• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගොඩනැගිලි 980ක් කාමර 8700ක් මොකක්ද මේ තහනම් නගරය!

August 2, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගොඩනැගිලි 980ක් කාමර 8700ක් මොකක්ද මේ තහනම් නගරය!
Share on WhatsAppShare on Facebook

අපේ රටේ මිනිසුන් පමණක් නොව චීනයේ බොහෝ දෙනකුත් නොදන්නා මාලිගාවක් චීනයේ බීජිං නගරයේ පිහිටා ඇත. මෙම මාලිගා සංකීර්ණය හඳුන්වන්නේ තහනම් නගරය ලෙසිනි.

චීන අධිරාජ්‍ය සමයේදී සාමාන්‍ය ජනතාවට මෙම නගරය විවෘත නොවුණු නිසා එය තහනම් නගරය නම් විය. ප්‍රංශයේ ලූව මාලිගය මෙන් තුන් ගුණයක් විශාල තහනම් නගරය වර්ග අඩි හැත්තෑහත් ලක්ෂ පනස්දහසක බිම් ප්‍රමාණයක සාදා ඇත. කම්කරුවන් ලක්ෂ දහයක් පමණ මෙම මාලිගය නිර්මාණය සඳහා දායක වූ බව කියවේ. ගොඩනැගිලි 980ක් මෙන්ම කාමර 8,700ක් මෙම සුවිශේෂ නගරයේ දැකගත හැකිය. ලෝකයේ දැනට ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති මධ්‍යතන යුගයේ ලීයෙන් තැනූ ගොඩනැගිලි සංකීර්ණය අයත් වනුයේ මෙම තහනම් නගරයටයි.

එහි සෑම ගොඩනැගිල්ලකම සුළු වෙනස්කමක් පමණක් සිදුකොට ඇත්තේ චීන ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ටත්වය නිරූපණය වන පරිදි වේ. මෙම මාලිගයට ඇතුළු වන්නට දොරටු 9ක් නිර්මාණය කර ඇත. ප්‍රධාන මාලිගා පරිශ්‍රයේ ඉදිරිපස එළිමහන් රාජ සභා මන්දිරය දැකගත හැකිය. විශේෂ දිනයන්හි රජතුමන් මහජනතාවට දැකගත හැක්කේ මෙම රාජසභාවේදීය.

මෙම රාජසභාවේ එළිමහනේ කිසිදු ගසක් නොමැති නමුත් ඇතුළට වෙන්නට ගස් රාශියක් දැකගත හැකිය. මෙයට හේතුව ගසක් ආධාරයට ගෙන රජතුමන්ට ප්‍රහාරයක් එල්ල කළ හැකි බැවිනි. පිටත රාජසභාව ඒ හේතුවෙන් ගස් වැල්වලින් තොරය. වසර ගණනාවක් පැරණි රජවරුන් පරිහරණය කළ භාණ්ඩ රාශියක් තහනම් නගරයේ දැකගත හැක. ලෝකයේ වැඩිම ඓතිහාසික කලාකෘති රාශියක් දක්නට ලැබෙන්නේ මෙහි එකම කෞතුකාගරය තුළයි. නමුත් මේ කෞතුක වස්තූන් අද වනවිට බටහිර රටවල මෙන්ම තායිවානයේද දක්නට ලැබෙයි. බීජිං නගරය ආක්‍රමණය කළ කොල්ලකරුවන මෙම කලාකෘති ඒ රටවලට ගෙනගොස් ඇත. ජපන් ආක්‍රමණය වෙන අවස්ථාවේදී චීන රජය විසින්ම මෙම කලාකෘතිවල ආරක්ෂාව සඳහා තායිවානයට ගෙනගොස් ඇත. යුවාන් රාජ වංශයේ රජවරුන්ද තම මාලිගය නිර්මාණය කොට තිබුණේද තහනම් නගරය පිහිටා තිබෙන බිමෙහි වේ. ඒ සඳහා දායක වූ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් අරාබි ශෛලියෙන් නාන කාමරයක් නිර්මාණය කර තිබේ. එම කුඩා මාලිගය ඉවත්කොට තහනම් නගරය නිර්මාණය කරන්නට අණ ලබාදුන් මිං රාජ වංශයේ යොන්ගල් අධිරාජ්‍යා එය ශාලාවක් ලෙසට තහනම් නගරයට එක් කරන්නට කටයුතු කර ඇත. මෙම නගරයේ මාලිගාවල වහලවල්ද නිර්මාණය කොට තිබෙනුයේ සුවිශේෂ ආකාරයටය. ඒ ආනතිය වෙනස් කරමින් කුරුල්ලෙකුටවත් පය තියන්නට නොහැකි වන අයුරින් වේ. අද දක්වාම මෙම වහල කුරුල්ලන්වත් පය නොතබා ආරක්ෂා වී ඇති බව සැලකේ. එමෙන්ම තහනම් නගරය ආරක්ෂා කරන්නට ස්වේච්ඡාවෙන්ම පිරිසක් ඉදිරිපත්ව තිබේ.

කෙසේ වෙතත් චීනයේ වැදගත්ම හා සුවිශේෂම නිර්මාණයක් ලෙසින් මෙම තහනම් නගරය හැඳින්විය හැකිය.

ආර්. කාංචනා මධුවන්ති රත්නායක

SendShareShare
Previous Post

දෙකම ගහපු සෞඛ්‍ය සේවකයන්ටත් කොරෝනා හැදිලා! දොස්තරවරු තුනත් ඉල්ලයි!

Next Post

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සෙලාන් බැංකුවෙන් ප්‍රතිලාභ රැසක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.