අභාවප්‍රාප්ත වූ සාලින්ද දිසානායක මහතාගෙන් හිස්වූ කුරුණෑගල මන්ත්‍රී ධූරයට පත්වීම සදහා සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර මහතාට මේ වනවිට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැතිවී තිබේ.
ඒ මේ වනවිට එම අසුනට කුරුණෑගල ලයිස්තුවේ ඊළගට සිටින ඩී.බී. හේරත් මහතා පත්කරමින් ගැසට් නිවේදනය නිකුත් කොට තිබීම හේතුවෙනි.
හේරත් මහතා දැනට පොහොට්ටුවට සහාය පළකරමින් සිටින නිසා හෙතෙම පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම සදහා ජනාධිපතිවරයා ශාන්ත බණ්ඩාර මහතාට උපදෙස් ලබා දී තිබුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී කුරුණෑගල ලයිස්තුවෙන් පැමිණෙන ලෙසය.
ඒ අනුව බණ්ඩාර මහතා ඉල්ලා අස්වුණද ශාන්ත බණ්ඩාර මහතාට අසුන හිමි නොවූ අතර එය හේරත් මහතාට ලබා දීමට මැතිවරණ කොමිසම තීන්දු කොට ඇත.