උතුරට යළිත් ප්‍රභාකරන් කෙනකු බිහි කිරීමට කටයුතු නොකරන ලෙස තමන් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අනතුරු හඟවා සිටියේය.
මංගල සමරවීර යනු අතීතයේ සිටම නායකයන් හැදූ දේශපාලඥයකු බව කී සුමන්තිරන් මහතා, මේ අවස්ථාවේ උතුරේ දේශපාලන ප්‍රශ්නය විසදිය හැකි පුද්ගලයකු රාජ්‍ය නායකා කිරීමට උත්සාහ කරන ලෙසත් එසේ නොමැති වුවහොත් යළිත් උතුරේ ප්‍රභාකරන් කෙනකු බිහිවීම නොවැළැක්විය හැකි බවත් සදහන් කර සිටියේය.
මංගල සමරවීර මහතා මීට දින කිහිපයකට පෙර කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ අපේක්ෂකයා විය යුතු බවකිි.