සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සිය ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් නවතම ATM යන්ත්‍රය පසුගියදා රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයෙහි ස්ථාපිත කරන ලදී. ඒ අනුව රත්නපුර ශික්ෂණ රෝහල වෙත පැමිණෙන ජනතාවට සිය හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් එම ATM යන්ත්‍රය භාවිත කිරීමේ හැකියාව දැන් ලැබී තිබේ. රෝහල අවට සිටින ගනුදෙනුකරුවන්ටද තම හදිසි මුදල් අවශ්‍යතා ඕනෑම අවස්ථාවක ඉටුකරගැනීම වෙනුවෙන් තම ආසන්නයටම පැමිණි මෙම ATM සේවාව සැබෑ පහසුවක් වනු ඇත.
මෙම ATM යන්ත්‍රය උත්සවාකාරයෙන් ගනුදෙනුකරුවන්ගේ අයිතියට පත්කරන අවස්ථාවට රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩි්‍රගෝ, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ශාඛා කලාප 2 – ඩෙල්වින් පෙරේරා යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගිවූ අතර, රත්නපුර රෝහල් කමිටුවේ සභාපතිතුමන්, රෝහල් කමිටු සාමාජික සාමාජිකාවන්, සෙලාන් බැංකුවේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකාරතුමන් හා රත්නපුර සෙලාන් බැංකුවේ කළමනාකාරතුමා ඇතුළු සෙසු අමුත්තන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.











