• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දා වැද්දා කාලේ සිංහලයා ලෝකය මවිත කළේ මෙහෙමයි…

September 18, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සුද්දා වැද්දා කාලේ සිංහලයා ලෝකය මවිත කළේ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

අද ලෝකයේ දියුණුයි කියන රටවල් අති විශාලය. ඔවුහු තරගයට මෙන් තම තමන්ගේ අභිමානය ලෝකයට පෙන්වන්නට විවිධ දේ කරති. ඇතැම් රටවල් ලෝකයේ උසම ගොඩනැගිලි තනති. තවත් රටවල් ලෝකයේ ලොකුම ජලාශ බඳිති. තවත් රටවල් ලෝකයේ වේගවත්වම දුම්රිය, ගුවන් යානා, වාහන නිපදවති. මේ ආකාරයට තම තමන්ගේ තාක්ෂණික දැනුම, මුල්‍ය හැකියාවන් මෙන්ම බලපුලුවන්කාරකම්ද භාවිත කිරීමේ හැකියාව මත ලෝකයේ සිය රටෙහි නාමය ඉදිරියට ගැනීමේ තරගයක් අද වෙද්දී පෙනෙන්නට තිබේ. මේ තරගය රට රටවල පාලකයන්ගේ අමුතු මානසිකත්වයක් බවටද මේ වෙද්දී පත්ව තිබේ.

වර්තමානය එසේ වෙද්දී ධනවත් යැයි සම්මත බොහෝ රටවල් ලෝකය අල්ලන්නට විවිධ දේ කරති. මීට වසර දහස් ගණනකට පෙර මේ සියලු මහා පරිමාණ නිර්මාණයන්හි මුල් අයිතියේ උරුමකරුවන් වන්නේ අභිමානවත් ඉතිහාසයක් සහිත මෙරට හෙළයන් බව නොරහසකි. ඒ බව ඉතිහාසය පුරා විමසා බලද්දී සාක්ෂි සහිතවම ඔප්පු වෙයි. ඒ අනුව ලොව බොහොමයක් රටවල් මවිත කළ විස්මිත නිමැවුම් රාශියක අභිමානවත් මුල් අයිතිය මෙරට හෙළයන්ට හිමිවිය යුතුමය.

ලෝකයේ කිසිදු ගංගා නිම්න ශිෂ්ටාචාරයක දක්නට නොලැබුණු විස්මිත වාරි තාක්ෂණයක් අතීත හෙළයන් සතුව තිබූ බවට ලෝකයට පසක් කරමින් දිය වැටෙන තැනම මහා වැව් බැඳ ජලය රඳවා තබාගන්නට සමත් හෙළයන්ගේ විස්මිත හපන්කම් මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන සමයේදී සාක්ෂි සහිතව ඔප්පු විය. එවකට මාදුරුඔය වේල්ල බැඳිය යුතු ස්ථානය විද්‍යාත්මක පදනමක සිට තීරණය කිරීමට අවශ්‍ය වුවද එය විදේශීය ඉන්ජිනේරුවන්ටද අභියෝගයක් විය. එය කෙසේ කළ යුතුද යන්න ගැටලුසහගත වෙද්දී ඊට පිළිතුරු සොයාගත්තේ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් වේල්ල ඉදිකිරීමට සුදුසු තැන තෝරාගැනීමෙන් පසුවය. ඒ අනුව තෝරාගත් ස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ විදේශීය ඉන්ජිනේරුවන් පවා මවිතයට පත්කරමින් අතීත හෙළයන් එම ස්ථානයේ ඉදිකළ වේල්ලක නටබුන් හමුවී තිබේ.

අවසානයේ මාදුරුඔය වේල්ල ඉදිකර, එය විවෘත කරන අවසථාවේ විදේශීය ඉන්ජිනේරුවන් අතීතයේ හෙළ ඉන්ජිනේරුවන් සිය විස්මිත තාක්ෂණික ඥානය භාවිත කර එම ස්ථානයේ වේල්ලක් ගොඩනංවා තිබූ බව ප්‍රකාශ කළේ ඔවුන්ට ස්තුතියද පළ කරමිනි.

ලෝකයේ විවිධ ගංගා නිම්න ශිෂ්ටාචාර ගැන අසන්නට ලැබුණද ඒ සියලු ශිෂ්ටාචාරවල දක්නට නොලැබෙන ආකාරයේ දිය වැටෙන තැන වැව් බැඳි මහා වාරි ශිෂ්ටාචාරයක් ලොව ප්‍රථම වරට බිහි කළේ අතීත හෙළයන්ය. ක්‍රි.ව. 1155 වන විට ලෝකයේ විශිෂ්ටතම වාරි කළමනාකරණ පද්ධතිය ගොඩනැංවීමට සිංහලයෝ සමත් වූහ. මේ අතීත හෙළයන්ගේ අභිමානවත් තාක්ෂණික දැනුම ගැන තවත් සුවිශේෂ රහසක් 12 වැනි සියවසේ කාශ්මීර ඉතිහාසඥයකු වන කල්හාන විසින් කාශ්මීර රාජ පරම්පරාවේ ඉතිහාසය පිළිබඳ සංස්කෘත භාෂාවෙන් රචිත රාජතරංගනිය කෘතියේ සඳහන් වෙයි. එයට අනුව වාරි කර්මාන්තය උගන්වනු පිණිස රාස්ස ඉන්ජිනේරුවන් හෙළ බිමින් ඉන්දියාවට ගොස් ඇති බව සනාථ වෙයි. වාරි කර්මාන්තයේ නව්‍ය පුනරුද යුගයක් වන මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලය වන විට (1153-1186) ඇළවල් 4,000කින් සම්බන්ධ වූ වැව් හා ජලාශ 5,000ක වාරි පද්ධතියක් තිබී ඇත. එමගින් රජරට සහ රටේ අනෙකුත් පළාත්වල කෘෂිකාර්මික කටයුතු ආදියට ජලය සපයා ඇති අතර, රටේ සෑම ගමකටම වැවක් තිබූ බවටද හෙළිව තිබේ. මෙවැනි දියුණු වාරි කර්මාන්තයක් ලොව කිසිදු රටක තිබී නැති අතර එම වාරි තාක්ෂණය ලංකාවටම ආවේණික වූවක් ලෙසත් හඳුන්වා දිය හැකිය. වාරි තාක්ෂණයේ තවත් අද්විතීය අනන්‍යතාවක් ලෙස සැතපුමට අඟලක් බෑවුම් වන ලෙස ඉදිකළ යෝධ ඇළද ලෝකයේ කිසිදු රටක දක්නට නොලැබෙන සුවිශේෂ වාරි තාක්ෂණික ක්‍රමයකි.

ලෝකයට ප්‍රථම වරට මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය හඳුන්වාදී ඇත්තේද හෙළයන්ම බව මේ වෙද්දී සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ. ඒ දුටුගැමුණු රාජ සමයේ ලෝවාමහාපාය ඉදිකරමිනි. මහල් නවයකින් සමන්විත ලෝවාමහාපාය භික්ෂු වාසස්ථානයක් ලෙස ඉදිකර ඇති අතර එහි වහලට තඹ තහඩු යොදා තිබූ බවද කියැවේ. ලෝවාමහාපායේ එක් පැත්තක දිග අඩි 400කි. එහි කණු 40 බැගින්වූ ගල් කණු පේළි 40කි. එනම් එහි පළමු තට්ටුවේ ගල් කණු 1,600ක් තවමත් දැකගන්නට තිබේ.
ලෝකයේ උසම ගඩොල් නිර්මාණ හඳුන්වා දීමේ ගෞරවයද සිංහලයා සතුය. ඒ ජේතවනාරාම දාගැබයි. මීටර් 120ක උසින් යුතු එකල ලෝකයේ උසින් වැඩිම නිර්මාණය මෙන්ම ගඩොලින් පමණක් නිර්මාණය කළ උසම නිර්මාණය ලෙස තවමත් ජේතවනාරාම දාගැබට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. එකී අද්විතීය නිර්මාණය කරවූයේ වාරි කර්මාන්ත විශාල ප්‍රමාණයක් කරවා රට ස්වයංපෝෂිත කළ අදටත් ජනතාව අතර දේවත්වයෙන් සැලකෙන ක්‍රි.ව.273-302 දක්වා රජ කළ මහසෙන් රජුය. මෙම විශිෂ්ට ඉදිකිරීමට පිලිස්සූ ගඩොල් 9,33,00,000ක් භාවිත කර ඇත. ස්තූපයේ අඩිතාලම මීටර් 6ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදිකරවා ඇත. මෙම දාගැබ ඉදිකළ ක්‍රි.ව. හතරවැනි සියවස පමණ වන විට මෙරට ඉන්ජිනේරුවන් සතු තාක්ෂණික දැනුම කොතරම්ද යන්න අදටත් ලෝකයම මවිත කරවන්නට සමත් කරුණකි.

ලෝකය රෝහල් ගැන කිසිවක් නොදත් සමයක ලෝකයට රෝහල් සම්බන්ධ අත්දැකීම එකතු කිරීමේ ගෞරවයද හිමිවිය යුත්තේ හෙළයන්ටය. එනම් 9 වැනි සියවසේදී ඉදිවූ මිහින්තලේ රෝහලත් සමගිනි. එමෙන්ම අදටත් මේ මිහින්තලේ, මැදිරිගිරිය සහ අනුරාධපුර යන ප්‍රදේශවල රෝහල්වල නටබුන් දක්නට තිබේ. එවකට මෙරට වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු මට්ටමක තිබුණේද යන්න පසක් කරමින් එකල භාවිත කළ විවිධ ශල්‍ය උපකරණ පවා කැණීම්වලදී හමුවී තිබේ.

ලොව ප්‍රථම වරට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමද හෙළයන් සතු තවත් සුවිශේෂ ජයග්‍රහණයකි. ඒ අනුව ක්‍රි.පූ. පස්වැනි සියවසේදී අභයගිරි විහාරයේ භික්ෂුන්වහන්සේලා 5,000ක් වැඩසිටි බවත්, මෙහි විදේශීය ශිෂ්‍යයන් විශාල පිරිසක් අධ්‍යාපන කටයුතු හැදෑරූ බවත් ඉතිහාස පොතපත අනුව හෙළිවෙයි. මෙයට අමතරව මහා විහාරයද එවක දැනුම බෙදාදුන් මහා විශ්වවිද්‍යාලයක් බවට තොරතුරු අනාවරණ වෙමින් තිබේ.

අදටත් ලොව මවිත කරන සීගිරිය මූලවංශයට අනුව (ක්‍රි.පූ. 477-495) කාලයේ කාශ්‍යප රජතුමන් තම රාජධානිය පිහිටුවා ගත්තද මෙහි ඉතිහාසය ඊටත් වසර දහස් ගණනකට එහා ඉතිහාසයක් දක්වා විහිද යන බව ජනප්‍රවාද ඇසුරෙන් පැහැදිලි වේ. එනම් රාවණා රජුගේ මාලිගයද සීගිරි පර්වතය මත ඉදිකර තිබූ බවට පිළිගැනෙන අතර, එහි සුවිශේෂ ජල තාක්ෂණය අදටත් ලොව මවිත කරවන නිර්මාණයකි. එම තාක්ෂණය කෙතරම් සාර්ථකද යත් එම දිය මල්, වර්ෂා සමයේදී අදටත් ක්‍රියාත්මක වෙයි.

හෙළයන් සතු තවත් විශිෂ්ට මුල් උරුමයක් වන්නේ ලොව පැරැණිම වානේ තාක්ෂණය සම්බන්ධවයි. මෙරට හෙළයන් සතුව තිබූ වානේ උණුකිරීමේ තාක්ෂණය ඉතා දියුණු එකක් වූ අතර අරාබියේ දැමස්කස් කඩු සඳහා අවශ්‍ය වූ වානේ රැගෙන ගොස් ඇත්තේද ලංකාවෙනි. මෙරට වානේ නිෂ්පාදනය උදෙසා ලොව ප්‍රථම වරට සුළං ශක්තිය යොදාගැනුණු අතර එසේ නිෂ්පාදනය කෙරුණු වානේ අරාබියට අපනයනය කර තිබේ.

ලෝකයට ඇස් කණ්ණාඩිය හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ හෙළයන්ටමය. ඒ, ගම්පොළ රාජධානි සමයේදී හඳුන්වාදුන් දියතරිප්පු කණ්ණාඩියත් සමගිනි. එලෙස දියතරිප්පු නිෂ්පාදනය කළ පරපුර ගැන අදටත් සාක්ෂි ඉතිරිව තිබීමද සතුටට කරුණකි.

මේ සියල්ල සමග තවත් බොහෝ කාරණාවල මුල් අයිතිය සිංහලයන් සතු වෙයි. ඒ අතර සඳකඩපහණ නම් විස්මිත නිර්මාණය මෙන්ම රාවණ සමයේ අහසින් ගමන් කිරීමේ යානයද, පිටසක්වළ හා ගනුදෙනු කළ අයුරුද, ලෝකයේ මුල්ම වරට අකුණු තාක්ෂණය යොදාගැනීමද කැපීපෙනෙන කරුණුය.

මෙකී නොකී බොහෝ කරුණු අතර හෙළයන් සතු අභිමානවත් ඉතිහාසයක තොරතුරු හෙළිවන අතර ලෝකය මවිත කෙරෙන මේ ඇතැම් විශිෂ්ට නිර්මාණ වර්තමානයේ ඉදිකෙරෙන නිර්මාණයන්ට සහ ඉදිකිරීම්වලටද නොදෙවැනි ආකාරයට පැවතීම අතීත හෙළයන්ගේ අභිමානවත් තාක්ෂණික ඥානය මනාව කියාපාන්නකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ජීවිතය දිනවන විවාහය…

Next Post

මහින්ද පොලිස් ඇමැති වීරසේකරට නීතිය උගන්වයි! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.