• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 19කට පස්සෙ එළිවෙන අරුම පුදුම රහසක් I Sri Lanka Latest News

January 4, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෙසැම්බර් 25 සහ 26 කියන දවස් දෙක නත්තල් සහ පෝය දින විදියට පිළිවෙළින් යෙදීම පහුගිය කාලේ අපේ ජීවිතේ අත්දැකීමක් බවට පත්වෙලා තිබුණේ සුනාමියත් එක්ක. ඇත්තටම මේ යෙදීම ඉතා නරක දෙයක් කියන මානසිකත්වයක් අපේ හදවත් ඇතුළේ නිර්මාණය කරලා ඉවරයි. අපට දැනෙන්නේ කනගාටුදායක සෝචනීය මතකයන්ගෙන් පිරිච්ච, හිත පාරවන අත්දැකීමක්. සුනාමිය දැකලා තියෙන අයට ඒ කතාව එහෙම දැනෙනවා.(Sri Lanka Latest News)

සමහර විට අද වෙද්දී ලංකාවේ ඉන්න අවුරුදු 19ක් වයස තරුණයෝ සුනාමිය ගැන කිසිවක් දන්නේ නෑ. මොකද සුනාමිය එද්දී ඔවුන් ඉපදිලාවත් නෑ. සුනාමිය නොදැක්ක පරම්පරාව විශාලයි. සුනාමිය දැක්ක පරම්පරාවට වඩා නොදැක්ක අය වැඩියි කියලා වෙලාවකට හිතෙනවා. ඒකට හේතුව තමයි දැන් සුනාමියට අවුරුදු 19ක් ගතවෙලා නිසා. සුනාමිය කියන්නේ ඈත තියෙන මතකයක්. අපි විශ්වාස කරනවා අද තරම් සමාජ මාධ්‍ය නව මාධ්‍ය දියුණු වෙලා තිබුණා නම් සුනාමි ව්‍යසනයෙන් මේ තරම් විනාශයක් වෙන එකක් නෑ වගේම සුනාමියෙන් මිනිස්සු මෙච්චර මැරෙන එකක් නෑ කියලා. ඒත් කරන්න දෙයක් නෑ. සියල්ල සිදුවෙලා ඉවරයි. මීට අවුරුදු 19කට කලින් අපේ මතකයන් සියල්ල කැටිකරගෙන ඒ මිනිස්සු සමුඅරගෙන ගියා. දැන් අපට ඉතිරි වෙලා තියෙන්නේ ඔවුන්ව සමරන එක විතරයි.

පෑරලිය දුම්රිය මේ වතාවෙත් පරණ පුරුදු විදියටම තමන්ගේ ගමන ගියා මතක සැමරුම් එකතු කරගෙන. මෘත ශරීර දහස් ගණන් තිබුණු බිම් දැන් පිරිසිදු කරලා ඉවරයි. ඒවා ලස්සනට හදලා. ඒත්, මේ කියන්න යන කතාව ඔබට විශ්වාස කරන්න බෑ කියලා අපි දන්නවා. ඔබ දන්නවද සුනාමියෙන් මියගිය මිනිස්සු 137 දෙනෙක්ගේ මෘත ශරීර තවමත් ඉතිරිවෙලා තියෙනවා කියලා. ඒවා මිහිදන් කරලත් නෑ. ඒවට අවසන් ගෞරව දක්වලත් නෑ. ආගමික වතාවත් සිදුකරලත් නෑ. ඔවුන් කවුද කියලා හඳුනාගෙනවත් නෑ. අද වෙද්දී තියෙන්නේ අස්ථිමය කොටස් විතරයි.

නමුත් තවමත් ඒ මෘත ශරීර 137 ඔවුන් එදා ඇඳගෙන ආපු ඇඳුම් පැලඳුම්, ඔවුන්ගේ වටිනා සියලු දේ එක්ක සුරක්ෂිත වෙලා තියෙනවා. ඒ තියෙන්නේ කරාපිටිය රෝහල් පරිශ්‍රයේ. මේවා ආරක්ෂා කිරීම සඳහා මේ සම්බන්ධව වගකීම දැරීම පිළිබඳ නීතිමය ගැටලු කිහිපයක් තියෙන බව තමයි අපට දැනගන්න ලැබුණේ. ඒකට හේතුව තමයි අනන්‍යතාවකින් තොරව මෘත ශරීරයක් මිහිදන් කළ නොහැකි වීම. අනන්‍යතාව හෙළිවන තුරු මෘත ශරීරය තබාගෙන සිටිය යුතුයි.

මේ මෘත ශරීරයේ හිමිකරුවා කවුද, ඔහුගේ හෝ ඇගේ මරණයට හේතුව මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුමයි. අද වෙනකොට නම් මේ සිරුරු සම්බන්ධයෙන් සිද්ධ කරන්න තියෙන්නේ ඉතා සංකීර්ණ පරීක්ෂණයක්. ඒකට හේතුව මියගිහින් තියෙන්නේ කවුද කියලා හොයාගන්න නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ සිරුරට අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ කරන්න. ඒක ටිකක් විශාල පිරිවැයක් දැරිය යුතු කටයුත්තක් බව තමයි අපි දන්නේ.

කොහොම නමුත් මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි ඔබේ ඥාතියා, ඔබේ හිතවතා කුමන හෝ ආකාරයකින් මියගිහිල්ලා නම් ඔහුගේ හෝ ඇයගේ මෘත ශරීරයට වෙච්ච දෙයක් හොයාගන්න බැරිනම් අනිවාර්යයෙන්ම ඒ ගැන විමසා බලන්න ඔබට පුළුවන්කම තියෙනවා. මෙතැන සමහර විට ඔහුගේ හෝ ඇයගේ මෘත ශරීරය හෝ ශරීර කොටස් තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. ඔහුට හෝ ඇයට සාධාරණ අවසන් කටයුත්තක් සිද්ධ කරන්න ඔබට පුළුවන්කම තියෙනවා.

මේ ශරීර කොටස් හොයාගෙන තියෙන්නේ ගාල්ල මාතර පැත්තේ තියෙන ස්ථානවලින්. ඒ අනුව ඔබට මේක ගණනය කරලා හිතාගන්න පුළුවන්. මොකද ඔබේ ඥාතියා හෝ සහෝදරයා හෝ හිතවතා සුනාමි අවස්ථාව වෙනකොට ජීවත් වුණේ ඒ ප්‍රදේශවල නම්, ඔහු ගමන් කරමින් හිටියේ ඒ ප්‍රදේශය හරහා නම්, ඔහුගේ කටයුතු සිද්ධ වුණේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව නම්, ඔබට පුළුවන් අවබෝධ කරගන්න, ඔවු, එහෙම නම් මේ ඔහුගේ මෘත ශරීරය විය හැකියි කියලා.

සුනාමියෙන් පස්සේ ඔහු අතුරුදන් නම් ඔහුව හඳුනාගන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේ කටයුත්ත මෙහෙම වෙන්නේ කොහොමද කියන එක ගැන හිතද්දී මේකට හේතුව තමයි සුනාමියෙන් පස්සේ බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අතුරුදන් වූවන් බවට පත්වුණා. අතුරුදන් වූවන් බවට පත්වුණාට පස්සේ ඔහුගේ මෘත ශරීරය හොයන්න කවුරුත් නොඑනවා විය හැකියි. මොකද මියගිය අයගෙන් ඇතැම් පිරිසකගේ මළ සිරුරු නැවත හමුවුණේ නෑ. ඔවුන්ගේ සිරුරු මුහුදට ගසාගෙන ගිය බව තමයි සමහරු අනුමාන කළේ. ඒ වගේම ඇතැම් වෙලාවට සමහර අය කැමැති වුණේ නෑ තමන්ගේ ඥාතියා, තමන්ගේ හිතවතා මියගිය බව පිළිගන්න.

ඔවුන් අවුරුදු ගානක් තිස්සේ බලාගෙන හිටියා කවදා හරි කොහෙන් හරි ඔවුන් ඒවි කියලා. නමුත් අවාසනාවකට ඔවුන් ආයේ ආවේ නැහැ. මොකද සුනාමිය කියලා කියන්නේ කවුරුත් හිතපු නැති විදියේ දෙයක්. තාමත් අපිට මේ සුනාමිය කියන එකේ දිග පළල ගැන නිසි අවබෝධයක් නෑ. සුනාමිය කියන්නේ මුහුදේ රළ ගොඩට ගසාගෙන ඇවිත් ගොඩබිමේ හිටපු මිනිස්සු ඒ ජල පහරට හසුවෙලා විනාශ වී යෑමක්. ඒක සවිස්තරාත්මක අහන්න ගියොත් අත්තටම මුහුදේ වතුර ගොඩට ඇවිල්ලා ඒ වතුරෙන් මනුස්සයෙක් මැරෙන්න පුළුවන්ද කියලා, අපිටත් හිතෙනවා එහෙම වෙන්න පුළුවන්ද ඇත්තටම කියලා. මොකද ඒකට හේතුව තමයි අපි නිතරම හිතනවා මුහුද කියලා කියන්නේ ඉතාම මිත්‍රශීලී දෙයක් කියලා. ඒ වගේම මුහුදේ රළ ගොඩට එන්න සෑහෙන කාලයක් ගතවෙනවා. ඒ වගේම මුහුදේ රළ ගොඩට එනකොට කොච්චර දුරට වුණත් ඒක දැනෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා.

අපි දන්නවා සුනාමිය කියන්නේ බොරුවක් නෙවෙයි. ඒකෙන් මිනිස්සු මියගියා. අපිට තාම සැක හිතෙනවා ඇත්තටම මුහුදට එච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. අපිට සැක වුණාට ඇත්තටම එහෙම දෙයක් මුහුද කළා. ඒ නිසා මේ මෘත ශරීර තාමත් පරිස්සම් කිරීමත් විශේෂ රාජකාරියක් විදියට සලකන්න පුළුවන්. මොකද අපි දන්නවා මෘත ශරීර ආරක්ෂා කිරීමට අවශ්‍ය විශේෂ පහසුකම් මේ රටේ නෑ කියලා. මේ ප්‍රශ්නය පහුගිය කාලේ පාස්කු ප්‍රහාරය අවස්ථාවේදීත් අපි දැක්ක ප්‍රශ්නයක්.

ඒ වෙලාවේදීත් මේ විදියටම සමහර ශරීර කොටස් හඳුනාගැනීමට නොහැකි වුණා. සමහර වෙලාවට ඉතා ඛේදනීය විදියට පවුල් පිටින් මියගියා. ඒ කියන්නේ පවුලේ සියලු සාමාජිකයන් මියයෑම සමහර වෙලාවට සිද්ධ වුණා. ඔවුන්ගේ දුර ඥාතීන් තමයි මැදිහත් වෙලා මේ මෘත ශරීර හොයන්න පටන්ගන්නේ. ඒ වගේම ඒවාට අවසන් කටයුතු සිදුකිරීම වගේ දේවල් සංකීර්ණ ක්‍රියාවලියක්. සමහර වෙලාවට ශරීර හත අටක් එක තැනක තියෙනවා නම් ඒ සඳහා විශාල මුදලක් වියදම් වෙනවා.

අපි දන්නවා අවසන් කටයුත්තක් සිදුකරන්න යන නිශ්චිත වියදමක් තියෙනවා. නමුත් අපි නොහිතන දෙයක් තමයි මේ ශරීර අද වෙද්දී අස්ථි බවට පත්වෙලා තියෙන නිසා ඒවායින් දුගඳ වහනය වෙන්නේ නෑ. ඒ නිසා ඒවා තබාගැනීම විශාල ගැටලුවක් නෙවෙයි. නමුත් ඔබ දන්නවා ඇති මෘත ශරීරයක් කාලයක් තියාගනිද්දී එය නරක් නොවී ආරක්ෂා කරගැනීම, ඒ ශරීරයෙන් දුගඳ හැමීම වළක්වා ගැනීම සඳහා සංකීර්ණ ක්‍රියාවලියකට ආයතනික මට්ටමකින් ඔවුන්ට වෙහෙසෙන්න සිද්ධ වෙනවා.

මෘත ශරීර 137ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒ වගේ ප්‍රමාණයක් ආරක්ෂා කරන්න සිදුවීම බරපතළ ගැටලුවක්. ඒ නිසා තමයි මේ වගේ අවස්ථාවකදී නීති සකස් විය යුත්තේ හඳුනාගත නොහැකි මළසිරුරු සඳහා අවසන් ගෞරව දැක්වීමේ ක්‍රමවේදයක් වෙනුවෙන්. නමුත් එවැනි ක්‍රමවේදයක් සඳහා තවමත් නීති සකස් වෙලා නෑ. නිලධාරීන් කියන්නේ සුනාමියට අවුරුදු 20 සම්පූර්ණ වෙනකොටවත් මේ මෘත ශරීරවලට අවසන් ගෞරව දැක්වීමක් සිදුකරලා ඔවුන්ව මිහිදන් කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි කියලා. නැත්නම් මේවා මේ විදියට ආරක්ෂා කර තබාගැනීම ලොකු ගැටලුවක් බවට පත්වෙනවා ඉදිරියේදී.

මේ වෙලාවේ ඔවුන්ගේ ශරීර සියල්ලම තියෙන්නේ අස්ථි කොටස් බවට පත්වෙලා. පෙට්ටියක දාලා එකතු කරලා තියෙනවා. මේක ගැටලුවක්. නමුත් මේ ප්‍රශ්නය ඉතා සාමකාමීව විසඳාගත් නිලධාරීන්ට අපි ගෞරව කරනවා 137 දෙනකුගේ සිරුරු මෙච්චර කාලයක් ආරක්ෂා කිරීම ගැන. නීතිය මොකක් වුණත් ඔවුන්ට ඕනෙ නම් තිබුණා මේවා විසි කරලා දාන්න. ඒ වගේම විශේෂයෙන්ම ලංකාව ඇතැම් තැන්වල නොවිච්ච දෙයක් තමයි මේ අය කරන්නේ.

මේ අය අවසාන වශයෙන් සියලු ශරීර එකතු කරගන්න උත්සාහ කළා. මියගිය සියලු දෙනාගේ මෘත ශරීර එකතු කරලා ඔවුන්ගේ මළ සිරුරුවලට අවසන් ගෞරව දැක්වීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කළා. ඒ නිසා තමයි මේ විදියට මෘත ශරීර එකතු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙච්චර දුරට නොසොයා එක පාරම මළ සිරුරු ටික වහලා දාලා ඒ ඒ තැන්වලම මිහිදන් වුණු තැන් තිබ්බා.

ඒ වගේම සුනාමි ව්‍යසන කාලේ කිසි දෙයක් පහසු වුණේ නෑ. ඒ වෙලාවේදී මේ ප්‍රදේශවල සියලු දෙනා හිටියේ ඉතා බරපතළ අර්බුදවලට මුහුණ දීලා සහ මියගිහිල්ලා. තමන්ගේ ඥාතීන් මියගිහිල්ලා. සමහරු අතුරුදන් වෙලා. ඒ වගේම පවුලක් අතුරුදන් නොවී ආරක්ෂිතව පැනගෙන තිබුණත් ඔවුන් හිටපු ගේ දොර සියල්ල හොයාගන්න බැරි විදියට විනාශ වෙලා තිබුණා. එහෙම තත්ත්වයන් යටතේ තමයි සුනාමි ව්‍යසනයේදී මේ වගේ දේවල් අපි ඉතුරු කරගත්තේ.

ඒ නිසා මේ තත්ත්වයෙන් මෘත ශරීර කොටස් ඉතිරි කරගැනීම ගැන අපි ඔවුන්ට ගෞරව කළ යුතුයි. නමුත් අපි ඉල්ලා සිටිනවා ඔබේ ඥාතියා, ඔබේ හිතවතා සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ස්ථානයට ගිහිල්ලා හොයා බලන්න පුළුවන්. ඩී.එන්.ඒ. පරීක්ෂා කරන්න බැරි නම්, ඔබට පුළුවන්කම තියෙනවා මියගිය අයගේ ඇඳුම් ආයිත්තම් පරීක්ෂා කරලා බලන්න. නමුත් අපි හිතන්නේ නෑ ඔබේ ඥාතියාගේ ඇඳුම් ආයිත්තම් ගැන ඔබට මතකයක් ඇති කියලා.

නමුත් යම් හඳුනාගැනීමේ සලකුණක් සොයාගන්න පුළුවන් වේවි. අපි දැක්කා සමහර අයගේ දුම්රිය ටිකට්පත් ඒ ස්ථානයේ තිබුණා. ඔරලෝසු වගේ දේවල් සහ හඳුනාගැනීමේ සලකුණු විදියට භාවිත කළ හැකි ඇතැම් දේ එම ස්ථානයේ තියෙනවා. ඒවා පරීක්ෂා කරලා බලලා ඔබට උත්සාහ කරන්න පුළුවන් ඒ ඔබේ ඥාතියාද කියන එක හඳුනා ගන්න. ඔබ තහවුරු කරගත්තොත් යම් හෙයකින් ඔබේ ඥාතියාගේ අවසන් කටයුතු සිද්ධ කරලා ඔවුන්ට නිසි අවසන් ගෞරවයක් දැක්වීමේ සතුට ඔබට ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ මෘත ශරීරාගාරයටත් එයින් විශාල සහයෝගයක් ලැබේවි. මෘත ශරීර එකක් දෙකක් හරි ඉවත් කරගන්න ලැබීමෙන්.

ඒ නිසා මේ පිළිබඳ අපිට මුලින්ම වාර්තා කළේ ජාතික රූපවාහිනිය. ඒ නිසා තමයි මේ ගැන අපට හොයා බලන්න පුළුවන් වුණේ. ඒකත් අපි ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ කතන්දරය අපි ඔබට කිව්වේ සුනාමියෙන් අවුරුදු 19ක් ගතවෙලා තාමත් 137 දෙනෙක් මිහිදන් නොවී අවසන් ගෞරවයක් නැතිව හඳුනාගැනීමකින් තොරව තමන්ගේ ඥාතීන් එනතුරු බලා සිටින බව කියන්න අවශ්‍ය නිසයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ක්‍රිකට් වයසට ගිහින් සමහර අයට අවුරුදු 44යි I Sri Lanka Latest News

Next Post

විජලනයට ලේ-මූත්‍රා බීලා… කොටි නාගයා නොහොත් සෙල්වම් ඉලක්ක කර ගත් දිගු දුර මෙහෙයුම SF ලියනගේ හෙළිකරයි I Sri Lanka Latest News

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.