ආණ්ඩුව විදුලි බල මණ්ඩල පනත ගෙන ඒමට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් හා වෘත්තිය සමිති වලින් කිසිදු යෝජනාවක් ගෙන නොමැති බව අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.Sri Lanka Latest News
යම් පනතක් පිළිබඳව ගැටලුවක් පැන නැගූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විට ශ්‍රේෂ්ඨාධිකරණයට එයට මැදිහත්වීමට සිදුවන්නේ ඉතා පටු සීමා සහිත සීමාවක් තුළ බවත්,එනම් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කරන්නේ යෝජිත පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙනවාද?නැද්ද? පිළිබඳවත් යන තාක්ෂණික කරුණු පිළිබඳව පමණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
රජය ගෙන එන ලබන පනත්වල කිසිදු විනිවිද භාවයක් නොමැති බවත්, ලාභ ලබන ආයතන විකුණා දැමීමට මෙම පාර්ලිමේන්තුවට කිසිදු සුජාතභාවයක් නොමැති බව කී පීරිස් මහතා ආණ්ඩුව දැන් සිදු කරන්නේ පොහොට්ටු ප්‍රතිපත්තිවලට පටහැනි ප්‍රතිවිරුද්ධ ක්‍රියා වලියක් බවත් කියා සිටියේය.
පොදු විපක්ෂය හැටියට වත්මන් ආණ්ඩුව ගෙනයන ලාභ ලබන ආයතන විකුණා දැමීමට එරෙහිව ප්රජාතන්ත්රවාදී රාමුව තුළ කටයුතු කරන බව ද ඒ මහතා සදහන් කළේය.