• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලේඛනවල මුල් පිටපත් නෑ! ලිඛිත දේශනවල තැන් 80ක් කොපි පේස්ට් කරලා! බ්‍රිතාන්‍ය පුරවැසි බව අත්හැරලා නැති නිසා පාර්ලිමේන්තුවට තේරී පත්වීමටත් අසුන් ගැනීමටත් ඡන්දය දීමටත් සුදුසු නෑ! ඩයනාගේ නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරු කියපු දේ මෙන්න! නඩු ගාස්තු ගෙවන්නත් ඩයනාට නියෝග කරයි! ඩයනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකළාට CIDයටත් විනිසුරුවන්ගෙන් දොස්! VIDEO I Sri Lanka Latest News

May 9, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
ඩයනාගේ ද්විත්ව පුරවැසි බවේ නඩුව අභියාචනාධිකරණයේ බෙදුණු තීන්දුවකින් නිෂ්ප්‍රභ වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඕෂල හේරත් විසින් ගොනු කර තිබූ පෙත්සමේ අවසන් තීන්දුව ලබා දීම ඊයේ (මැයි 08 වැනිදා) සිදුවිය.Sri Lanka Latest News

ඒ, වසර හතරකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් පැවති නඩු කටයුතු වලින් අනතුරුව ය.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුස්සෙකු නොවන බව ය. එසේ නම් දැන් ඩයනා ගමගේට සිදුවන්නේ කුමක් ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

“නිදහසින් පසු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පාර්ලිමේන්තුවේ සිටි ප්‍රථම අවස්ථාව”

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වනු ලැබීය.

“නිදහසින් පසු පළමු වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අවුරුදු හතරකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා. ඇය ජනතාවගේ බදුමුදලින් වරප්‍රසාද ලැබුවා. පසුගිය වසර ගණනාවකම මම ගෙන ගිය සටනට අද හොඳ උත්තරයක් ලැබිලා තිබෙනවා.”

“අධිකරණ නියෝගය ලැබුණු වහාම ක්‍රියාත්මක වෙනවා.”

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හරහා සිදුවන්නේ කුමක්දැයි විමසීමට බීබීසී සිංහල විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂක ජනකාන්ත ද සිල්වා සම්බන්ධ කරගන්නා ලදි.

එහි දී ඔහු පැවසුවේ මෙතෙක් පාර්ලිමේන්තුව වෙත අධිකරණ නියෝගය ලැබී නොමැති බවත් එය අද දවස තුළ පාර්ලිමේන්තුව වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය. “අධිකරණ නියෝගය එනතෙක් අපට කරන්න වෙන්නේ මොකක්ද කියන එක ගැන මට අදහස් ප්‍රකාශ කරන්න බෑ. අධිකරණ නියෝගයේ තිබෙන විධිවිධාන මොනවද කියලා බලලා තමයි අපට ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් මිය ගිහින් හෝ ඉල්ලා අස් වෙලා හෝ මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ වහාම අපි මැතිවරණ කොමිසමට දැනුම්දීම සිදු කරනවා. නමුත් මේ අවස්ථාව විශේෂ සිදුවීමක් නිසා අපට නියෝගය ලැබෙන තෙක් ඒ ගැන කියන්න හැකියාවක් නෑ,” සන්නිවේදන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

“අපට කරන්න කිසි දෙයක් නෑ”

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙලෙස අදහස් පල කළේ ය. “මේ ගැන අපට කරන්නවත් කියන්නවත් කිසි දෙයක් නෑ. අධිකරණ නියෝගය දීලා ඉවරයි. එතැනින් පස්සේ අපට එහෙම කරන්න දෙයක් නෑ. අධිකරණයෙන් එන්න එපා කියනවා නම් එයාට පාර්ලිමේන්තුවට එන්න බෑ, එච්චරයි.”

සජබට හිමි වූ ආසනය සහ ඩයනාගේ නිහඬතාවය

ඩයනා ගමගේ 2020 දී පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි. කෙසේනමුත් ඇය පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ අතර, මෙම තීන්දුව ලැබෙන විට ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව යටතේ රාජ්‍ය ඇමති ධූරයක් දරමින් සිටියා ය. අධිකරණ තීන්දුවට අනුව ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසිවන නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් වෙනත් අයෙකු යෝජනා කිරීමේ අවස්ථාව නැවත සමගි ජන බලවේගයට හිමිව තිබේ.

මාධ්‍ය කිහිපයක් ම වාර්තා කර තිබුණේ එම මන්ත්‍රී ධූරය නීතීඥ මුජිබර් රහුමාන්ට ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බවයි. අද දින සමගි ජනබලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා මන්ත්‍රීධූරය සඳහා වන යෝජනාව මැතිවරණ කොමිසමට යවන බවය.

මෙලෙස මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා ගමගේ විසින් ඉදිරියට සිදු කරන්නේ කුමක් ද, ඇයගේ අනාගත දේශපාලන කටයුතු සිදු කරන්නේ කෙසේද යන කාරණා පිළිබඳ විමසීමට බීබීසී සිංහල විසින් දුරකතනය හරහා ඇයව සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවක දී උත්සහ කළ නමුත් ඇය දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.

මන්ත්‍රී ධුරය දැරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් පූර්ණ තීන්දුව කුමක් ද?

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් අද (මැයි 8 වැනිදා) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එමෙන්ම පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වග උත්තරකාර ඩයනා ගමගේ ට නියෝග කරන ලදි.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තයක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග විය.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කොට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

‘බලය අයුතු ලෙස පරිහරණය කරලා’

එසේම ඩයනා ගමගේ ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිබාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

දීර්ඝ විභාගයකින් අනතුරුව ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ “වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝම්බර් තම මස 05 වනදා දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරී ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේදී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයෙකු විදේශයක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වග උත්තරකාර ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍ය පුරවැසින් භාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා” යනුවෙන් සඳහන් කළේය.

තීන්දුව වැඩිදුරටත් ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා “වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වග උත්තර කාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වග උත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට බලය තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වග බලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම සමාන සැලකිලි ලැබිය යුතු බව ත් අවධාරණය කර තිබෙනවා.” යනුවෙන්ද සඳහන් කළේය.

(copy paste) තීන්දුව

ඩයනාගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මුලින්ම අභියාචනාදීකරණය හමුවේ නඩු පැවරූ අතර එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එය ප්‍රතික්ෂේප කිරීමටද නියම කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ “අභියාචනාධිකරණය ඉදිරියේ පැවතින නඩු විභාගයේ දී එම නඩුකරයට අදාලව ඉදිරිපත් කෙරුණු ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වග උත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (copy paste) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුලත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි” යනුවෙන් සඳහන් කර සිටියේය.

වගඋත්තරකාර ඩයනා ගමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

“මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසි භාවය අත්‍යවශ්‍ය සුදුසුකමක් බව දක්වා තිබෙනවා. එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත් හල බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නෑ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව පැහැදිලි වෙනවා” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාදීකරණය විසින් ප්‍රකාශ කර තිබු තීන්දු සියල්ල ඉවත දමන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

ඒ අනුව ඩයනා ගමගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් ” කෝ වොරන්ටෝ” රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එසේම පෙත්සන්කරුට නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකාර ඩයනා ගමගේ ට නියෝග කරන ලදී.

මෙහිදී පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් පෙනී සිටි අතර වග උත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.

SendShareShare
Previous Post

දේශපාලකයන් කාපු පරිප්පුව ක්‍රීඩකයන්ටත් ඇවිත්ද? ලෝක කුසලානයට ගහන්න අමෙරිකා යන්න හිටි ක්‍රිකට් ටීම් එකේ දෙන්නෙක්ගේ වීසා කැන්සල් වෙලා!  I Sri Lanka Latest News

Next Post

ඩයනාට තව නඩු දෙකක් වැටෙනවා! එකක් හොර සහතික පෙන්වලා නීති විරෝධීව-ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුවට ආවාට! අනෙක නීති විරෝධීව අවුරුදු ගණනක් ඇමැති පඩි-නිල වාහන-වරප්‍රසාද භාවිත කළාට! ඩයනා ‌කපෝති වෙන්න වගේ යන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

Load More
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට අනුර පාලනය අසමත් වී ඇති බව පැහැදිලි වී ඇති බැවින් 'අනේ ප්ලීස් අනුර යන්න' යැයි වරුණ දීප්ත රාජපක්ෂ...

Read more
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.