AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාල වකවානුව තුළත් ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගතකිරීමට සහාය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගිතාවකට එලඹි බව ප්‍රකාශ කර සිටියි.
මෙය AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව, ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ අලෙවි කරන සෑම ජීවිත රක්ෂණයක් වෙනුවෙන්ම රු.100/-ක මුදලක් පරිත්‍යාග කරන 4 වැනි වසරයි. මේ පිළිබඳ අවබෝධතා ගිවිසුම නොබෝදා AIA ඉන්ෂුවරන්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා සහ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනි අනෝජා කරුණාරත්න මහත්මිය සමගින් අස්සන් කරන ලදී.
AIA ඉන්ෂුවරන්ස්, පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කරන ලද අරමුදල් විශේෂයෙන් භාවිත කරන ලද්දේ ගිලන්ව, අසරණව සිටින පිළිකා රෝගීන්හට ප්‍රතිකාර සේවා සැපයීමට සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රධානතම ගැටලුවක්ව පවතින පිළිකා රෝගය වැළැක්වීම මෙන්ම ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ ජනතාව ජනතාව දැනුවත් කිරීම සඳහායි. බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගය ප්‍රධානතම ගැටලුවක්ව පවතින අතර මෙරට සිදුවන මරණවලින් 80්‍රක්ම පිළිකා ආශ්‍රිත මරණ බවට වාර්තා වන අතර මෙය ලෝක මට්ටමින් සිදුවන මරණ ප්‍රතිශතය වන 74්%ටත් වඩා වැඩි අගයක්.