කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා VFS GLOBAL සමාගම තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමෙන් තොරව බව වාර්තා වේ.Sri Lanka Latest News
ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසන්නේ විවිධ රටවල විද්‍යුත් වීසා ක්‍රියාවලියට සම්බන්ධ එකම සමාගම මෙය බැවින් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එම යෝජනාව පැමිණි පසු එය අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කර වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කරයි.
ඇමැතිවරයා කියා සිටියේ ඊට ඇමැතිමණ්ඩල අනුමැතිය හිමිවූයේ ඉන් පසුව බවයි.
වීසා ගාස්තුව කුමක් වුවත් එය රජයට ආපසු ලැබෙන බවත් වීසා ගාස්තු මීට පෙර රෙගුලාසිවලට අනුව පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අනුමත කරන ලද බවත් ඔහු සඳහන් කරයි.
ඇමැතිවරයා පෙන්වාදෙන්නේ දැන් හඬා වැලපෙමින් සිටින විපක්ෂය පවා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී එය අනුමත කළ බවයි.
බාහිර සමාගමට ඔවුන් සපයන සේවාවන් සඳහා අමතර ගාස්තු පමණක් ලැබෙනු ඇති බවත් තමන් සිංගප්පූරුවේ සිට ආපසු පැමිණි පසු අද දින මාධ්‍ය හමුවක් පවත්වා සියලු චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය.