• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කණ්ඩායම් දෙකක් මරාගත්ත කොළඹ හතේ ඉඩමේ අයිතිකරු එළියට එයි! පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ! පාතාලයයි දේශපාලකයොයි එකතු වෙලා කොළඹ හතේ ඉඩම්වලට ගහන ගේමකුත් එළියට එයි! I Sri Lanka Latest News

July 10, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කණ්ඩායම් දෙකක් මරාගත්ත කොළඹ හතේ ඉඩමේ අයිතිකරු එළියට එයි! පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ! පාතාලයයි දේශපාලකයොයි එකතු වෙලා කොළඹ හතේ ඉඩම්වලට ගහන ගේමකුත් එළියට එයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියදී මියගොස් ඇතැයි කියනු ලබන පුද්ගලයකුට අයත් බව කියන කොළඹ 07 බාන්ස් පෙදෙසේ අක්කර භාගයක පමණ ඉඩමක පිහිටි නිවසක් අත්පත් කර ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් 26 දෙනකුගේ කණ්ඩායමක් කැති පොලු සමඟ කුරුඳුවත්ත පොලිසිය විසින් පසුගිය 07 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News

මෙම නිවස දෙසින් වෙඩි හඬක් ඇසුණු බවට මෙදින සවස 6.00ට පමණ කුරුඳුවත්ත පොලිසියට නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී තිබේ. ඒ අනුව කුරුඳුවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඒ ගැන සොයා බැලීමට බාන්ස් පෙදෙසේ අංක 18 දරන නිවසට ගොස් ඇත. එම නිවස දෙමහල් නිවසක් බව පොලිසිය කියයි. එහි ගිය පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ වෙඩි තැබීමක් එහි සිදුව නැති බවය. එහෙත් විසි කැති සහ පොලු මුගුරු ගත් පුද්ගලයන් පිරිසක් රැඳී සිටි බව පොලිසිය කියයි. පොලිසිය එහි යන විට කිහිප දෙනකු පලා ගොස් ඇති බවද සඳහන්ය.

මෙම නිවස ගැන පොලිසිය සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ නිවෙස් හිමියා කාලයක් තිස්සේම ඕස්ට්‍රේලියාවේ රැඳී සිට ඇති බවත් එහිදීම ඔහු මියගොස් ඇති බවත්ය. ඔහු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් බවටද විවිධ කටකතා ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ.

මේ වන විට කැලෑ වැදී මිනිස් වාසයකින් තොරව ඇති මෙම නිවස සහ ඉඩම පිරිසිදු කිරීමේ මුවාවෙන් අත්පත්කර ගැනීමට කිසියම් පුද්ගලයෙකුගේ සැළසුමකට අනුව පිරිසක් මෙහි පැමිණ සිටින බව පෙනී ගිය බැවින් අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට එහි රැඳී සිටි පුද්ගලයින් 27 දෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ ගැන වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ මෙම ඉඩම සහ නිවස අල්ලා ගැනීමට දෙපිරිසක් අතර තරගයක් ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස එක් කණ්ඩායමක් පිරිසක් රැගෙන විත් එහි රැඳී සිට ඇති බවත් වෙඩි හඬක් ඇසුණු බවට දුරකතන ඇමතුම දී ඇත්තේ අනෙත් කණ්ඩායමෙන් බවද සැකයක් මේ වන විට මතුවී තිබේ.

පොලිසිය පවසනුයේ අත්අඩංගුවට ගත් 26 දෙනා ජා-ඇළ – කොටුගොඩ, කොළඹ 02- ඩිස්පෙන්සිල් පටුමඟ, කොළඹ 02- යුනියන් පෙදෙස, දෙමටගොඩ – ඥානවිමල මාවත, දෙමටගොඩ – කැටවලමුල්ල , මරදාන, සෙවනගල, මෝදර – හේනමුල්ල, කොම්පඤ්ඤවීදිය, කිරුලපන, කොළඹ 02 – පල්ලිය පටුමඟ, කොම්පඤ්ඤවීදිය ස්ටුවට් වීදිය, දෙමටගොඩ – මිහිඳුසෙන්පුර, කොළඹ 02- සවුන්කොට්, දෙමටගොඩ – මල්ලිකාරාම මහල් නිවාස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය. මේ අතරින් පුද්ගලයින් 13 දෙනකුම කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවන්ය. ඊට අමතරව දෙමටගොඩ පදිංචි 06 දෙනෙක්ද සිටිති.

ඉඩම සහ නිවස පිරිසිදු කිරීමේ මුවාවෙන් මෙම පිරිස සංවිධානාත්මකව මෙහි රැගෙනවිත් ඇති බවත් නිවස සහ ඉඩම අත්පත්කර ගැනීම සැලසුම වී තිබී ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
කුරුඳුවත්ත ඇතුළු ඒ අවට ප්‍රදේශවල පිහිටි මෙවැනි ඉඩම් අත්පත්කර ගැනීම් කාලයක සිට සිදුවන්නකි. පාතාලයේත් දේශපාලනයේත් හයිය ඇතිව සිදුකරනු ලබන මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයන් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක්ද කලකට පෙර ස්ථාපිත කර තිබුණි.

83 ජූලි කලබලය සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් කුරුඳුවත්ත ඇතුළු ඒ අවට ප්‍රදේශවල පදිංචි යාපනයට සම්බන්ධකම් කී බොහෝ පිරිසක් රට අතහැර යුරෝපය ඇතුළු රටවල් ගණනාවකම පදිංචියට ගියේය. මෙම ඉඩම් වංචාකරුවන්ගේ ග්‍රහණයට ලක්වන්නේ එවැනි අයගේ ඉඩම් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම ඉඩම සම්බන්ධයෙන්ද පොලිසිය කරුණු සොයා බලා ඇතත් වසර ගණනාවක් තිස්සේම මෙම ඉඩම පිහිටි නිවසේ පදිංචියක් තහවුරු නොවන බව එම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරියාද පොලිසියට තහවුරු කර තිබේ.

අඩුම තරමින් ඡන්ද හිමි නාමලේඛනයේද මෙහි පදිංචිකරුවෙක් සොයා ගැනීමට නොමැති බව සඳහන්ය. ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ව මෙහි ගෙන්වූ පුද්ගලයින් ගැනවත් කිසිවක් නිසි ලෙස පවසන්නේ නැති බව පොලිසිය කියයි. ඒ ගැන විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000 බැගින් පුද්ගලික ඇප මත මුදාහැර ඇත. අද (10) දින මෙයට අදාළ නඩුව විභාගයට ගැනීමට නියමිතය.

SendShareShare
Previous Post

අරගලය හමුවේ ජනාධිපති ධූරය අතහැරලා පැනලා ගිය ගෝඨා අවුරුද්දකට පස්සේ ජීවත්‌ වෙන සුපිරි විදිහ එළියට එයි! දීලා තියෙන ගෙවල් ගණන මෙන්න? ආමි එකෙන් දාලා ඉන්න පිරිස මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

‘කිල්ම් ඉෂා’! කටහඬින් තමිල්නාඩුවම හොල්ලන 8 වසරෙ යාපනයේ පුංචි කෙල්ල I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.