රූපවාහිනී නාළිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ජවිපෙ නියෝජිත නලින් හේවගේ විසින් සිදුකළ 88 -89 භීෂණ සමයේ දී ඝාතනයට ලක්වූයේ ස්ත්‍රී දූෂකයින්, කසිප්පුකාරයින්, හොරුන් වැනි පුද්ගලයන් යන ප්‍රකාශයට විරෝධය පළකරමින් නව ජනතා පෙරමුණ අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය. Sri Lanka Latest News
මෙහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවන් ’88/ 89 භීෂණ සමයේ සාමාන්‍ය ජනතාව අපේ ඇස් ඉදිරිපිට වෙඩි තියලා ඝාතනය කරපු හැටි දැක්කා. සමාජ සේවකයින්, සමාජයේ යහපත් වැඩ කරපු මිනිස්සු ඝාතනය කළා. අතීතයේ අපේ සියලු දේ විනාශ කරපු මිනිස්සු දැන් නැවත මේ එන්න හදන්නේ මොකාට ද, රටේ විද්වතුන්, මාධ්‍යෙව්දීන්, ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු ජවිපෙ රටේ බලය ගන්න දගලනවා. දැනටත් ජවිපෙ කරන්නේ ජනතාවට වෛර කරන එක, මියගිය මිනිසුන්ටත් කරන අපහාසයක් මේක. මැරුණු මිනිස්සුන්ට තවමත් ජවිපෙ වෛර කරනවා. අපි රටේ ජනතාවට කියනවා ප්‍රජාතන්තවාදය වළපල්ලට යවන්න කටයුතු කරන්න එපා.’