තම වෘත්තීය සමිති ක්‍රියාවලියේදී කිසිවකුටත් තර්ජනය කර නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටින ගුරුවරුන්ට නඩු පවරන බව ප්‍රකාශ කළද වෘත්තීය සමිති ආඥාපනත යටතේ එසේ කළ නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා නීතිය නොදැන සිටියද පොලිසිය නීතිය දන්නා බව තමන් සිතන බවද ඒ මහතා කියා සිටියේය.










