කිළිනොච්චිය මුලංගාවිල් නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා භටයෙකු මුහුද මැදදී නාවික යාත්‍රාවක් තුළ වෙඩි තබා ගෙන ඊයේ, එනම් 4 වන දා සියදිවි හානි කරගෙන තිබේ. (Sri Lanka Latest News)
නාවික හමුදාවට අයත් යාත්‍රාවක් තුළ වූ ගිණි අවියකින් ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති නමුත් ඊට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙසේ මියගොස් ඇත්තේ සිරිපුර පදිංචි ප්‍රේමරත්න නැමැති නාවික සෙබළාය.
ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මුලංගාවිල් රෝහල වෙත බාර දී ඇති මුලංගාවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
lankasara