හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ඊයේ (05) උදැසන සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබේ. (Sri Lanka Latest News)
පොලීසිය පවසන්නේ ඩුබායි හි සිටින සැකකරු පසුගිය අප්‍රේල් 29 වනදා මෙරටට පැමිණ ඇති බවත් ඔහු මෙම වෙඩිතැබීම සඳහාම පැමිණ ඇති බවට සැකකරන බවය.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරිකයා මෙම වෙඩික්කරුගේ වැඩිමහල් සොයුරියක් සමග විවාහ ගිවිසගෙන සිට ඇති බවත් පසුව ඔහු ඉන් දික්කසාද වී වෙනත් විවාහයක් කරගැනීම හේතුවෙන් වෙඩික්කරු මොහු සමග අමනාපයෙන් සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් වෙඩික්කරු රටින් පලායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක, සැකකරුවන්ගේ මුහුණු ස්වයංක්‍රියව හඳුනාගැනීමේ යන්ත්‍රය මගිනි.
adaderana