• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මල්ටි බැරල් මෝටාර් උණ්ඩත් පැරදූ බුද්ධ ශක්තිය…

October 23, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මල්ටි බැරල් මෝටාර් උණ්ඩත් පැරදූ බුද්ධ ශක්තිය…
Share on WhatsAppShare on Facebook

මහ පොළොව මත ඇති බොහොමයක් දේ මිනිසාගේ ක්‍රියාකාරකම් මත ඉදිවන්නේය. එමෙන්ම විනාශ වන්නේය. සියල්ලෙහි ඇතිවීමටත් නැති වීමටත් මිනිසාගේ ක්‍රියාකාරකම් මුල් වන්නේ යැයි කීවද වරදක් නැත. එහෙත් එලෙස සියල්ල මිනිසාගේ අවශ්‍යතාව මත ඇති කළද නැති කළද එලෙස පහසුවෙන් විනාශ කිරීමට මකා දැමීමට නොහැකි මහා විශිෂ්ට දේ මේ මිහිපිට ඇති බව පිළිගත යුතුව ඇත.

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපරිමිත ගුණයත්, ධර්මයත් එවැනි මහා වටිනාකමක් සහිත, විනාශ කළ නොහැකි දෙයකි. ඒ ධර්මයේ අනුහස කියාපාන බොහෝ අත්දැකීම් අපට ඇත්තේය. බොහෝ ස්වාභාවික විපත් මෙන්ම විවිධාකාර වූ ව්‍යසනයන්හිදී බුදුපිළිම වහන්සේලා කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්ෂා වී තිබූ ආකාරය අප අනන්තවත් දැක ඇත්තෙමු. උතුම් බුද්ධ ශක්තිය එයින් මනාව හඳුනාගත හැකිය.

ලෝකවාසී සියලු දෙනාට බුද්ධ ශක්තියේ ආශ්චර්ය පිළිබිඹු කළ සිදුවීමක් ඉතිහාසය විමසා බැලීමේදී හමුවේ. එනම් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 250ක් පමණ දුරින් බාමියන් මිටියාවතේ කඳු බෑවුම් සහිත ප්‍රදේශයක ඉදිකොට තිබූ අවුරුදු 1,500ක් පමණ පැරැණි බාමියන් බුදුපිළිම විනාශ කිරීමය.

මේ වන විට වසර 20ක් පමණ ගතවී ඇති ඒ මහා විනාශය හේතුවෙන් ඒවා යළි ප්‍රතිනිර්මාණය කරන්නට පවා නොහැකිව ඇතත් ලෝකය පුරාම බාමියන් යන වචනයත් සමග බුදුන් වහන්සේගේ මහා ගුණ කදම්භය ගැන මතකයන් අලුත් කරන්නේය.

බාමියන් යනු නාලන්දා, අජන්තා, එල්ලෝරා සහ ඕදන්තපූරී හා සමාන වටිනා මෙන්ම පූජනීය වූ ස්ථානයකි. ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගරයක පිහිටි බාමියන් පර්වතය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර තිබූ මෙම යෝධ ප්‍රතිමාවන් සංඝාරාම සහ ස්තූප ලෝකයේ ජනයා මවිතයට පත් කරන්නට සමත්වූ ස්ථානයන්ය.

උතුර සහ දකුණත්, නැගෙනහිර සහ බටහිරත් අතර ආසියාවේ මධ්‍ය ලක්ෂ්‍යයේ මෙන් පිහිටි ඇෆ්ගනිස්තානය අතීතය පුරා විවිධ සංස්කෘතීන්, විවිධ ආගම්, විවිධ ජාතීන් මුණගැසෙන කේන්ද්‍රස්ථානයක් සේ හඳුන්වා දුන්නද වරදක් නැත.

ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී අශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලයට අයත්ව තිබූ රටවල් අතරට ඇෆ්ගනිස්තානයද අයත් බවට හඳුනාගෙන ඇති අතර වයඹදිග ඉන්දියාවේ පිහිටි පාකිස්තානයට ආසන්නම රට ඇෆ්ගනිස්තානය වෙයි. එහි කන්දගාර් නමැති ස්ථානයේ අශෝක රජතුමාගේ ශිලා ලිපියත්, ග්‍රීක හා අරමැයික් යන භාෂා ද්විත්වයෙන් ලියවා තිබී හමුවී ඇත. එමෙන්ම ලංකාවට බුදු දහම ලැබුණු කාලයේම ඇෆ්ගනිස්තානයටද බුදු දහම ලැබුණු බව අශෝක රජුගේ සෙල්ලිපිවලින් හඳුනාගත හැකිය.

කෙසේ නමුත් ඉන්දීය බුදුපිළිම සම්ප්‍රදායට අනුව නිමවා තිබී ඇති බාමියන් බුදුපිළිම ක්‍රි.ව. 4 වැනි සියවසේදී පමණ ඉදිකර ඇතැයි සැලකේ.

පිහිටි ගලෙහි මතුවී සිටින ආකාරයට නිමවා ඇති මෙම පිළිමවල ඇතැම් කොටස් පිදුරු හා මැටි මිශ්‍ර විශේෂ බදාමයකින් කර ඇති බවද හඳුනාගෙන ඇත. බුද්ධ ශරීරයේ විවිධ කොටස් විවිධ වර්ණයන්ගෙන් වර්ණ ගන්වා තිබෙන්නට ඇතැයි හඳුනාගෙන තිබේ. ලෝකයේ තිබූ උසම බුදුපිළිම අතර මුල් තැනක ලා සැලකිය හැකි මෙම එක ප්‍රතිමාවක උස අඩි 175ක් වන අතර, අනෙක් පිළිමයේ උස අඩි 120ක් බව හඳුනාගෙන ඇත.

පිළිමවල ආරක්ෂාවට ඉහළින් දැව ආවරණයක් සකසා තිබූ බවටත් හඳුනාගෙන ඇති අතර ඉතිහාසයේ මෙම පිළිම විවිධ අලංකාරයන්ගෙන් යුතුව තිබූ බවටත් හෙළිව තිබේ.

කෙසේ නමුත් ක්‍රි.ව. 7 වැනි සියවසේ මෙම ප්‍රදේශය ඉස්ලාම්වරුන්ගේ ග්‍රහණයට නතු වීමත් සමග ඔවුන් වරින් වර මෙම පිළිම කඩාදැමීමට උත්සාහ කළද එම උත්සාහයන් සිතූ තරම් සාර්ථක හෝ පහසු වී නැත. ඉන් පසු 13 වැනි සියවසේදී බාමියන් පිළිම පිහිටි ප්‍රදේශය ජෙන්ඝිස් ඛාන් විසින් ආක්‍රමණය කෙරිණි. ඔහුගේ මුණුබුරකුද මෙම බාමියන් මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් පසු දිගු කාලයක් පුරා සිදුකළ උත්සාහයකින් පසු හෙතෙම මෙම ප්‍රදේශය යටත් කරගෙන ඇති අතර, කේන්තියෙන් පසුවූ ජෙන්ඝිස් ඛාන් මෙම ප්‍රදේශයේ පණ ඇති සියල්ලන් විනාශ කිරීමට අණ කර තිබේ.

පසුව 1998දී තලේබාන් ත්‍රස්තයන් මෙම ප්‍රදේශයේ බලය අත්පත් කරගත් අතර ඔවුන් පිළිම වන්දනාව අනුමත නොකළ බැවින් පිළිම වන්දනාව පිළිබඳ වෛරී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. එහෙයින් එම පිළිම විනාශ කිරීමට ඔවුහු තීරණය කළහ. ලෝකයේ බොහෝ රටවල් එම තීරණයට විරුද්ධ වූ අතර ඇතැම් රටවල් වන්දි මුදලක් ගෙවා එම පිළිම භාරගන්නටද ඉල්ලීම් කර තිබිණි. එහෙත් අවසානයේ තලේබාන් සංවිධානය බාමියන් පිළිම විනාශ කළහ.

පළමුව බුදුපිළිමවලට මෝටාර් අවි ප්‍රහාර හා ගුවන් යානා නාශක අවිවලින් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කෙරිණි. එහෙත් ඒ මහා බුද්ධ ශක්තිය එලෙස විනාශ නොවුණු තැන පිළිම සිදුරු කර අධිබලැති පුපුරන ද්‍රව්‍ය ඒ තුළට ඇතුළු කරන්නට ඔවුහු පියවර ගත්හ. එලෙස පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනක් යොදාගෙන 2001 මාර්තු 02 වැනි දින සිට මාර්තු 09 වැනි දින දක්වා සිදුකළ මහා පුපුරුවා හැරීම්වලින් බාමියන් බුද්ධ ප්‍රතිමා සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට ඔවුන් පියවර ගෙන තිබිණි.

එහෙත් අදද ලෝකය පුරා බෞද්ධයන්ගේ හදවත් තුළ ඒ මහා බුද්ධ ප්‍රතිමාවන්ගේ ආනුභාවය නිරුපද්‍රිතව රැඳී තිබෙන බව නම් නොකියාම බැරිය.

එදා මෙදාතුර ඉතිහාසයේ මෙන්ම තවත් වසර සිය ගණන් ගතවුවද මේ මතකයන් බෞද්ධ හදවත් තුළ රැඳී තිබෙනවා සේම මල්ටි බැරල්, මෝටර් ප්‍රහාර හමුවේ පවා සැඟවී නොගිය ඒ මහා බුද්ධ ශක්තිය සුවහසක් ජනයාගේ හිතසුව පිණිසම ආරක්ෂා වනු නිසැකය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

හිරුගෙන් අපල නම් බල බලා ඉන්න බැහැ…

Next Post

GENXT සහ Apple Inc. අතර පැවැති හවුල්කාරීත්වය අලුත් වෙයි…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.