හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලෙසට නම් කිරීමේ උත්සවය ජනාධිපතිි මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කටුනායක ගුවන්‌තොටුපොළේ සිට සජීවීව නැරඹීමට කටයුතු කොට ඇත.
ජනාධිපතිවරයා සිය කාම්බෝජ සංචාරය නිමා කොට යළි ලංකාවට කටුනායක ගුවන්තොටුපොළේ අති විශේෂ ප්‍රභූ පර්යන්තයෙන් පැමිණෙද්දී එහි දෙරණ නාලිකාව සජීවීව මෙම උත්සවය විකාශය කරමින් සිට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා එහිම සිටිමින් සම්පූර්ණ උත්සවය නරඹා ඇති බව වාර්තා වේ.