බම්බලපිටිය ගාලු පාර හා ඩුප්ලිකේෂන් පාර යන ප්‍රදේශවල විනෝදාස්වාදය සඳහා නොසැලකිලිමත් ලෙස හා ඉතා අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනයේ නිරත වූ 20 දෙනෙකු යතුරුපැදි සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.
එක් දිශාවකට පමණක් දිවෙන මෙම මාර්ගයේ විශාල ශබ්දයක් සමඟ අධික වේගයෙන් හා ප්‍රතිවිරුද්ධ දිශාවට පවා නොහික්මුණු ආකාරයෙන් යතුරුපැදි ධාවනය කරන බවට ජනතාවගෙන් පොලීසියට පැමිණිලි ද ලැබී තිබුණි.
මෙම පිරිස් සෙසු රියදුරන්ට ද අවදානමක් ගෙනදෙමින් ඉදිරියට පැමිණෙන වාහන අතරින් අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන අතර පසුපස රෝදයෙන් පමණක් ධාවනය කරමින් මාර්ගය පුරා ගමන් කරන බවට පැමිණිලි ලැබී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ 05) අලුයම මෙම විශේෂ වැටලීම සිදුකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම පිරිසට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.