හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කළ උත්සවයේදී ලබා දී තිබූ උපදෙස්වලින් පිට ගොස් කටයුතු කර ඇති බව වාර්තා වේ.
පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා කලින් උපෙදෙස් ලබා දී තිබුණේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින සියලුම සාමාජිකයන් ජාතික ඇදුමින් හෝ යුරෝපීය ඇදුමින් සැරසීී උත්සවයට සහභාගි විය යුතු යැයි කියාය.
නමුත් බැසිල් සමග දේශපාලන ආරෝවකින් සිටින විමල් වීරවංශ මහතා උවමනාවෙන්ම එම උපදෙස්වලට පිටින් යමින් ඩෙනිම් කලිසමක් සහ නිල් පැහැ ලිනන් කමිසයකින් සැරසී උත්සවයට පැමිණ සිටිනු දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් එදින රාත්‍රියේ කැලණි රජමහා විහාරයේ සංවිධාන කර තිබූ උත්සවයට විමල් සහභාගී වී තිබුණේ ජාතික ඇදුමින් යුතුවය. එම අවස්ථාව සංවිධාන කොට තිබුණේ බැසිල් විසින් නොවන අතර වෙනත් පිරිසක් විසින් එය සංවිධාන කර තිබිණ.