරය කළ දිනයේම විදෙස් සංචාරකයන් පිරිසක් එහි පැමිණ සිටියා. ඒ අතර ලොව සුපතළ වනජීවී ඡායාරූප ශිල්පියකුද සිටිනු දක්නට ලැබුණා. ඔවුන් නිදහසේ ඡායාරූප ලබාගනිමින් සිටියදී එක්වරම නළා හඬවමින් යතුරුපැදිකරුවන් කිහිප දෙනෙක් එතැනට කඩාපාත්වුණා.

වන අලින් පන්නා දමමින් විනෝද වුණු එම යතුරුපැදිකරුවන්ට එරෙහිව වචනයක් හෝ කීමට වනජීවී නියාමකවරුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඔවුන් කළේ ඒ දෙස බලා සිටීම පමණයි. මේ අවස්ථාවේ විදේශීය සංචාරක කණ්ඩායම දැඩි ලෙස අපහසුතාවට පත්වුණු අතර, ඔවුන් පවසා සිටියේ මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවයි. ඔවුන් නැවත වරක් සංචාරකයන් ලෙස අප රටට පැමිණේවිද යන්න සැකසහිතය.

මීට අමතරව කලාවැව වනෝද්‍යාන භූමියේ තැන් තැන්වල මත්පැන් පානය කරමින් විනෝද වන පිරිස් සහ නිදහසේ පෙම්සුව විඳින තරුණ තරුණියන්ද දක්නට ලැබෙනවා. ඔවුන්ට එරෙහිව වනජීවී නියාමකරුවන් නීතිමය පියවර නොගන්නේ ඔවුන් අසල්වාසී ගම්වල පදිංචිකරුවන් බව පවසමිනි. ගම්වාසීන්ට උද්‍යානයට ඇතුළු වීමට අවශ්‍ය නම් හෝ ධීවර කර්මාන්තයේ නියැළීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු වෙනත් පරිසර කලාපයක් වෙන් කර දීම බලධාරීන්ගේ යුතුකමකි. එහෙත් මේ බව පරිසරවේදීන් කොතරම් බලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් කරන්නේ නැත.

සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් උපරිම සාධාරණය ඉටුකිරීමට වනජීවී දෙපාර්තමේන්තුව බැඳී සිටී. එබැවින් බාහිර පුද්ගලයන්ගේ මෙම අනීතික හැසිරීම් පාලනය කිරීමට පොලිසිය හෝ යුද හමුදාව යෙදවීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුමය. එසේ නොවුණහොත් නුදුරේදීම කලාවැව ජාතික වනෝද්‍යාන කලාපය සංචාරකයන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. සංචාරක අමාත්‍යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව භාර මැති ඇමැතිවරුන්ගේ වගකීම වන්නේ අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ නිජ බිමක් වන කලාවැව පරිසර කලාපය ආරක්ෂා කිරීමට කඩිනමින් පියවර ගැනීමය.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ලස්සනයි කියලා ඔබත් පච්චයක් ගැහුවද? එහෙමනම් ඔයාට මීටපස්සේ මේ දේවල් කරන්න බෑ! භයානක රෝග 4ක් හැදෙන්නත් පුලුවන්! ජීවිතයත් අවදානමේ! වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ආන්දෝලනාත්මක අනාවරණයක! VIDEO I Sri Lanka Latest News

Next Post

හඳට ගිය ඉන්දියාවට විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී සුබ පතයි! එහෙම සුබ පතපු ලංකාවේ පළමු නායකයා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.