සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න මහතා හදිසියේම රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී විශේෂ පණිවුඩයක් ලබා දී ඇත.
එහිදී ආරියරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙවර පක්ෂයේ අපේක්ෂකත්වය නියත වශයෙන්ම වෘත්තිකයකුට හිමිවිය යුතු බවත්, එසේ නොකොට රනිල් හෝ සජිත් ඉදිරිපත් වන්නේ නම් සිවිල් සංවිධාන සියල්ල එකතු කොට වෘත්තිකයකු නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත්ය.
කෙසේවෙතත් එජාපය යම් හෙයකින් කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන්නේ නම් ඒ් මහතාට සහාය දීම සලකා හැකි බව පෙන්වා දී ඇති ආරියරත්න මහතා එසේ වුවහොත් ලංකාව පුරා විසිරී පවතින සිය දැවැන්ත ජාලයේ සහාය මෙන්ම සියලු සිවිල් සංවිධාන එකතු වූ දැවැන්ත ජනබලයක් ඒ් මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නිර්මාණය කළ හැකි බවද සදහන් කොට තිබේ.