• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගැමුණු රජු පමණක් දැන සිටි රුවන්මැලියේ විස්මිත රහස…

June 27, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ගැමුණු රජු පමණක් දැන සිටි රුවන්මැලියේ විස්මිත රහස…
Share on WhatsAppShare on Facebook

හාත්පසින් හමාගෙන එන ගත සිහිල් කරවා සිත සන්සුන් කරවන සුවදායී සිසිල් සුළඟකි. විටින් විට ඒ සුළඟට මුසුවන අරලියා මල් සුවඳ හදවතේ අති බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්නට සමත් වන්නේය. රුවන්මැලි සෑ රදුන් අබිමුව සිටින සෑම කෙනකුගේම සිත් සතන් නිබඳව නිවී සනසන මේ හුරුපුරුදු නිසංසල ස්වභාවය අතරින් හදවතේ ඇතුළාන්තයට කතා කරන ඇසට නොපෙනෙන මහා ශාන්තියක් මහා බලවේගයක් මේ පින් බිමේ නිරන්තරයෙන් සැරිසරනවා යැයි කාටත් දැනෙන්නේය.

ඒ මහා ශක්තිය කුමක්ද යන්න කිසිවකුත් හරි හැටි හඳුනා නොගත්තද සිත නිවා සනසන එම හැඟීමට කවුරුත් සිත් පත්ලෙන්ම කැමැති වූයේ ජීවිතයේ වෙනත් කිසිදු තැනකදී එවන් පහන් හැඟීමක් විඳ නැති නිසාය.

කෙසේ නමුත් එක් පසෙකින් උඩ මළුවේ බෝපත් සිප එන මඳ සුළඟත්, තවත් පසෙකින් වැව් දිය පිස එන සිසිල් සුළඟත් සමගින් මුසුව හදවත සනසාලන මේ මහා විස්මිත හැඟීම රුවන්මැලි මහ සෑ රදුන් අබියසට ගොස් වන්දනාමාන කටයුතුවල නියැළුණු බොහෝ බෞද්ධයන් විඳ ඇති බව නම් රහසක් නොවේ. එහෙත් ඒ බහුතරයක් දෙනා දැන නොසිටි මහා විස්මිත රහසක් මේ රුවන්මැලි සෑ මළුවේ ඇතිවන අතීත ජනප්‍රවාද ඇසුරේ හඳුනාගත හැකිය. ඒ අතරින් බොහොමයක් දුටුගැමුණු මහ රජු දැන සිටි වග හෙළිවන ජනප්‍රවාද රාශියකි. මේ සියලු රහස් අතරින් සුවිශේෂම කාරණයක් වේ. රුවන්මැලි සෑ මළුවත්, එම මළුව පිහිටි අනුරාධපුර භූමියත් විශ්වය සමගින් ගනුදෙනු සිදුවන භූමියක් ලෙස ඉතිහාසගත විවිධ තොරතුරු ඇසුරේ හඳුනාගත හැකි අතර ඇතැම් සුවිශේෂ ජනප්‍රවාද මේ තොරතුරු ගැන සාක්ෂි සාධක සපයන්නේය.

ඔරායන් තාරකා වළල්ලට සමානව පිහිටා ඇති අනුරාධපුරයේ රුවන්මැලි මහ සෑය, ජේතවනාරාමය, මිරිසවැටිය යන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් යම් විශ්ව ශක්ති කලාපයක් ගොඩනැගී ඇති බව පැවසෙන අතර මේ මහා චෛත්‍ය ත්‍රිත්වය ඇසුරින් ගොඩනැගෙන ශක්ති ත්‍රිකෝණයත් ඔරායන් තාරකා වළල්ලේ ශක්ති ත්‍රිකෝණයත් සමාන්තරව පිහිටීම මත විශ්වය හා සම්බන්ධ වන විශේෂ සිදුවීම් රාශියක් අනුරාධපුර රුවන්මැලි සෑ මළුව ආශ්‍රිත එම භූමිය තුළ සිදුවන බවත් පැවසේ.
එසේම රුවන්මැලි සෑය ඉදිකිරීමට මුලපුරන්නට ඒ සඳහා මුල්ගල් තැබීමේ කටයුත්ත සඳහා ඉතා සුවිශේෂ දිනයක් නැකැතක් සාදවා ගැනීමට දුටුගැමුණු මහරජුට අවශ්‍ය වී තිබේ. එසේ විශේෂ දිනයක් පවා සාදවා ගන්නට ගැමුණු රජු ක්‍රියා කළේ විශ්වය තුළ ඇති නොපෙනෙන ශක්තිය ගැන එතුමන් දැන සිටි බැවින් යැයි මතයක්ද වෙයි. එමෙන්ම බුදුරජාණන්වහන්සේද මෙම චෛත්‍යය පිළිබඳ පෙර අනාවැකියක් සේ පවසා තිබෙන අතර මේ සියලු කාරණා ගැන අවධානයෙන් බලද්දී යම් නොපෙනෙන ශක්තියක් ක්‍රියාත්මක වන බව කාටත් හඳුනා ගැනීම අපහසු නොවේ.

කෙසේ නමුත් ගැමුණු මහ රජුට මේ මහා සෑය ඉදිකිරීමට සුදුසුම දිනයක් සහ නැකැතක් ලැබුණේය. ඒ, ක්‍රිස්තු පූර්ව 149 ඇසළ මාසයේ 30 වැනිදා උදෑසන හයටය. එදින සුවිශේෂ ග්‍රහ තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව පැවසෙන අතර ග්‍රහ වළල්ලේ රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා තම රාශියක් වූ සිංහ රැසේ සිටියදී ග්‍රහ වළල්ලේ මව වන චන්ද්‍රයා සිට ඇත්තේ එක එල්ලේ රවි දෙස බලාගෙනය.
මෙම සුවිශේෂ නැකැත පෙර සිට පැවත එන විශ්වයේ හාස්කමකට මෙන් කලාතුරකින් හමුවන විස්මිත නැකැතක් බව පැවසෙන අතර එම නැකැතින් ආරම්භ කරන සියලු කටයුතු ඉතා සාර්ථකව ඉටුවන බවටද මතයක් වෙයි. එමෙන්ම යටි සිත හා සම්බන්ධ විශේෂ ග්‍රහචාරයක්ද සම්බන්ධ වී ඇති මෙම විශේෂ නැකැත හේතුවෙන් රුවන්මැලි සෑ මළුව යටි සිත අවදි කරගැනීමට වඩාත් ගැළපෙන භූමියක් වනු ඇති බවට එවක සිට පිළිගැනුණු බවද පැවසේ.

රුවන්මැලි සෑ භූමිය අබියසදී අවදි වන යටි සිත විශ්වය හා සම්බන්ධ කිරීමට පහසු වන විශේෂ ශක්තියක් ඇති බව පැවසෙන අතර එම හේතු නිසාම කෙනකුට ඉතා පහසුවෙන් රුවන්මැලි සෑ භූමියේ සිට විශ්වය සමග මනසින් ගනුදෙනු කරන්නට හැකි වන බවට විශ්වාස කෙරේ. තවද මෙම සුවිශේෂ නැකැත හා සම්බන්ධ කේන්දර සටහන අනුව රවි දෙවැන්නේ රැඳී සිටි බව ජ්‍යොතිෂ විශ්වාසයයි. ඒ අනුව උදාවූ නීච භංග රාජ යෝගය රාහු ග්‍රහයා සමග සංයෝග වී ඉතා සුබදායී කාලයක් ලක් පොළොවට උරුම කළ බව පැවසේ. ඒ අනුව ලංකාව ලොව පුරා ප්‍රසිද්ධ වූ බවටද හඳුනාගෙන තිබේ.

විශ්වය හා බැඳුණු අනුරාධපුර භූමියේ විශේෂ පිහිටීම නිසාම බොහෝ වටිනාකම් ඊට හිමිවන බවට පිළිගැනේ. ඒ අනුව අනුරාධපුර මහමෙව්නා උයන, ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ශාඛාව, ලෝවාමහාපාය ආදී වටිනා දේ මෙම භූමිය මතම ඉදිවූවා සේම වර්ෂ 140ක කාලයක් ශ්‍රී ලංකාවේ අග නගරය ලෙස අනුරාධපුර පැවතීමටද එදා මෙදාතුර කාලය පුරාම සුවිශේෂ භූමියක් ලෙස ගරුසරු ලැබීමටද මෙම පිහිටීම බලපා ඇති බව පිළිගන්නට සිදුවේ.

එම විශේෂී විශ්වීය සබඳතා වඩාත් බලගැන්වෙන ස්ථාන දෙකක් රුවන්මැලි සෑ මළුව තුළ තිබී ඇති අතර එම ස්ථාන දෙක පිළිබඳ කිසිවකුත් හරි හැටි දැන නොසිටියද දුටුගැමුණු රජු එම ස්ථාන ගැන පෙර සිටම දැන සිටි බව ජනප්‍රවාදය අනුව පැහැදිලි වේ. ඒ අනුව ඉන් එක් ස්ථානයක් මහා සෑයේ දක්ෂිණ දොරටුව බව හඳුනාගෙන තිබේ. ගැමුණු රජු චෛත්‍ය ඉදිකිරීමේ ආරම්භයේ සිටම සියලු නිරීක්ෂණ කටයුතුවලදී වැඩිපුරම භාවිත කළේ මේ දක්ෂිණ දොරටුව පිහිටි ස්ථානය බවට පිළිගැනෙන අතර චෛත්‍යය ඉදිකිරීම ගැන විවිධ නව අදහස් සැලසුම් ඉතා සාර්ථකව ගැමුණු මහ රජුගේ සිත තුළට ඇතුළු වීමට මෙම ස්ථානය බලපෑ බවටද ජනප්‍රවාදයක් වෙයි.

මෙහිදී ගැමුණු මහ රජුගේ ජීවිතයේ අවසන් විනාඩි කිහිපය හෙළිකරන සුවිශේෂ රහසක් වෙයි. එදින එම අවස්ථාවේ තමන්ට රුවන්මැලි සෑ මළුවේ දක්ෂිණ දොරටුව වෙත රැගෙන යෑමට දුටුගැමුණු මහ රජු පැවසූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ඒ අනුව දක්ෂිණ දොරටුවට පැමිණ චෛත්‍යය වන්දනාමාන කරන රජු, අවසන් මොහොතේ තම දකුණත ඉහළට ඔසවා කුමක්දෝ සංඥාවක් කළ බව පැවසේ. එම සංඥාවට අනුව රජු දිව්‍ය දූතයන් දුටු බවත්, මනුෂ්‍ය ආත්මයෙන් මිදෙන තමන්ව දෙව් ලොවට කැඳවාගෙන යන ලෙසට එහි පැමිණ සිටි දේව දූතයනට පැවැසූ බවත් පැවසේ.
ඒ අනුව එවක ගැමුණු රජු මේ මහ සෑයේ දක්ෂිණ දොරටුවේ පිහිටා තිබූ විශ්ව ශක්ති දොරටුව දැන සිටි බවත් එතුමන් කලක් තිස්සේ එම විශ්ව ශක්තියෙන් ප්‍රයෝජන ගෙන විශ්වය හා ගනුදෙනු කළ බවත් පිළිගත හැකිය.

කෙසේ නමුදු එදා මෙදාතුර කාලයේ මේ මහා සෑ මළුව දක්ෂිණ දොරටුව අසලදී බොහෝ විස්මිත අත්දැකීම් අත්දුටු විශාල පිරිසක් ගැන විවිධ කතා පුවත් ඇසුණු අතර ඇතැම් රාත්‍රීන්ගේ විවිධාකාර විස්මිත ආලෝක ධාරාවන් මෙම ස්ථානයට සමීප වන අයුරු දුටුවන්ද සිටියි. එමෙන්ම මේ හා සෑ මළුවේදී සිත් නිවා සනසාගත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ විවිධ අත්දැකීම් අනුව ඇසට නොපෙනෙන විස්මිත බලයක් ශක්තියක් මෙහි ඇති බව නම් කවුරුත් පිළිගනු නොඅනුමානය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

Next Post

ජනාධිපති රැස්වීම් කැඳවනවා! රනිල් රැස්වීම් කැඳවනවා! කංචන රැස්වීම් කැඳවනවා! මොකා රැස්වීම් කැඳෙව්වත් මිනිස්සුන්ට තෙල් නෑ! දැන් ජනතාව බූවල්ල-කොස්ස-ඉදල අතට ගන්න ඕනෙ කාලෙ ඇවිත්! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.