ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ.Sri Lanka Latest News
එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති වත්මන් වීසා අර්බුදය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ට මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බවය.