ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන Sri Lanka Technological Campus (SLTC) මගින් සංවිධාන කරන ලද ‘SLTC පර්යේෂණ හා නවෝත්පාදන සම්මාන රාත්‍රිය’ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පර්යේෂණ සහ නවෝත්පාදන අංශ ඔස්සේ දේශීය හා ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය. SLTC ආයතනයේ පාදුක්ක පරිශ්‍රයේදී පැවති මෙම වැඩසටහනට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් ප්‍රමුඛ පිරිසක් එක්වූහ.
පසුගිය වසරක කාලය තුළදී විශේෂයෙන්ම පර්යේෂණ අංශයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ පර්යේෂකයන්, ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහ සිසු සිසුවියන් පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනමන ලදී.