• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් වයසට ගිහින් සමහර අයට අවුරුදු 44යි I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ක්‍රිකට් කියලා කියන්නේ දවසෙන් දවස පහළට වැටිලා හිතාගන්න බැරි විදියට අනාථ වෙච්ච දෙයක්. මේක මෙහෙම කියන්නේ අවුරුදු පහේ හයේ ඉඳලා අමාරුවෙන් පොකට් රේඩියෝ එකෙන් ක්‍රිකට් අහපු එකෙක්. පොල්පිතිවලින්, කුරුම්බැට්ටිවලින් ක්‍රිකට් ගහපු එකෙක්. ඉඩ ලැබෙන හැම වෙලාවකම පිට්ටනියට දුවලා ගිහිල්ලා ක්‍රිකට් සෙල්ලම් කරපු එකෙක්. ක්‍රිකට්වලට පට්ට ආදරේ කරපු එකෙක්. ඒ නිසා ක්‍රිකට්වලට බණින්න ඕනෙ නම් කුණුහරුපෙන් හරි බණින්න අයිතියක් අපිට තියෙනවා.(Sri Lanka Latest News)

ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් වඩා අපි ක්‍රිකට්වලට ආදරේ කරනවා. සමහර ක්‍රීඩකයෝ ආදරේ ක්‍රිකට්වලට නෙවෙයි, සල්ලිවලට. ඒක ඒගොල්ලන්ගේ ජොබ් එක. අපිට ක්‍රිකට්වලින් සත පහක් ලැබිලා නෑ. ඒත් අපි ක්‍රිකට්වලට ආදරෙයි. ඇත්තටම අපි හිතනවා ක්‍රිකට්වලට ආදරේ කරන ක්‍රීඩකයෝ ක්‍රිකට්වලට ආවා නම් ක්‍රිකට්වලට මෙහෙම වෙන්නේ නෑ කියලා. ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි බලධාරීනුත් ක්‍රිකට්වලට ආදරේ කරන අය වුණා නම් අද වෙද්දී ක්‍රිකට් තියෙන්නේ මාර තැනක.

දැනුත් ඇත්තටම ක්‍රිකට් තියෙන්නේ මාර තැනක. ඒක අපි හිතනවටත් වඩා මාර තැනක්. මොකද චුට්ටක් එහෙමෙහෙ වුණොත් එහෙම අපිට සිද්ධ වෙනවා ලෝක කුසලාන අනං මනං ඔක්කොටම සහභාගි වෙන එක නවත්තන්න. මේ වතාවේ අපිට චැම්පියන් ට්‍රෝපිවලටත් සහභාගි වීමේ අවස්ථාව අහිමි කරලා දුන්නා අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම. ඒ ගෞරවය අපි ඔවුන්ට ලබාදිය යුතුයි. ලකුණු පනස් ගණන්වලට දැවී යන කණ්ඩායමක් අයි.සී.සී. එකේ චැම්පියන්ස් ට්‍රෝපි වගේ තරගාවලිවලට සහභාගි කර නොගන්න එකත් හොඳයි. මොකද ඊට වඩා හොඳයි නැමීබියාව වගේ රටක් දාගන්න එක. ඒගොල්ලෝ අපිට වඩා හොඳට ක්‍රීඩා කරන හින්දා.

ලංකාවේ ක්‍රිකට් හදන්නේ කොහොමද කියලා කතා කරද්දී හැමෝම කියනවා රට ඇතුළේ ගහන ක්‍රිකට්වලින් තමයි මේක දියුණු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ‘ඒ’ ශ්‍රේණියේ තරග එහෙම නැත්නම් ක්‍රීඩා සමාජ තරග. සමහර රටවල තියෙනවා අන්තර් ප්‍රාන්ත තරග, ක්‍රීඩා සමාජ මට්ටමේ තරග. එංගලන්තේ ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරග. ඒ වගේ රටවල තියෙනවා පළමු පෙළ ක්‍රිකට් කියලා එකක්. පළමු පෙළ ක්‍රිකට්වලින් තමයි ප්‍රධාන ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරෙන්නේ.

ඒ නිසා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඉතා තරගකාරී විය යුතුයි. අපි දන්නවා ඉන්දියාවේ පළමු පෙළ කණ්ඩායම් හතරක් පහක් විතරයි ක්‍රීඩා කරන්නේ. අයි.පී.එල්. පවා ඉන්දියාවේ පළමු පෙළ තරගාවලියක් විදියට අපට මැනගන්න පුළුවන්. අයි.පී.එල්.වලිනුත් සමහර වෙලාවට ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා ජාතික කණ්ඩායමට තේරෙන්න. අපි දන්නවා අයි.පී.එල්. ඇතුළේ ඉතා තරුණ ක්‍රීඩකයෝ දස්කම් දක්වමින් ඉන්නවා. ඔවුන්ට හැකියාව තියෙනවා කණ්ඩායමේ ඔවුන් දක්වන දක්ෂතා මත ඉදිරියට යන්න. මොකද, පළමු පෙළ තරගවලට අවස්ථාව ලැබෙන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බලාගෙන ඉන්න නමුත් ජාතික කණ්ඩායමේ අවස්ථාව නොලැබුණු ක්‍රීඩකයන්.

පළමු පෙළ තරගවලදී දස්කම් දක්වන ක්‍රීඩකයෝ හඳුනාගැනීම සඳහා විශේෂයෙන්ම ජාතික කණ්ඩායමේ තේරීම් කමිටුව එහෙම බලාගෙන ඉන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවයක්. මේ වතාවෙත් පළමු පෙළ ක්‍රීඩක තරගාවලිය පැවැත්වුණා. පළමු පෙළ තරගාවලියේදී අපි දැක්කා දසුන් ශානක වගේ ක්‍රීඩකයෝ හිතාගන්න බැරි විදියේ දස්කම් දැක්වූවා. අවිශ්ක ප්‍රනාන්දු තමයි පළමු පෙළ එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙලා තියෙන්නේ. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය තමයි මේ වෙනකොට කතාබහට ලක්වෙලා තියෙන්නේ. තවත් ක්‍රීඩා සමාජ කීපයක්ම දස්කම් අතර ඉන්නවා. ඔවුන් ගැනත් අපි කතාකරමු පසුව.

මේ කියන්න යන්නේ නම් ලංකාවේ ඩොමෙස්ටික් ක්‍රිකට් එහෙම නැත්නම් පළමු පෙළ ක්‍රිකට් ගැන දුක හිතෙන කතාවක්. එක වෙලාවක අපි දකිනවා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කාලයක් ක්‍රීඩා කරපු චාමර සිල්වා ඉන්නවා මේ ඩොමෙස්ටික් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩා කරමින්. චාමර සිල්වා ඇයි මේ ඩොමෙස්ටික් ක්‍රිකට්වලට සම්බන්ධ වුණේ? චාමර සිල්වා පළමු පෙළ ක්‍රිකට්වලට සහභාගි වුණාම ඒකෙන් අපට ලැබෙන දේ මොකක්ද? ප්‍රශ්නය තමයි චාමරට මේ වෙනකොට වයස අවුරුදු 44යි. මේ විදියට වයස අවුරුදු 40, 41, 42, 43, 39 ක්‍රීඩකයෝ විශාල පිරිසක් ඩොමෙස්ටික් ක්‍රිකට් ගහනවා. ඒගොල්ලන්ගේ වයස අවුරුදු 40 වෙලත් ඒ අය ක්‍රීඩාවෙන් සමුඅරගෙන නෑ.

එක ප්‍රශ්නයක් තමයි මේ ක්‍රීඩකයන්ගෙන් අපේ ජාතික කණ්ඩායම වැඩක් අරගෙනත් නෑ. ජාතික කණ්ඩායමේ ඕනෙ තරම් හිස් තැන් තිබුණා. චාමර සිල්වලා වගේ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට ආවා. ඔවුන් ජාතික කණ්ඩායමේදී දක්ෂතා දක්වලා නැතුවමත් නෙවෙයි. ඔවුන්ට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොලැබෙන්න එක හේතුවක් වුණේ ඒ වෙද්දී ලංකාවේ ජාතික කණ්ඩායමේ හිටපු සනත් ජයසූරිය, අරවින්ද වගේ ක්‍රීඩකයෝ ස්ථාවරත්වයක් ඇතිකරගෙන සිටීම. ඒ නිසා සමහර ක්‍රීඩකයන්ව වැහිලා ගියා.

උදාහරණයක් විදියට ගත්තොත් අවිශ්ක ගුණවර්ධනව වැහිලා යන්නේ සනත් ජයසූරිය නිසා. ජයසූරිය තරම්ම දක්ෂ ක්‍රීඩකයෙක් වෙච්ච අවිශ්කට ජාතික කණ්ඩායමට එන්න බැරිව යනවා. ඒ වගේම මුත්තයියා මුරලිදරන් නිසා රංගන හේරත්ට අවස්ථාව උදාවුණේ නෑ. රංගනට කණ්ඩායමට එන්න අවස්ථාව ලැබුණේ මුරලිදරන් කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සේ. මුතුමුදලිගේ පුෂ්පකුමාරත් ජාතික කණ්ඩායමේ ලොකු අවස්ථාවක් උදාවෙන්නේ නෑ. ඒක අපි දන්නවා.

සමහර ක්‍රීඩකයෝ අවාසනාවන්ත විදියට කණ්ඩායමෙන් ඉවත් වෙලා යනවා. ඒකට හේතුව ඔවුන්ගේත් ප්‍රශ්න. මොකද ඔවුනුත් ඒ මොහොතේදී තමන්ගේ දක්ෂතා අතර නොසිටීම, ඒ වගේම ඔවුන් දක්ෂතා අතර නොසිටියත් කණ්ඩායම ඇතුළට එන්න පුළුවන් නේද කියලා මේ වෙලාවේ අපට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ කාලේ එහෙම එකක් තිබුණේ නෑ. දක්ෂතා අතර නැත්නම් ඔවුන්ට කණ්ඩායමට එන්න බැරිව යන තත්ත්වයක් තිබුණා. ඒ නිසා ඒක සාකච්ඡා කරන්න ඕනේ ඒ මට්ටමෙන්.

කොහොම වුණත් මේ වෙනකොට ලංකාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයෝ තෝරගන්න ඕනේ ඩොමෙස්ටික් ක්‍රිකට්වලින්. මොකද ලංකාවේ ක්‍රිකට් වැටිලා ඉවරයි. ලංකාවේ ක්‍රීඩකයන් සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. බොහෝ ක්‍රීඩකයන්ට විනය චෝදනා තියෙනවා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ පිළිවෙළට ගත්තොත් බොහෝ දෙනෙක් ඉන්නේ විනය චෝදනා සහිතව. කණ්ඩායමේ නායකයෝ උපනායකයෝ බවට පත්වෙන සමහරු ඉන්නවා ඔවුන්ට බරපතළ චෝදනා තියෙනවා. කණ්ඩායම මැච් එක්ක ගහන අතරතුරේදී, තරගාවලියක් අතරතුරේදී හවසට වීඩියෝ ගේම් ගහලා ඔන්ලයින් ඉන්න ක්‍රීඩකයෝ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා.

ඒ ගැන සාකච්ඡා කළ යුතුමයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. මොකද ඔවුන් ඉන්නේ ඒ වෙනකොට ක්‍රිකට් තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිහිල්ලා. ඔවුන් නැවතිලා ඉන්න හෝටල් ගාස්තුව ඇතුළු සියලු දේවල් අයි.සී.සී. එක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් එක විසින් බෙදාහදාගෙන කරන වියදම්. ඒ නිසා ඔවුන් සහභාගි වෙන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින්. හෝටලේ කාමරය ඇතුළේ ඉන්නකොට ඔවුන්ව අපි හඳුන්වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් විදියට. ඔවුන් නියෝජනය කරන්නේ අපේ රටේ ජාතික කොඩිය. ජාතික කොඩිය නියෝජනය කරන ක්‍රීඩකයෙක්ට යම් විනයක් තියෙනවා ක්‍රීඩාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ අවස්ථාවේදී අනාගත නායකයා සහ වර්තමාන නායකයා කියන දෙන්නම ‘පබ් ජී’ ගහනවා. අපි දැක්කා එක වෙලාවක තරගාවලිය අතරතුරේ අපේ ක්‍රීඩකයෝ කාඩ් සෙල්ලම් කරනවා.

ඉතා ඉහළ දක්ෂතා අතර ඉන්න කණ්ඩායමකට ගේමක් නැත්නම් තරගාවලිය ඔවුන් කාඩ් සෙල්ලම් කළාට ප්‍රශ්නයක් නෑ. අනිවාර්යයෙන්ම මේගොල්ලෝ තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ ක්‍රීඩකයන්ගේ වැරැදි අපි සාකච්ඡා කරන්නෙම ඔවුන් නිවැරැදිව දක්ෂතා අතර නැති නිසා. ඔවුන් නිවැරැදිව දක්ෂතා අතර හිඳිමින් තරගාවලිය සඳහා සහභාගි වෙන අතරතුරේ මොනවා කළත් ඒවා සාකච්ඡාවටවත් බඳුන්වෙන්නේ නෑ. ඒ නිසා මේ ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ තමන්ගේ වගකීම හරියට කරන්න. තමන්ගේ වගකීම හරියට කළා නම් මේ ක්‍රීඩකයන්ට කවදාවත් කාගෙන්වත් මෙහෙම චෝදනා එල්ල වෙන්නේ නෑ.

මේ දිගින් දිගටම චෝදනා එල්ල වෙන්නේ ඔවුන් ලකුණු අතර නෑ, ඔවුන් කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරන බව පේන්නේ නෑ. ඔවුන්ට ජයග්‍රහණය පිළිබඳ සේයාමාත්‍ර අදහසක්වත් නෑ, කඩුලු රැකගෙන ලකුණු සංඛ්‍යාවක් ගන්න අපේ ක්‍රීඩකයන්ට බෑ, තරුණ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට එකතු වුණාට ඔවුන් දක්ෂතා දක්වන්නේ නෑ, පළමු පෙළ තරගාවලදී හෝ වෙනත් ජාත්‍යන්තර තරගාවලදී දස්කම් දක්වන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම ඇතුළට ගන්න අපි හිතාගෙන ඉන්නවා ඔවුන් හරි දක්ෂයි කියලා. නමුත් ඔවුන්ගෙන් අවශ්‍ය දේ වෙන්නේ නෑ. උදාහරණයක් විදියට මතීෂ පතිරණ වගේ ක්‍රීඩකයන් දක්වන්න පුළුවන්. නුවන් තුෂාර තරගාවලි කිහිපයක විශාල දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක්. නුවන් තුෂාරට ජාතික කණ්ඩායමේ ඉඩක් ලැබේවිද? ඒක ප්‍රශ්නයක්. නුවන් තුෂාරව ඔවුන් පාවිච්චි කරන්නේ මොනවටද කියන එක අපට තේරෙන්නේ නෑ.

මතීෂ පතිරණ සම්බන්ධයෙනුත් ඒ වගේ තමයි. මතීෂ කියලා කියන්නේ ප්‍රබලම ක්‍රීඩකයෙක්. නමුත් මතීෂගෙන් අපට කිසිසේත්ම ඒ වගේ දක්ෂතා දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ ඉන්න හොඳම පන්දු යවන්නෙක් වන වනිඳු හසරංගගෙන් අපි හරියට වැඩක් ගත්තෙ නෑ. වනිඳු කණ්ඩායම ඇතුළේ ඉන්නවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඔහුව අවශ්‍යම වෙලාවට තරගවලට යොමුකරවන්න. අවාසනාවකට වනිඳු ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන්නේ නෑ ලෝක කුසලාන තරගාවලියේදී.

නමුත් ඔහු එල්.පී.එල්. ගහනවා. වනිඳුව පාවිච්චි කරන්න ඕනේ අල්.පී.එල්.වලටද, අයි.පී.එල්.වලටද එහෙම නැත්නම් ජාතික කණ්ඩායම සමග ලෝක කුසලානයටද? මේ සියල්ල ප්‍රශ්නගතයි. අවුරුද්දක් ඉවර වෙන මේ මොහොතේ මේවා අපට ආයෙත් සාකච්ඡා කරන්න සිද්ධ වෙලා. අපිට සමාවෙන්න අපි මේ ලැයිස්තුව හදනවට. මේ ක්‍රීඩකයෝ දිහා බලාගෙන ඉන්නකොට අපට පේනවා අවුරුදු 40 පැනපු ක්‍රීඩකයෝ ඩොමෙස්ටික් ගහනවා. මේ පන්දු යවන්නන්නට ලකුණු ගහලා වැඩක් තියෙනවද? මේගොල්ලෝ අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ බව ඇත්ත. නමුත් ක්‍රීඩාවේ ජීව ගුණය ඔවුන්ගේ ශරීර තුළ තාම තියෙනවද? ලෝකෙ ඉතාම කලාතුරකින් තමයි අවුරුදු 40 පැනපු ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නේ.

අපි දන්නවා එම්.එස්. දෝනි අවුරුදු 40න් පස්සෙත් ක්‍රීඩා කළා. පාකිස්තානයෙත් ඒ වගේ ක්‍රීඩකයෝ හිටියා. ඒකෙ කිසි ගැටලුවක් නෑ. නමුත් පළමු පෙළ තරගාවලි වගේ අවස්ථාවලදී මේ විදියට වයස්ගත ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා ලංකාවේ ක්‍රීඩකයෝ කොච්චර දියුණු කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන අපට තියෙන්නේ හිතාගන්න බැරි ගැටලුවක්. මොකද අපි හදන්න ඕනේ ලංකාවේ ක්‍රිකට්. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් හිතනවා නම් නෑ දැන් ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියලා, එහෙම නම් මේක ඉවර වෙන්න දෙන්න ඕනේ. ඉවරවෙන්න දීලා රටක් විදියට ක්‍රිකට් ගැන උනන්දු නොවී, ලංකාවේ ක්‍රිකට් නෑ කියලා හිතාගන්න ඕනේ.

ක්‍රිකට් තහනම් කරපු වෙලාවේ තහනම් කරගන්න දීලා පැත්තකට වෙලා හිටියා නම් ඉවරයි. නමුත් අපට එහෙම හිත හදාගන්න බෑ. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට තියෙන්නේ ඔච්චරයි. අපි දැක්කා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ තරගාවලිය ජයග්‍රහණය කරලා කියනවා අපේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන්නේ ඔච්චරයි කියලා. ඉතින් ලංකාවේ අයටත් සතුටු වෙන්න තියෙන්නේ ඔච්චරයි. ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒ නිසා තමයි මේවා මෙහෙම කියන්නේ. දැන් ක්‍රිකට් අපේ නෙවෙයි ඉතින්. ෂම්මි සිල්වලා පහුගිය කාලේ ඒක තේරුම් කරලා දුන්නා අපට. ක්‍රිකට් කියන්නේ අපේ දෙයක් නෙවෙයි ක්‍රිකට් කියන්නේ ඒගොල්ලන්ගේ දෙයක් කියලා. වයසක කට්ටියක් එක්ක ගහන මේ ක්‍රිකට්වලින් නම් ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න බැරි වෙයි. මේ ලැයිස්තුව බලන්නකෝ.

අලංකාර අසංක මේ වෙනකොට ක්‍රීඩා කරන අවුරුදු තිස් අටක ක්‍රීඩකයෙක්. තිලකරත්න සම්පත්ගෙ වයස දැන් අවුරුදු හතළිස් එකක්.

චාමර සිල්වා ගැන අපි කලිනුත් කිව්වා. ඔහුගෙ වයස අවුරුදු හතළිස් හතරක්. ගිහාන් රූපසිංහ තිස්හත් හැවිරිදි ක්‍රීඩකයෙක්. මීට අමතරව අවුරුදු හතළිහ ඉක්මවූ ක්‍රීඩකයො කීප දෙනෙක්ම ඉන්නවා තව. නිසි කල ප්‍රයෝජන නොගත්ත සහ අද ක්‍රිකට් පරිපාලනයට උදව් වෙන්න ඕනෙ අය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පොලිසියෙන් තවත් අංකයක්! ඒක 109…! I Sri Lanka Latest News

Next Post

අවුරුදු 19කට පස්සෙ එළිවෙන අරුම පුදුම රහසක් I Sri Lanka Latest News

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.