• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1965 කෞතුකාගාරයේදී රජ වූ රජ්ජුරුවෝ

May 24, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
1965 කෞතුකාගාරයේදී රජ වූ රජ්ජුරුවෝ
Share on WhatsAppShare on Facebook

දිනය 1965 වසරේ දිනයකි. වෙනදා මෙන්ම කොළොම් තොටට හිරු කිරණ පතිතව තිබිණි. සියල්ලෝම සුපුරුදු රාජකාරීන්හි නියැළෙමින් සිටියහ. ඒ අතරේ කෝතුකාගාරයද වෙනදා මෙන්ම ජනතාව වෙනුවෙන් දොරගුළු විවෘත කෙරිණි. උදෑසනම නිසාදෝ ජනතාව තරමක් අඩු බවක් පෙනෙන්නට තිබුණු හෙයින් කටුගෙය පිරිසිදු කිරීම භාරව කටයුතු කළ සේවක පිරස එහි විවිධ කොටස් පරීක්ෂා කරමින් පිරිසිදු කරමින් සිටියහ. සිංහල සිංහාසනය තබා තිබූ කුටිය කාලයකින් පිරිසිදු නොකළ හෙයින් එය පිරිසිදු කළ යුතු තත්ත්වයේ ඇතැයි තේරුම් ගත් සේවක පිරස එහි දොර හැර පිරිසිදු කරමින් සිටියහ. ඒ අතරේ තවත් අයකුගේ ආරාධනාවකට සේවක පිරිස කුටියේ දොර හැර තිබෙද්දී වෙනත් තැනකට ගියේ යළි ඉක්මනින් පැමිණෙන අදහසිනි.

කුටියේ දොර විවරව ඇති මොහොතක් කවදා උදාවේදැයි බලා සිටි අමුත්තකු එදිනද කෞතුකාගාරයට පැමිණ සිටියේ එය නැරඹීමේ අදහසිනි. ඔහුට මෙම අපූරු දසුන සතුට දෙගුණ කරන්නට වූ අතර වහා ක්‍රියාත්මකව සිංහාසනය ඇති කුටියට ඇතුළු වූයේ කලබලයෙනි. සිංහාසනය අසලම ප්‍රදර්ශනයට තබා තිබූ ඔටුන්න රැගෙන පලඳගත් හෙතෙම රන් කඩුව අතට ගෙන සිංහාසනය මත වාඩි විය. ඒ අසලම ඇති විල්ලුද සැරසිලි යෙදූ පා රඳවනය මත දෙපා තබා ගත් හෙතෙම රන්ඩුව උර මත රඳවාගෙන අභිමානයෙන් බලාගෙන සිටියේය.

කෞතුකාගාර සේවක පිරිස ආපසු ආවේ මේ මොහොතේය. සිංහාසනය මත සිටින රජු දැකීමෙන් පිරිස තැතිගත්තේය. තමන්ගෙන් සිදුවූ අතපසුවීමක් නිසා රජ කෙනකු හොල්මනක් වී ආවාදැයි ඔවුහු බිය වූහ. මොහොතක් ගතවන තුරු මෙය අදහාගත නොහැකි සිද්ධියක් වුවද ඒ අතරේ මෙම පණිවුඩය කුරුඳුවත්ත පොලිසියටද ලැබී තිබිණි.

හිටි හැටියේ කෞතුකාගාරය තුළදී ආගන්තුකයකු රජ වූ මෙම සිංහාසනය 1693 මහනුවර රජ කළ දෙවැනි විමලධර්මසූරිය රජතුමාට ඕලන්ද ආණ්ඩුකාරවරයකු වූ තෝමස් වැන්රීගෙන් තෑගි ලැබුණු එකක් බව පැවැසේ. එවකට මෙරට මුහුදුබඩ ප්‍රදේශ ඕලන්ද පාලනයට යටත්ව තිබී අති අතර, ඕලන්ද තෑග්ගක් වූ සිංහාසනය හෙළ කලා ශිල්පීන් අතින් කැටයම් වූ බවක්ද විශ්වාස කරයි. උසින් අඩි පහකුත්, දිගින් අඩි තුනකුත් වන මෙම සිංහාසනය රජ කෙනකුට උචිත අභිමානයක් ලැබෙන අයුරින් මනරම්ව නිමවා ඇත.

මෙම සිංහාසනය සහ ඔටුන්න කලක් එංගලන්තයේ වින්සර් රජ මාලිගයේ තැන්පත් කර තිබී යළිත් මෙරටට ලැබුණු එකකි. රජුගේ ඇමැති මණ්ඩල රැස්වීම්වලදීද මහ නඩුව ලෙස හඳුන්වන ඉහළ උසාවිය සඳහාද රජු මෙම සිංහාසනය භාවිත කර තිබේ. එමෙන්ම මෙම සිංහාසනය එංගලන්තයේ තිබූ කාලයේ නෝර්වේ රටේ දොන් එම්මෑනුවෙල් රජු හටත් පෘතුගාලයේ සිටි ළමා රජතුමන් ‘ගාටර්’ නමැති බි්‍රතාන්‍ය රාජකීය නම්බු නාම පිරිනැමීමේ කටයුත්ත සඳහා එංගලන්තයේ රජකම් කළ මහරජු වාඩිවී සිට ඇත්තේ මෙම සිංහාසනයේය. එහෙයින් මෙය ගාටර් සිංහාසනය ලෙසින් ලෝකප්‍රකට වූ බවද පැවැසේ.

එතරම් ප්‍රසිද්ධ වූ සිංහාසනය මත හිටි හැටියේ රජ වූ අමුත්තා ගැන පුවත ලද සැණින් එතැනට පැමිණි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන්ද තරමක් අන්ද මන්ද විය. ඔවුන්ටද කළ යුතු දේ සිතාගන්නට යම් වේලාවක් ගතවිය. අන්තිමේදී ඉතා හොඳින් කරුණු පැහැදිලි කළ පොලිස් නිලධාරීන් පිරිස රජුගෙන් ඉල්ලා සිටියේ සිංහාසනයෙන් බැස කුටියෙන් පිටතට එන ලෙසයි. එහෙත් එම ඉල්ලීමට රජුගෙන් ප්‍රතිචාරයක් නොවූයෙන් වහා ක්‍රියාත්මකව රජු සිංහාසනයෙන් පිටතට ඇද දමා රාජකීය ඔටුන්ටත්, කඩුවත් ඉවත් කරන්නට පොලිසියට සිදුව තිබේ.

සරමකුත් බැනියමකුත් ඇඳ හිටි හැටියේ රාජ්‍යත්වය බලෙන් ලබාගත් අප්පුහාමි නමැත්තා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමා සිංහාසනයේ වාඩිවීමට කාලයක සිට ආසාවෙන් බලා සිටි බවකි. ඒ සඳහා විසි වතාවකට වැඩි වාර ගණනක් කටුගෙය බැලීමට පැමිණි බවද ඔහු පවසා තිබිණි.

එහෙත් මෙරට නීතිය අනුව කිසිවකුට බලහත්කාරයෙන් රජවීමට වරම් නොවේ. එහෙයින් සිංහාසනය මත බලහයත්කාරයෙන් රජ වූ අප්පුහාමි රජුට නීතිප්‍රකාරව බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද හිමිව තිබේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය

Next Post

සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.