• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කිල්ම් ඉෂා’! කටහඬින් තමිල්නාඩුවම හොල්ලන 8 වසරෙ යාපනයේ පුංචි කෙල්ල I Sri Lanka Latest News

July 10, 2023
in Exclusive, Heart, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු සංගීත ලෝලීන් උමතු කළ ඉන්දියානු සංගීත ශිල්පීන් මවිත කළ යොහානි දිලෝකා ද සිල්වා ගැන මතකය තවමත් බොහෝ දෙනකුට අමතකව නැති බව නිසැකය.(Sri Lanka Latest News)

තමන්ගේ එකෙකුට හරියනවාට තියෙන කුහකකමට සමහර ප්‍රවීණයන් වගේම තවත් ඇතැම් පිරිස් යොහානිට කුඩුකේඩුකම් කෙරුවද දිල්ලි ටවුන් එක හොල්ලමින් යොහානි මැවූ විස්කම් නිසා ඇයට ඩුබායි රාජ්‍යයෙන් ගෝල්ඩන් වීසා සම්මානයද හිරිනැමුණා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් මොන විදියට සැලකුවත් යොහානි කියන්නේ ඇගේ මවු රටට කීර්තිය ගෙනා ගායිකාවක්.

යොහානි ගැන මතකය මෙතැනට අරගෙන ආවේ අලුතෙන් ලියන්න යන මේ කතාන්දරයට පහසු ආරම්භයක් ගන්න ඕනෑ හින්දයි. ඒ අලුත් කතාන්දරයට අවශ්‍ය සොඳුරු අටුවා ටීකා සපයන්නේ උතුරෙ ඉන්න පුංචි කෙලි පැංචියක්.

මේ කෙලි පැංචිගේ කතාන්දරය ගැන කියන්න යොහානිව මුලට ගත්තේ ඇයත් යොහානි වගේම ඉන්දියානු සංගීත ශිල්පීන්ව මවිතයට පත්කරපු නිසයි. ඒ විතරක් නෙවෙයි. උතුරුකරයේ එහෙමත් නැත්නම් යාපනයේ උපන්න මේ පුංචි කෙල්ල යොහානි වාගෙම තම මවු රටට කීර්තියක් අරගෙන ආව නිසයි.

පින් පාට හුරුබුහුටි මුහුණක් තියෙන මේ පුංචි දමිළ කෙල්ලගේ නම කිල්ම් ඉෂා. අට වසරේ ඉගෙනගන්න කිල්ම් ඉෂා දාහතර හැවිරිදි යොවුන් දැරියක්. සරස්වතී දේවියගේ අනුහසින් අදහන්නට බැරි කලාකාමී හැකියාවන් අතමිට මොළවාගෙන ඉපදෙන දරුවන් මේ ලෝකේ අනන්තයි අප්‍රමාණයි. කිල්ම් ඉෂාද ඉපදුණේ ඒ වාගේ සහජයෙන් ලැබුණු හැකියාවක් එක්කයි.

ඇයට හිමිව තිබුණේ හරි ළයාන්විතව ගී ගයන්නට පුළුවන් අරුම පුදුම හැකියාවක්. අර ගුත්තිල මූසිල කතාවේ තම ඇකයේ ඉන්න දරුවා බිමට වැටුණත් අම්මා කෙනකුට නොදැනෙන තරමේ දැහැන්ගත වීමක් තුළ මිනිස් සිත් මෝහනය කරන තාලෙට සින්දු කියන්න පුළුවන් හැකියාව කිල්ම් ඉෂාට ලැබුණේ වයස අවුරුදු පහේ හයේ ඉඳලමයි.

කිල්ම් ඉෂාගේ හඬ මධු රයි. මනෝහරයි. ඈ සින්දු කියන විට ඒ ළයාන්විත ස්වරයට අහගෙන ඉන්න ඕනෑම කෙනකුගේ ඇස්වලට කඳුළු උනන්නේ දන්නෙම නැතිවයි. තවත් සිත්ගන්නාසුළු බසකින් කියනවා නම් ඇගේ මිහිරි ගී හඬ භාවනාවක් වාගෙයි කියලා ඒ සින්දු හඬ අහගෙන ඉන්න හැමෝම ඇයට කිව්වේ අවංක සතුටකින්.

බොරු නෙවෙයි මේ කියන්නේ. තම දූ සිඟිත්තට ඇස්වහ වදීවිද කියන බය කිල්ම්ගේ අම්මාට දැනෙන තරමට ඈ සින්දු කියන වෙලාවට හැමෝම වශීකෘත වෙලා වාගෙ තුෂ්ණිම්භූතව බලාගෙන හිටියා.

තමාට උපතින් ලැබුණු මේ හැකියාව ගෙයි මුල්ලට සීමා කරන්න කොහොමවත් මේ පුංචි කෙල්ලගේ හිත එයාට ඉඩ දුන්නේ නැහැ. කුලුඳුලේම ඒ වෙනුවෙන් ඇයට තෝතැන්න වුණේ පාසල් පසුබිමයි. ඉස්කෝලෙ පැවැත්වෙන හැම ප්‍රසංගයකටම ඇය සහභාගි වුණා.

‘ඔයාගේ හැකියාව සුවිශේෂයි. තව හුඟක් දුර ඔයාට යන්න පුළුවන්…’

පාසලේ ගුරුභවතුන්, මිතුරු මිතුරියන්, නෑ හිතවතුන් විතරක් නෙවෙයි, ඇගේ මිහිරි හඬට සවන් දුන් ලංකාවේ දමිළ කලා ශිල්පීන්ද ඇයට නිතරම කිව්වා. නිහතමානීව එයට ප්‍රතිචාර දැක්වූ මේ යොවුන් දැරිය ලංකාවේ පැවැත්වෙන බොහෝ දමිළ සංගීත තරග සඳහා ඉල්ලුම් පත් දැමුවේ තාත්තාගේ අම්මාගේ වාගෙම පුංචි මලයණ්ඩිගේද උදව් ඇතිවයි.

‘එක්සලන්ට් කිල්ම් ඉෂා එක්සලන්ට්… ඔයාගෙ හඬට මම කොහේද ඈතකට පාවෙලා ගියා…’

තරග විනිශ්චය සඳහා පැමිණ සිටින බොහෝ කලා ශිල්පීන් තම අසුනින් නැගිටලාම කිල්ම් වෙනුවෙන් අත්පොලසන් දුන්නේ බොහොම උද්දාමයෙන්. පුංචි පුංචි සංගීත තරගවලට සහභාගි වෙමින් ඔය විදියට යන අතර ඉන්දියාවේ තමිල්නාඩුවල පැවැත්වෙන ජාත්‍යන්තර සංගීත තරග මාලාවකට සහභාගි වීමේ වාසනා මහිමය කිල්ම්ට උදාවුණේ නොහිතපු විදියටයි.

ඒ, ‘සරිගමපා ලිල් චෑම්ප්ස්’ (Sa Re Ga Ma Pa L’il Champs) තරගයයි. එය කිල්ම් ඉෂාට හීනයක් වාගේ වුණාය කිව්වොත් ඒක තමයි ඇත්ත. ලෝකය පුරා නම රැන්දූ ඉන්දියාවේ අතිදක්ෂ සුපිරි මට්ටමේ ප්‍රවීණ දමිළ කලා ශිල්පීන් ජූරියේ අසුන් ගන්න ‘සරිගමපා ලිල් චෑම්ප්ස්’ තරග මාලාවට තමන්ට සහභාගි වෙන්න වරම් ලැබෙයි කියලා කිල්ම් ඉෂා හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ.

සහභාගි වීම පමණක්ම තම ගෞරවය සහ වාසනාව විදියට හිතාගෙන හිටපු කිල්ම් ඉෂාට ‘සරිගමපා ලිල් චෑම්ප්ස්’ සංගීත රියැලිටියේ තුන්වැනි වටයටත් යන්නට තරම් ඇගේ හඬට ජූරියේ ප්‍රවීණයන් වශීකෘතව සිටියේය.

‘ඔව්, මෙන්න දෙවියනේ ශ්‍රී ලංකාවේ යාපනයේ ඉඳන් සරිගමපා ලිල් චෑම්ප්ස්වලට සින්දු කියන්න හැඩකාර පුංචි කෙල්ලක් ඇවිදින්. ඇත්තටම අපට හරිම ආඩම්බරයි දුවේ…’

කිල්ම් ඉෂා තමන්ගෙ විස්තර ජූරිය ඉස්සරහා කියනකොට ජූරියේ අසුන්ගෙන හිටපු කොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ පසුබිම් ගායක සිරිනිවාස් දොරේස්වාමි පුංචි අත්පුඩියකුත් ගහන ගමන් ඇයව පිළිගත්තේ ඒ විදියේ උණුසුමකින්. ඇය හරිම අලංකාරව දෙමළ සින්දුවක් මියුරු හඬින් ගායනා කරනකොට හැටතුන් හැවිරිදි සිරිනිවාස් අසුන මත එහා මෙහා නැළවෙමින් ඇගේ ගීතයට තම අතැඟිලිවලින් තාල දුන්නේ භාවනාවකට සමවැදිලා වාගෙයි.

‘ඔයා නියමයි කිල්ම් ඉෂා. කියන්න වචන නෑ. ඔයාගේ මවු රටට ඔයා ආඩම්බරයක්….’

ගීතය නිමාවෙදී සිරිනිවාස්, කිල්ම් ඉෂාට කිව්වේ ඇස් කෙවෙනිවල කඳුළු පිසදාන ගමන්මයි. ඒ දසුන දුටු සිරිනිවාස්, කිල්ම් ඉෂාට දුන් අගය ඇසූ රියැලිටි තරගය බලන්න පැමිණ සිටි ඕඩියන්ස් එකේ හැමෝම තම තමන් ඉඳගෙන හිටපු අසුන්වලින් නැගිටලා ශාලාව දෙදෙරුම් කන තරමේ විනාඩි ගණනක අත්පුඩි වරුසාවක් කිල්ම් ඉෂා වෙනුවෙන් තෑගි දෙනකොට ඇගේ අම්මා තාත්තා වගේම පුංචි මල්ලිත් හෝගාලා ඇඬුවා.

ඒ තරමට කිල්ම් ඉෂා අගය කළේ ප්‍රවීණ පසුබිම් ගායක සිරිනිවාස් දොරේස්වාමි විතරද?

නැහැ. ජූරියේ අසුන්ගෙන සිටි තවත් සුපිරි චිත්‍රපට පසුබිම් ගායකයකු වූ හතළිස්හත් හැවිරිදි විජය ප්‍රකාශ්ද, සම්මානනීය මලයාලම්, කන්නඩා, තෙළඟු සහ දමිළ සිනමා නිළි හතළිස් දෙහැවිරිදි අභිරාමිද කිල්ම් ඉෂාට දුන් අගය කිරීම හරිම අභිමානනීය විය.

‘කිල්ම් ඉෂා, ඔයාගේ හඬ පුදුමාකාරයි. සුපිරි ගායිකාවක වීමේ හීනයක ඔයා ඉන්නවා නම් කවදාවත් ඒ හීනෙන් ඇහැරෙන්න එපා. ඒ හීනය එක්ක ජීවත් වෙන්න. කවදාක හරි ඔයා ඒ හීනය හැබෑ කරගන්නවා නිසැකයි…’

‘වාව් වාව්…’ කියමින් කිල්ම්ගේ සින්දුව රසවින්ද අභිරාමි කිල්ම් ඉෂාට දුන්නේ ඒ විදියේ කමෙන්ට් එකක්. අභිරාමි ළඟ වාඩිවෙලා උන්න විජය ප්‍රකාශ්ද කිව්වේ,

‘වචන නාස්ති කරන්නේ මොකටද? කිල්ම් ඉෂා මටත් කියන්න තියෙන්නේ අභිරාමි මැඩම් කිව්ව ටිකට සමාන වචන ටිකක් තමා…’ යැයි කීවේ තම දකුණත ඉහළට ඔසවා ඇයට ආචාර කරමිනි.

ඒ සියලු ප්‍රශංසා හමුවේ අගය කිරීම් හමුවේ මේ දාහතර හැවිරිදි නව යොවුන් ආධුනික ගායිකාව මිහිරියාවෙන් පිරි සුමධුර හඬක් හිමි පුංචි තරුව පළමුව මුව පුරා සිනාසුණාය. ඉන් පසු සතුට වැඩිකමට ඉකිගසා හැඬුවාය. ඉන් පසු තම මවුපියන් අබියසට ගිහින් ඔවුන් වැලඳගත්තාය.

‘පුංචි කාලේ ඉඳන්ම අපේ දුව සින්දු කියනවා. අපේ ගේ දොර පිරුණේ ජීවිත සතුටින් ගෙවුණේ එයා හැමදාමත් මුමුණන ලස්සන සින්දු එක්කමයි. හැබැයි මේ හැටි ප්‍රසිද්ධියක්, මේ වාගේ ප්‍රවීණයන්ගේ අගය කිරීමක් තුන්වැනි වටය තෙක් පැමිණෙන මෙහෙම ජයග්‍රහණයක් අපට අත්විඳින්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ…’

කිල්ම් ඉෂාගේ අම්මා ජූරියටත් ඕඩියන්ස් එකේ හැමෝටමත් ඇහෙන්න එහෙම කියනකොට ඇයට ඉකිගසා හැඬුණා. එතැනදී ජූරියේ හැමෝටමත් ඕඩියන්ස් එකේ බොහෝ දෙනකුටත් තම තමන්ගේ ඇස්වලට උනන කඳුළු නවත්තගන්න බැරි වුණා.

මුළු ඉන්දියාව පුරාම භාෂා කිහිපයකින් පැවැත්වෙන ‘සරිගම ලිල් චෑම්ප්ස්’ තරගයට ඇවිල්ලා වට තුනක් වෙනකල්ම එන්න වාසනා මහිමය ලද කිල්ම් ඉෂා අප මවු රටට ගෙන ආ කීර්තිය මොන තරම් අගෙයිද? ඉන්දියාවේ ප්‍රවීණත්වයට පත් කලාකරුවන්ගෙන් මෙතරම් ප්‍රශංසා ලබන්නට යාපනයේ උපන්න මේ පුංචි එකී කොයි තරම් වාසනාවක් කරන්නට ඇතිද? ඒ සියලු මහිමයන් ඈ වෙත ගෙන ආවේ උපතින්ම ඈ ලද මනමෝහනීය හඬය. කාගෙත් හිත දැහැන්ගත කරවන, ඇසට කඳුළක් උනා එන තරමට සංවේදී වූ ඇගේ වොයිස් එකය. රියැලිටි කිරුළ හිමි වුවද අහිමි වුවද කිල්ම් ඉෂා Over the top හඬක් හිමි සුමධුර සින්දුකාරියකි.

මුහුණු පොතේ කිල්ම් ඉෂාට ලැබෙන කමෙන්ට්ස් කොහොමද? යොහානිට වාගෙම මුහුණු පොතේ කට්ටිය ඇයටත් වෙනස්කම් කරනවද?

යොහානිට වඩා කිල්ම් ඉෂා වෙනුවෙන් මුහුණු පොතේ පිරිස සුබ පැතුම් සටහන් කොට ඇත.

එතැන අදහස යොහානිට වඩා කිල්ම් ඉෂා දක්ෂයි කියන එකද?

කිල්ම් ඉෂාගේ වොයිස් එක ප්‍රවීණ දමිළ පසුබිම් ගායක සිරිනිවාස් දොරේස්වාමි කිව්වා වාගෙම සුපිරිය. නමුත් එය යොහානිගේ හඬ සමග සසඳන එක සදාචාරාත්මක නැත. එයට හේතුව මේ ගායිකාවෝ දෙන්නම තම මවු රට ඉන්දීය සංගීත කලාව හමුවේ කීර්තියට පත්කරන්නට සම්මාදම් වීමය.

ඉතින්,
‘මව්රට’ අපි කිල්ම් ඉෂාට ඉතසිතින් සුබ පතන්නෙමු. තව ඉදිරියටත් ‘මව්රට’ට කීර්තිය ප්‍රශංසාව ගෙන එන්නට අවැසි වාසනා මහිමය ඔබට උදාවේවා.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කණ්ඩායම් දෙකක් මරාගත්ත කොළඹ හතේ ඉඩමේ අයිතිකරු එළියට එයි! පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ! පාතාලයයි දේශපාලකයොයි එකතු වෙලා කොළඹ හතේ ඉඩම්වලට ගහන ගේමකුත් එළියට එයි! I Sri Lanka Latest News

Next Post

හාමුදුරුවරුන් ගැන වීඩියෝ හෝ ගාලා ලීක් වෙද්දී එළියට ආපු මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ වීඩියෝවක් ගැනත් ලොකු කතාබහක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.